අපි මේ සිස්ටම් එකට ආවෙ කොහොමද?
කියන්න කනගාටුයි සහෝදරවරුනි අපිව මේ සිස්ටම් එකට දාන්න ගොඩක්ම හේතු උනේ අපේ දෙමව්පියො සහ වටේ ඉන්න මිනිස්සු.නිකමට හිතහන් උඹලගෙ තාත්තා බයික් එකේ වඩට යනවා,ඔන්න තාත්තට පේනවා ඩොකෙක් කාර් එකකින් යනවා.තාත්තා හිතනවා බයික් කට්ටෙ කට්ට කන මට වඩා හොඳ සතුටින් ඩොකා ඇති කියලා.උබලගෙ තාත්තට ඩොකාව පේන්නෙ වීරයෙක් වගේ,එදා ඉඳලා උඹලගෙ තාත්තා උඹව ඩොකෙක් කරන්න මහන්සි ගන්නවා.උගන්නනවා,ක්ලාස් 65කට විතර යවනවා,පාඩම් කරවනවා.ඒත් ඇත්තටම ඩොකා ඉන්නෙත් සතුටින්ද?පැය ගානක් රෑ නෑ දවල් නෑ වැඩ කරන්න ඕනෙ,රෑ දෙගොඩහරි ජාමෙ වෙනකල් ප්රයිවට් කරන්න ඕනෙ,ඊට පස්සෙ ට්රැෆික් එකේ මැරිලා මැරිලා කොට්ටෙට ඔලුව තියනකොට ඔන්න අමාරු ලෙඩෙක් ඇවිත් කියලා හොස්පිටල් එකෙන් කෝල් එකක්.ගිහින් එනකොට පාන්දර 3යි.6ට ආපහු වැඩට යන්න ඕනෙ.ඒ යනකොට තමයි උඹලගෙ තාත්තා ඩොකාව දකින්නෙ.උඹලගෙ තාත්තා දකින සතුට ඩොකා ලඟ ඇත්තටම නෑ....,ඉතින් ඇයි අපෙ තාත්තලා අපිව මේ සිස්ටම් එක ඇතුලට තල්ලු කරන්නෙ? මොකද අම්මලා තාත්තලත් දන්නෙ නැති නිසා මචන්,ඒ මිනිස්සු උඹව හිතලා මේකට දානවා නෙවෙයි,ඒ මිනිස්සු උඹට ගොඩක් ආදරේ නිසා,ඒ මිනිස්සු දන්න උපරිමේට යවන්න තමයි උඹව මේ සිස්ටම් එකට ඇදලා දාන්නෙ.
Someone had posted about this book. Intersting











