ඇයි බං මේක Hit නොවුනෙ මෙච්චර කල්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇයි බං මේක Hit නොවුනෙ මෙච්චර කල්

    මේක ඇහුවෙ සිරස වොයිස් ටීන් කොල්ලෙක් කියපු නිසා. මේක අහලා කෑ ගහලා අඬන්න හිතුනා රට ගැන දුක හිතිලා :( මල් සිංදු හිට් වෙනවා මේ වගේ පට්ට තේරුමක් තියෙන සිංදු ට්‍රෙන්ඩින් වත් එන්නෙ නෑ.

    දියවන්න කුමාරියේ
    නුඹ නිදනා නිසොල්මනේ
    දෙරණට සඳ පලුව එබෙනවා
    හීන ගේන සීනි බෝල
    තක්ෂිලාව වට කරලා
    මගේ පුතා අකුරු කරනවා
    සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා
    නුඹව රකිනවා ...

    හුස්ම බෙදන රූස්ස ගස්
    යාය පිටින් කාසි වෙලා
    ඉඩෝරයට හේතු හොයනවා
    දළ දිලිසෙන හස්ති රජුන්
    හෙමින් හෙමින් නිදි කරලා
    ස්වර්ගයට යන්න හදනවා
    සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා
    නුඹව රකිනවා ...

    පත්තිනියේ නුඹ නාඩන්
    ඇය එතෙරක කාසි සොයයි
    ඒ කාසි රජුන් තනනවා
    රේණු තලා මල්ද තලා
    තෙල් මල් ගෙන දෝත දරා
    නිවන් යන්න පාර අහනවා
    සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා
    නුඹව රකිනවා ...
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මේකෙන් තමයි මෙහෙම එකක් ගැන දැනගත්තෙත්

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Youtube comment එකක්

    දියවන්නා කුමාරිය යනු මට හැඟෙන ආකාරයට නම් අපේ රටේ හොඳම ජඩ පාලනය හා රට ගැන කැක්කුමක් නැති පාලකයින් වසනා තැනයි.මේ දියවන්නා කුමරියගේ ඇකයේ ඔවුන් රට තුළ වෙන කිසිම දෙයක් නොදන්න ආකාරයට වසයි..ඔවුන් නිසොල්මනේ ඉන්නා තරමටම අපේ රට විනාශය කර ඇදීයයි.දෙරණට එබෙන සඳපලුව වනාහි එක්තරා ජාතියක් නිහඬව අපේ රට තුළ අයිතිය අල්ලාගන්නා ආකාරයයි.සිංහලයන් විනාශ කිරිමට ඒ ජාතියට අයත් රටවලින් අපේ රටට ටොන් පිටින් එන මත්කුඩු ඇතුලු රස කැවිලිවලට මුසුකල මත්ද්‍රව්‍යය සියලු පාසල් වටකරගෙන නිහඬවම නමුත් මහ උජාරුවට විකිණෙන නමුත් මේවා රටින් අතුගා දැමීමට තරම් හැකියාවක් කිසිදු පාලකයෙකුට නැත.හේතුව නම් ඔවුන්ගේ සාක්කුවලට සල්ලි පොදි ගැසෙන්නේ රටේ විනාශය වැඩිවන තරමට බැවිනි.කව්ද මේ වාමනයා..පන්සල් වල ධර්මාගාරවල නිදන් ආරක්ෂා කරන මේ වාමනයින්ට (බහිරවයන්) යමක් ආරම්භ කිරිමට ප්‍රථම පූජා ආදිය ඔප්පු කල යුතුයි.එසේනම් රටේ තිබෙන වටිනා දේ නිදන් වස්තු ආදිය ආරක්ෂා කරන වාමනයා කව්ද කියා සිතාගැනීම ඔබ සියල්ලන්ට භාරකරමි.ඔවුන් දියවන්නා කුමාරියට සුවසේ නිදන්නට ඉඩහැර පවන් සලන්නේ ඔවුන්ට පූජාවන් ඔප්පු කර කටවස්සවා ඇති නිසාද?විල්පත්තුවට කල මහා අපරාධය නොදන්නා කිසිවකු නැතිතරම්‍ ය.නමුත් මේ ගැන දියවන්නා කුමාරියගේ ඇකයේ සිටිනා පාලකයින් නම් කතා කලේවත් නැත.රටේ හුස්ම රකින ගස් කපා විකුණා ඇතමුන් කෝටිපතියන් වී හමාරය.මේ පාලකයන් මෙතරම් ජඩ පාලනයක් ගෙනයන අතරම දේශගුනික කාලගුනික වෙනස්කම ගැන ජනතාවට බයිලා ගසමින් නීති දමයි.ගජ මුතු,ඇත් දල,හස්ති යාගයන්ට අලි ඇතුන් මරාදමා යහමින් ස්වර්ගයට යන්න පාර හදාගන්නා අපේ රටේ පාලක පිරිසක් ගැනයි මේ කියවෙන්නේ.රටේ කාන්තාවන් ගෘහ සේවයට ගොස් හාම්පුතුන් අතින් අනේක දුක් විඳ දූෂණයට ලක් වෙද්දී ඔවුන්ට අහිමි වන පතිවත,ඔවුන්ට අහිමිවන ඔවුන්ගේ ජීවිතය ගැන කතා නොකරම රටට ලැබෙන විදේශ විනිමය ගැන කතා කරයි.රජුන් තනන්නට දියවෙන ජීවිත ගැන පාලකයන්‍ට කිසිම කැක්කුමක් නැතිබවද ව්‍යාංගාර්ථයෙන් කියවේ..පාලකයන් හා පාලකයන්ගේ වන්දි බට්ටයන් අතින් දූෂණය වෙන මල් කැකුලු ඔහේ පරවෙද්දී ලෝකයට පේන්නට පමණක් ස‍‍ංඟයා වහන්සේලා ඉදිරියේ පාද නැමැද නිවන් යන්නට පාර සොයන මේ ජඩයන් අප සියලු දෙනාම හඳුනයි.මේ සියලු විනාශයන් සිදුවෙද්දී පවන් සලන වාමනයා ඔබද?මම ද? වෙනත් පාර්ශවයක් ද? ඔබම සිතන්න..මේ සියලු විනාශයන් සිදුවෙද්දී පවන් සලන වාමනයා ඔබද?මම ද? වෙනත් පාර්ශවයක් ද? ඔබම සිතන්න.
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ශ්‍රි ලංකා දේශපාලය හා එහි යථාර්තය. ලංකාවේ පක්ෂ වලට බෙදුන උන් කවදාවත් තේරුම් නොගන්න යථාර්තය.
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ශ්‍රි ලංකා දේශපාලය හා එහි යථාර්තය. ලංකාවේ පක්ෂ වලට බෙදුන උන් කවදාවත් තේරුම් නොගන්න යථාර්තය.

    ඒක ඇත්ත බං:sorry:
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    ඕක නාද ල අපේ යුනි එකේ ප්ලේ කලා. පට්ට.
    නාද ගෲප් එක දුමාල් ගෙද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Found this in comment section.

    Dini Tharu53
    දියවන්නා කුමාරිය යනු මට හැඟෙන ආකාරයට නම් අපේ රටේ හොඳම ජඩ පාලනය හා රට ගැන කැක්කුමක් නැති පාලකයින්
    වසනා තැනයි.මේ දියවන්නා කුමරියගේ ඇකයේ ඔවුන් රට තුළ වෙන කිසිම දෙයක් නොදන්න ආකාරයට වසයි.ඔවුන් නිසොල්මනේ
    ඉන්නා තරමටම අපේ රට විනාශය කර ඇදීයයි. දෙරණට එබෙන සඳපලුව වනාහි එක්තරා ජාතියක් නිහඬව අපේ රට තුළ අයිතිය
    අල්ලාගන්නා ආකාරයයි. සිංහලයන් විනාශ කිරිමට ඒ ජාතියට අයත් රටවලින් අපේ රටට ටොන් පිටින් එන මත්කුඩු ඇතුලු රස
    කැවිලිවලට මුසුකල මත්ද්‍රව්‍යය සියලු පාසල් වටකරගෙන නිහඬවම මහ උජාරුවට විකිණෙන නමුත් මේවා රටින් අතුගා
    දැමීමට තරම් හැකියාවක් කිසිදු පාලකයෙකුට නැත. හේතුව නම් ඔවුන්ගේ සාක්කුවලට සල්ලි පොදි ගැසෙන්නේ රටේ විනාශය
    වැඩිවන තරමට බැවිනි. කව්ද මේ වාමනයා. පන්සල් වල ධර්මාගාරවල නිදන් ආරක්ෂා කරන මේ වාමනයින්ට (බහිරවයන්)
    යමක් ආරම්භ කිරිමට ප්‍රථම පූජා ආදිය ඔප්පු කල යුතුයි.එසේනම් රටේ තිබෙන වටිනා දේ නිදන් වස්තු ආදිය ආරක්ෂා කරන
    වාමනයා කව්ද කියා සිතාගැනීම ඔබ සියල්ලන්ට භාරකරමි.ඔවුන් දියවන්නා කුමාරියට සුවසේ නිදන්නට ඉඩහැර පවන්
    සලන්නේ ඔවුන්ට පූජාවන් ඔප්පු කර කටවස්සවා ඇති නිසාද?විල්පත්තුවට කල මහා අපරාධය නොදන්නා කිසිවකු නැතිතරම්‍ ය.
    නමුත් මේ ගැන දියවන්නා කුමාරියගේ ඇකයේ සිටිනා පාලකයින් නම් කතා කලේවත් නැත.රටේ හුස්ම රකින ගස් කපා
    විකුණා ඇතමුන් කෝටිපතියන් වී හමාරය.මේ පාලකයන් මෙතරම් ජඩ පාලනයක් ගෙනයන අතරම දේශගුනික කාලගුනික
    වෙනස්කම ගැන ජනතාවට බයිලා ගසමින් නීති දමයි.ගජ මුතු,ඇත් දල,හස්ති යාගයන්ට අලි ඇතුන් මරාදමා යහමින්
    ස්වර්ගයට යන්න පාර හදාගන්නා අපේ රටේ පාලක පිරිසක් ගැනයි මේ කියවෙන්නේ.රටේ කාන්තාවන් ගෘහ සේවයට
    ගොස් හාම්පුතුන් අතින් අනේක දුක් විඳ දූෂණයට ලක් වෙද්දී ඔවුන්ට අහිමි වන පතිවත,ඔවුන්ට අහිමිවන ඔවුන්ගේ ජීවිතය
    ගැන කතා නොකරම රටට ලැබෙන විදේශ විනිමය ගැන කතා කරයි.රජුන් තනන්නට දියවෙන ජීවිත ගැන පාලකයන්‍ට
    කිසිම කැක්කුමක් නැතිබවද ව්‍යාංගාර්ථයෙන් කියවේ..පාලකයන් හා පාලකයන්ගේ වන්දි බට්ටයන් අතින් දූෂණය වෙන
    මල් කැකුලු ඔහේ පරවෙද්දී ලෝකයට පේන්නට පමණක් ස‍‍ංඟයා වහන්සේලා ඉදිරියේ පාද නැමැද නිවන් යන්නට
    පාර සොයන මේ ජඩයන් අප සියලු දෙනාම හඳුනයි.මේ සියලු විනාශයන් සිදුවෙද්දී පවන් සලන වාමනයා ඔබද? මම ද?
    වෙනත් පාර්ශවයක් ද? ඔබම සිතන්න.
     
    :yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    උන් promote කරේ නැ . ඒ උනාට Derana Battle of the Bands එකේ කිව්වට පස්සේ හිට් උනා ටිකක්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උන් promote කරේ නැ . ඒ උනාට Derana Battle of the Bands එකේ කිව්වට පස්සේ හිට් උනා ටිකක්.

    අපරාදයක් බං. විව්ස් මිලියන ගානක් එන්න ඕනෙ සින්දුවක්