උඩවලව - කොළඹගේආර මහා විද්‍යාලයේ වයස අවුරුදු 17 ක සිසුවෙකුගේ මළ සිරුරුක් හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (15) උදෑසන උඩවලව - මිරිස්වැල්පොත විද්‍යාලය අසල වත්තක තිබී සිරුර හමුවනවිට එහි කැපුම් තුවාල දක්නට ලැබුණු බවයි. මෙම සිසුවාගේ ගෙළ, මුහුණ සහ තවත් ස්ථාන කිහිපයක කැපුම් තුවාල දක්නට ලැබුණු බවද පොලීසිය ප්‍රකාශ කළා.
මියගිය අසිත එරංජන කොළඹගේආර මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුවෙක්. ඊයේ (14) රාත්‍රියේ උපකාරක පන්තියක් සදහා සහභාගිවීමට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳ පියා උඩවලව පොලීසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුවයි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සිසුවාගේ මළ සිරුර හමුවී ඇත්තේ
Update : Monday, 15 June 2015 - 12:18
--------------------------------------------------
පාසල් සිසුවෙක් කපා කොටා මරලා
උඩවලව - කොළඹගේආර මහා විද්‍යාලයේ වයස අවුරුදු 17ක සිසුවෙකුගේ මළ සිරුරුක් හමුවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (15) උදෑසන මිරිස්වැල්පොත විද්‍යාලය අසල වත්තක තිබී සිරුර හමුවනවිට එහි කැපුම් තුවාල දක්නට ලැබුණු බවයි. මෙම සිසුවා ඊයේ රාත්‍රියේ උපකාරක පන්තියක් සදහා සහභාගිවීමට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව පියා උඩවලව පොලීසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුවයි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම සිසුවාගේ මළ සිරුර හමුවී ඇත්තේ.
