කියෝසාකි කියන විදියට ඔයා මධ්‍යම පාන්තිකයෙක් වෙලා ඉන්නේ ඔයාට පොහොසත් වෙන්න කොහෙවත් උගන්නලා නැති නිසා. අපි අද කියෝසාකිත් එක්ක පොහොසත් වෙන්න ඉගෙනගමු.
සාදරයෙන් පිලිගන්නවා Boost sri lanka channel එකට අපි අද කතා කරන්න හදන්නේ ලෝකේ වැඩියෙන්ම විකිනුන personal finance පොත ගැන. මේක ලියන්නේ රොබර්ට් ටි කියෝසාකි මහත්තයා පොතේ නම තමයි Rich dad Poor Dad, ඔයාලා දියුණුව පිලිබඳ පොතක් ගන්න හිතනවානම් ආරම්බ කරන්න හොඳම පොත තමයි මේ තියෙන්නේ. හොඳයි අපි මේ පොත තේරෙන විදියට සාරාංශ ගත කරලා කියමු.
පොහොසත් මිනිස්සු සල්ලිවලට වැඩ කරන්නේ නෑ.
කියෝසාකි කියන පලවෙනි නිතිය තමයි පොහොසත් මිනිස්සු කවදාවත් සල්ලි වලට වැඩ කරන්නේ නෑ. එයාලගේ සල්ලි ඒ මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා. ඒ කොහොමද? උදාහරනෙකට අපි හිතමු කසුන් නිමල් කියලා යාළුවො දෙන්නෙක් ඉන්නවා. දෙන්නම එකම තැන එකට වැඩ කරන්නේ එකම පඩිය ගන්නේ, අපි හිතමු දෙන්නම ලක්ෂයක් පදී ගන්නවා කියලා. කසුන් සල්ලි එකතු කරලා ලොකු ගෙයක් හදනවා. නිමල් ඉතුරු කරලා ගෙයක් හදලා කුලියට දීලා පොඩි ගෙදරම ජිවත් වෙනවා. කසුන් ටික කාලෙකින් ලොකු වාහනයක් ගන්නවා. නිමල් වාහනයක් අරන් කුලියට හයර් දුවන තැනකට දීලා බස් එකේ වැඩට යනවා. දැන් කසුන්ගේ ආදායම ලක්ෂයයි. නිමල්ගේ ආදායම ලක්ෂ දෙකයි. කසුන්ට තමන්ගේ ලොකු ගෙදර නඩත්තුවටයි, ලොකු වාහනේ නඩත්තුවටයි රුපියල් 50,000ක් වියදම් වෙනවා. නිමල්ට පොඩි ගෙදර නඩත්තුවටයි බස් එකේ යන්නයි වියදම් වෙන්නේ රුපියල් 20,000යි. කසුන්ට අනිත් වියදම් එක්ක මාසේ අන්තිමට ඉතුරු වෙන්නේ නෑ කියක්වත්. නිමල්ට අනිත් ආදායමුත් එක්ක රුපියල් ලක්ෂ එක හමාරක් විතර ඉතුරු වෙනවා.දැන් නිමල් ලොකු ගෙදරකුයි වාහනෙකුයි ගන්නවා. දැන් නිමල්ගේ මුළු වියදමත් ලක්ෂයයි. එත් එයාට තව ලක්ෂයක් ඉතුරුයි. ඒ ලක්ශේ ආයෝජනය කරන ගමන් නිමල් තව සල්ලි උපයනවා, නමුත් කසුන් එක තනමයි. අවසානේ නිමල් ආයෝජනවලින් විතරක් ජීවත්වෙන තැනට දියුණු උනාට පස්සේ රස්සාවෙන් අයින් වෙනවා. එයා දැන් ලොකු සල්ලිකාරයෙක්. කසුන් හිටිය තැනමයි. දැන් නිමල් සල්ලිවලට වැඩ කරන්නේ නෑ නිමල්ගේ සල්ලි නිමල් වෙනුවෙන් වැඩ කරනවා. කසුන් තවමත් සල්ලි වලට වැඩ කරනවා.
දැන් ඔයාලට තේරෙනවා ඇති මේ දෙන්නගේ කතාව බැලුවම දියුණු වෙන එක කියන්නේ මොකක්ද කියන එක කියෝසාකි කොච්චර සරලව විස්තර කරලා තියෙනවද කියලා. දැන් අපි බලමු ඉහත උදාහරනේ මොකද උනේ කියලා. මෙතෙන්දි අපිට ඉතා වැදගත් වචන දෙකක් ගැන ඉගෙනගන්න වෙනවා. වත්කම් සහ බැරකම්. වත්කම් කියලා සාමාන්යෙන් අපි ඉගෙනගන්නේ ගෙවල් දොරවල් යාන වාහන කියලනේ, එත් කියෝසාකි කියන විදියට මේ වත්කම් නෙවේ මේවා බැරකම්. කියෝසාකිගේ වත්කම් සහ බැරකම් ගැන නිර්වචනය වෙනස්. කියෝසාකි කියන විදියට අපේ සාක්කුවට සල්ලි දාන දේවල් තමයි සැබෑ වත්කම්, අපේ සාක්කුවෙන් සල්ලි ගන්න දේවල් බැරකම්. එතකොට කලින් වත්කම් කියලා කිව්වා ගෙවල් දොරවල් යාන වාහන එහෙමත් වැටෙන්නේ සාක්කුවෙන් සල්ලි එලියට අදින බැරකම් ගොඩටම තමයි. ඉතින් කියෝසාකි කියන විදියට මධ්‍යම පන්තිය සහ ධනපතියන් අතර වෙනස තමයි මධ්‍යම පාන්තිකයන් කරන්නේ මේ වත්කම් වගේ පේන බැරකම් එකතු කරන එක. ඒ අතර ධනපතියන් සැබෑ වත්කම් එකතු කරලා දියුණු වෙනවා.
ගොඩක් මධ්යයමපාන්තිකයින් කැමති නෑ මේක පිළිගන්න, එයාලා ගොඩක් වෙලාවට කරන්නේ මේ බැරකම් ගොඩ ගහගෙන ඊවා පිළිබඳව උදම් අනන ඒක තමයි. බොහෝ වෙලාවට මේ ඇති, ඕනෙවට වඩා ඕනේ නෑ වගේ කතා කියලා හිත සනසගන්න එක තමයි මේ ය කරන්නේ. ඒත් ඇත්තටම බැලුවොත් එයාලා තරම් සල්ලි හොයන්න මහන්සි වෙන කවුරුවත් නෑ.
ඉතින් කියෝසාකිගේ දුප්පත් තාත්තත් මේ වගේ තමයි, කියෝසාකිගේ දුප්පත් තාත්තා phd එකක් තිබුන හොඳ ඉගෙනගත්තු කෙනෙක්, කියෝසාකිගේ පොහොසත් තාත්තා ඒ කියන්නේ කියෝසාකිගේ හොඳම යාළුවගේ තාත්තා යන්තම් 8 වසරට වෙනකල් විතරයි ඉගෙනගෙන තිබුනේ. දුප්පත් තාත්තා හැම වෙලාවේම හිතුවා හොදට ඉගෙනගෙන රස්සාවක් කරලා ගෙයක් දොරක් හදාගෙන ජිවත් වෙන එක තමයි වැදගත්ම කියලා, පොහොසත් තාත්තා හිතුවා ගෙවල් දොරවල් යාන වාහන කියන්නේ මුදල් නාස්ති කරන වැඩක්, ඊට වඩා මුදල් ලැබෙන ක්‍රම වලට ආයෝජනය කිරීම ඉගෙනගැනීම ඉතාම වැදගත් කියලා.
කොහොමහරි අද මේ පලවෙනි කොටසෙන් අපි මේ පොතේ එන වැදගත් කරුණු වලින් බොහොම සුළු ප්‍රමාණයක් කිව්වා විතරයි. තව ඉතාම වැදගත් කරුණු රාශියක් තියෙනවා අපිට දෙවෙනි කොටසින් ගේන්න, කමෙන්ට් එකක් දාලා අපිට කියන්න ඔයාලට දෙවෙනි කොටස කවදටද ඕනේ කියලා, ඒ වගේම මේ පලවෙනි කොටසේ හොඳ නරක ගැනත් කියන්න. ඉතින් අමතක කරන්න එපා subscribe කරන්න අපේ youtube channel එකට, ඒ වගේම අපේ බෙල් icon එක click කරලා තියන්න. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්න. එහෙනම් තව episode එකකින් මුණගැහෙමු.