ඇයි අපි පොහොසත් නැත්තෙ?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    12006214_869349903134657_1092470654729673922_n.jpg


    12033029_869349913134656_7949356906615321534_n.jpg


    12006232_869349916467989_1852058420589360140_n.jpg


    11057971_869349976467983_755297491966364134_n.jpg


    12011281_869349989801315_6920804670644792720_n.jpg


    11988233_869349999801314_3719982456860056792_n.jpg


    11998823_869350056467975_2913015366486263373_n.jpg


    12004086_869350083134639_6048775989443050044_n.jpg


    12038076_869350073134640_1543885588531777042_n.jpg


    12027683_869350136467967_2519955235564382669_n.jpg
     
    • Like
    Reactions: Dont Quit

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    සල්ලි තිබුනනම් අපිත් සතුටින් තමයි

    මේක තමයි අපි කියන ගොන්ම කතාව,නිකමට හිතපන් උඹට වාසනා සම්පත ඇදුනා කියලා,උඹ මේ ලෝකෙ සතුටින්ම ඉන්න එකා වෙයි නේද?එතකොට ඔය වාසනා සම්පත බිල් ගේට්ස්ට ඇදුනා කියලා හිතපන්.උට පුක හරියෙන්වත් දැනෙන්නෙ නෑ,ඒත් උඹටයි උටයි දෙන්නටම ඇදුනෙ එකම වාසනා සම්පතනෙ.උඹට තේරෙනවද සතුට කියන දේ වාසනා සම්පත අස්සෙවත් ඒකෙන් ඇදෙන සල්ලි ඇතුලෙවත් නෑ කියලා,සන්තෝසෙ කියන දේ තියෙන්නෙ අපි ඇතුලෙමයි,කාටවත් ඒක උඹෙන් උදුර ගන්න බෑ,වෙලා තියෙන්නෙ වටේ සිද්ධවෙන දේවල් නිසා උඹම උඹේ සන්තෝසෙ නැති කරගෙන....ඒත් අපි සල්ලි හොයන්න ඕනෙ,ඒ ඇයි?අපි සල්ලි හොයන්න ඕනෙ අපේ ජීවිතේ අපි බලාපොරොත්තු උනු දේවල් අත්විඳින්න ඒ අත්දැකීම ලබන්න.අපේ දෙමව්පියොන්ට ගෑනිට දරුවොන්ට අපිට පුලුවන් විදියට ඒ දේවල් ලබා දෙන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පටන් ගමු කියොසාකිගෙන්(1 කොටස)

    ගොඩක් යාලුවො කියලා තිබුන නිසා කියොසාකිගෙන් පටන් ගමු,කියසාකිට තාත්තලා දෙන්නයි,එක්කෙනෙක් පොහොසත් තාත්තා,අනිත් එක්කෙනා දුප්පත් තාත්තා.දුප්පත් තාත්තා තමයි කියොසාකිගෙ ඇත්තම තාත්තා.පොහොසත් කෙනා එයාගෙ යාලුවගෙ තාත්තා.ඉතින් මේ දෙන්නගෙ සිතුවිලි අතර වෙනස,කියොසාකිට පොඩි කාලෙ දුන්න උපදෙස් එක්ක තමයි පොතේ මුල් හරිය යන්නෙ.මේ පොතෙන් කියසාකි කියනවා අපි මේ ජීවිතේ ගොඩ යන්නනම් මූල්‍යමය වශයෙන් ස්වාධීන විය යුතු බව.ඒ කියන්නෙ අපේ සල්ලි වෙන එකෙක්ගෙන් නොලැබී අපිටම හම්බ කරගන්න මට්ටමට එන්න ඕනෙ.උදාහරනෙකට උඹලගෙ බොසා තමයි උඹේ මූල්‍යමය තත්වය ගැන බලාගන්නෙ.ඒ වෙනුවට උඹම සල්ලි හොයාගන්න ඕනෙ.තව එයා කියනවා අපි මේ ජීවිතේ ලොකු උගුලක ඉන්නෙ කියලා.ඒකට කියන්නෙ රැට් රේස් එක.ඒ කියන්නෙ පොඩි වීදුරු පෙට්ටියක ඉන්න සුදු මීයො පොඩි ටින් රවුමක් ඇතුලෙ තිබ්බම දුවනවා දැකලා තියෙනවද?මීයා කොච්චර වේගෙන් දිව්වත් රවුම ඒ වේගෙන්ම කරකෙනවා.මීයා දන්නෙ නෑ මේ රවුම කරකෙන්නෙ ඌ දුවන නිසා කියලා.අපිත් කරන්නෙ ඒකමයි,අපි පඩිය ගන්නවා,ඒක වියදම් කරනවා.පඩිය 20,000යි.වියදම 20,000යි.පඩි වැඩිවෙලා පඩිය 50,000 උනාම වියදමත් 50,000 කරගන්නවා.පඩිය ලක්ෂයක් ගන්න එකත් කරන්නෙ ඕකමයි,ලක්ෂ 10ක් ගන්න එකත් කරන්නෙ ඕකමයි.ඒක නිසා හිතේ තියෙන ප්‍රශ්න පඩිය විසිදාහෙ එකාටයි ලක්ෂ දහයෙ එකාටයි එකම වගේ තියෙනවා.මේකෙන් වෙනස් වෙන්නනම් අපි ඔය රැට් රේස් එකෙන් අයින් වෙන්න ඕනෙ.ඒක කරන්න මුලින් ඉතුරු කරන්න ඕනෙ,ඒක කරන හැටි කියොසාකි ඉගෙනගන්නෙත් වෙන පොතකින්(ඒ පොත ගැනත් අපි කතා කරමු) සල්ලි ඉතුරු කරලා ඒවගෙන් ගොඩ යන හැටි ඊලග කොටසින් කියන්නම්.:):):)
     
    මුල ඉදන් අගටම කියෙව්වා මචන්. එක දෙයක් නිසා මම උබ කියන දේට පොඩ්ඩක් විරුද්දයි. එත් පස්සේ උබම එක හරිගස්සගන්න ඕනේ කියල කියල තියෙනවා.
    මිනිහෙක් දියුණු වෙන්න නම් ඒ කෙනා ඉගෙන ගන්නත් ඕනේ මචන්, හැබැයි ඒ අනිත් එවුන් කියන පලියට, සමාජේ තියෙන පිළිගැනීමට, අල්ලපු ගෙදර එකා කලාට නෙමෙයි තමුන්ගේ ජිවිතේ තමුන්ට ආස විදිහට ගත කරන්න තමුන් ආස ෆීල්ඩ් එකකින්. අඩුම තරමේ උපාදි මට්ටමටවත් ඉගෙනගන්න ඕනේ මචන්, එතකොට තමයි හැමදේම ගැන හරියට තේරුම් යන්නේ. (හැබැයි අර පොත් ගුල්ලෝ වගේ ඒකෙම එල්ලිලා ඉන්න, බැජ් ටොප් ගන්න එවුන් ගැන කියපු ෆැන්ටසිය ට නම් මම 100% එකගයි මචන්.)
    දියුණුව කියන්නේ ව්‍යාපාර කරන එකම නම් නෙමෙයි මචන්, මම පිළිගන්න විදිහට නම් දියුණුව කියන්නේ යම් විෂයක පොරක් වෙන එක. ලෝකෙට අලුත් දෙයක් ඒ විෂය හරහා දෙන එක. එකට ඕනේ අලුතින් හිතන්න වගේම ඒ දේවල් ක්‍රියාත්මක කරන්න බය නැති කම. එහෙම කරද්දී ෆේල් වෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන්, එත් උබ ඉගෙනගත්ත කෙනෙක් නිසා උබව කොච්චර වැටුනත් පතුලටම වැටෙන්නේ නැහැ මචන්.
    ගොඩක් දේවල් තියෙනවා මචන් උබේ ත්‍රෙඩ් එකේ, දිගටම කරන්න මචන්. කවුරු හරි එකෙක් තව අවුරුදු පහකින් ඇවිත් උබේ ත්‍රෙඩ් එක නිසා ජීවිතය වෙනස් කරන් හරිගස්සගෙන දියුණු වෙලා ඉන්නවා කිව්වොත් උබට ඒ සතුටම ඇතිවෙයි.
    ජය වේවා!!!!
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    සුපිරි මචන් ... ගොඩාක් දේවල් ඉගෙන ගත්තා... දිගටම ලියපන්...
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කෑප්ටන් Jack Sparrow;19651602 said:
    මුල ඉදන් අගටම කියෙව්වා මචන්. එක දෙයක් නිසා මම උබ කියන දේට පොඩ්ඩක් විරුද්දයි. එත් පස්සේ උබම එක හරිගස්සගන්න ඕනේ කියල කියල තියෙනවා.
    මිනිහෙක් දියුණු වෙන්න නම් ඒ කෙනා ඉගෙන ගන්නත් ඕනේ මචන්, හැබැයි ඒ අනිත් එවුන් කියන පලියට, සමාජේ තියෙන පිළිගැනීමට, අල්ලපු ගෙදර එකා කලාට නෙමෙයි තමුන්ගේ ජිවිතේ තමුන්ට ආස විදිහට ගත කරන්න තමුන් ආස ෆීල්ඩ් එකකින්. අඩුම තරමේ උපාදි මට්ටමටවත් ඉගෙනගන්න ඕනේ මචන්, එතකොට තමයි හැමදේම ගැන හරියට තේරුම් යන්නේ. (හැබැයි අර පොත් ගුල්ලෝ වගේ ඒකෙම එල්ලිලා ඉන්න, බැජ් ටොප් ගන්න එවුන් ගැන කියපු ෆැන්ටසිය ට නම් මම 100% එකගයි මචන්.)
    දියුණුව කියන්නේ ව්‍යාපාර කරන එකම නම් නෙමෙයි මචන්, මම පිළිගන්න විදිහට නම් දියුණුව කියන්නේ යම් විෂයක පොරක් වෙන එක. ලෝකෙට අලුත් දෙයක් ඒ විෂය හරහා දෙන එක. එකට ඕනේ අලුතින් හිතන්න වගේම ඒ දේවල් ක්‍රියාත්මක කරන්න බය නැති කම. එහෙම කරද්දී ෆේල් වෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන්, එත් උබ ඉගෙනගත්ත කෙනෙක් නිසා උබව කොච්චර වැටුනත් පතුලටම වැටෙන්නේ නැහැ මචන්.
    ගොඩක් දේවල් තියෙනවා මචන් උබේ ත්‍රෙඩ් එකේ, දිගටම කරන්න මචන්. කවුරු හරි එකෙක් තව අවුරුදු පහකින් ඇවිත් උබේ ත්‍රෙඩ් එක නිසා ජීවිතය වෙනස් කරන් හරිගස්සගෙන දියුණු වෙලා ඉන්නවා කිව්වොත් උබට ඒ සතුටම ඇතිවෙයි.
    ජය වේවා!!!!
    උඹ කියන එක ඇත්ත මචන්,මම කවදාවත් කියන්නෙ නෑ ඉගෙනගන්න එපා කියලා,මම කියන්නෙ ඉගෙනගන්න එක තමයි වැදගත්ම.විභාග පාස් වෙන්න විතරක් ඉගෙනගන්න එපා කියලයි මම කියන්නෙ,අපේ උන් ඉන්ටර්වීව් එකකට ගියහම උපාධි සහතිකවල ඒ බී පිරිලා,ඒත් වැඩක් කරගන්න කියාම රෙවෙනවා.......අපි ඉගෙනගන්න ඕනෙ ඒකෙන් වැඩක් කරගන්න මිසක්,කොල පුරවන්න නෙවෙයි.ඉන්ටර්වීව්වලට යන සමහර 1ස්ට් ක්ලාස් දාපු උන් යන්නෙ උගෙ කොලිෆිකේෂන් දැකලා බොස් උට කම්පනිය බාර දීලා යයි වගේ.අනිත් එක තමයි අපි ඉගෙනගන්න ඕනෙ එකයි එපා එකයි හැම රෙද්දම ඉගෙනගන්නවා.අපේ ඉස්කෝලෙ කාලෙන් ඉගෙනගත්තු සබ්ජෙක්ට් වලින් කීයෙන් කීයද අපිට අද වැඩක් වෙලා තියෙන්නෙ?අපේ සිලබස් අවුරුදු ගානක් එකතැන පල් වෙනවා.ඒ වැඩකට නැති ඒවා අතෑරලා වැඩක් තියෙන දේවලට ෆෝකස් උනානම් කොච්චර හොඳද?ෂර්ලොක් හෝම්ස් පලවෙනි පොතේ(මතක හැටියට ලෝහිත පරීක්ෂනය ) වොට්සන් හෝම්ස්ගෙන් අහනවා "මොනවා හෝම්ස්,ඔබ ඉර වටේ පෘතුවිය කරකැවෙන බව දන්නෙ නැද්ද?" කියලා.එතකොට හෝම්ස් කියනවා "පෘතුවිය ඉර වටේ බැරිනම් හඳ වටේ කැරකුනත් මට මොකද" කියලා.සහතික ඇත්ත නේද?:rolleyes::rolleyes::rolleyes::rolleyes:http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:
    • Like
    Reactions: Rovin and lalindutj

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනිත් එක තමයි ගොඩක් උන්ට තරුණ කාලෙදි බිස්නස් උණ ගහනවා,උඹලා හිතන තරම් බිස්නස් ලේසිනම් හැම එකාම බිස්නස් කරයි.අවසානෙ අතේ පිච්චිය නැතුව කෙලවෙන එවුන් අනන්තයි අප්‍රමානයි.අපේ තාත්තා බිස්නස් කරන්නෙ,අත්දැකීමෙන් කියන්නෙ.අනිත් එක බිස්නස් එකක් කරනකොට නිදහස කියන දේනම් පොඩ්ඩක්වත් නෑ,පවුලෙ උන් එක්ක ට්‍රිපක් යන්න බෑ,කාටහරි බිස්නස් එක බාරදීලා ගියොත් දිවෙන් දිව ගාගෙන හිටියත් එනකොට බිස්නස් එකේ කෑලිත් නෑ පුතේ.දැනට අවුරුදු 2,3කට කලින් අපි අඳුරන අංකල් කෙනෙක්ට එහෙම උනා.කෝටි 7ක ගබඩාවක් හිස් කරා මිනිහගෙම නෑදෑ පුතෙක්.මම ත්‍රෙඩ් එක දැම්මෙ ජොබෙන් අස් වෙලා ගිහින් බිස්නස් කරපියව් කියන්නවත්,ඒ ලෙවල් කෙලවෙලා ඉන්න උන්ට ආතල් දෙන්නවත් නෙවෙයි.මේ ජීවිතේ අමාරුකම්වලින් පොඩ්ඩක් උඩට එන්න ක්‍රමයක් කියන්න.:D:D:D:D
     
    • Like
    Reactions: kasunacrox