ඇයි අපි පොහොසත් නැත්තෙ?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මචන් කියපන්කො 5% ආයෝජනයක් ගන්න හොඳ ක්‍රමයක් . බැංකු වල දෙන්නේ 3%-4% වගේ එදිනෙදා ගිණුම් වලට . 3000 ගානේ fix deposit වලට දාන්නද උඹ කියන්නේ ?
    නෑ මචන්, අපිට 3000ක් වියදම් කරලා 3150ක් හොයාගන්න මොකක් හරි ක්‍රමයක්. අර මම කලින් කිව්වා වගේ පුවක් විකිනුවත් ඒ ගාන හොයාගන්න පුළුවන්නේ. මාසේ අන්තිමට 5%ක් ගන්න විතරයි ඕනේ. මුල් ටිකෙනම් passive income වල දාන්න තරම් ගානක් එකතු වෙන්නේ නෑනේ. ටික දවසකින් පුළුවන්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    නෑ මචන්, අපිට 3000ක් වියදම් කරලා 3150ක් හොයාගන්න මොකක් හරි ක්‍රමයක්. අර මම කලින් කිව්වා වගේ පුවක් විකිනුවත් ඒ ගාන හොයාගන්න පුළුවන්නේ. මාසේ අන්තිමට 5%ක් ගන්න විතරයි ඕනේ. මුල් ටිකෙනම් passive income වල දාන්න තරම් ගානක් එකතු වෙන්නේ නෑනේ. ටික දවසකින් පුළුවන්.

    මට තේරෙනවා උඹ කියන දේ . මෙතන ක්‍රම කිහිපයකුත් දාපන්. පුවක් විකුණන එක හැමෝටම කරන්න බෑනේ .
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මට තේරෙනවා උඹ කියන දේ . මෙතන ක්‍රම කිහිපයකුත් දාපන්. පුවක් විකුණන එක හැමෝටම කරන්න බෑනේ .
    එක එකිනෙකාගේ strength එක මත වෙනස් වෙනවා මචන්, උදාහරනෙකට මමනම් කරන්නේ මට හොයාගන්න පුළුවන් ගණන් අඩු දෙයක් හොයාගෙන සෝෂල් මිඩියාවල ඇඩ් එකක් දාලා විකුණන එක. ඒ මම දන්න ෆීල්ඩ් එකක් නිසා... එහෙම නැත්තන් මම කරන්නේ මගේ මොකක් හරි සර්විස් එකක් විකුණන එක, මොකද එතකොට සර්විස් එක advertise කරන්න විතරයි මට ගානක් යන්නේ. එතක්කොට 3000ක් වගේ ගානක ඇති.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කියෝසාකි කියන විදියට ඔයා මධ්‍යම පාන්තිකයෙක් වෙලා ඉන්නේ ඔයාට පොහොසත් වෙන්න කොහෙවත් උගන්නලා නැති නිසා. අපි අද කියෝසාකිත් එක්ක පොහොසත් වෙන්න ඉගෙනගමු.

    සාදරයෙන් පිලිගන්නවා Boost sri lanka channel එකට අපි අද කතා කරන්න හදන්නේ ලෝකේ වැඩියෙන්ම විකිනුන personal finance පොත ගැන. මේක ලියන්නේ රොබර්ට් ටි කියෝසාකි මහත්තයා පොතේ නම තමයි Rich dad Poor Dad, ඔයාලා දියුණුව පිලිබඳ පොතක් ගන්න හිතනවානම් ආරම්බ කරන්න හොඳම පොත තමයි මේ තියෙන්නේ. හොඳයි අපි මේ පොත තේරෙන විදියට සාරාංශ ගත කරලා කියමු.

    පොහොසත් මිනිස්සු සල්ලිවලට වැඩ කරන්නේ නෑ.

    කියෝසාකි කියන පලවෙනි නිතිය තමයි පොහොසත් මිනිස්සු කවදාවත් සල්ලි වලට වැඩ කරන්නේ නෑ. එයාලගේ සල්ලි ඒ මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා. ඒ කොහොමද? උදාහරනෙකට අපි හිතමු කසුන් නිමල් කියලා යාළුවො දෙන්නෙක් ඉන්නවා. දෙන්නම එකම තැන එකට වැඩ කරන්නේ එකම පඩිය ගන්නේ, අපි හිතමු දෙන්නම ලක්ෂයක් පදී ගන්නවා කියලා. කසුන් සල්ලි එකතු කරලා ලොකු ගෙයක් හදනවා. නිමල් ඉතුරු කරලා ගෙයක් හදලා කුලියට දීලා පොඩි ගෙදරම ජිවත් වෙනවා. කසුන් ටික කාලෙකින් ලොකු වාහනයක් ගන්නවා. නිමල් වාහනයක් අරන් කුලියට හයර් දුවන තැනකට දීලා බස් එකේ වැඩට යනවා. දැන් කසුන්ගේ ආදායම ලක්ෂයයි. නිමල්ගේ ආදායම ලක්ෂ දෙකයි. කසුන්ට තමන්ගේ ලොකු ගෙදර නඩත්තුවටයි, ලොකු වාහනේ නඩත්තුවටයි රුපියල් 50,000ක් වියදම් වෙනවා. නිමල්ට පොඩි ගෙදර නඩත්තුවටයි බස් එකේ යන්නයි වියදම් වෙන්නේ රුපියල් 20,000යි. කසුන්ට අනිත් වියදම් එක්ක මාසේ අන්තිමට ඉතුරු වෙන්නේ නෑ කියක්වත්. නිමල්ට අනිත් ආදායමුත් එක්ක රුපියල් ලක්ෂ එක හමාරක් විතර ඉතුරු වෙනවා.දැන් නිමල් ලොකු ගෙදරකුයි වාහනෙකුයි ගන්නවා. දැන් නිමල්ගේ මුළු වියදමත් ලක්ෂයයි. එත් එයාට තව ලක්ෂයක් ඉතුරුයි. ඒ ලක්ශේ ආයෝජනය කරන ගමන් නිමල් තව සල්ලි උපයනවා, නමුත් කසුන් එක තනමයි. අවසානේ නිමල් ආයෝජනවලින් විතරක් ජීවත්වෙන තැනට දියුණු උනාට පස්සේ රස්සාවෙන් අයින් වෙනවා. එයා දැන් ලොකු සල්ලිකාරයෙක්. කසුන් හිටිය තැනමයි. දැන් නිමල් සල්ලිවලට වැඩ කරන්නේ නෑ නිමල්ගේ සල්ලි නිමල් වෙනුවෙන් වැඩ කරනවා. කසුන් තවමත් සල්ලි වලට වැඩ කරනවා.

    දැන් ඔයාලට තේරෙනවා ඇති මේ දෙන්නගේ කතාව බැලුවම දියුණු වෙන එක කියන්නේ මොකක්ද කියන එක කියෝසාකි කොච්චර සරලව විස්තර කරලා තියෙනවද කියලා. දැන් අපි බලමු ඉහත උදාහරනේ මොකද උනේ කියලා. මෙතෙන්දි අපිට ඉතා වැදගත් වචන දෙකක් ගැන ඉගෙනගන්න වෙනවා. වත්කම් සහ බැරකම්. වත්කම් කියලා සාමාන්යෙන් අපි ඉගෙනගන්නේ ගෙවල් දොරවල් යාන වාහන කියලනේ, එත් කියෝසාකි කියන විදියට මේ වත්කම් නෙවේ මේවා බැරකම්. කියෝසාකිගේ වත්කම් සහ බැරකම් ගැන නිර්වචනය වෙනස්. කියෝසාකි කියන විදියට අපේ සාක්කුවට සල්ලි දාන දේවල් තමයි සැබෑ වත්කම්, අපේ සාක්කුවෙන් සල්ලි ගන්න දේවල් බැරකම්. එතකොට කලින් වත්කම් කියලා කිව්වා ගෙවල් දොරවල් යාන වාහන එහෙමත් වැටෙන්නේ සාක්කුවෙන් සල්ලි එලියට අදින බැරකම් ගොඩටම තමයි. ඉතින් කියෝසාකි කියන විදියට මධ්‍යම පන්තිය සහ ධනපතියන් අතර වෙනස තමයි මධ්‍යම පාන්තිකයන් කරන්නේ මේ වත්කම් වගේ පේන බැරකම් එකතු කරන එක. ඒ අතර ධනපතියන් සැබෑ වත්කම් එකතු කරලා දියුණු වෙනවා.

    ගොඩක් මධ්‍යයමපාන්තිකයින් කැමති නෑ මේක පිළිගන්න, එයාලා ගොඩක් වෙලාවට කරන්නේ මේ බැරකම් ගොඩ ගහගෙන ඊවා පිළිබඳව උදම් අනන ඒක තමයි. බොහෝ වෙලාවට මේ ඇති, ඕනෙවට වඩා ඕනේ නෑ වගේ කතා කියලා හිත සනසගන්න එක තමයි මේ ය කරන්නේ. ඒත් ඇත්තටම බැලුවොත් එයාලා තරම් සල්ලි හොයන්න මහන්සි වෙන කවුරුවත් නෑ.

    ඉතින් කියෝසාකිගේ දුප්පත් තාත්තත් මේ වගේ තමයි, කියෝසාකිගේ දුප්පත් තාත්තා phd එකක් තිබුන හොඳ ඉගෙනගත්තු කෙනෙක්, කියෝසාකිගේ පොහොසත් තාත්තා ඒ කියන්නේ කියෝසාකිගේ හොඳම යාළුවගේ තාත්තා යන්තම් 8 වසරට වෙනකල් විතරයි ඉගෙනගෙන තිබුනේ. දුප්පත් තාත්තා හැම වෙලාවේම හිතුවා හොදට ඉගෙනගෙන රස්සාවක් කරලා ගෙයක් දොරක් හදාගෙන ජිවත් වෙන එක තමයි වැදගත්ම කියලා, පොහොසත් තාත්තා හිතුවා ගෙවල් දොරවල් යාන වාහන කියන්නේ මුදල් නාස්ති කරන වැඩක්, ඊට වඩා මුදල් ලැබෙන ක්‍රම වලට ආයෝජනය කිරීම ඉගෙනගැනීම ඉතාම වැදගත් කියලා.

    කොහොමහරි අද මේ පලවෙනි කොටසෙන් අපි මේ පොතේ එන වැදගත් කරුණු වලින් බොහොම සුළු ප්‍රමාණයක් කිව්වා විතරයි. තව ඉතාම වැදගත් කරුණු රාශියක් තියෙනවා අපිට දෙවෙනි කොටසින් ගේන්න, කමෙන්ට් එකක් දාලා අපිට කියන්න ඔයාලට දෙවෙනි කොටස කවදටද ඕනේ කියලා, ඒ වගේම මේ පලවෙනි කොටසේ හොඳ නරක ගැනත් කියන්න. ඉතින් අමතක කරන්න එපා subscribe කරන්න අපේ youtube channel එකට, ඒ වගේම අපේ බෙල් icon එක click කරලා තියන්න. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්න. එහෙනම් තව episode එකකින් මුණගැහෙමු.

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    දුප්පත් පොහොසත් කමින් හිතේ සතුට මනින්ඩ යන්ඩ එපා.
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    තොපිට වැදගත් පොඩි ගැම්මක් එයි මේ ත්‍රෙඩ් එක අරන් යන්න කියල හිතෙනවා මගේ මේ පොඩි කතාවෙන්.මගේ කතාව මේකයි.

    පොඩි සුමනේ කියලා නම දාගෙන අවේ පොඩි විනෝදයක් ගන්නයි පස්සේ මේ profile එක දිගටම හොද විදිහට කියල හිතුනා.මේකෙන්ම කියන්නම්

    මමත් ඔය සිස්ටම් එකේ දගලපු එකෙක් නොකරපු දෙයක් නැ.තවත් දුවනවා.මගේ තාත්තට එක තැන උනේ මගේ A/L විභාග කාලේ.කිසි දෙයක් කරන්න උන් නැ.නුවර වකුගඩු රෝහලේ ඉන්න උනා.සති මාස ගණන් තාත්ත වෙනුවෙන් ගෙවුව.යන්තන් ගොඩ දාගෙන අවා නොමැරී බේරගත්ත. නමුත් ඒ/ල් විනාස උනා.පොඩි කාලේ වත් තාත්තට හරි හමන් රැකියාවක් තිබ්බේ නැ.පවුලේ කවුරුත් අපිව බැලුවෙත් නැ.ඉරුණු ඇදුම් අදින්නේ.සහනාදාරෙන් ඉගෙන ගත්තේ.පොත් පත් පාවා පොඩි කලේ ලැබුනා පන්සලෙන්.

    විබාග විනාස වෙලා වැටුණු වෙලේ හිතුව ගොඩක්.එකක් නෙවේ .ඔක්කොම නතර කරලා කොලබ අවා රැකියාවකට

    පොඩි කාලේ ඉදන් රැකියා කළා.හරි ගියේ නැ .ගොඩක් අමාරුයි මල්ලිවයි දෙමාපියන්වයි බලන්න.ඉන්න තැන හදාගන්න ඕනේ.ගේ ඇතුලේ පස් තියෙන්නේ ජනෙල් දොරවල් නැ.

    තැනින් තැනට මාරු වේවි වැඩ කළා.ටිකක් හොද උනා .උදේ රෑ වැඩ කළා.සති අන්තෙත් class වල කාඩ් පවා කපුවා.යන්තන් පවුල පොඩ්ඩක් උඩට ගත්තා.

    අයේ නැවතිලා හිතුව.මම නිතරම හිටනවා.ඒ වෙනුවෙන්ම අදට වැටෙනවා.හිටනවා හින බලනවා.මන් වැඩ කරන තැන නෝනලා මහත්තයල යන විදිහ අදින විදිහ කාර් ගෙවල් ගැන හිටනවා.මාව එයාලගේ තැන වලට දාල බලනවා.වෙනසක් දැනුන.

    හෙමින් එකතු කරන BIT Degree එක කළා.අවුරුදු 4ක් තනිවම පාඩම් කරා වැඩට යන එන විට පවා.කොච්චි බස් වල.අනන්තව fail උනා.එක දිගටම කාලා.මේ උපාදිය ගැන අවබෝදයක් අවේ.මම ගියා ඉන්රිසි ඉගෙන ගන්න පොඩි පන්තියකට.එකෙන් හම්බ උනා.මහත්තයෙක්.එයා ඩිරෙක්ටර කෙනෙක්.එයා පොඩි පොඩි උදවු පවා කළා.

    අන්තිමට 2014 මම යනවා පොඩිම පොඩි IT ජෝබකට.අවුරුදු 4ක් එකම salary වල හිටියා.ඔකේ ඉද්දි පොඩි බයික් කටුවක් ගත්ත.එත් මන් තාම හිතනවා ඉස්සර වගේමයි

    වැඩ කරන අතරේ online වැඩ කරන ඒවාට දැම්මා.පොඩියට ෆෝන් අරන් දෙන්න ගත්තා.හදිස්සියට අඩුවට යාලුවන්ගේ හිටවතුන්ගේ ලැබුණු පොන් වලින් පටන් අරන් ටිකක් ලොකුවට අවා.
    ඔය අතරේ අර online දේවල් වැඩ කරන්න ගත්තා.මහන්සි උනා .පඩියෙන් ගත්තු සොච්චම invest කරා.මහන්සි උනා.කැපවුණා.රෑ දවල් ඇහැරලා ඉදිය.තනිවම කරගත්ත.අන්තර් ජාලේ පිරුවා.හෙවුවා.ගොඩක් ස්ටෝරි කියෙවුව.
    හෙමින් ජොබ් එකෙන් අයින් උනා තනිවම මහන්සි උනා.risk එකක් අරන්.හරි ගිය කියහන්කෝ

    අද මට තියෙනවා හොද කාර් එකක්.
    අම්මල මල්ලි හොදින් ඉන්නවා.මල්ලි රැකියාවකට යැවුවා.
    බැන්ද.හොද බිරිදක් ඉන්නවා.එයත් උපදිදරිනියක්.රැකියාවක් කරනවා.
    ඉඩමක් ගත්තා.මල්ලිට ගේ හදල දුන්න.
    දැන් ගත්තු ඉඩමේ හා හා පුරා කියල ගෙයක් ගහන්න සැලසුම් හදනවා.මුදල් හරි.
    හොද ඉතිරියක් තියෙනවා.ස්ථිර තැම්පතු දාල risk එක අඩු investment කරලා තියෙනවා.
    මම බිරිදත් එක්ක වෙනම හොද ගෙදරක් කුලියට අරන් ඉන්නේ.
    ගේ ටිකක් හදල පදිංචි වෙලා පොඩි උන් දෙන්නෙක් වත් හදාගන්න ඕනේ.:D
    දැන් නම් foodcity වලින් තමා ගන්නේ බදු.අර ඉස්සර දැක්ක නෝනලා මහත්තයලට වඩා හොද ඇදුම් අදිනවා.හොදට ඉන්නවා.

    එත් තාම හින බලනවා.තව අදායම් මාර්ගයක් ඔලුවට අවා.නිකන් ඉදන් මුදල් හොයන්න .ඉන්වෙස්ට් නොකරම.හරි විදිහට.බලමු කරලා.

    මට කියන්න තියෙන්නේ.නිතරම වචන ක්‍රියාවට හරවලා.අළු ගසා දාල නගිටහල්ල සිංහලු.
    ඔලුව කරකවල කණපිට වැඩ කරපල්ලා.තියරි වලට බෑ ජිවිතයක් සාර්ථක කරගන්න.තමන්මයි තමන්ගේ සාර්ථකත්වය.හැමදෙයක්ම වෙනස් විදිහට හිතන්න.

    උබලට ජය.හැමදාම සතුටින් ඉඩහල්ලා................
     
    • Like
    Reactions: Fox Mulder89

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733

    අඩෝ උබ හෙනම ගේමක් දීලනෙ බන් සතුටුයි බන් උබ ගැන ජීවිතේට ගන්න දේවල් නම් ගොඩයි..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    me video eka tik tok page eke dakka. oyada e page eka karanne?
    මගේ නෙවී බන් වීඩියෝ එක, මම ස්ක්‍රිප්ට් එක විතරයි ලියන්නේ. ඒකත් 10ක් විතර ලියලා නවත්තනවා.
     
    සුපිරි බන්, කවදාවත් ඉස්සරහට යන එක නවත්තන්න හොඳ නෑ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මගේ නෙවී බන් වීඩියෝ එක, මම ස්ක්‍රිප්ට් එක විතරයි ලියන්නේ. ඒකත් 10ක් විතර ලියලා නවත්තනවා.

    uba tik tok karanawa neda?
    mn hitanne mn ubawa dannawa. wi** K**......:P
    fb friends
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Secrets of the millionaire’s mind

    මිලියනපතියන්ගේ හිතේ තියෙන රහස් දැනගන්න කැමතිද? ඉස්සරහට බලාගෙන යමු,

    පිලිගන්නවා boost sri lanka channel එකට අද අපි කතා කරන්න හදන්නේ t harve ekerගේ secrets of the millionaire mind පොතේ එන මිලියනපතියන් කරන දුප්පත් ය නොකරන දේවල් කීපයක්.

    පලවෙනි රහස : පොහොසත් මිනිස්සු ලොකුවට හිතනවා දුප්පත් මිනිස්සු පොඩියට හිතනවා.

    අනේ ගෙයක් හදාගෙන කාර් එකක් ගත්තොත් මදැයි කියලා හිතෙනවද? තමන්ගේ comfort zone එකෙන් එළියේ දෙයක් ට්‍රයි කරන්න බයයිද? එහෙනම් ඔයාට සාර්ථක වෙනවා කියන්නෙත් හීනයක් තමයි. ඒක නිකන් දුවන්න පටන් ගද්දිම මීටර් 100න ඉවර කරනවා කියලා හිතාගන්නවා වගේ. ඔයාට සාර්ථක කෙනෙක් වෙලා ජිවිතේ තැනකට යනවා කියන එක හිතින්වත් හිතන්න බැරිනම් ඔයා පටන් ගද්දිම පරාජය බාර අරගෙන ඉවරයි. අපි දන්නවා ලේසි නෑ සාර්ථක වෙන එක. ඒත් හිතින්ම එක අත් අරලනම් එතනින් එහා පියවර හීනයක්ම තමයි. පොහොසත් මිනිස්සු හැම වෙලාවේම තමන්ගේ සාර්ථකත්වය ගැන හීන මැව්වා,එයාල ලොකු බලාපොරොත්තු තිබුන අය. ඒ අය කවදාවත් මේ ඇති කියලා හිතුවේ නෑ.

    පොහොසත් අය අවස්තාවන් ගැන කල්පනා කරනවා දුප්පත් අය බාධාවන් ගැන කල්පනා කරනවා.

    ඔබට යම් අවස්තාවක් දැක්කම එකෙන් සාර්ථක වෙන හැටි හිතන්න පුළුවන් නැත්තන් ඔබට පුළුවන් ඒක ක්‍රියාත්මක කරන්න තියෙන බාධා ටික. බොහෝවිට පොහොසත් මිනිස්සු හිතන්නේ එම අවස්තාව ප්‍රයෝජනයට අරන් ගොඩ යන හැටි, දුප්පත් මිනිස්සු හිතන්නේ එක පටන් ගත්තම කොහොමද තමන්ට කෙළවෙන්නේ කියලා. ඉතින් දුප්පත් මිනිස්සු කිසිම දෙයක් තමන්ගේ comfort zone එකෙන් පිට කරන්නේ නෑ. හැම ප්ලෑන එකේම අඩුපාඩුවක් කියා කියා ඉන්නවා.

    පොහොසත් මිනිස්සු අනිත් පොහොසත් සාර්ථක මිනිස්සු අගය කරනවා දුප්පත් මිනිස්සු පොහොසත් මිනිස්සුන්ව අප්‍රිය කරනවා

    මේකනම් හැමතැනම දකින්න පුළුවන්, සාමාන්යෙන් ටිකක් සාර්ථක මනුස්සයෙක් දැක්කම ගමේ රටේ මිනිස්සු කියන දේවල් වලින් ඒක හොඳටම තේරෙනවා. වෙන කවුරුවත් ඕනේ නෑ ඔයාම පොඩ්ඩක් මොනවහරි දෙයක් කරලා ගොඩ ගියාම වෙන දේ කියන්න ඕනේ නෑනේ. හැබැයි ඔබ හොඳට බැලුවොත් මේ සාර්ථක මිනිස්සුන්ව පිළිකුල් කරන මිනිස්සු ඇති බහුතරය අසාර්ථක මිනිස්සු.

    පොහොසත් මිනිස්සු කැමති තමන් කරන දෙවල්වල ප්‍රතිපල මත ආදායම් උපයන්න, දුප්පත් මිනිස්සු කැමති තමන් වැඩ කරන කාලය මත ආදායම් උපයන්න.

    මේකනම් කනට ගැහුවා වගේ ඇත්ත, උදාහරනෙකට අපේ බොහෝ රජයේ ආයතනවල සේවක මහතුන් කරන්නේ මේක තමයි. ඒ අය කියන විදියට එයාලා දවසට පැය 8 ගානේ දවස් පහක් වැඩ කරලා හම්බ වෙන්නේ සොච්චම් පඩියක්, ඉතින් රජය පඩි වැඩිකරන්නම ඕනේ. ඒත් පැය 8ක් තිස්සේ කරලා තියෙන්නේ මොනවද ඇහුවොත් කරපු දෙයක් නෑ. සමහරු මේස උඩ නිදි, සමහරු පත්තර කියවනවා, තව සමහරු කේලම් කියවනවා. ඉතින් එයාල වැඩ කරපු කාලය බැලුවොත් පැය 8යි තමයි. ඒත් පැයක ප්‍රතිපල නෑ. දියුණු මිනිස්සු වැඩ කරන කාලය ගැන හොයන්නේ නෑ, වැඩ ප්‍රමාණය සහ ඒවා මොනතරම් ප්‍රතිපලදායකද කියන එකයි හොයන්නේ. මොකද සහරා කාන්තාරේ පොල් වලවල් කැපුවා කියලා වැඩක් නෑනේ.

    පොහොසත් මිනිස්සු තමන්ගේ සල්ලි හොඳින් හරියට කළමනාකරණය කරනවා, දුප්පත් මිනිස්සු තමන්ගේ සල්ලි හොඳින් වැරදියට කළමනාකරණය කරනවා.

    දුප්පත් මනුස්සයෙක් සල්ලි ගැන වදවෙන වෙලාව ඒ පිළිබඳව ඉගෙනගන්න යෙදෙව්වනම් ඇත්තටම ඔවුන්ගේ ජිවන මට්ටම යම් ප්‍රමාණයකට හෝ ඉහල දාගන්න තිබුනා. නමුත් ඒ ගැන මැසිවිලි නගන එක යමක් ඉගෙනගන්න යොදවන මහන්සියට වඩා හරි ලේසියි. උදාහරනෙකට මේ වගේ වැදගත් වීඩියෝ එකකට තියෙන views ගානයි, shares ගානයි, නිළියකගේ යට ඇදුමක් ගැන තියෙන වීඩියෝ එකකට වැටෙන විව්ස් ගැනත් එක්ක සසදලා බලන්න.

    පොහොසත් මිනිස්සුන්ගේ සල්ලි ඒ මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා දුප්පත් මිනිස්සු සල්ලි වෙනුවෙන් වැඩ කරනවා.

    මේක අපි කලිනුත් කිව්වා. උදාහරනෙකට ඔබ ඇයි වැඩට යන්නේ? ඔබට ආයෝජනය කරන්න සල්ලි නැති නිසා. ඔබේ බොස් ඔබ තරම් මහන්සි වෙන්නේ නෑ, ඒ මොකද ඔහුගේ සල්ලි ඔහු වෙනුවෙන් වැඩ කරනවා. ඔහු ප්‍රධානියා වෙන්නත් ඔබ සේවකයා වෙන්නත් එකම වෙනස ඕකයි. වියදම් කරන්න පේ චෙක් එක එනකල් බලන් ඉන්න එපා, ඒකෙන් හම්බ කරන්න ඉගෙනගන්න.

    පොහොසත් අය දිගින් දිගටම ඉගෙනගන්නවා, දුප්පත් අය හිතනවා එයාල දැනටම දන්නවා කියලා.

    අපි කි දෙනෙක් කොච්චරක් සල්ලි ගැන දන්නවද? ඇත්තටම අපි දන්නේ බොහොම සුළු ප්‍රමාණයයි. නමුත් කි දෙනෙක් ඉගෙනගන්න කැමතිද සල්ලි ගැන? කිසි කෙනෙක් කැමති නෑ. ඒ නමුත් ඔබ බැලුවොත් පොහොසත් මනුස්සයෙක් අඩුම මාසෙට පොත් දෙකක්වත් කියවනවා. ඔවුන් කිසි දිනෙක ඉගැනීම නවත්තන්නේ නෑ.

    ඉතින් අපි මේ පොතේ සාරාංශය අපිට පුළුවන් විදියට ඔයාලට ගෙනාවා. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් අපි එක්ක රැඳිලා ඉදියි කියලා මේ හැමෝම, අමතක කරන්න එපාමේ වීඩියෝ එක Like කරන්න. subscribe කරන්න අපේ චැනල් එකට. ඒ වගේම අමතක කරන්න එපා මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහතින් දක්වන්නත්. අපි තව වීඩියෝ එකකින් හම්බවෙමු එහෙනම්
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala

    සුපිරි මයේ පුතේ.... මමත් ජොබ් එක කරන ගමන් පොඩි ආදායම් මාර්ග දෙකක් හදාගත්ත... නිකන් හිටියොත් ලේසියි... හැබැයි මහන්සි වෙලා වැඩ කරොත් අමාරුයි.. ප්‍රතිපලය ලස්සනයි..