ඇයි මිනිස්සු වයසට යන්නේ?

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඇයි මිනිස්සු වයසට යන්නේ?

අපි කාගෙත් ගෙවල් වල තියෙනවා යකඩ හටිටි, මුටිටි, ගෙටිටු ඒ වගේම විවිධාකාර යකඩින් කරපු බඩුභාහිරාදිය. මෙව ගත්ත කාලෙම හරිම ලස්සනයි දිස්නෙ ගහ ගහ තියෙනවා. ටික කාලයක් යනකොට මුලින්ම මෙ දිස්නෙ ගහන ගතිය නැතිවෙලා යනවා. ඊටත් පස්සේ අවපැහැයක් ගන්නවා. ඊටත් පස්සේ තවත් ටික කාලයක් යනකොට මෙකේ මලකඩ බැදෙන්න ගන්නවා. එතකොට නමි හරිම කැතයි. ඒ වගේම එකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි නිසා අපි කරන්නේ මෙක පැත්තකට දාන එක, ඔහොම පැත්තකට දාලා ටික කාලයක් යනකොට මෙකේ මලකඩ පතුරැ පතුරැ ඇවිල්ල ගැලවෙන්න පටන් ගන්නවා. ඊටත් පස්සේ කැඩිල බිදිල කැලි විසිරිලා යනවා. මෙ විසිරිලා යන කෑලි පස්සේ පසට පස් වෙලාම යනවා.
iron-fence.jpg

එතකොට මෙ යකඩ කවද ඉදලද මලකඩ කන්න පටන් ගන්නේ?
ඔනෑම යකඩයක් වායුගොලයට නිරාවරණය වුන වෙලාවෙ ඉදලම තමයි ඒක දිරන්න එහෙමත් නැත්තන් මලකඩ කන්න පටන් ගන්නේ. එත් අපිට ඒ යකඩෙ මෙ විදියට ඔක්සිජන් එක්ක ක්‍රියා කරකර , දිර දිරා යනවා කියල ඇස් වලට පෙන්නේ නෑ. ඒවුනාට මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියල අපිට තේරෙන්නේ එකේ මලකඩ හැදුනහම තමයි.
iron-corrosion.jpeg

ඒ වගේම ලුණු වගේ ළවණ වර්ග වලට පුලුවන් මලකඩ කණ එක වෙගවත් කරන්න. මුහුදු පලාත්වල යකඩ ඉක්මනින් මලකඩ කන්නේ මෙ හේතුව නිසයි. ඒ වගේම තමයි එකේ අනිත් පැත්තත්, භෂ්ම වර්ග, තෙල් වර්ග, ග්‍රිස් වලට පුලුවන් මෙ මලකඩ කන එක අඩු කරන්න.

ඔය කිවිවෙ පොඩි විද්‍යාත්මක සන්සිද්ධියක්, දැන් බලනවා ඇති මම මෙහෙම කථාවක් කිවිවෙ ඇයි කියල, මෙ දේවල් කිවිවෙ මෙන්න මෙ හේතුව නිසයි. කලින් ලිපියෙන් අපි පැහැදිලි කර ගත්තා මෙ අපේ ශරිරය හැදිල තියෙන දේවලුයි ගස් වැල්, යකඩ, දිය, සුලං, පස් වගේ භාහිර පරිසරයේ තියෙන දේවල් වලයි කිසිම වෙනසක් නැ, සේරම නිර්මාණය වෙලා තියෙන්නේ කලින් කියපු මාහා භුතයන්ගෙනුයි ඒවා නිසා උපදින උපාදාන රැප වලිනුයි කියල. අපේ මෙ ශරිරයත් මවිකුස තුල ඇති වු දා සිටම මෙ අද දක්වාම දිරමින් නොගිය එක මොහොතක් හෝ නැහැ. රැපයන්ගේ ස්වභාවය වෙන්නේ උපත ලද සැනින් බිදි යාමයි. උපත ලද එක රැපයකට හෝ නොබිදි පැවතිමට කිසිදු හැකියාවක් නැ. අර යකඩයේ කලින් තිබුණ යකඩ අයන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කලාම ඒක දිර දිර යනවා. එත් යකඩය ගැල්වනසයිස් කලාම මෙ දිරිම බාලවිමක් සිද්ධ වෙන්වා. ගැල්වනයිස් කරද්දි කරන්නේ යකඩ උඩින් සින්ක් කියන ලෝහය ආලේප කරණ එකයි
osteoporosis-300x195.jpg

එතකොට යකඩ අනු ඔක්සිජන් එක්ක ක්‍රියා කරල හැදෙන ෆෙරික් ඔක්සයිඩ, ඒ කියන්නේ මලකඩ, ආයෙමත් සින්ක් අයන එක්ක ප්‍රතික්ක්‍රියා කරල යකඩ අයන බවට පත්වෙන එකයි. මෙහිදි සිද්ධ වෙන්නේ. මෙ වගේ අපේ ශරිරයේ කලින් තිබුන රැප බිදි බිදි යනවා.යකඩෙට සින්ක් අයන තියෙනකොට ඒක දිරන්නේ නැතිව දිගකාලයක් තියෙනවා වගේ අපේ ශරිරයේත් මෙ බිදෙන රැප වෙනුවට අලුත් දරැ රැප පරමිපරාවල් ඇති කරන්න ආහාර කියන දේ ඔන වෙනවා. ආහාර නැත්තං අපේ මෙ ශරිරයත් යකඩෙ මලකඩ කැවා වගේ දිරල දිරල යනඑකයි වෙන්නේ. අපිට දවසට කිප වරක් කන්න වෙන්නේ මෙන්න මෙ අලුත් රැප පරමිපරාවල් ඇති කර ගන්න ඔන වෙන නිසයි.
යකඩෙ සින්ක් අයන මොනතරමි තිබිබ වුනත් එකෙන් යකඩෙ සියට සියක් නොදිරා තියෙන්නේ නැ. ඒ වගේ මෙ ශරිරයටත් මොනතරමි ආහාර ඇතුලු කලත් මෙ ශරිරයත් සමස්ථයක් වශයෙන් දිරිමට පත්වෙනවා මෙකට කියන්නේ සන්තතිය ජරාව කියලයි. ඒ වගේමයි සමහර පැති වල මිනිස්සුන්ගේ ආයු කාලය අඩුයි. ඒ දේශගුණය අයහපත් ආහාර වගේ දේවල් නිසා. ඒක නිකං අර මම කලින් කිවිව මුහුදු බඩ ප්‍රදේශ වල යකඩ ඉක්මනින් මලකඩ කනවා වාගේ දෙයක්.
537279063_7864b3980f.jpg

ආහාර කියන්නේත් මෙ අපේ ශරිරය හැදිල තියෙන මහාභුත රැප වලින්ම හැදුන දෙයක්. අපි කනවා කියන්නේ බිදි බදි යන මහා භුත රෑප නැවත උපදවාගන්න භාහිරෙන් නැවතත් මහාභුතරැප එකතු කරණ එකයි. මෙ හැම දෙයක්ම කිවිවෙ මම කලින් ලිපියේ කියපු පොඩි දෙයක් නිසයි ඒ තමයි මිනිස්සුන්ගේ වයස අවුරැදු අසංඛයක් තරමි වර්ධනය වෙවා කියල බුදු දහමෙ විස්තර කරල තියෙනවා කියපු කථාව. මිනිස්සුන්ගේ මරණය සිදුවන්නේ බෙහෝ වෙලාවට කර්මය ක්ෂය වි යාමට වඩා මෙ ශරිරය තවදුරටත් පවත්වාගෙන යැමට නොහැකි වි යෑම නිසයි. ශරිරය කියන දේ සත්ත්වයින්ට ඔන වන්නේ හරියට ජලය දාන්න බදුනක් ඔනි වෙනවා වාගේ, අනිත් වේදනා, සංඥා, සංස්කාර,විඥාන කියන ස්කන්ධයන්ට පැවතිම සදහා භාජනයක් වශයෙනුයි. යමි විදයකින් අර යකඩය ග්ල්වනයිස් කරල තියෙද්දිත් මලකඩ කනඑක වලක්වන්න ක්‍රමයක් හොයා ගත්තාවාගේ අපේ මෙ ශරිරයත් වියපත් වෙන වෙගය අඩුකරන්න තාක්ෂනයක් ලොව පහල වුනොත් අපේ ආයු කාලයත් දිගුකරගන්න පුළුවන්. බුදුදහම අනුව මෙක විරැද්ධ නැ. අපිට සන්තති ජරාව කියන දේ පමාකරන්න පුලුවන් නමි දිගුකාලයක් ජිවත් වෙන්න පුලුවන් කියන එකයි මෙ කිවිවෙ. කොහොම වුනත් රැපයන් බිදිම නවත්වන්න නමි හැටියක් නැ. සන්තති ජරාව නවත්තන්නත් විදියක් නැ. එත් එවා පමා කරන්න තාක්ෂනයක් කවද හරි මෙ ලොකේ ඇති වෙන්න පුලුවන්. එතකොට ආයුකාලයත් දිගු වෙවි.
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මොකද්ද මෙ පටිචිච සමුත්පාදය කියන්නේ?
thorana-www.kaputa.com_large.gif

අවිජ්ජා පචිචියා සංඛාරා, සංඛාර පචිචියා විඥානා, විඥාන පචිචියා නාමරැප, නාමරැප පචිචියා සළායතනා, සළායතන පචිචියා ඵස්සෝ, ඵස්ස පචිචියා වෙදනා, වෙදනා පචිචියා තණ්හා, තන්හා පචිචියා උපාදානා උපාදාන පචිචියා භව, භව පචිචියා ජාති, ජාති පචිචියා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාසා සමිභවන්ති. ඒවමෙතස්ස කේවලස්ස දුක්ඛස්කන්ධ සමුදයෝ හෝති.

මෙ කියන්නේ අවිද්‍යාව නිසා සංස්කාරත්, සංස්කාර නිසා විඥානයත්, විඥානය නිසා නාමරැපයත්, නාමරැපය නිසා ෂඩායතනයත්, ෂඩායතනය නිසා ස්පර්ෂයත්, ස්පර්ෂය නිසා වෙදනාවත්, වෙදනාව නිසා තන්හාවත්, තන්හාව නිසා උපාදානයත්, උපාදානය නිසා භවයත්, භවය නිසා ජාතියත්, ජාතිය නිසා ජරාව, මරණය, ශෝකය, පරිදේව , දුක, දෝමනස්ස, උපායාස කියන මෙ සියලුම දුක්ඛයන්ගේ උපතත් සිදුවන බවයි.

මෙ පිළිබදව විස්තර කරන්න ගියොත් එය ඉතාමත් දිර්ඝ විස්තරයක් වනු ඇත. පටිචිච සමුප්පාදය ගැන බුදුපියාණනි විසින් දේශිත සුත්‍ර අතිමහත් සංඛයාවක් ඇත. එ ඒ අවස්ථාවෙ ඒ ඒ පුද්ගලයාට තේරැමිගත හැකි වන අයුරින් ඒවා දේශනා කර තිබෙ. මෙ අතර දසබල සුත්‍රය, ආහාර සුත්‍රය, ඥාතික සුත්‍රය, චෙතනා සුත්‍රය, උපාදාන සුත්‍රය, ප්‍රතීත්‍යසමුත්පාද සුත්‍රය, අචෙල කාශ්‍යප සුත්‍රය, උපනිසා සුත්‍රය, ධර්ම කථික සුත්‍රය, ශාස්තෘපර්‍රයේෂණ සුත්‍රය ආදියේ මෙ පටිචිච සමුත්පාදය විවිධ ආකාරයෙන් දේශනා කර ඇත.

තථාගත බුදුපියානන් වහන්සේ විසින් පටිචිච සමුප්පාදය දැනිමෙ අනුසස් වදාරා ඇත්තේ මෙසේය.
යතෝ භෝ භික්ඛවෙ! අරියසාවකෝ ඒවං පචිචියං පජානාති. පචිචියසමුදං පජානාති. පචිචය නිරෝධං පජානාති. පචිචියනිරෝධගාමිණි පටිපදං පජානානි. අයං වුචිචිති භික්ඛවෙ! අරියසාවකෝ දිටිඨි සමිපන්නේ ඉතිපි, දස්සන සමිපන්නෝ, ඉතිපි ආගතෝ ඉමං සද්ධමිමං ඉතිපි,සේඛෙන ඥානේන සමන්නාගතෝ ඉතිපි, සේඛාය විජ්ජාය සමන්නාගතෝ ඉතිපි,ධමිම සෝතං සමාපන්නෝ ඉතිපි, අරියෝ නිබි‍බෙධික පඥ්ඤෝ ඉතිපි, අමතද්වාරං ආභචිච තිටිඨති ඉතිපි.

මෙහි වචනාර්ථය නොව පද විවරණය ගත්විට මෙයින් කියවෙන්නේ බුදු බව, පසේ බුදු බව, රහත් බව යන තුන්තරා බෝධියෙන් එකකට පැමිණ සසර කෙලවර කල හැකි විම පටිචිච සමුප්පාදය දැනිමෙ ආනිශංෂය බවය.

මෙ පටිචිච සමුප්පාද දේශනාව ලොව සත්ත්වයාගේ ආරමිභය දක්වන දේශනාවක් නොවෙ. නමුත් සත්වයන් මෙ ලොව බවයෙන් බවයට ගමන් කරන්නේ කෙසේද යන්න මෙම දේශනාව මගින් දක්වා ඇත. චතුරාර්‍ය සත්‍යද මෙම දේශනාවටම සමිබන්ධ බැවින් බුදු දහමෙ ප්‍රධානතම හා ගැඹුරැම ඉගැන්විම වන්නේ මෙයයි. යමි අයෙක් මෙය නිවැරදිව අවබෝධ කර ඇත්නමි ඔහු නිර්වාණයට පත්වු අයෙකි. මා මෙ ලියනුයේ මෙ පිළිබදව ඉගැනිමෙන් ඇතිවු සංඥා මාත්‍රයක් උපයෝගි කරගෙන මිස අවබෝධය කියන දෙයින් නොවෙ. අවබෝධයත් අධ්‍යාපයත් (මෙයට බුදු දහමෙ කියන්නේ සංඥාව කියාය) යනු දෙකකි.මෙම පටිචිච සමුප්පාදය ප්‍රත්‍යක්ෂලෙස අවබෝධ වි නමි, ඔහු රහතුන්වහන්සේ කෙනෙකි. සප්ත විශුද්ධි භාවනා ක්‍රමයේදි කාංක්ෂා විතරන විෂුද්ධිය ලෙස ඇත්තේ මෙ පිලිබදව ලබන්නාවු අධ්‍යාපනයයි. මෙ පිළිබදව අධ්‍යාපනය මගින් බුදු දහම පිළිබදව ඇති සැක දුරැවි යනු ඇත.

බුද්ධ ගෝෂ හිමියෝ පටිචිච සමුප්පාද වර්ණනාව පටන්ගන්නා විට මෙසේ පවසා ඇත.

"චත්තුකාමෝ අහං අජ්ජ පචිචයාකාර වණ්ණනං
පතිටිඨි නාධිගචිඡාමි අජ්කඪා ගාල්හො ව සාගරං"

මෙහි තේරැම වන්නේ " පටිචිච සමුපාද වරණනාව කියනු කැමති මා අද දින මහ මුහුදට වැටුන එකෙකු මෙන් පිහිටක් නොලබමිය" යන්නයි.

ඉතිං මා ගැන මොන කථාද? පටිච්ච සමුපාදය ගැන දැනට හොදම තේරැමිගත හැකි විස්තරයක් රේරැකානේ චන්දවිමල මහනාහිමිගේ පටිච්ච සමුපාද විවරණය නැමති ග්‍රන්තයේ ඇත. එය කියවා ගැනිම ප්‍රයෝජනවත් වනු ඇතැයි මම සිතමි.
පටිචිච සමුපාදය සැකවින්,

අවිජ්ජා පචිචියා සංඛාරා
අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙ.
අවිද්‍යාව කියන්නේ මොකද්ද? සරලම පිළිතුර වෙන්නේ චතුරාර්‍ය සත්‍ය නොදැනිම අවිද්‍යාව කියන එකයි. මෙතන චතුරාර්‍ය සත්‍ය පිළිබදව විස්තර කරන්න බැරි නිසා ලේසි විදියට විස්තර කරන්නමි, අපි මෙ සත්ත්වයින් කියල කියන අය බුදු දහමින් විස්තර කරන්නේ නාමරැප වශයෙන්. අපි සියල්ලොම සැදි ඇත්තේ නාම රැප වලින්. මෙහි නාම කියල හදුන්වන්නේ අර කලින් කියපු වෙදනා, සංඥා, සංස්කාර විඥාන කියන ස්කන්ධ 04 යි. රැප කියන දේ කලින් විස්තර කලා. එක තමයි රැප කියන්නේ. කෙසෙල් කොටෙට පණ නැත්තේ මෙ නාම කියන කොටස නැති නිසා. අපේ මෙ ශරිරය නාම රැප කියන දෙකේ එකතුවක්ය කියල අවම වශයෙන් හරි නොදැකිම අවිද්‍යාවක් නාම රැප වල ස්වභාවය දන්න පුද්ගලයින් දන්නවා. ඒවා සැම විටම වෙනස් වෙමින් පවතින අනිත්‍ය දේවල් කියල. මෙ අනිත්‍ය බව නිසාම මෙවා දුක්ඛ දේවල් කියල. ඒ වගේම මට ඔන විදයට පාලනය කරන්න බැරි අනාත්ම දේවල් කියල. මෙ දේවල් මෙ විදයට නොදැකිම තමයි අවිද්‍යාව කියන්නේ. මෙ අවිද්‍යාව තියෙන නිසා මිනිස්සු මෙ ජිවිතය කියන දේ පවත්වන්න කරන කියන දේවල් වලට තමයි සංස්කාර කියන්නේ ඒ කියන්නේ කුසල්, අකුසල් ආදිය.

සංඛාර පචිචියා විඥානා
අපි මෙ කරණ කියන දේවල් නිසා කර්මයන් සිද්ධ වෙනවා. මෙ කර්මයන් නිසා අලුත් බවයක විඥානය පහල වෙනවා.

විඥාන පචිචියා නාමරැප
විඥානයේ පහලවිමත් සමගම අලුත් භවයේ සිතත් ඒ සමග චෛතසික ධර්මයනුත්, රැපයත් පහල වෙනවා. මෙකටයි නාම රැපය කියන්නේ.

නාමරැප පචිචියා සළායතනා
මෙ නාම රැපය වැඩෙනකොට ශඩායතනයන් පහල වෙනවා ඇස, කණ, නාසය, දිව, ශරිරය හා මනායතනය(සිත) කියන මෙවා

සළායතන පචිචියා ඵස්සෝ
මෙ ශඩායතනය තියෙනකොට ඒවා භාහිර අරමුණු හා ගැටෙනවා. ඒ කියන්නේ ඇස තියෙනකොට අපිට රැප පෙනවා. ඇසයි රැපයි තියෙනකොට අපිට ඒවා පෙනෙන එක වලක්වන්න බැ. මෙහෙම ඇසයි රැපයයි එහිදි ඇතිවන සිත වන චක්කු විඥානයයි එකතුවිමට කියන්නේ චක්කු සමිපස්ස කියලයි. එහිදි ඇතිවෙන චෙතසිකය, තමයි ස්පර්ශය කියන්නේ.

ඵස්ස පචිචියා වෙදනා
මෙ ඇතිවෙන ස්පර්ෂ චෛතසිකය මගින් සැපදුක තොරල දෙනවා ඒකට තමයි වෙදනාව කියන්නේ.

වෙදනා පචිචියා තණ්හා
මෙ ඇතිවෙන සැපදුකට සත්ත්වයින් ඇලෙනවා මෙකට කියන්නේ තණ්හාව කියල.

තන්හා පචිචියා උපාදානා
මෙ තන්හාව නැවත නැවත ඇති‍වුනාම ඒක ඉතා දරැණු ඇලිමක් වෙනවා මෙකට කියන්නේ උපාදානය කියලයි. නිකන් පිඹුරෙක් සාවෙක්ව ඉතා දරැණු ලෙස වෙලාගෙන සිටිනවා වාගේ කියන එකයි මෙකට දෙන උදාහරණය.

උපාදාන පචිචියා භව
මෙ උපාදානය තියෙනකොට ඒ ඒ ආසාවන්ට අනුරැපව කර්මයන් සිදුවෙනවා. මෙතන කියන්නේ කර්ම භවය කියන සිද්ධියයි. එනමි නැවතත් වර්ථමාන භවයේ කුසල් අකුසල් සිදුවෙනවා කියන එකයි.

භව පචිචියා ජාති
කර්මය තියෙනකොට ඊලග භවයේ උපදින ජාතිය නිර්ණය වෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය දේව තිරිසන් ආදි වශයෙන්.

ජාති පචිචියා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාසා
ඔය මොන විදියේ ජාතියක් ලැබුවත් ජාතියේ ප්‍රථිපලය වෙන්නේ දුක මරණය, සෝකය, දොමිනස කියන ඔය කියල තියෙන දේවල් විතරයි
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
Fetus%20in%20Womb%202.jpg


මෙහි,
අවිජ්ජා පචිචියා සංඛාරා ===================== අතිත භවය
සංඛාර පචිචියා

විඥානා
විඥාන පචිචියා නාමරැප
නාමරැප පචිචියා සළායතනා
සළායතන පචිචියා ඵස්සෝ
ඵස්ස පචිචියා වෙදනා ===================== වර්ථමාන භවය
වෙදනා පචිචියා තණ්හා
තන්හා පචිචියා උපාදානා
උපාදාන පචිචියා භව
භව පචිචියා

ජාති
ජාති පචිචියා ජරා ======================= අනාගත භවය
මරණ, සෝක, පරිදේව,
දුක්ඛ, දෝමනස්සුපායාසා

මෙ අනුව පැහැදිලි වෙන දේ තමයි මෙ පටිචිච සමුපාද දේශනාව කියන්නේ කාලත්‍රයේ සත්වයාගේ ගමන්කිරිම දක්වන දේශනාව බව මෙය චක්‍රරයක් මෙන් සිදුවන්නක්. සංසාර චක්‍රරය කියා කියන්නේ මෙ ප්‍රතිත්‍ය සමුත්පාදයටයි. මෙ සසර ගමන නවතා ලන්නට නමි මෙ, චක්‍රරයේ මුලික ගරාධි වන අවිද්‍යාව හෝ තෘහ්ණාව බිද දැමිය යුතුයි. අවිද්‍යාව හා තෘශ්ණාව නැතිවු කල එම තැනැන්තාගේ සංසාර චක්‍රරය ඉදිරියට කැරකෙන්නේ නැත. එනමි ඔහු නිර්වාණයට පත්වෙයි.


බුද්ධ රශ්මි
"සබිබදානං ධමිමදානං ජිනාති"