ඇයි වාම ශ්‍රී දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර?? මෙතරම් විශේෂයක්??..

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උබ පන්සල් යන්නෙ ඇයි. පල්ලියකට ගිහින් නිවන් දැකපන්කො

    උබ දැක්කද මන් පන්සල් යනවා කවදහරි පොන්ස් 😝

    මම කියන්නේ ඉතින් එහෙම මොකක් හරි සෙතක් තියනව නම් ඕක ඕන වෙලාවක මිනිස්සුන්ට බලාගන්න පුලුවන් විදියට තියෙන්න ඕනේ .

    බලාගන්න පුලුවන් බ්‍රෝ, එන්න ධර්මය දකින්න කියලා තමයි කියන්න තියෙන්නේ 😋

    මැනුවල් එක internet එකෙන් download කර ගන්න පුලුවන්
    plus, ධර්ම දේසනා ප්ලේලිස්ට් එකක් කලින් දැම්මා මන් ඔන්නම් ඒකත් බලන්න, මාර්ගය වඩලා නිවන් දකින්න
    ------ Post added on Apr 19, 2025 at 12:01 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    What a waste, he could've wished for his bones to cure cancer or something instead of doing something a chinese drone can do 🥲
    ඇත්තට ඇයි ඔය ඕනි තරං ලෙඩ වෙලා ඉන්න අය මාළිගාවට ගිහින් බාර වෙලා ගොඩ වෙන්නේ. එහෙම අධිෂ්ඨාන කරලා වෙන්නත් පුළුවං හැබැයි. 🙂
     
    • Like
    Reactions: Little Hulk

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඕනි තරං ලෙඩ වෙලා ඉන්න අය මාළිගාවට ගිහින් බාර වෙලා ගොඩ වෙන්නේ

    Cancer patients?

    Suspicious Kenan Thompson GIF by Saturday Night Live
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    ඇත්තට ඇයි ඔය ඕනි තරං ලෙඩ වෙලා ඉන්න අය මාළිගාවට ගිහින් බාර වෙලා ගොඩ වෙන්නේ. එහෙම අධිෂ්ඨාන කරලා වෙන්නත් පුළුවං හැබැයි. 🙂
    ලෙඩ නම් ජෙරමත් හොද කරනවා නේ....

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    What a waste, he could've wished for his bones to cure cancer or something instead of doing something a chinese drone can do 🥲
    Overall ගත්තාම මේ පොයින්ට් එක එක්ක බෝධි පූජා, පන්සල් වලට වෙන බාරහාර වලින් හොඳ වෙන එකට මේ වෙනකං තිබ්බේ ඒව බලාගන්න ඉන්න දෙවි වරු තමා ඒ බාර වෙන දේවල් කරලා දෙන්නේ කියන තියරි එක. හැබැයි ඔයා ගත්ත පොයින්ට් එකත් එක්ක අපිට අලුත් තියරි එකකත් යන්න පුළුවන් නෑ ඒව ඔක්කොම කරපු අධිෂ්ඨානයක ප්‍රතිපල කියලා වගේ.
     
    • Like
    Reactions: Little Hulk

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    සතර දළදා වහන්සේලාගෙන් දෙව් මිනිසුන්ගෙන් වැඩිමනක් පූජෝපහාර ලැබෙන්නේ අපගේ සෙංකඩගල නුවර දළදා වහන්සේටයි..
    ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසටම සියලු බෞද්ධයන් වාම දළදා වහන්සේට වන්දනා කරනවා...
    ඇයි මේ වාම දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර..??? මෙතරම් විශේෂයක්??

    අපිට පියවි ඇසින් දකින්න ලැබෙන එකම දළදා වහන්සේ වෙන්නේ මේ වාම ශ්‍රී දළදා වහන්සේයි... අනෙක් දළදා වහන්සේලා තුන් නම ම අපට හැබැහින් දකින්න බෑ...
    ඒ නිසාම වාම ශ්‍රී දළදා වහන්සේට ලෝක වාසි සියලු බෞද්ධයන්ට සුවිශේෂයි...

    වාම දළදා වහන්සේ විශේෂ වෙන්න තව හේතුවක් තියෙනවා...මේ හේතුව නං හරි අසිරිමත් එකක්.. අපගේ තථාගතයන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාරය පෑවා සේම, වාම ශ්‍රී දළදා වහන්සේත් ඉර්ධි ප්‍රාථිහාර පා වදාලා...

    සතර දළදාවන්ගෙන් මෙතරම් ඉර්ධි ප්‍රාතිහාරය පෑ එකම දළදා වහන්සේ වන්නේද අපගේ වාම ශ්‍රී දළදා වහන්සේයි..
    බුදුරජාණන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලා අතරින් වැඩිම ඉර්ධි ප්‍රාතිහාරයක් පා වදාලේද අපගේ වාම ශ්‍රී දළදා වහන්සේයි...

    සාමාන්‍යයෙන් ධාතුන් වහන්සේලා පෙරහැර පාන්නේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් කියලා තමයි සැලකෙන්නේ.. එනිසාම අපගේ වාම ශ්‍රී දළදා වහන්සේ ඉතා සුවිශේෂයි..

    අපගේ වාම ශ්‍රී දළදා වහන්සේ, දඹදිව මෙන්ම ලක්දෙරණ මතද ඉර්ධි ප්‍රාතිහාරය පා වදාලා..
    මොනාද මේ ප්‍රාතිහාර???

    වාම ශ්‍රී දළදා වහන්සේ දැවෙන චිතකයෙන් ගත් ඛේම මහරහතන් වහන්සේ, දළදාව කාලිංගයේ බ්‍රහ්මදත්ත රජුට ලබා දුන්නා...රජු දළදා මාළිගාවක් තනවා එහි දළදා වහන්සේ වැඩ හිඳුවා වදාලා..

    බ්‍රහ්මදත්ත රජුගේ අවෑමෙන් පස්සේ, කාලයක් ගෙවිලා ගිහින් ගුහසීහ නම් රජෙක් පහල වුනා..ඔහු මිත්‍යාදුෂ්ඨික රජෙක් උනත්,පසුව
    දළදා වහන්සේට පැහැදුනා.. එනිසාඅ ගුහසීහ රජු දළදා වහන්සේට අනේක පුද පූජාවන් කලා..

    මේකට එකල හිටපු මිත්‍යාදුෂ්ඨික තීර්ථකයන් කිපුනා..එනිසාම ඔවුන් ගිහින් එකල මහා රජෙක් වූ "පඬි" නම් රජාට කේළම් කිව්වා..

    "අන්න ගුහසීහ රජු මිනී ඇටයකට වඳිනවා" ඕක නිසා රාජ්‍යයට මහා අපල කාලයක් එන්න පුලුවන්"
    ආදි වදයෙන් පඬි රජුට කේළම් කිව්වා..

    මේ කතා වලට අහුවෙච්ච පඬි රජු,
    ඔහුගේ තවත් ප්‍රාදේශිය රජෙක් වෙච්ච "චිත්‍රයාන" රජුට කතා කරලා කිව්වා..ගිහින් ගුහසීහ රජුත් මිනී ඇටයත් අරන් එන්න කියලා..

    චිත‍්‍රයාන රජතුමා කාලිංගයේ දන්තපුරය අසල කඳවුරු බැඳලා ගුහසීව රජුව මුණගැසෙන්න ගියා... ගුහසීව රජු චිත්‍රයාන රජුව සුහදව පිලිගත්තා..
    එවෙලේ ගුහසීව රජු කළ බුදුගුණ වර්ණනා – දළදා වර්ණනා අහපු, විසිතුරු දළදා පූජාවන්
    දැකපු චිත‍්‍රයාන රජුත් දළදා වහන්සේට පැහැදුනා..

    ගුහසීහ රජු, චිත්‍රයාණ රජුව දළදා වහන්සේ ලඟට අරගෙන ගියා..ගිහින් ගුහසීහ රජු දළදා වහන්සේට වන්දනා කරලා, ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් ආයචනා කරන්නා සේ මෙසේ ආයාචනා කලා..

    මුණිරාජ, සර්වඥයන් වහන්ස,නුඹ වහන්සේ විසින් නොයෙක් තැන්හී,නොයෙක් ඉර්ධි ප්‍රාතිහාර පා වදලා..ස්වාමිනී, එසේම බොහෝ ජනයාට සුගති සැපය පිණිස,ඉර්ධි ප්‍රාථිහාරය පානා සේක්වා!!!

    0️⃣1️⃣ ඒ මොහොතෙම අහසට පැන නැගි සෙංකඩගල නුවර වාම ශ්‍රී දළදා වහන්සේ, රිදී සේ සුදු පාට රශ්මීන් විහුදුවමින්, නන් අයුරින් දිලිසෙමෙන් ප්‍රාතිහාර පා වදාළා..

    මේ තමයි අපගේ වාම ශ්‍රී දළදා වහන්සේගේ පලමු ඉර්ධි ප්‍රාතිහාරය..

    මේ ප්‍රාතිහාරය දැකපු චිත්‍රයාණ රජු,තිසරණයේ පිහිටියා..ඉන් ඔහු ගුහසීහ රජුට තමන් පැමිණි කාරනාව කිව්වා..

    දළදා වහන්සේගේ ඉර්ධි ප්‍රාථිහාරය දුටු නිසා, බිය වන්නට කාරණයක් නොදුටු ගුහසීව රජතුමා දළදා වහන්සේ සමග ධාතු කරඬුව පඬි රජුගේ පැළලු‍ප් නුවරට වැඩම කෙරුවේ මහත් වූ හරසර සහිත පෙරහරකිනි...

    ඒ වනවිට තීර්ථක බස් අසා මහත් කෝපයෙන් සිටි පඬි රජතුමා දළදා වහන්සේව විනාශ කරන්නට සිතුවා..,එසේ සිතා

    0️⃣2️⃣ ගිනිගෙන දිලිසෙන ගිනි අඟු‍රු වළකට දළදා වහන්සේව දැමුවා...

    අහෝ! සිදුවුණේ මහත් අසිරියක්! මහා ගිනි වළෙන් ඉහළට විහිදුන රිය සකක් වැනි වූ සොඳුරු නෙළුම් මලෙක කෙමියෙහි වැඩ හිඳිමින් ඒ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සුදු බුදුරැස් විහිදුවා වදාළා...

    0️⃣3️⃣ ඊලඟ උපාය වුණේ කිණිහිරයක තියලා කුළු ගෙඩියෙන් ගසා පොඩි කිරීම.
    කුළු ගෙඩියෙන් ගසනවාත් සමඟම, වාම ශ්‍රී දළදා වහන්සේ කිණිහිරයෙහි ඇතුකට ගිලී ගියා.
    සියලු‍ දිශාවන් ඒකාලෝක කරවමින් නැඟු‍ණු දාඨා ධාතු ප‍්‍රභාවන් අපමණ බුදුගුණයන් ගැන ජන සිත් පහදවාලූවා.

    පඬි රජුට මේ අරුමය සිතා ගන්නටවත් බෑ. ඒ නිසා ඔහු නියෝග කළා කිණිහිරයෙහි ගිලු‍ණ දළදාව රැගෙන කැමති වස්තුවක් ගන්නට කියා. එහෙත් තීර්ථකයන්ට කවර ආකාරයකින්වත් දළදා වහන්සේව ගන්නට ලැබුණෙ නෑ.

    ඒ මොහොතේ, ගෞතම සසුනේ අග‍්‍ර ගිහි උපස්ථායක වූ අනේපිඬු සිටුතුමාගේ මී මුණුබුරෙකු වුණ ‘සුභද්‍ර සිටු පුත‍්‍රයා’ සැදැහැ සිත් පෙරටුව අපමණ බුදුගුණ වර්ණනා කරමින් සත්‍යකි‍්‍රයා කළා.

    0️⃣4️⃣ඒ මොහොතේ දළදා වහන්සේ කිණිහිරයෙන් අහසට පැන නැඟී, නැවත සිටු පුතුගේ සිරසට වැඩම කරමින් බුදුරැස් විහිදුවන්නට පටන් ගත්තා. එවිට තීර්ථකයන් කියා සිටියා මෙය සිටු පුතු මන්ත‍්‍ර බලයෙන් කළ දෙයක් බව. රජු දෙගිඩියාවකට පත්වුණා. ඒ නිසා ඔහු කළේ වෙනත් පෙළහරක් දක්වන්න කියා දළදා වහන්සේගෙන් අයැද සිටීම.

    0️⃣5️⃣ එවිට දළදා වහන්සේ සුවඳ දිය පිරුණ රන් පාත‍්‍රයකට වැඩම කොට වදාළා...
    සම්බුදු ශ්‍රී මුව මඬල නම් වූ අමදම් විලේ රාජ හංසයෙකු සේ වැඩ හුන් ඒ උත්තම දළදා වහන්සේ සුවඳ දිය මත ස්වර්ණ හංස රාජයෙකු සේ පිහිනා පෙළහර පාන්නට වුණා.

    පඬි රජතුමා තවමත් සිටින්නේ සැකයෙන්.
    ඒ නිසා තවත් උපක්‍රමයක් කලා...

    0️⃣6️⃣ වීදිය මැද මහා වළක් කප්පවලා, දළදා වහන්සේව එහි දම්මවලා, පස් පුරවලා, අලි ඇතුන් ලවා පෑගෙව්වා..
    ඡද්දන්ත හස්තිරාජයන් කෝටි ප‍්‍රකෝටි ගණනකගේ බලය, සවිය ඉක්මවන සවිබල තිබූ දසබලයාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ එවෙලේ මහ පොළව පළාගෙන පැන නැඟු‍ණ නෙළුම් මලෙක විරාජමානව වැඩ වෙසෙමින් සුදු බුදු රැස් විහිදුවාලූවා.

    0️⃣7️⃣ ඒ පෙළහර බලාවත් පඬි රජු පැහැදුනේ නැහැ..
    මේ වතාවේ ද්වතාවේ දළදා වහන්සේව මළ මුත‍්‍රාදියෙන් පිරී ගිය අපිරිසිදු දිය අගලකට විසි කරනු ලැබුවා. සැණෙකින් එය පස් පියුමින් සුසැදුණ, ස්වර්ණ හංස රාජයන් සරණ, බිඟු‍ නද නැඟෙන දෙව් පොකුණක සිරියෙන් දිලෙන්නට වුණා.

    මේ සියලු‍ ඓශ්චර්යයන් බලා සිටි ඇමතිවරු දළදා වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන තිසරණයෙහි පිහිටන ලෙස පඬි රජුට ආයාචනා කළා. එවිටයි රජු මිසදිටුවෙන් මිදී ගත්තේ...

    0️⃣7️⃣ රජුගේ අණ අනුව දළදා වහන්සේව වැඩම කරවන්නට දිය අගල වෙත ගිය ප‍්‍රධාන ඇමතිවරයා රජු තිසරණයෙහි පිහිටි ආකාරය පවසා රජගෙයට වැඩම කරවන්න කියා දළදා වහන්සේට ඇරයුම් කළා...
    ඒ මොහොතේ දළදා වහන්සේ නෙළුම් මලෙන් නෙළුම් මලට වැඩම කරවමින් ප‍්‍රධාන ඇමතිවරයාගේ කරතලය මත වැඩ හිඳ සුදු බුදුරැසින් හාත්පස ආලෝකවත් කරන්නට වුණා...

    0️⃣8️⃣ රජු ඒ බව අහලා වහා එතැනට ඇවිත්, තමන් කළ සියලු‍ නොමනාකම්වලට සමාව ඉල්ලා රාජකීය ඔටුන්න මතට වැඩම කරවන ලෙස දළදා වහන්සේට ආරාධනා කළා. දළදා වහන්සේ බුද්ධ ප‍්‍රභාවන් නිකුත් කරමින් රජුගේ ඔටුන්න මතට වැඩම කළා.

    පඬි රජු තෙරුවන් සරණ ගියා...දිවි ඇති තෙක් වාම ශ්‍රී දළදා වහන්සේට උපස්ථාන කලා..

    කාලයක් ගෙවී ගිහින්, දන්ත කුමරු සහ හේමමාලා කුමරිය වාම ශ්‍රී දළදා වහන්සේ ලක්දෙරණට වැඩම කොට වදලා..
    එවකට ලංකාද්වීපයේ රජ කලේ කිත්සිරි මෙවන් රජතුමායි...

    ලංකාද්වීපයට වාම ශ්‍රී දළදා වහන්සේ වැඩම කොට වදාල බව කන වැකුණු සැණින් කිත්සිරිමෙවන් රජු යස ඉසුරු ලැබූවෙකු ආකාරයෙන් දළදා වන්දනාවට පැමිණියා..

    0️⃣9️⃣ රජතුමා පිරිස මැද මෙසේ පැවසුවා. “බුදුරජාණන් වහන්සේ ඉතා සුදු දත් ඇති සේක. සර්වඥ දළදා වහන්සේ ඕෂධී තාරකාව මෙන් ශ්වේත වර්ණයෙන් යුතු වන්නේ ය.
    මේ දළදාව කුමක් නිසා කිලිටි පැහැයෙන් යුක්ත ද?”

    ඒ ක්‍ෂණයෙහි ම දළදා වහන්සේ පියාපත් විදා යන රාජ හංසයෙකු සේ අහසේ නැගී මොහොතක් දක්‍ෂිණාවර්ත ව කැරකුණ සේක. රජතුමා අනර්ඝ සුදු ඇතිරිල්ලක් සිංහාසනය මත අතුරා දළදා වහන්සේ ඒ මත පිහිටුවා සරත් කාලයේ අහසේ ඇති ඉතා සුදු වළාකුළු වැනි සමන් මල් ගොඩකින් වසනු ලැබුවා.
    එවිට අප මුනිරජුන්ගේ දළදා වහන්සේ වහා උඩට නැගී මල් ගොඩ මුදුනෙහි පිහිටා කිරි සේ සුදු සඳ රැස් සේ සුදු බුදු රැසින් බබළමින් මහජනයා සොම්නසින් ආනන්දයට පත් කළ සේක.

    1️⃣0️⃣ රජු තවත් පරීක්‍ෂා කිරීමට කැමති බැවින්, සිංහාසනයේ පිහිටි කිරි සයුරේ පෙණ පටලයක් හා සම වූ සියුම් වස්ත්‍රයක දළදා වහන්සේ පිහිටුවා මාහැඟි සිනිඳු සළු සිය ගණනකින් වසනු ලැබුවා..

    ඒ දළදා වහන්සේ සුදු වලා ගැබින් නික්මුණ පුන්සඳ මෙන් ඒ ක්‍ෂණයෙහි සළු සිය ගණනක් බිඳගෙන උඩට නැගි සේක. ඒ මතුපිට හිඳ සුදු බුදු රැස් විහිදුවමින් දස දිසාවන් බැබළවූ සේක.

    ඔය ආදි වශයෙන් අපගේ වාම ශ්‍රී දළදා වහන්සේ ප්‍රාතිහාර පා වදාලා.. ඒ ප්‍රාතිහාර දැක බොහෝ දෙව් මිනිසුන් සතුටට පත් වුන..

    ඔබ දිවා රෑ නොබලා, වන්දනා කරන්නේ මෙසේ ඉර්ධි ප්‍රාතිහාර පා වදාල, අපගේ ඒ වාම ශ්‍රී දළද වහන්සේයි..
    ජීවමාන තථාගතයන් වහන්සේ සේ ඉර්ධි ප්‍රාථිහාරය පා වදාල උත්තම වාම ශ්‍රී දළදා වහන්සේයි..

    සෙංකඩගල නුවර වාම ශ්‍රී දළදා වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!

    දාඨාවංශය ඇසුරිනි..
    Ekane man baluwe bola kohed mechchr type krnne kiyala
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔව්. ඔය ඕනි තරං ඉන්නේ බෝදි පූජා එහෙම තියලා බාරහාර උනාම සනීප වුණා කියන අය.

    සනීප වුනා කියලා ඉදලා අවුරුද්දෙන් මැරෙනවා හැබැයි 😛

    plus, බුදු කෙනෙක් පහල වෙන්නේ ලෙඩ හොඩ කරන්න නෙමෙයි @Hyaenidae, අර වැඩකරු කියනවා වගේ ධර්මය දකින කෙනා බුදුන් දකිනවා කියලා කිව්වහම.. පෘථක්ජනයෝ බුදුන් පොතකින් දැකලා, බුදුන් x කරා y කරා කියලා කියද්දි, උබ ඇයි ඉතින් s නොකර x,y කරේ කියලා අහද්දි ඒකට එක එක උත්තර බුදුන් පොතෙන් දැක්ක අය දෙනවා, ඉතින් ඒක බුදුන්ගේ අවුලක් නෙමෙයි, උබලගේ අවුලක් 😛
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔව්. ඔය ඕනි තරං ඉන්නේ බෝදි පූජා එහෙම තියලා බාරහාර උනාම සනීප වුණා කියන අය.

    Never heard of one personally

    Besides, the average life expectancy for cancer patients in SL is the same or even worse than everywhere else around the globe.

    I think a cancer curing tooth would've shown a clear difference between the two
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    සනීප වුනා කියලා ඉදලා අවුරුද්දෙන් මැරෙනවා හැබැයි 😛

    plus, බුදු කෙනෙක් පහල වෙන්නේ ලෙඩ හොඩ කරන්න නෙමෙයි @Hyaenidae, අර වැඩකරු කියනවා වගේ ධර්මය දකින කෙනා බුදුන් දකිනවා කියලා කිව්වහම.. පෘථක්ජනයෝ බුදුන් පොතකින් දැකලා, බුදුන් x කරා y කරා කියලා කියද්දි, උබ ඇයි ඉතින් x,y නොකර z කරේ කියලා අහද්දි ඒකට එක එක උත්තර බුදුන් පොතෙන් දැක්ක අය දෙනවා, ඉතින් ඒක බුදුන්ගේ අවුලක් නෙමෙයි, උබලගේ අවුලක් 😛
    ඒක නන් දන්නේ නෑ. අමාරු ලෙඩ්ඩු එහෙම බාර වෙලා හොඳ උනා කියලා කියනවා මම අහල තියෙනවා. මට නන් තාම එහෙම experience එකක් නෑ.
     
    • Like
    Reactions: Little Hulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඒක නන් දන්නේ නෑ. අමාරු ලෙඩ්ඩු එහෙම බාර වෙලා හොඳ උනා කියලා කියනවා මම අහල තියෙනවා. මට නන් තාම එහෙම experience එකක් නෑ.

    spontaneous remissions කලාතුරකින් වෙනවා පිලිකා රෝගීන්ට
    ධර්මය එක්ක ඒකේ සම්බන්ධයක් නැහැ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    Never heard of one personally
    වෙන්න පුළුවන්.
    Besides, the average life expectancy for cancer patients in SL is the same or even worse than everywhere else around the globe.

    I think a cancer curing tooth would've shown a clear difference between the two
    නෑ නෑ මම දන්නේ නෑ එහෙම දළඳා වහන්සේ නිසාම Cancer වගේ ලෙඩ හොඳ උනාද කියලා. මම කිව්වෝ එහෙම බාර වෙලා ලෙඩ හොඳ උනා කියන අය මට හම්බ වෙලා ඉන්නවා කියලා.
     
    • Like
    Reactions: Little Hulk

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    plus, බුදු කෙනෙක් පහල වෙන්නේ ලෙඩ හොඩ කරන්න නෙමෙයි

    Be cooler than creating a tooth that can put on light shows though 😬

    නෑ නෑ මම දන්නේ නෑ එහෙම දළඳා වහන්සේ නිසාම Cancer වගේ ලෙඩ හොඳ උනාද කියලා. මම කිව්වෝ එහෙම බාර වෙලා ලෙඩ හොඳ උනා කියන අය මට හම්බ වෙලා ඉන්නවා කියලා.

    Hawaii Smile GIF by ION
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Be cooler than creating a tooth that can put on light shows though 😬
    ධර්මය දකින කෙනා බුදුන් දකිනවා කියලා කිව්වහම.. පෘථක්ජනයෝ බුදුන් පොතකින් දැකලා, බුදුන් x කරා y කරා කියලා කියද්දි, උබ ඇයි ඉතින් s නොකර x,y කරේ කියලා අහද්දි ඒකට එක එක උත්තර බුදුන් පොතෙන් දැක්ක අය දෙනවා, ඉතින් ඒක බුදුන්ගේ අවුලක් නෙමෙයි, උබලගේ අවුලක් 😛
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    Overall ගත්තාම මේ පොයින්ට් එක එක්ක බෝධි පූජා, පන්සල් වලට වෙන බාරහාර වලින් හොඳ වෙන එකට මේ වෙනකං තිබ්බේ ඒව බලාගන්න ඉන්න දෙවි වරු තමා ඒ බාර වෙන දේවල් කරලා දෙන්නේ කියන තියරි එක. හැබැයි ඔයා ගත්ත පොයින්ට් එකත් එක්ක අපිට අලුත් තියරි එකකත් යන්න පුළුවන් නෑ ඒව ඔක්කොම කරපු අධිෂ්ඨානයක ප්‍රතිපල කියලා වගේ.
    @Hyaenidae FYI 🙏
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113

    බෝධි පූජා, පන්සල් වලට වෙන බාරහාර වලින් හොඳ වෙන එක අධිෂ්ඨානයක ප්‍රතිපල

    Again, the average life expectancy for cancer patients in SL is the same or even worse than everywhere else around the globe.

    I think a cancer curing tooth (or a tree) would've shown a clear difference between the two
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    Again, the average life expectancy for cancer patients in SL is the same or even worse than everywhere else around the globe.
    ඕක ගොඩක් රටවලට සාපේක්ෂව ලංකාවේ හොඳ තැනක තියෙනවා. මම හිතන්නේ middle තැනක් තියෙනවා.
    I think a cancer curing tooth (or a tree) would've shown a clear difference between the two
    තියරි එක strong කරගන්න තව evidence හොයාගන්න ඕනි. දැන් නෙ කල්පනා උනේ ඕක ගැන.