bump




සල්ලි තිබුනනම් අපිත් සතුටින් තමයි
මේක තමයි අපි කියන ගොන්ම කතාව,නිකමට හිතපන් උඹට වාසනා සම්පත ඇදුනා කියලා,උඹ මේ ලෝකෙ සතුටින්ම ඉන්න එකා වෙයි නේද?එතකොට ඔය වාසනා සම්පත බිල් ගේට්ස්ට ඇදුනා කියලා හිතපන්.උට පුක හරියෙන්වත් දැනෙන්නෙ නෑ,ඒත් උඹටයි උටයි දෙන්නටම ඇදුනෙ එකම වාසනා සම්පතනෙ.උඹට තේරෙනවද සතුට කියන දේ වාසනා සම්පත අස්සෙවත් ඒකෙන් ඇදෙන සල්ලි ඇතුලෙවත් නෑ කියලා,සන්තෝසෙ කියන දේ තියෙන්නෙ අපි ඇතුලෙමයි,කාටවත් ඒක උඹෙන් උදුර ගන්න බෑ,වෙලා තියෙන්නෙ වටේ සිද්ධවෙන දේවල් නිසා උඹම උඹේ සන්තෝසෙ නැති කරගෙන....ඒත් අපි සල්ලි හොයන්න ඕනෙ,ඒ ඇයි?අපි සල්ලි හොයන්න ඕනෙ අපේ ජීවිතේ අපි බලාපොරොත්තු උනු දේවල් අත්විඳින්න ඒ අත්දැකීම ලබන්න.අපේ දෙමව්පියොන්ට ගෑනිට දරුවොන්ට අපිට පුලුවන් විදියට ඒ දේවල් ලබා දෙන්න.





















උඹ කියන එක ඇත්ත මචන්,මම කවදාවත් කියන්නෙ නෑ ඉගෙනගන්න එපා කියලා,මම කියන්නෙ ඉගෙනගන්න එක තමයි වැදගත්ම.විභාග පාස් වෙන්න විතරක් ඉගෙනගන්න එපා කියලයි මම කියන්නෙ,අපේ උන් ඉන්ටර්වීව් එකකට ගියහම උපාධි සහතිකවල ඒ බී පිරිලා,ඒත් වැඩක් කරගන්න කියාම රෙවෙනවා.......අපි ඉගෙනගන්න ඕනෙ ඒකෙන් වැඩක් කරගන්න මිසක්,කොල පුරවන්න නෙවෙයි.ඉන්ටර්වීව්වලට යන සමහර 1ස්ට් ක්ලාස් දාපු උන් යන්නෙ උගෙ කොලිෆිකේෂන් දැකලා බොස් උට කම්පනිය බාර දීලා යයි වගේ.අනිත් එක තමයි අපි ඉගෙනගන්න ඕනෙ එකයි එපා එකයි හැම රෙද්දම ඉගෙනගන්නවා.අපේ ඉස්කෝලෙ කාලෙන් ඉගෙනගත්තු සබ්ජෙක්ට් වලින් කීයෙන් කීයද අපිට අද වැඩක් වෙලා තියෙන්නෙ?අපේ සිලබස් අවුරුදු ගානක් එකතැන පල් වෙනවා.ඒ වැඩකට නැති ඒවා අතෑරලා වැඩක් තියෙන දේවලට ෆෝකස් උනානම් කොච්චර හොඳද?ෂර්ලොක් හෝම්ස් පලවෙනි පොතේ(මතක හැටියට ලෝහිත පරීක්ෂනය ) වොට්සන් හෝම්ස්ගෙන් අහනවා "මොනවා හෝම්ස්,ඔබ ඉර වටේ පෘතුවිය කරකැවෙන බව දන්නෙ නැද්ද?" කියලා.එතකොට හෝම්ස් කියනවා "පෘතුවිය ඉර වටේ බැරිනම් හඳ වටේ කැරකුනත් මට මොකද" කියලා.සහතික ඇත්ත නේද?කෑප්ටන් Jack Sparrow;19651602 said:මුල ඉදන් අගටම කියෙව්වා මචන්. එක දෙයක් නිසා මම උබ කියන දේට පොඩ්ඩක් විරුද්දයි. එත් පස්සේ උබම එක හරිගස්සගන්න ඕනේ කියල කියල තියෙනවා.
මිනිහෙක් දියුණු වෙන්න නම් ඒ කෙනා ඉගෙන ගන්නත් ඕනේ මචන්, හැබැයි ඒ අනිත් එවුන් කියන පලියට, සමාජේ තියෙන පිළිගැනීමට, අල්ලපු ගෙදර එකා කලාට නෙමෙයි තමුන්ගේ ජිවිතේ තමුන්ට ආස විදිහට ගත කරන්න තමුන් ආස ෆීල්ඩ් එකකින්. අඩුම තරමේ උපාදි මට්ටමටවත් ඉගෙනගන්න ඕනේ මචන්, එතකොට තමයි හැමදේම ගැන හරියට තේරුම් යන්නේ. (හැබැයි අර පොත් ගුල්ලෝ වගේ ඒකෙම එල්ලිලා ඉන්න, බැජ් ටොප් ගන්න එවුන් ගැන කියපු ෆැන්ටසිය ට නම් මම 100% එකගයි මචන්.)
දියුණුව කියන්නේ ව්‍යාපාර කරන එකම නම් නෙමෙයි මචන්, මම පිළිගන්න විදිහට නම් දියුණුව කියන්නේ යම් විෂයක පොරක් වෙන එක. ලෝකෙට අලුත් දෙයක් ඒ විෂය හරහා දෙන එක. එකට ඕනේ අලුතින් හිතන්න වගේම ඒ දේවල් ක්‍රියාත්මක කරන්න බය නැති කම. එහෙම කරද්දී ෆේල් වෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන්, එත් උබ ඉගෙනගත්ත කෙනෙක් නිසා උබව කොච්චර වැටුනත් පතුලටම වැටෙන්නේ නැහැ මචන්.
ගොඩක් දේවල් තියෙනවා මචන් උබේ ත්‍රෙඩ් එකේ, දිගටම කරන්න මචන්. කවුරු හරි එකෙක් තව අවුරුදු පහකින් ඇවිත් උබේ ත්‍රෙඩ් එක නිසා ජීවිතය වෙනස් කරන් හරිගස්සගෙන දියුණු වෙලා ඉන්නවා කිව්වොත් උබට ඒ සතුටම ඇතිවෙයි.
ජය වේවා!!!!



http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/


