මෙන්න මේ ටිකම තමයි හැමදාම අපි කියන්න උත්සහ කරන්නේ. තේරුම් ගත්ත දවසක රට හැදෙන්න පටන් ගනී. එතකන් පුස් වෙඩි බල බල ඉන්න පුළුවන්. නන්දේ & වීරෙ පුස් වෙඩි 

මෙය පලකරන්නේ මේ පුද්ගලයාට අපහාසයකට නොවේ.
ඒ සිදුවීම අරගෙන යමක් කියා තැබීමට ය.
ඔය තියෙන පක්ෂයකින් කොහොමහරි පාර්ලිමේන්තුවට පැන ගෙන එතන ඉඳලා ටික ටික වෙනස් කරන්න යැයි මා හට උපදෙස් දෙන බොහෝ ඈයෝ සිටියි. කොහොම හරි පාර්ලිමේන්තුවේ යෑම ජයග්‍රහණය යැයි සිතන මිනිසුන් ද ඒ අතර වෙයි.
නමුත් මා පොදුවේ ඔවුන්ට දෙන පිලිතුර වූයේ ඒ පාරේ ගිහින් රට හදන්න බැරි බව ය.
දේශපාලන පක්ෂය හා පාක්ෂිකත්වය යන ලොකු මැෂිමේ නට් එකක් බවට පත් වූ විට ඒ මැෂිමේ අනෙක් දැති රෝද සමග තෙරපී තෙරපී කැර කෙනවා විනා මැෂිම වෙනස් කල නොහැකිය. දැන් පවතින දේශපාලන සංස්ථා දෙකේම ඇතුලට ගිය විට සිදු වන්නේ එය මය. ඔය දෙකම කැරකෙන්නේ විනාශයේ ප්‍රපාතයට විනා සෞභාග්‍යයේ ස්වර්ගයට නොවේ. එබැවින් කිසි කලෙක ඔය මැෂින් දෙක තුලින් ඉදිරියට ගොස් රට හැදීමට සිතන්නේ නම්, ඒ ක්‍රමය අත් හදා බැළූ මෙවන් මිනිසුන්ගෙන් එය සිදු නොවන බව වටහා ගන්න.
අප පැරදිය යුත්තේ මිනිසුන් නොව, පක්ෂ නොව, මේ ක්‍රමයයි. ඒ ක්‍රමය වෙනස් කිරීම හෙවත් අලුත් මැෂිමක් සාදා ගැනීමට ජනතාව මැදිහත් නොවන තාක් කල් රට ගොඩ නැගීම සිදු නොවේ.
මා උත්සාහ කරන්නේ ද රට ගොඩ ගැනීමට මිසෙක කොහොම හරි පාර්ලිමේන්තුවේ යෑමට නොවේ. රටට වැඩක් නොවී මා පාර්ලිමේන්තුවේ යෑමෙන් මට ද රටට ද ප්‍රයෝජනයක් නොමැත. එබැවින් මේ විනාශකාරී දේශපාලන මැෂින් දෙකේ තවත් පුරුකක් නොවෙමි.
ඒ ක්‍රමය, මැෂිම වෙනස් කරන්න ඔබ පටන් ගන්නේ කවදා ද එදාට රට වෙනස් වීම ඇරඹෙනු ඇත. එබැවින් වෙනස් විය යුත්තේ ඔබ ය.
පැතුම් කර්නර්
( ඡායාරූපය බුකියෙන්.)