ඔය විදියටම තමයි කෙල්ලොත් කියන්නේ, ඇයි උන්ට කොල්ලෝ නැත්තේ කියලා. මෙතන කෙල්ලෝ/කොල්ලෝ නැහැ කියන එකේ අදහස හොද, තමන්ට ගැලපෙන කෙනෙක් නැහැ කියන එකයි. ගැලපෙන කෙනෙක් හොයාගන්න එක කාටත් අමාරුයි ඒක කොල්ලොන්ටත් ,කෙල්ලොන්ටත් හැමෝටම තියෙන ප්‍රශ්ණයක්.
සාමාන්‍යයෙන් කෙල්ලෙක් බලන්නේ ධනය, රැකියාව, ජීවිතයේ සාර්ථකත්වයයි කොල්ලෙක් බලන්නේ පෙනුමයි නමුත් දෙගොල්ලගේම දෙමව්පියන් පවුල් පසුබිමත් බලනවා ,පෙනුමත් බලනවා,උගත් කමත් බලනවා, ඒ වගේම ඉහත ඔක්කොමත් බලනවා. ඒක නිසා තමන් කොල්ලෙක් නම් හොදට ඉගෙන ගෙන රස්සාවක් කරලා, පවුලක් හදන්න පුලුවන් මට්ටමකට සල්ලි හම්බ කරන්න එතකොට හොද කෙල්ලෙක් යාළු කරගන්න අමාරු වෙන එකක් නෑ, කෙල්ලෙක් නම් ,සාමාන්‍යයෙන් ගොඩක් කොල්ලෝ කෙල්ලගේ සල්ලි, රැකියාව බලන්නේ නෑ ඒක නිසා ප්‍රශ්ණයක් වෙන එකක් නෑ නමුත් උගත් කම සමහර කොල්ලෝ බලනවා, ඒ වගේම කොල්ලගේ දෙමව්පියනුත් බලනවා ඒක නිසා හොදට ඉගෙන ගෙන ,පෙනුම හොදට තියාගන්න. තමන් සාර්ථක වුනාට පස්සේ ඊට පස්සේ පත්තරේ Ad එකක් දාන්න නැත්නම් Dating Site එකකට යන්න නැත්නම් තමන් යන තැනක (Class, Library) වගේ කෙනෙක්ව යාළුකරගන්න ඊට පස්සේ කථා කරලා බලන්න එතකොට වැඩේ කෙරෙයි. කෙල්ලෙක් හොයාගන්න එක අමාරු නෑ ,අමාරු වැඩේ තමන්ට ගැලපෙන කෙල්ලෙක් හොයාගන්න එකයි. ඒවගේම යාළුවුනාට පස්සේ Date කරන්න අවුරුදු 2ක් වත් අඩුම ගානේ තමන්ට ගැලපෙනවද කියලා බලන්න, ගැලපෙන්නේ නැත්නම් බදින්න එපා. කොච්චර හොදට පෙනුම තිබුනත් අදහස් ගැලපෙන්නේ නැත්නම් බදින්න එපා,එහෙම බැන්දොත් රණ්ඩු ඇතිවෙන්න පුලුවන් ටිකක් කාලයක් ගියාට පස්සේ. මෙතන සමහර එවුන්ට සමාජ දැනුම නෑ ඒකයි කියන්නේ කෙල්ලෝ දාගන්නවට වඩා හොදයි නිකම් ඉන්න එක කියලා ,ඒහෙම වෙන්නේ අදහස් වලට නොගැලපෙන කෙල්ලෙක් දාගත්තමයි ,ලංකාවේ ගොඩක් වෙන්නේ පෙනුමට කෙල්ලොන්ව දාගන්න එකයි ඒක වැරදියි, අදහසුයි ගැලපෙනවද කියලා මුලින්ම බලන්න ඕනේ ඊට පස්සේ ඉතුරු ටික මම උඩින්ම දාලා තියෙන එතකොට බැදලා පවුල අවුලක් නැතුව හොදට ගෙනියන්න පුලුවන්.