ඇයි මීට කලින් ගහනවා දැකලා නැද්ද?

May 5, 2014
42
5
0
ඇයි මීට කලින් ගහනවා දැකලා නැද්ද?

ඇයි මීට කලින් ගහනවා දැකලා නැද්ද?






[FONT=&quot]ඒ මානූශීය මෙහෙයුමේ අන්තිම සටනයි.[/FONT]
[FONT=&quot]ඔබේ සුරතාන්ත සමය වන්නට ඇත.[/FONT] [FONT=&quot]බිම්මල් මුලින් උදුරා පුළුස්සද්දී[/FONT] [FONT=&quot]අවුලක් ඇතිබව අපිට නොදැනුනා නොවේ...[/FONT]
"[FONT=&quot]ඇයි නිරායුධ උනුත් එක්කම නන්දිකඩාල් කරන්නේ..[/FONT]?"
[FONT=&quot]අපි ඇසීමු...[/FONT]
"[FONT=&quot]මිනිස්සු මැරෙන්නෙ නැතුව යුද්ධ කරන්නේ කොහොමද[/FONT]?" [FONT=&quot]පෙරලා ඔබ අසන්නට ඇත...[/FONT]


[FONT=&quot]ඒ නිදහස් රටක් පිසගෙන එන[/FONT] [FONT=&quot]සුළඟත් සැපක් යැයි හිතුණු දිනයයි.[/FONT] [FONT=&quot]තුවක්කු ඇත්තෝ අහසට වෙඩි තබද්දී[/FONT] [FONT=&quot]තුවක්කු නැත්තෝ රතිඥ්ඥා පිපිරවූහ..[/FONT] [FONT=&quot]උදේ ඉතුරුවුන කිරිබත් ඔබ දවල්ටත් කන්නට ඇත...[/FONT]
"[FONT=&quot]ඇයි සුදුකොඩි අරන් ආව උන්ට වෙඩි තියන්නේ..[/FONT]?"
[FONT=&quot]අපි ඇසීමු...[/FONT] "[FONT=&quot]කෝ කවුද කියන්නේ..[/FONT]? [FONT=&quot]වෙඩි තියනවා ඔයා දැක්කද..[/FONT]?" [FONT=&quot]පෙරලා ඔබ අසන්නට ඇත...[/FONT]


[FONT=&quot]ඒ මොහොතකට පෙර බිස්කට් කමින් හිටි කොටි පැටියෙකු[/FONT] [FONT=&quot]පපුව හිල්කරගෙන වැතිර සිටි දිනයයි..[/FONT] [FONT=&quot]ඔබත් සූම් කරමින් පිංතූර ඇනලයිස් කරන්නට ඇත..[/FONT]
"[FONT=&quot]ඇයි හයක් හතරක් නොතේරෙන දරුවෙකුට වෙඩි තියන්නේ..[/FONT]?"
[FONT=&quot]අපි ඇසීමු...[/FONT] "[FONT=&quot]වඳ කෙහෙල් මොටයි එක්කම ගලවන්නැතුව මොනවා කරන්නද...[/FONT]?" [FONT=&quot]පෙරලා ඔබ අසන්නට ඇත...[/FONT]


[FONT=&quot]ඒ වැලිකඩ කැරලිගැසූ හිරකරුවන්[/FONT] [FONT=&quot]වහළයට නැංග දිනයයි...[/FONT] [FONT=&quot]සිද්ධිය දිගඇරුන හැටි[/FONT] [FONT=&quot]බ්‍රේකින් නිවුස් චැනල් කීපයකම ඔබත් බලන්නට ඇත...[/FONT]
"[FONT=&quot]ඇයි එතනට එස්.ටී.එෆ්. එකෙන් යැව්වේ..[/FONT]?"
[FONT=&quot]අපි ඇසීමු...[/FONT] "[FONT=&quot]කුඩුකාරයෝ එක්ක මොන මොත්තෙද..[/FONT]?" [FONT=&quot]පෙරලා ඔබ අසන්නට ඇත..[/FONT]


[FONT=&quot]ඒ ගිහින් එන්නම් කියා උදේ ගෙදරින් පිටවුනු[/FONT] [FONT=&quot]කටුණාක රොශේනුත්[/FONT] [FONT=&quot]හලාවත[/FONT] [FONT=&quot]ඇන්ටනීත්[/FONT] [FONT=&quot]වැලිවේරියේ[/FONT] [FONT=&quot]අකිලත්[/FONT] [FONT=&quot]හවස ආපසු ගෙදර නොපැමිණි දිනයයි...[/FONT] [FONT=&quot]ඔබ එදා ගුටි නොකා ගෙදර යන්නට ඇත...[/FONT]
"[FONT=&quot]එහෙම වෙඩිතියන්න පුළුවන්ද මිනිස්සුන්ට..[/FONT]?"


[FONT=&quot]අපි ඇසීමු...[/FONT] "[FONT=&quot]කඩාකප්පල්කාරී කට්ටියක් උසිගන්වලා කියනවා නේද..[/FONT]?" [FONT=&quot]පෙරලා ඔබ අසන්නට ඇත...[/FONT]


[FONT=&quot]මේ ඊයේ පෙරේදා හවස්වරුවක[/FONT] [FONT=&quot]දුම්රිය සේවා වෘත්තීය සමිතියක් ගැන[/FONT] [FONT=&quot]අන්දෝ සංසාරයක නිච්චියක් නැතිව[/FONT] [FONT=&quot]කෝච්චියේ ගෙදර යන්නට ගිය දුමින්ද හපුආරච්චි [/FONT][FONT=&quot]ඔළුව පුපුරන්නට වැදුනු බැටන් පොලු පහරින්[/FONT] [FONT=&quot]එළඹි සිහියට පැමිණි දිනයයි...[/FONT]
"[FONT=&quot]එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..[/FONT]?"
[FONT=&quot]පුදුම වුනු ඔහු කාගෙන්දෝ අසයි...[/FONT] [FONT=&quot]ඒ වුනාට එය ඇසෙන්නේ කැමරාවකටයි. [/FONT]


[FONT=&quot]-------------------------------------------------------[/FONT]
[FONT=&quot]
[/FONT]"[FONT=&quot]එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..[/FONT]?"

[FONT=&quot]පුදුම වුනු ඔහු කාගෙන්දෝ අසයි...[/FONT] [FONT=&quot]ඒ වුනාට එය ඇසෙන්නේ කැමරාවකටයි. [/FONT]


[FONT=&quot]ඒ කැමරාව එදා රෑම ඕක හැම ගේකම[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] සාලේ මැද්දේ වමාරලා තිබ්බා.[/FONT]
[FONT=&quot]
ඊට පස්සෙ වෙන්නේ තරමක් විකාරරූපී වැඩක්. හැමෝම හැමෝගෙන්ම තර‍ඟෙට වගේ එකපාර අහන්න ගන්නවා “එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද?” කියලා. කවුරුහරි ප්‍රශ්නේ අහපුවාම උත්තරේ විදිහට එන්නෙත් ඒ ප්‍රශ්නෙමයි. පහුවදා දවසේ බස් කෝච්චි ඇතුලේ ඒක ගුමු ගුමුවක් තරම් සද්දෙට ඇහෙන්න ගත්තා. මිනිස්සු අල්ලපු සීට් එකේ ඉන්න එකා එක්ක කතාව පටන් අරං තියෙන්නෙ ‘මාර රස්නයක් නේද’ කියලා නෙමෙයි. ඔය කතාව කියලා. පිටකොටුවේ පේමන්ට් බිස්නස් කාරයෝ එදා බඩු විකුණලා තියෙන්නෙත් එහෙම කෑ ගහලා. මිනිස්සු බඩු ගනං වෙනුවට වෙලෙන්දන්ගෙන් අහලා තියෙන්නෙත් ඕක. එදා කොටස් වෙළඳපොලත් දර්ශක එකසිය ගානකිං කඩා වැටුනා. ලොතරැයි කූඩුවල කියවිලා තිබ්බේ “ආ.. ගන්න වාසනාව..... [/FONT][FONT=&quot]එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..[/FONT]?[FONT=&quot]... පුංචි රුපියල් විස්සකට....”[/FONT][FONT=&quot] ඕකෙන් මේකෙන් එක ටිකට් එකක්වත් විකිණිලා නැති නිසා එදා ටිකට් දිනුම් ඇදලත් නෑ.[/FONT]



[FONT=&quot]කොටුවේ ඕ.අයි.සී ඔය ගහන වෙලාවේ ඉඳලා තියෙන්නේ මීටිමක. එයා සීට් එකට ආපු ගමන් වාඩි වෙලා තියෙන්නේ [/FONT]"[FONT=&quot]එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..[/FONT]?"[FONT=&quot] කියාගෙන. පොලිසියේ හැමෝමත් හැමෝගෙන්ම අහලා තියෙන්නෙ ඒක. එදා ස්ටේයින් මැදිරියෙදි රෙකෝඩ් කරපු “ඔබද ලක්ෂපති-මමද ලක්ෂපති” එකත් ඔහොම අලකලංචියක් වෙලා නවත්තලා දාලා. [/FONT]
[FONT=&quot]
කොළඹ පළාත බාර ඩී.අයි.ජී, කෙහෙල්වත්ත ඕ.අයි.සී ට කතා කරලා ඕකම අහලා. ඕ.අයි.සී. මහත්තයත් හිටගන්න ගමන් ඒකම කිව්වලු. පොලිස්පති තුමා ඩී.අයි.ජීට කතා කරලා බනින්න කලින් ඉස්සෙල්ලාම අහලා තියෙන්නෙත් [/FONT]"[FONT=&quot]එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..[/FONT]?"[FONT=&quot] කියලලු. වැඩේ ආරංචි වුනු ගෝඨාභය මහත්තයා වහාම කතා කරලා පොලිස්පතිගෙන් අහලා තියෙන්නෙ [/FONT]"[FONT=&quot]එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..[/FONT]?"[FONT=&quot] කියලලු. ඕක ආරංචි වුනු ප්‍රදීපා ගොඩක් කලබල වෙලා. එක පාරටම ඩලස්ට කෝල් එකක් අරන් අහලා [/FONT]"[FONT=&quot]එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..[/FONT]?"[FONT=&quot] කියලා. ඩලස් ඒක ජනාධිපතිතුමාගෙන් අහන්න කෝල් එකක් ගත්තත් වැරදිලා කෝල් එක ගිහින් තියෙන්නෙ විමල්ට. විමල් ෆෝන් එක ගත්තු ගමන් ඩලස්ගෙන් අහලා තියෙන්නෙත් ඒක. දෙන්න ඕක කීප සැරයක් කියාගත්තලු.

මිනිස්සු ඕක කොච්චර එකිනෙකාගෙන් අහගත්තද කියනවනං එදා රෑ සේරම සන්සුන් උනාට පස්සේ ඒ සද්දේ ඝෝෂාවක් වගේ අහසේ තිබිලා. ජනාධිපතිතුමාට ඇහිලා තියෙන්නේ එහෙම. ජනාධිපතිතුමා මහ රෑ 2ට විතර ඒක අහන්න ගෝඨාභය මහත්තයට කෝල් එකක් අරන්. නිදිමතේ ඩයල් කරද්දි නොම්මරයක් එහේ මෙහේ වෙලා කෝල් එක ගිහින් තියෙන්නේ වෙන කෙනෙකුට. [/FONT]



[FONT=&quot]ඒ සිද්දිය මෙහෙමයි.[/FONT]
[FONT=&quot]කොළඹ ජාතික රෝහලේ වාට්ටුවක ඔළුවේ මැහුම් තුවාල වේදනාවෙන් නිදි නැතිව හිටපු දුමින්ද හපුආරච්චි කියලා හාදයෙකුගේ ෆෝන් එක එකපාරටම රින්ග් වෙන්න ගත්තලු. මිනිහා අතපත ගලා ෆෝන් එක අරං “හලෝ....?” කිව්වලු. (එදා දවසේ ‘හලෝ’ කියලා ෆෝන් එකකට ඉස්සෙල්ලාම ආන්සර් කරලා තියෙන්නේ එයා තමයි). ඒ ගමන එහා පැත්තෙන් බරසාර හඬකින් ඇහෙනවලු...
[/FONT]"[FONT=&quot]එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද..[/FONT]?"[FONT=&quot]
[/FONT]
[FONT=&quot]කියලා. මිනිහා ටිකක් වෙලා කල්පනා කලාලු මේ කතාව මීට කලින් කොහෙන් හරි අහලා පුරුදුයි නේද කියලා. කොහොමටත් ඒ වෙනකොට මිනිහගේ ඔළුව පෑදිලා පැය හතලිස් අටක් විතර ගිහින් තිබ්බේ. මිනිහා ගත් කටටම කිව්වලු....
[/FONT][FONT=&quot]“මං පහුගිය කාලේ ලංකාවෙ නෙමේ ඕයි උන්නේ....!!”
[/FONT]
[FONT=&quot]ඒ කතාවට වෙනස් පිළිතුරක් ලැබුනු පළමු වතාව තමයිලු ඒක.[/FONT]



[FONT=&quot]-----------------------------------------[/FONT]
[FONT=&quot]ප/ලි -[/FONT]
[FONT=&quot](මේ කතන්දරේ කලවම් මැල්ලුමකි. පළමු කොටස ‘නිර්නාමික පාඨකතුමෙක්’ විසින් එවන ලද්දකි. දෙවන කොටස සාමූහික අල කිරීමකි. :) [/FONT][FONT=&quot])[/FONT]