නංගි තරහ වෙන්න එපා මෙහෙම කිව්වට......
අපේ කාලයේ ආදරය නෙවෙයි දැන් තියෙන්නේ....
අපි ප්‍රේම සම්බන්ධතාවයක් තියන කෙල්ලෙක්ව හලන්න හිතනවා නම් ඒ මාර විදියට හිතල, කරන්න දෙයක් නැත්තන් තමා හැලුවේ. එකත් කතා කරලා කරුණු කාරනා අවබෝධ කරලා දීලා...
අපේ කාලේ කෙල්ලෝ උනත් එහෙමයි....මගේ වයිෆ් මාව දන්නේ අවුරුදු ගානක ඉදන්..සාමාන්‍ය ආශ්‍රයක් තිබ්බ, නමුත් ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්න කොට අපි දෙන්න හුගක් දුරට දන්නවා..කොයි වීදියේද, කොහොමද දෙයක් දකින්නේ, ආකල්ප මොනවද වගේ දේවල්....
මම බැන්දේ වසර හය හමාරක ප්‍රේම සම්බන්ධතාවයකින් පස්සේ. හැබැයි මාව මගේ බිරිද දන අදුන ගන්නකොට මම නිකන්ම නිකන් ඒ ලෙවල් වලට ලියල ප්‍රතිපල බලාගෙන ඉන්න කොල්ලෙක් විතරයි. මම මොනවා කරයිද, මොකෙක් වෙයිද, එයාට පුරෝකථනය කරන්න බෑ ඒ වෙනකොට. අපේ ප්‍රේමය පටන් ගත්තේ ඊටත් පස්සේ......
නමුත් දැන් කෙල්ලෝ.....!!!
ඔය මගේ ඇසිස්ටන්ට් ගේ කෙස් එක.....තිබ්බ ප්‍රේමය පාසල ඉවරවෙනවත් එක්කම පටන් ගත්ත එකක්. පොර ගැන කෙල්ලගේ ලොකුම චෝදනාව අනාගතය ගැන හිතන්නේ නෑ.....හරි රස්සාවක් කරන්නේ නෑ....හැබැයි පොර හැන්ඩියා....
දැන් අලුත් හාදයා....වයස පරතරේ අවුරුදු 9ක්.....උපන් හන්ද්සම් පොරක් නෙවෙයි නමුත් මෙහෙ ඇවිත් අළු ගසල පොෂ් වුනු පොරක්. කතා කරන්නේ ඇපල් මලෙන් ඉපදිලා වගේ....කලින්ම නම ඇහුව දුන්නේ මුල් නම විතරයි හරි අනික බොරු නමක්. එක නිසා බුකියෙන් හොයා ගන්න බෑ. (හැබැයි මම හොයා ගත්තා...) මිනිහ ගත්ත ගෙදර ඇඩ්රස් එක දුන්න ගමේ ඇඩ්රස් එක හොයන්න බෑ....කෙල්ලත් එක්ක අවුත් ගිය පලවෙනි වතාවේ කෙල්ල ඉන්දෙද්දීම බෝතලේ අතේ තියන් ඉන්න ෆොටෝ එකක් බුකියේ තියනවා....කෙල්ලට හොදට වියදම් කරනවා....ඉතින් මෙකි ඇඳිලා ඉන්නේ හොද එකෙන්.....
පව් මේ කෙල්ල පවුලේ එකම දරුවා....අම්මයි තාත්තයි හුල්ලනවා....මොලයක් කියල එකක් තියනවා නම් අඩුම තරමේ හිතනවා අදහස් ගැලපෙනවද නැද්ද කියලවත්....අඩුම ගානේ මූ මොකෙක්ද, ඉතිහාසේ මොකක්ද කියල හොයනවා....අන්තිමට කෙල්ල කියන තැන නෙවේ වැඩ කරන්නේ...කෙල්ල කියන ගමේ නෙවෙයි ඉන්නේ....කෙල්ල අම්මට කියල තියෙන්නේ ලක්ශේ පන්නලා පඩි ගන්න රස්සාවක් කරනවා කියල නමුත් එකත් එහෙම නෙවෙයි.....
අඩුම තරමේ හිතනවා පොර කරන රස්සාවේ හැටියට (පොර ටෙලිකමිනිකේෂන් ප්රෝවිදෙර් කෙනෙක්ගේ ප්‍රමෝෂන් කරන කම්පනියක ප්රමෝෂන කරන පොරක්) දවස් 10-12ක් ගෙදර නෑ බැදලා මම කොහොමද තනියම ඉන්නේ, මට වඩා අවුරුදු 9ක් වැඩිමල් මේක ප්‍රශ්නයක් නෙවෙයි ද, මම ලස්සනයි මට පෙනුම වත් ගැලපෙනවද කියලා....ඒ කිසිම දෙයක් නෑ, යන්තම් මාස 5-6යි යන්න ලාස්තිය.....
කෙල්ලෝ කොයි තරම් අමනද, සහ කොයි තරම් මෝඩ ද?????????
අඩුම තරමේ මූ අවුරුදු 32ක් වෙනකන් පෝල් ගෑවද කියලවත් හිතන්නේ නෑ........