ඇයි භාවනා කරන්නේ?

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
ඇයි භාවනා කරන්නේ?


1.

ඇයි බුදු හාමුදුරුවෝ අපිට භාවනා කරන්න කියලා දේශනා කලේ ? එහෙම නැත්නම් මොකක්ද භාවනා කිරීමේ අරමුණ ? කෙනෙක්ට මේ විදියට හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ ගැන අපෙන්ම අහන්න පුළුවන් ඇයි බුදු හාමුදුරුවෝ අපිට භාවනා කරන්න කියලා කිව්වේ කියලා.

බෞද්ධ භාවනාවේ අරමුණ වෙන කිසිවක් නෙමේ නිර්වාණය අත් කර ගැනීමයි. නිර්වාණය කියන්නේ සරලවම ගත්තහම නාම රූප දෙකේ අවසානය. එනිසා නිර්වාණය ලබා ගන්න අපි කැමති නම් අපි සම්පූර්ණයෙන්ම අලෝභ, අදෝෂ හා අමෝහ සම්බන්ධව බැඳිලා තියෙන සංස්කාරයන් වගේම ලෝභ,ද්වේශ හා මෝහ කියන අකුසල් සිතිවිලි එක්ක බැඳිලා තියෙන සංස්කාරයන් නැති කරන්න ඕනා. මේ සේරම සිතිවිලි ඒ කියන්නේ කුසල් වේවා නැත්නම් අකුසල් වේවා එකතුව තමයි අපේ උප්පත්තිය ජීවිතය හා මරණය ඇති කරන්නේ. අපි මේ සිතුවිලි ආර්ය මාර්ගය භාවිතයෙන් විනාශ කරලා දානවා නම් අන්න එතකොට අපි නිර්වාණය තහවුරු කර ගත්තා වෙනවා. මේ ගැන තවත් විදියකින් කියනවා නම් නිර්වාණය කියන්නේ සංසාර චක්‍රයෙන් අපිව නිදහස් කිරීම. අපි හැමෝම ඉපදීමෙන්, ලෙඩ වීමෙන්, වයසට යාමෙන්, මරණයට පත් වීමෙන් දුකට පත් වෙනවා. මීට අමතරව තවත් දුක් ගොඩක් ජීවත් වන අපිව වැලඳ ගන්න බලා ගෙන ඉන්නවා. ඉතින් මේ දුක් කන්දෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් අපි‍ට භාවනා කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ සියළුම දුක් වේදනා වලින් නිදහස් වෙන්න අපි අදහස් කරනවා නම් අපි ඉගෙන ගන්න ඕනා නිර්වාණය අවබෝධ කරන්න පුළුවන් ආකාරයට භාවනා කරන්න.

ඉතින් මොකක්ද මේ භාවනාව ?

බෞද්ධ භාවනාව සමථ හා විපස්සනා කියන අංග දෙකෙන් යුක්ත වෙනවා. මේ දෙකම මූලික වෙලා තියෙන්නේ අපේ කායික හැසිරීම් හා වචනය මුල් කරගෙන. තවත් විදියකින් කියනවා නම් භාවනාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩි දියුණු කිරීම හා ආරක්ෂා කිරීමයි. දන්නවානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක්ද කියලා.. එනම්,

  1. නිවැරදි දැක්ම (සම්මා දිට්ඨි)
  2. නිවැරදි කල්පනා (සම්මා සංකප්ප)
  3. නිවැරදි කථාව (සම්මා වාචා)
  4. නිවැරදි ක්‍රියා (සම්මා කම්මන්ත)
  5. නිවැරදි ජීවිකාව (සම්මා ආජීව)
  6. නිවැරදි වීර්යය (සම්මා වායාම)
  7. නිවැරදි සිහිය (සම්මා සති)
  8. නිවැරදි චිත්ත ඒකාග්‍රතාවය/සමාධිය (සම්මා සමාධි)
මේ කියන නිවැරදි දැක්ම බුදු හාමුදුරුවෝ හැඳින්වූවේ විපස්සනා සම්මා දිට්ඨි හා මාර්ග සම්මා දිට්ඨි (මග්ග සම්මා දිට්ඨි) කියලා. මේ සමග නිවැරදි කල්පනා එකතුවෙලා එකට ගත්තහම ප්‍රඥාව පුහුණු කිරීම ලෙස හඳුන්වනවා.

නිවැරදි කථාව, නිවැරදි ක්‍රියා හා නිවරදි ජීවිකාව එක්ව ගත්තහම ශීලය පුහුණු කිරීම ලෙසට සලකනවා.

නිවැරදි වීර්යය, නිවැරදී සිහිය හා නිවැරදි සමාධිය එක්ව ගත්තහම සමාධිය පුහුණු කිරීම ලෙසට, නැත්නම් සමථ භාවනා කියලා හඳුන්වනවා.

මේ ගැන අපි තව චුට්ටක් බලමු.

පළමු අංගය වන්නේ සම්මා දිට්ඨියයි. මොකක්ද මේ නිවැරදි දැක්ම කියන්නේ? සම්මා දිට්ඨිය සතර ආකාරයක දැනීමකින් යුක්ත වෙන‍වා.

  1. පංචඋපාදානස්කන්ධයන් පිළිබඳව වන්නාවූ දුක පිළිබඳ ආර්ය සත්‍යය පිළිබඳ අභ්‍යන්තර දැනීම.
  2. පටිච්ච සමුප්පාදය පිළිබඳව වන්නාවූ දුකට හේතුව පිළිබඳ ආර්ය සත්‍යය පිළිබඳ අභ්‍යන්තර දැනීම.
  3. දුක නැති කිරීම පිළිබදව, නැත්නම් නිර්වාණය පිළිබඳව වන්නාවූ දැනීම.
  4. නිර්වාණය අවබෝධ කිරීම සඳහා අනුගමනය කල යුතු වන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව වන්නා වූ දැනීම. ඒ කියන්නේ හතරවෙනි ආර්ය සත්‍යය පිළිබඳ දැනීම.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවන අංගය සම්මා සංකප්පයයි. එයත් හතර ආකාරයක් වෙනවා.

  1. දුක පිළිබඳව ආර්ය සත්‍යයේ අරමුණු වෙනුවෙන් සිතුවිලි යෙදවීම.
  2. දුකට හේතුව පිළබඳ ආර්ය සත්‍යයේ අරමුණු වෙනුවෙන් සිතුවිලි යෙදවීම.
  3. නිර්වාණය අත් කර ගැනීම සඳහා සිතුවිලි යෙදවීම.
  4. හතර වෙනි ආර්ය සත්‍යය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අරමුණු වෙනුවෙන් සිතුවිලි යෙදවීම.
 
Last edited:

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

2.

එලෙසට දුක පිළිබඳ ආර්ය සත්‍යය දැන ගැනීම සඳහා එහි අරමුණ වලට නිවැරදි කල්පනාවන් ඇතුල් වෙද්දි නිවැරදි දැකීම තුලින් ඒවා සත්‍යය සත්‍යය විදියට දැකලා තේරුම් ගන්නවා. මේ අංගයන් දෙක එකට එකතු වෙලා වැඩ කරන්නේ චතුරාර්ය සත්‍යයේ එකින් එක ආර්ය සත්‍යයන් වෙනුවෙන් මනස යොදවලා ඒ සත්‍යයන් තේරුම් ගන්න. මේ විදියට ඒවා එකට වැඩ කරද්දි ඒවා හඳුන්වන්නේ ප්‍රඥාව පුහුණු කිරීම (පඤ්ඤා සික්කා) කියලයි.

ආර්ය මාර්ගයේ තුන්වන අංගය තමයි නිවැරදි කථාව. බොරුවෙන්, කේලමෙන්, පරුෂයෙන් හා සම්ප්‍රප්පලා‍පයෙන් වැලකීමට තමයි සම්මා වාචා තියෙන්නේ.

ආර්ය මාර්ගයේ හතරවැනි අංගය තමයි නිවැරදි ක්‍රියා. ප්‍රාණ ගාථයෙන්, හොරකමෙන් හා වැරදි කාම සේවනයෙන් වැලකීම මේ තුලදී අදහස් කරනවා.

ආර්ය මාර්ගයේ පස් වන අංගය වන්නේ නිවැරදි ජීවිකාවයි. දන්නවානේ ගිහියන් වන අපි මෙතනදි අපිට බුදු හාමුදුරුවෝ වලකින්න කියලා තියෙන ජීවිකාව සලස්සා ගැනීමේ ක්‍රම වේදයන් වලින් සමාදන් වෙන්න අවශ්‍යයි කියලා.

මේ අංග තුන එකට ගත්තම ශීලය පුහුණු කිරීම විදියට දක්වනවා.

ආර්ය මාර්ගයේ හය වන අංගය තමයි නිවැරදි වීර්යය. එයත් හතර ආකාරයි.

  1. ඇති නොවුන අකුසල් සිතුවිලි ඇති කර ගැනීමෙන් වැලකීමට වීර්යය කිරීම
  2. ඇති වුන අකුසල් නැති කරන්න වීර්යය කිරීම
  3. ඇති නොවුන කුසල් සිතුවිලි ඇති කර ගන්න වීර්යය කිරීම
  4. ඇති වුන කුසල් තව දුරටත් පවත්වන්න වීර්යය කිරීම හා ඒවා වැඩි කරගැනීමට වීර්යය කිරීම
මේ කියන සතර ආකාරයේ වීර්යය ඇති කරගන්න අපි ශීල, සමාධි, ප්‍රඥා පුහුණු කරන්න ව‍ගේම දියුණ කරන්න ඕනා.

ආර්ය මාර්ගයේ හත්වන අංගය තමයි සම්මා සතිය. එයත් හතර ආකාරයයි.

  1. කායානුපස්සනා
  2. වේදනානුපස්සනා
  3. චිත්තානුපස්සනා
  4. ධම්මානුපස්සනා
මේ සතර ආකාරයේ සිහිය අපිට පුළුවන් සරලව නාම පිළිබඳ සිහිය හා රූප පිළිබඳ සිහිය විදියට හඳුන්වන්න.

ආර්ය මාර්ගයේ අට වන අංගය තමයි සම්මා සමාධිය. මේ කියන්නේ ධ්‍යාන හතර අත් කර ගැනීමයි. මහාසතිපට්ටාන සූත්‍රය(දීග නිකාය) අනුව යි මෙහෙම කියන්නේ. විසුද්ධි මාර්ගයේ සම්මා සමාධිය රූප ධ්‍යාන හතර, අරූපාවචර ධ්‍යාන හතර හා උපචාර සමාධි විදියට තවත් දුරට දක්වනවා.

සමහරක් මිනිස්සු හුඟක් පාරමිතා පුරලා ඉන්න නිසා පුංචි බණ පදයක් ඇහුවත් නිර්වාණය අවබෝධ කර ගන්න සමත් වෙනවා. හුඟක් මිනිස්සු ඒ තරම් පාරමිතා පුරලා නැති නිසා පියවරෙන් පියවර ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරන්න ඕනා නිර්වාණය අවබෝධ කර ගන්න. මේ අය නෙයිය පුද්ගලයෝ කියලානේ අපි හඳුන්වන්නේ. මේ අය තමන්ගේ ශීලය පිරිසිදු කර ගත්තට පස්සේ සමාධිය පුහුණ කරන්න ඕනා. ඒ සමාධිය පුහුණු කිරීමෙන් මනස පිරිසිදු කර ගත්තට පස්සේ ඒ අය ප්‍රඥාව පුහුණ කර ගන්න ඕනා.
 
Last edited: