ආදරණීය විශාකා,
ආර්ථික අතින් සංවර්ධනය වුන රටක ඉදලා, තමන් කැමැත්තෙන් තෝරා ගත් වෛද්‍ය වෘත්තිය කරන ගමන් නීත්‍යනුකූව මාසෙට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 40-50ක් හොයන ගමන්, තමන්ගේ දරුවන් දෙන්නව ලොකු උනාම මේ ලෝකේ ඕනැම දියුණු රටකට යවන්න තරම් වත්කමක් සාධාරණව උපයාගන්න පැහැදිලි මාර්ගයක් තියෙද්දි, උපන් රටේ සිදු වෙන දේශපාලන අසාධාරණකම් නොදුටුවා සේ තම පවුලේ උන්නතිය ගැන පමණක් සිතන්නට බැරි නිසා වෛද්‍ය වෘත්තිය අතහැර දේශපාලනය කරන්නට සිතෙන බැවින් ආපහු ලංකාවට යමුදැයි මාගේ ස්වාමිපුරුෂයා මගෙන් විමසා සිටියේ නම්, බොහෝවිට මගෙන් ඔහුට ලැබෙන එකම ප්‍රතිචාරය එකම එක බැල්මක් පමණක් විය හැකිව තිබුනි.
මා පැතුම්ටත් වඩා ඔබට ගරු කරන්නේ එහෙයිනි. පොදු ජනයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් තම පවුලේ සුබ සිද්ධිය අතහැර දමන්නට තරම්, ලංකාව තුල කොපමණ අපහසුතා වලට ලක්වන්නට සිදුවන්නේදැයි දැන දැනම ඔහුට "හා" කියන්නට තරම් ඔබ ශක්තිමත් බිරිදක් වූ බැවිනි.
මහ බැංකුව මංකොල්ල කෑ නොමිනිසුන්, තමන් අදහන දෙවියන්ව වදින්නට ගිය අසරණ මිනිසුන් බල ලෝභය නිසා මරා දැමූ නොමිනිසුන්, රටේ අනාගතය බාරගන්න ඉන්න ළමයින්ට ඉස්කෝලෙ යෑම නැති කරපු නොමිනිසුන්, ළමයින්ට කන්න දෙන්න දෙයක් හොයා ගන්න බැරි තරමට දුප්පත් මිනිස්සුන්ව අසරණ කරපු පොහොසත් නොමිනිසුන්, මුලු රටම බංකොලොත් කරලා දාපු කාලකන්නි නොමිනිසුන් අදටත් නිදහසේ සියලු සුර සැප විදිද්දී, අසාධාරණයට එරෙහිව හඩ නගන මිනිසුන්ව අත්අඩංගුවට ගැනීමම මේ ජරා දේශ්පාලනයේ තරම කියාපාන බව විශ්වාස කරමි.
තවමත් එහෙව් දේශපාලනයක් වෙනස් කිරීමට අවශ්‍ය නැති බව සිතනා, අවශ්‍ය බව හැගුනද ඒ ගැන කිසිවක් නොකරනා, අසාධාරණයට එරෙහිව වැඩ කරන මිනිසුන්ට පද හදනා මඩ ගහනා මිනිසුන් ගැන පුදුම වෙමි.
පැතුම්ගේ වගේම ඔබේත් හිත හොදටම හයිය බව නම් දනිමි. සාධාරණ රටක් ගැන විශ්වාස කරනා අප සැම මේ මොහොතේ ඔබ වටා සිටින බව කියමි.. ❤
#releasepathum