- කොටුවෙන් මඩකලපු දුම්රියට නැග්ගා. බහුතරයක් මුස්ලිම්වරු එක් අයෙකුට ඇති සීමාවෙන් එපිටට ගිහින් සම්පූර්ණ ආසනයම බුක්තියට අරන්. සමහරු කකුලුත් උඩට අරන්. කවුරු හරි ඉල්ලුවානම් රවලා බලන්නේ යමන්කෝ හබරණින් එහාට බලාගන්න වගේ හැගීමකින්. දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් මේක බුක් කරන පෙට්ටියක් නොවෙයි කැමති තැනකින් ඉදගන්න කීවා. බෑග් අසුන මත තබා ගනිමින් තිදෙනෙකුට අසන් ගත හැකි සම්පූර්ණ ආසනයක්ම එක් අයෙක් බදු අරන් තිබුණා. බෑග් එක ගන්න කියා මා බලහත්කාරයෙන් ඉදගත්තා. එවිට අනෙක් ආසනවල පෙර කිවු ලෙසම අයිතිවාසිකම් ලකුණු කරගත්තු මොහුගේ මිත්‍රයන් කුලප්පු වී රොත්තම මා අසලට පැමිණ ද්‍රවිඩ භාෂාවෙන් ඔවුන් මඩකලපුව දක්වා යන අය බවත් නිදහසේ යාමට අයිතියක් ඇති බවත් පැවසුවා. මා ද්‍රවිඩ භාෂාවෙන්ම ඔවුන්ට දුම්රියක ගමන් කිරීමේ රීතිය දන්නවා සිටියා. නැවත මා ගල්ඔය දුම්රිය ස්ථානයෙන් බැස යන තෙක් කිසිදු ප්‍රශ්නයක් වූයේ නැත.
- පොදු ප්‍රවාහන සේවා වලදී, දුම්රියේදී බස් රථයේදී පිටේ එල්ලාගෙන යන බෑග් සහිතව ගමන් කරන තරුණ පරපුරේ අය එයින් අනික් පුද්ගලයන්ට වන අවහිරය වටහා නොගනිති. බොහෝ විට පාපුවරුවේ අනික් අයට ඇතුළුවීමට අවහිර වනසේ බෑගය පිටේ එල්ලාගෙන අවහිර වන සේ සිටීම කිසිත් තමන්ට වැදගත් නොවන සේ කටයුතු කරයි.
- දුම්රිය සහ බස්වල තිරස් අතට ඇති ආසනවල ජනේලය අසල ආසනය හිස්ව තබාගනිමින් ගමන් කරයි. තව අයෙකුට ආසනය ලබා දිය යුතුය යන හැගීමක් නැත. විශේෂයෙන් කාන්තාවන් මෙම රෝගයෙන් පීඩා විදියි. මරදානෙන් බොරැල්ල දෙසට පැමිණීමේදී මෙම සංජානනීය ආබාධය නිසා මොලය උලුක්කුවූ කාන්තාවන් බොහෝ විට දැකිය හැකිය.