ඇයිදෝ මම බැන්ද ගත්තේ

truth100%

Member
Jan 13, 2010
645
39
0
ඇයිදෝ මම බැන්ද ගත්තේ

husband-wife.jpg


එපා නොවුන මුත්
තව දුක් විදින අපා
නිමා නොමැත
මේ කරදර නිසා තොපා
මතුරන්නේ හැමදාමත්
මාව එපා
මාව එපා නම්
ගෑණියේ තෝත් එපා

එන්නේ ගෙදර හරි හ‍රියට
වැඩ කරය
කෝච්චියේ බර එන්නෙත්
මා පිටය
ගෙට එන්නේ යුද පිටියෙන්
ආ ලෙසය
ගෑණි දෙන්නේ සුප් කැටයක්
දිය කරය

බත පිච්චෙයි නහයක් ගෑණිට
නැත්තේ
‍ටීවී එකෙයි
ගෑණිගේ ඇස් දෙක ඇත්තේ
මිනිහා හාමතෙන් පිච්චෙයි
එළිපත්තේ
කරුමේ තරම ඇයිදෝ
මම බැන්ද ගත්තේ
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
විවාහ ජීවිතයේ තිත්ත ඇත්තක් ප්‍රහසනාත්මකව ලියලා..

හැමෝගෙම මෙහෙම නොවුනත් සුලු පිරිසක් හරි (මාත් ඇතුලුව) ඔබේ නිර්මානයේ ඔය කියා තියෙන දේවල්වලින් කීපයක්වත් අත් විඳිමින් සිටිනවා ඇති නැත්නම් අත් විඳලත් ඇති.....

ඒක තමයි සැබෑව..

අගනා නිමානයක් මල්ලියා..වෙනස් ආරයන්ගෙන් යුතු නිර්මාන කීපයක්ම අප වෙත දායාද කල ඔබට ඉදිරියට තව තවත් නිර්මාන කරන්න හැකියාව ලැබේවා..
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සරළ, උපහාසාත්මකව කල සමාජ විග්‍රහයක්, ලස්සනයි සොයුර
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එපා නොවුන මුත්
    තව දුක් විදින අපා
    නිමා නොමැත
    මේ කරදර නිසා තොපා
    මතුරන්නේ හැමදාමත්
    මාව එපා
    මාව එපා නම්
    ගෑණියේ තෝත් එපා
    :lol: Niyama poem eka bro keep up ya gooood wrk
     
    • Like
    Reactions: truth100%

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උපහාස්මකව අගේට ලියලා තියෙනවා , නියමයි
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    කරන්න දෙයක් නැ බබො බැද ගත්තනම් බෙරෙ ගහන්න තමයි වෙන්නෙ...

    බදින්න ‍පෙර සිතා බලනු කිය‍න්නේ ඕකට තමා
    ස්තූතියි යාලූ
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    ඉතාම සරළව උපහාසය මුසුව කල හොද නිර්මාණයක්
    අපූරුයි


    හැමදාමත් ම‍ගේ නිර්මාණ කියවා මාව දිරිමත් කරන
    ආදරණීය ‍සොයුරිය.
    ස්තූතියි ඔබට
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    උපහාස්මකව අගේට ලියලා තියෙනවා , නියමයි

    ස්තූතියි යාලූ හැමදාමත් ම‍ගේ නිර්මාණ කියවා මාව දිරිමත් කරනවට
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    විවාහ ජීවිතයේ තිත්ත ඇත්තක් ප්‍රහසනාත්මකව ලියලා..

    හැමෝගෙම මෙහෙම නොවුනත් සුලු පිරිසක් හරි (මාත් ඇතුලුව) ඔබේ නිර්මානයේ ඔය කියා තියෙන දේවල්වලින් කීපයක්වත් අත් විඳිමින් සිටිනවා ඇති නැත්නම් අත් විඳලත් ඇති.....

    ඒක තමයි සැබෑව..

    අගනා නිමානයක් මල්ලියා..වෙනස් ආරයන්ගෙන් යුතු නිර්මාන කීපයක්ම අප වෙත දායාද කල ඔබට ඉදිරියට තව තවත් නිර්මාන කරන්න හැකියාව ලැබේවා..

    හැමදාමත් ම‍ගේ නිර්මාණ කියවා මාව දිරිමත් කරන
    ආදරණීය ‍අයි‍යේ
    ස්තූතියි ඔබට
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    ගහමු ගහමු බෙරේ වෙන මොනවා කරන්නද

    හොද නිර්මාණයක් :)


    ඒක තමයි
    අන්තිමට ‍බෙ‍රේ පලුවත් නෑ
    නටපු නැටුමකුත් නෑ:):):):)
    ස්තූතියි යාලූ