ඇයට ලිපියක් යවා ඒ අනර්ග බීජ ගෙන්වා ගන්න

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයට ලිපියක් යවා ඒ අනර්ග බීජ ගෙන්වා ගන්න

    ඇයට ලිපියක් යවා ඒ අනර්ග බීජ ගෙන්වා ගන්න.ගෙවත්තෙ මල් පෝච්චියක හෝ වවාගන්න.
    ගෙදරට වෙලා කරන්න දෙයක් නෑ.අමාරුවෙන් ජීවත්වෙන්නෙ කියන අය කියවන්න

    ඈ වනසිංහ මුදියන්සේලාගෙ සෝමලතා, හුරුලු මීගහපට්ටිය ගමේ ඉස්කෝලෙන් ප්‍රාතමික අධ්‍යාපනය ලබා ගලෙන් බිදුණු වැව මධ්‍ය විද්‍යාලයෙන් උසස්පෙළ හදාරා කැළැණිය සරසරවියේ බාහිර උපාධි අපේක්ෂිකාවක් ලෙස ජී.ඒ.කියු.පළමු අධියරට පෙනී සිටියත් එතැනින් ඉවත් වුන ඈ විකල්ප මාධ්‍යවේදිණියන්ගෙ සංගමය හරහා ගලෙන් බිදුණුවැව කැකිරාව වාර්තාකාරිණිය ලෙස යුක්තිය පත්තරේට වැඩ කරන්නෙ කාලෙක සිට යොවුන් ජනතා ආදි පත්‍ර සඳහා කවි නිසදැස් කෙටිකතා ආදිය ලියා ආ පුරුද්දද එක්ක.

    එප්ඵාවල පොස්පේට් කර්මාන්ත ශාලාව හා භූමිය බහුජාතික සමාගමකට පවරන්න ගත් උතාසාහයකට එරෙහි මහජන නෑගීසිටීමක් වාර්තාකරන්න ගිය ඇයට ඇගේ කැමරාව අතරමගදි අහිමි වෙන්නෙ දේශපාලන චන්ඩි මුහුණ වසාගෙන පැමිණ එය පැහැරගත් නිසා. ඔයින් මෙයින් ඈ මාධ්‍යවෙදීනි කාර්‍යට සමුදෙන්නෙ වයෝවෘද්ද අම්මාගේ සහයෝගයට නිවසේ නිරන්තර කෙනෙකු ඕනෑ වීමත් එක්ක. ඈ නිවසේ සිටියදි විවේක කාලය තත්වත් අර්තවත් යමකට යොදවන්න හිතනව.

    “මම හදනවා වස විෂ නැති දේශීය එළවළු පළතුරු සහිත අලංකාර ගෙවත්තක්. “

    ඇගේ සිතුවිල්ල ක්‍රියාවක් බවට පත් වෙනවා. හුරුළු වැව පෙනෙන දැනෙන මානයේ ඉන්න ගලෙන් බිඳුනු වැව යකල්ලේ මිනිස්සුන්ට පාරම්පරිකවම උරුමව ඇති ගොවිකම, වගාවේ සූර කම,දැනුම ඈතුලත් තිබුනා. ඈ ඇගේ වත්ත වසෙන් විසෙන් තොර එළවළු,පළතුරු,අල වර්ග,පලා වර්ග,බෙහෙත් වර්ග සහිත උයනක් බවට ඇගේම දැනුමෙන් හා වෙහෙසින් නිර්මාණය කරනව. එහෙම ගෙවත්ත හදන්න ඇයට ජල මූලාශ්‍රයක් සමීපයේ තිබුනේ නෑ.ඒත් උත්සාහය අත් නොහල සෝමලතා හැතැක්ම කාලක් පමණ දුර තිබෙන වැවෙන් පා පැදියේ ගොස් බූලි වලට වතුර පුරවා ගෙනැවිත් ගෙවත්තේ වැවීම ආරම්බ කරනවා.

    පාරම් පරික දේශීය බීජ සිටවා ඒ බීජ කෙමෙන් පැල බවට පත්වෙද්දි ඒ පැල සාර ලෙස වැඩී ඵල ලබාදෙද්දි ඇගේ වෙහස නිවෙන දර්ශණ බවට පත් උනා. සෝමලතා දවසින් දවස ගෙවත්ත වෙනුවෙන් යොදන කාලය වැඩිකලා.
    යොවුන් සෝමලතා 2000 වසරේ විවාහ වෙන්නෙ වසන්ත කුමාර එක්ක.ඔහු සේවය කලෙ යුධ හමුදාවේ. ඔවුන්ට නිවුන් දරුවන් ලැබෙනවා. දෙන්නම දුවලා. ඒ දූලා දෙන්න ඉපදුනේ 2000 වෙසක් පෝය දවසේ. 2004 දි සෝමලතාගේ ගෙවත්ත ගැන ආරංචි වෙලා මහවැලි අධිකාරියෙ නිළදාරින් පැමිණ ඇයට දීප ව්‍යාප්ත ගෙවතු වගා තරගයට එක්වෙන්න ආරාධනා කරනවා. ඒ තරඟයේදී හුරුළු වැව පලුගස්වැව හඹරන කලාපයෙ ප්‍රතම ස්තානය ලැබෙනව. මහවැලි තරගයෙන් දිනුවට පස්සෙ විවිධ පුහුණු හා සැසි සඳහා එක් වෙමින් වගාව ගැන අවබෝධය පුළුල් කරගත්ත

    . 2010 අවුරුද්දේ ඇය ගලෙන් බිඳුනු වැව කලාපයෙ හොඳම ගෙවිලිය ලෙසත් සම්මාන ලබනව.
    සෝමලතා ජීවිතයෙ දුක් ගැහැට, ප්‍රියයන්ගෙන් වියෝවීම් කීපයක්ම ආසන්න වසර කීපයක් තුල විඳින්න වුන ගැහැණියක්. 2011 වසරෙදි සෝමලතාගෙ අම්මා මිය යනවා. අම්මාට බොහෝ සමීපව සිටි ඇ ඒ වියෝව දරාගත්තේ තමන්ගෙ ස්වාමියා හා දරු දෙදෙනා ගැන කල්පනා කරලා. 2014 අවුරුද්දෙ සෝමලතාගෙ නිවුන් දූලාගෙන් බාල දුව නවෝද්‍යා හිටි හැටියේ අසනීප වෙනවා. පොඩි දුව ලියුකේමියා රෝගී තත්වයක් නිසා ගලෙන්බිදුනු වැව රෝහලෙන් අනුරාධපුර ‍මහ රෝහලටත් එයින් මහරගම පිළිකා රෝහලටත් මාරුකර යැවෙනව. මාසයක් වගේ කාලයක් තුල සෝමලතාගෙ පොඩි දුව නවෝද්‍යා මෙලොව හැර යනව.

    ජීවිතය කියන්නෙ පුදුමාකාර දෙයක්. පොඩි දුව නවෝද්‍යාගෙ වීයොව සිදුවි දීන කීපයකින් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොඳම ගෙවිලියට හිමි සම්මානය ඇයට ලබා දෙනවා.

    අම්මාගෙ සහ දියණියගෙ වියෝව සිහිවි වේදනා දැනෙන හැම මොහොතෙම ඇය කලේ ගෙවත්තේ වගාවට මහංසිවන එක. ඇයට දුක වේදනාව මදක් හෝ අවම කරගන්න ඒ කාර්‍ය ඉවහල් උනා.

    පොඩි දුවගෙ වියෝවෙන් පස්සෙ අධි රුධිර පීඩන රෝග තත්වයෙන් සෝමලතාත් පීඩා වින්ද නිසා සෝමලතාගෙ මහත්තය කුඹුරට බහින වැඩ එහෙම සෝමලතා ට තහනම් කරලාතිබ්බේ.වගා කර තිබූ කුඹුරු අස් වැන්න නෙලා අහුරාගන්න ඕන නිසා වසන්ත (සෝමලතාගෙ ස්වාමියා)කෑම්ප් එකෙන් නිවාඩු අරං ගෙදර එද්දි යාපනයෙ කොඩි කාමන් දුම්රිය ස්තානය ආසන්නයෙදි රිය අනතුරකින් බරපතල තුවාල ලබා රෝහලේදි මිය යනවා.ඒ වියෝවෙන් සෝමලතා ලොකු දුව නිපුණි දිව්‍යාජලි එක්ක තනිවෙනව.

    වියෝවේදනා දැනෙන බොහො අවස්තාවන්හි සෝමලතා ගෙවත්තේ වැඩ කරමින් ඒ දුක දරාගන්න හුරු වුනා.
    2017 වසරේ මහවැලි අධිකාරියේ “නියගයට ගෙවත්තක් “ වගා තරගයෙ මඬාටුගම,සීගීරිය,පොලොන්නරුව හුරුළු වැව කලාපයේම ප්‍රතම ස්තානයට හිමි ජනාධිපති සම්මානය ඇයට ලැබෙනවා.
    සෝමලතා සුවිශේෂ ගැහැණියක් වෙන්නෙ වියෝවන් දරාගෙන ගෙවත්තක් වවන ගැහැණියක් නිසා නොවේ. ඇය දේශීය බීජ ඉල්ලන ඕනෑම කෙනෙකුට නොමිලේ ලබා දෙමින් වස විසෙන් තොරව වවන හැටි කියාදෙන බොහො දෙනාගෙ යහපත වෙනුවෙන් කැපවන ගැහැණියක් බැවිණි.
    ඉතා දීර්ඝ ගමණකින් පසු ගලෙන්බිඳුණවැව යකල්ලේ (හුරුළු හන්දියෙ) සෝමලතා මහත්මියගෙ දේශිය බීජ ගෙවත්ත සොයා අප ගියෙමු.

    ඉතා සුහදව අප පිලිගත් ඈ අද දවසේ අංග සම්පූර්ණව සකසා ඇති මනරම් ගෙවත්ත අපට පෙන්වීය.නිවසට ඇතුළුවන මග දෙපස පවා එළවළු පළතුරු පිළිවෙලට වවා දකින කෙනෙකුගෙ හිතද චත්කාරයට පත්වන ලෙස ඈ ගෙවත්ත පවත්වාගෙන යයි. නිවසේ මිදුල සම්පූර්ණයෙන්ම වගාවෙන් ලස්සන කර ඇත. ඇතුළුවන මග එක් පසෙක මැස්සක ආදාරයෙන් ඉහල යන්ට හැදු සරු ආලන්ගා වැලකි. ඉහල වියන් බැන්දා සේ දිග ලබු වර්ගයක් යන්ට මග හැදු විසල් මැස්සකි.එහි තැන තැන බටහිර පැරණි විදුලි ලාම්පු එල්ලු සේ පෙනෙන ලබුගෙඩි හා හේන් වැටකොළු කරල්‍ ය. ඒ අතර කිලෝ පේර නමින් වවන වානිජ පලතුරක් සේ පෙනෙන යමක් දැක මේ පේර නොවෙදැයි අප ඇසිමු.

    “ නෑ ඔය තියෙන්නෙ “ටන් ටින් පැෂන්” ගම්පොල පැත්තේ හැදෙනන විශාල පැෂන් විශේෂයක්. සාමාන්‍ය පැෂන් වලට වඩා විශාලයි රසයි. ගේ ඉස්සරහම හැදුවේ මේකෙ මල් හරිම සුවඳයි. ඒ නිසා.”

    අප කිසිදින දැක හෝ අසා නැති අපේම පොළොවෙ තිබී අපට අහිමිවන බොහෝ පලතුරු එළවළු ඈ වවමින් හා ඒවා අවශ්‍ය වවන්නන්ට බෙදා දෙමින් සිටී. අප එහි සිටි කාලය තුලද ඇගෙ දුර කතනයට විවේකයක් නොවීය. එක්කො වවන හැටි අහන්න එන ඇමතුම්ය. එක්කො විවිධ බීජ ඉල්ලා එන ඇමතුම්ය.

    “හරි ආ..ඒකෙන් බීජ ටිකකුයි..හරි ඒකෙනුත් එවන්නම්..තව මේ මේ ඒවායින් එවන්නම් මට මුද්දර ගැසූ ලිවුම් කවරයක් එවන්න මම එකට දාලා එවන්නම්.” සෝමලතා දුරකතනයට පිළිතුරු දෙන හඬ අපට ඇසේ.

    අපට ආපසු යාමෙදීත් බොහොදුර යලි යන්ට ඇති බැවින් දුරකතනය මදකට ක්‍රියාවිරහිත කරන්නට ඈ කාරුණිකවිය.
    අප ඈ සමඟ ඇගෙ දේශීය බීජ ගෙවත්තේ ඇවිද්දෙමු. නිවසෙ පිටු පස කොටස වෙන්කර ඇත්තේ පලා වර්ග,අල වර්ග,හා බෙහෙත් වර්ග සඳහාය. කුරුඳු,ගොරකා,කරාඹු නැටි ,ගම්ඹිරිස්,කෝපි,ආදිදේ පවා ඇය පිළිවෙලට වවා තිබේ.මිදුල වත්ත පුරාම ඉතා විශේෂ වටිනා බෝගයන්‍ ය. ඒ අතර නිවසේ ප්‍රධාන දොර ඇරෙන විට කෙලින්ම පෙනෙන්ට ඈ විසින් රෝස ආදි හැමදාම මල් පිපෙන මල් වර්ග කීපයක්ද වවා තිබේ..වත්තේ තැන තැන ගස් දෙබල් මත පැත්තට නවා ඇති කල පිරෙන්නට මීමසි සේනා පදිංචි වී සිටී.
    ගෙදර කෑමට කඩෙන් එළවළු ගන්නේම නැද්ද..? අප ඇසුවෙමු.

    “ නෑ..දැන් අවුරුදු 17ක් තිස්සෙම කඩෙන් එළවළු ගැනිල්ලක් නෑ. ඊටත් දුව කඩෙන් ගේන ඇපල් මිදිවගෙ කිසිම පලතුරක් වත් කන්නෙ නෑ..ගෙවත්තෙ හැදෙන කෙසෙල්, පේර,ගස්ලබු,දොඩම්,පැෂන්, දෙළුම් වගේ දේවල් විතරයි එයා කන්නෙ. ඒනිසා එළවළු තියා පලතුරක්වත් කඩෙන් ගන්නෙ නෑ”
    මේ පලතුරු එළවළු කිසිවකට කෘමිනාශක වල් නාශක යොදන්නෙම නෑද්ද..?

    නෑ..සියලුම දෙ කාබනික දේවල්. මමම හදාගත්ත දේශීය ක්‍රම,කෙම්ක්‍රම තමයි පාවිච්චි කරන්නෙ. මම රාත්‍රිය පුරාම මේ සියලු ගස්වැල් වලට හීමීට ඇහෙන්න පිරිත් දානව.සතියකට දෙතුන් වරක් සාම්බ්‍රානී දුම් අල්ලනවා.ඒ සාම්බ්‍රානි එකටම වේලපු දාස්පෙතියා මල් ටිකකුත් දානවා. වත්ත පුරා පැතිරුණ එකම සුවඳක් බවට පත් කරනවා.”

    “එකේ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා.දැන් ගොඩක් අය කියන්නෙ පිටි මකුණා එක්ක තමයි වවන්න බැරි උන් හැමතැනම බෝ වෙනවා කියලා..සම්බ්‍රානි දුම වගෙ දුම් නිතර ඇල්ලීමෙන් වත්තේ කූඹී ගහනය අඩු වෙනව.ඒකෙන් පිටිමකුණොත් අවම වෙනවා.”
    ඒත් පිටි මකුණා බෝවුනොත්,?? අප ඇසිමු.
    “පිටි මකුණා ඉවත් කරගන්න එක හරිම පහසුයි. බත් ටිකකට වතුර දාලා දවස් දහයක් පල් වෙන්න තියෙනව.ඊට පස්සෙ ඒ පල් වුන බත් වතුර එක පිටිමකුණා ඉන්න බෝගයට ස්ප්‍රේ කරනව. ආයේ වස විස ගහන්න ඕන නෑ. ඒ පිටි මකුණු කරදරෙ ඉවර වෙනවා.”

    සෝමලතා මහත්මිය දේශීය පාරම්පරික වගාවේ දැනුම් භාංඩාගාරයක් වැනිය.අප රැඳිවුන් සුළු කාලය තුල ඈ වගාවෙ ගැටළු සඳහා ප්‍රායෝගිකව වස විශ නොයොදා පහසුවෙන් කල හැකි විසඳුම් රැසක්ම කීය.ඈ ඇගේ ගෙවත්තට අමතරව ඇගෙ නිවස ඉදිරිපිට සිය සොයුරියට අයත් ඉඩමද දේශීය පාරම්පරික බෝග වගාවෙන් ශෂ්‍රීක කර ඇත. මෑතක ඉදිකරගත් නල ලිදේ පිහිටෙන් ඇගේ වගා කටයුතු පහසු වී ඇත.

    වසවිස නොයෙදු කාබනික වගාවෙ අස්වැන්න අලෙවි කිරීමෙන් සැලකිය යුතු මුදලක් මසකට ඇයට ලැබෙමින් තිබුනද. මුදලට දෙන ප්‍රමාණයට සාපේක්ෂව දෙතුන් ගුණයක්ම ඈ ගම්මුන්ට රෝගීන්ට ආගන්තුකයන්ට පරිත්‍යාග කරනු ලබයි. ඇගේ හෙවත්තේ ඈ හැදු දෙළුම් වර්ග කීපයේම අස් වැන්න බොහොවිට රෝගීන් උදෙස නොමිලේපරිත්‍යාග කෙරෙ.

    එන අය මුදල් දෙන්න හැදුවද ඇය මුදල් ප්‍රතික්ෂේප කරන්නේ සිය මවට,දුවට,ස්වාමීයාට පිං පතාය.
    ඈ වවන සියළු දෑහි බීජ ඈ පරෙස්සමට බෝතල් හෝ යම් භාජනයන්හි දමා එලිමහන් සාලයෙ කොනක පිලිවෙලට තබා ඇත්තේ බීජ ඇවශ්‍ය අයට දෙන්න හෝ තැපැල් කරන්නය. එසේ ඈ තැපැල් කරන ලද ලිපිණ එකතුව 5000ස ඉක්මයි. සෝමලතාගෙ දින චරියාවද වෙනස්ම එකකි. ඈ හා දියණිය ටෙලිනාට්‍ය හෝ රූපවාහිනිරසිකන් නොවේ.රූපවාහිනිය ප්‍රවෘත්ති සිරස්තල සඳහා පමනි.අළුයම 3 නට ඔව්හු දවස ආරම්බකරන්නෙ බුදුන් වැඳ පි‍රිත්සජ්ජායනා කර අවමය පැයකට ආසන්න කාලයක් භාවනා කිරිමෙනි.සෝමලතාගෙ ලොකුදුව නිපුණි උසස්පෙල විභාගයට මෙවර පෙනී සිටින අතර මේ වයස 17ටම ඈ මේ මේ අසවල් රෝගයට යැයි ප්‍රතිකාරලබාගෙනහෝ බෙහෙත් පෙත්තක් බී හෝ රෝහල් ගතව සිට නැත්තේ මේ ගෙවත්තෙන් ලැබෙන ආශිර්වාය නිසායැයි තදින්ම විස්වාස කරයි.

    ප්‍රදේශයේ කෘෂිකර්ම මධ්‍යස්තානයෙ සහයෝගය කෙසේදැයි අප සෝමලතා මහත්මියගෙන් විම සුවෙමු
    “ඒ ගැන නම් කතා කරන්න එපා. මෙහෙ අයනම් ඉහලින් අය ඇවිත් වගා වන් ගැන අහද්දි එයාල උපදෙස් දීලා වැව්වා වගෙ පෙන්වන්න අරං එනවා.මෑතක මේහෙ කෘශිකර්ම පර්‍යේෂන නිළදාරීයාට ආයේ පැත්ත පලාතේ එන්න එපා යැයි කිව්වා. කිසි වැඩකට නැති මිනිස්සු. ආංඩුවේ සල්ලි කන්න ඉපදෙච්ච අය.”

    ඇගෙ ගෙවත්තේ ඇත්තේ මොනවාදැයි අසන්නෙකුට නැත්තේ මොනවාදැයි කියා පිලිතුරක් ලියා තැබිය හැක්කෙ එතරම් වැදගත් දුර්ලබ දෑ ඈ වවා ඇති බැවිනි.
    ඇගේ ගෙවත්තේ වවා සාරෙට හැදුන දේශීය මෑවරග පහක් හයක්ම තිබේ.තක්කාලි වුවද වර්ග කීපයි.චෙරිතක්කාලි,බටු තක්කාලි,ගොරක තක්කාලි,ආදි තක්කාලො වර්ගද,ඉදල් ඉරිගු රතු ස්වයං ජාත,තණ හාල්,වැනි දෑද අප දුටිමු.කොච්චි වර්ගම 10 කට වඩා තිබේ.

    බීජ දස දහස ඉක්මවූ ප්‍රමාණයක් ඈ නොමිලේ බෙදා දී තිබේ. ඇයට අවශ්‍ය බීජ වරගය ලියා නම.ලිපිණය ලියු මුද්දර කවරයක් එවන ඕනෑ අයෙකුට ඈ බීජ නොමිලෙ තැපැල් කරමින් සිටී.

    ඇයි මෙහෙම බීජ නොමිලෙ දෙන්නෙ අප ඇසිමු.??
    “පිලිකා රෝග වකුගඩු රොග ආදි රෝග රැසකට හේතුව මේ වස විස ආහරයට ගැනීම.අපේ රටේ අපේ පොලොවෙ ඕනම දේශීය බීජයක් වැවෙනවා.ඒවට වස විෂ නැති පාරම්පරික බෙහෙත් ප්‍රතිකාර තියෙනවා.මට ඕන පිරි සිදුවට රසට ගුණට තමන්ම හදාගෙන ආහාරයට අරගෙන නිරොගි දරුවන් රටෙ බිහි වෙනවනම් ඒක රටම යහපතක්නෙ ඉතින් මගෙ ප්‍රාර්තනය බොහෝදෙනා නිරෝගීව බොහොකල් ජීවත්වෙනවා දකින එක.”
    ඒනිසා මම මුහුණු පොතේ දේශීයබීජ ගෙවත්ත කියා පිටුවක් පටන් ගත්තා. එ ඔස්සේ දැනුම හා බීජ හුවමාරු කරගන්න.
    වරෙක උසස් කෘෂිකර්ම නිළදාරියෙකු පැමිණ ගෙවත්ත දැක අවශ්‍ය සියළුම උපකාර කරන්නෙමි යැයි පොරොන්දු වී ගියාත් හරි දේශියබීජ ගෙවත්තේ පැත්තේ ඉන් පසු නම් පැමිණ නැත.

    මැදිහත් වීමේ වගකීම දරන ආයතන හා බලදාරින් ඇගෙ උත්සාහයට කිසිදු සහයක් නොදුන්නද ඈ තනිව මේ කරන කාර්‍ය කෙතරම් පැසසියයුතුද.
    අප සෝමලතා මහත්මියටත් ඇගෙ දියණියටත් දීඝායු පතා එ නිවසින් නික්මෙන මොහොතේ එවලේම වත්තෙන් කඩාගත් දේශීය බෝංචි මල්ලක්ද බීජ එකතුවක්ද ඈ අප අත තැබුවාය.

    ජයන්ත සුබසිංහ


    https://www.facebook.com/jayantha.subasinghe.50


    49535894_1191778414313166_7222844367084453888_n.jpg


    49622932_1191836330974041_3026138496818479104_n.jpg


    49608027_1191836357640705_5920737293710131200_n.jpg


    49329076_1191836384307369_2292705039262679040_n.jpg


    49575805_1191836427640698_7637555663178039296_n.jpg


    49949183_1191836510974023_441592865039056896_n.jpg


    49748589_1191836580974016_2958995552252985344_n.jpg
     

    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28
    Good article :yes:


    You must spread some Reputation around before giving it to malakadss again.​
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ප්‍රදේශයේ කෘෂිකර්ම මධ්‍යස්තානයෙ සහයෝගය කෙසේදැයි අප සෝමලතා මහත්මියගෙන් විම සුවෙමු
    “ඒ ගැන නම් කතා කරන්න එපා. මෙහෙ අයනම් ඉහලින් අය ඇවිත් වගා වන් ගැන අහද්දි එයාල උපදෙස් දීලා වැව්වා වගෙ පෙන්වන්න අරං එනවා.මෑතක මේහෙ කෘශිකර්ම පර්‍යේෂන නිළදාරීයාට ආයේ පැත්ත පලාතේ එන්න එපා යැයි කිව්වා. කිසි වැඩකට නැති මිනිස්සු. ආංඩුවේ සල්ලි කන්න ඉපදෙච්ච අය.”


    Tfs & +Rep
     
    • Like
    Reactions: malakadss