ඇයි සරොම ක්ලාසි නැත්තේ?

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ඇයි සරොම ක්ලාසි නැත්තේ?

    කොල්ලෙක් නං ආයි සරමේ තියෙන සැපේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ තරමට සරම කියන්නේ ඇඟට පහසු සැහැල්ලු ඇඳුමක්. සරම ගහලා ඉන්නකොට තියෙන ප්‍රයෝජන වුනත් එමටයි. අතීතේ ලංකාවේ අපේ මුතුන් මිත්‍තෝ ඇන්දෙත් සරම කියනවනේ. ඉතින් සරම සමාජ තත්වයක් පෙන්නන සංකේතයක් තැනට ආවේ කොහොමද? ඇයි සරම ඇඳලා ඔ‍ෆිස් යන්න බැරි? සරම ඇඳලා පාරට බැස්සොත් අපිව සමාජෙන් කොන් වෙයිද බ්‍රෝ? ඕවා ගැන කතා කරන්න පොඩ්ඩක් ඉතින් ලංකාවේ ඉතිහාසෙ දිගේ ආපස්සට යන්න වෙනවා.



    1. කවුද ඩෝ මේ මරු ඇඳුම හොයාගත්තේ?

    backtosarong_aniwa_01.jpg

    සරම හොයාගත්තෙ කවුද කියලා හරියටම ටක්කෙට කියන්න බෑ. හැබැයි අවුරුදු පන්සීයකට විතර කලිනුත් සරමට හෙන තැනක් තිබිලා තියෙනවා. විශ්වාස නැද්ද? අහලා බලන්න යාළු ඉන්දුනීසියන් කාරයෙක්ගෙන්. ඔය සරොං කියන වචනෙත් හදාගෙන තියෙන්නේ මැලේසියානු, ඉන්දුනීසියානු කට්ටිය තමයි. හැබැයි ඒ කාලේ පිරිමි සරම ඇඳලා තියෙන්නේ විශේෂ ආගමික අවස්ථාවන් වලදී තමයි. ගැහැණු අයට එහෙම ලිමිට්ස් තිබිලා නෑ. හරියට අර ස්කොට්ලන්තේ හාදයෝ විශේෂ අවස්ථාවල සායක් වගේ පේන කිල්ට් එක අඳිනවා වගේ තමයි. ඉන් පස්සේ ඕක පැතිරිලා පැතිරිලා අන්තිමට දකුණු ආසියාවේ, ගිණිකොනදිග ආසියාවේ රටවල විතරක් නෙවෙයි, ඊසානදිග අප්‍රිකා රටවල, අරාබියේ සහ බොහෝමයක් ශාන්තිකර දූපත් රටවල පවා පොදු ඇඳුමක් වෙලා තියෙනවා. ඒකට ගෑණු පිරිමි භේදයකුත් නැහැ. ඉතින් ලංකාවේත් සරමට තැනක් එනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඕක තමයි සරමේ ඉතිහාසේ.



    2. ටයිකෝට් වලට මුල් තැන, සරමට දෙවෙනි තැන!

    backtosarong_aniwa_02.jpg

    අදටත් ලංකාවේ පිටිසරක හරි තදාසන්න නගරෙක විතරක් නෙවෙයි. කොළොම්පුරේ වුනත් ටික වෙලාවක් විමසිල්ලෙන් හිටියොත් සරොම ගහලා යන අංකල් කෙනෙක් අනිවා දැකගන්න පුලුවන්. විශේෂයෙන්ම ලංකාවේ සිංහල පිරිසට වඩා පාරම්පරික ශ්‍රී ලාංකීය මුස්ලිම්වරු සරම තමන්ගේ ප්‍රධානතම ඇඳුම කරගෙන ඉන්නේ. අර මඩකලපු සරොම. ඉතින් ගෙදරට විතරක් නෙවෙයි, මඟුලටත් සරම ගහං ගියපු ලංකාවේ ගොය්යලා සරම අතෑරලා සුද්දගේ ටයි කෝට් කලිසම් වලට බැස්සේ මොකෝ? සුද්දා තමයි හේතුව! යටත්විජිත කරණයට පස්සේ තමයි ඕක සිද්ධ වුනේ.

    ඒ කාලෙට පස්සේ සරමත් එක්තරා විදියකට සමාජ තත්වයක නිර්ණායකයක් බවට පත් වුනා. ඒ කියන්නේ සරම අඳින්නේ පල්ලෙහා සමාජ තත්වයක් හිමි අය කියලා දෙයක් ගොඩනැඟුනා. ඒ කියන්නේ ඉහළ පංතියේ කෙනෙක් සරම අඳින්නේ ගෙදරට විතරයි. එලියට බහින්න කොට කලිසම. සරම ඇඳලා කෙනෙක් එලියට බැස්සොත් ඒ කෙනා සමාජ තත්වයෙන් පහලයි.

    ඉස්සර මුදලිවරු හේම සුද්දා අනුකරණය කරලා කලිසමට බැස්සට එක පාර කලිසම සැර වැඩි වුනා රෙද්ද ඇන්ද මිනිස්සු හින්දා. ඒ පාර ස්ටයිල් එකක් ආවා ‍ටුවිඩ් කලිසම ඇඳලා ඒක උඩින් ඒ ජාතියෙන්ම රෙද්ද පොඩ්ඩක් කොටට අඳින. තව සමහරුන්ට කලිසම අඳින්නම බැරි වුනු නිසා රෙද්ද කොටට ඇඳලා ඊට පස්සේ කලිසමේ කකුල් දෙක තමන්ගේ කකුල් දෙකේ බැඳගන්න ක්‍රමේකුත් ආවා. එතකොට පිටට පේන්නේ රෙද්දට යටින් කලිසම ඇඳලා කියලා. ඉතින් ඔහොම ගිහින් වචනෙකුත් හැදුනා ‘රෙද්ද අස්සේ මහත්තයා’ කියලා.

    තව සෙට් එකක් අද කාලේ සරම අඳිනවා ගේමක් නැතුව. දේශපාලකයෝ! හැබැයි ඒ කට්ටිය සරමට නැත්නම් හරියටම කියනවා නං ජාතික ඇඳුමට බැස්සේ ජාතිකත්වයටත් වඩා අර ‘සාමාන්‍ය මනුස්සයට අපි හෙන සමීපයි හලෝ’ පාට් එකට. ඔන්න ඕක තමයි තත්වේ.



    3. අලුත් ට්‍රෙන්ඩ් එකට අලුත් සරං

    backtosarong_aniwa_03.jpg

    හැබැයි ඉතින් ෆැෂන් කියන්නේ දවසින් දවස වෙනස් වෙන දෙයක්. මේ සරමට හැදුනු සමාජ ආකෘතිය තවමත් සිංහල සමාජය ඇතුලේ තිබුණට, සරමට ඒ බැරියර් එක මග ඇරලා වෙනස් පාරකින් වෙනම ලෙවල් එකකට එන්න ලැබුනා. ඒ පාර තමයි ෆැෂන්. අද වෙනකොට ෆැෂන් එකට බොහෝ දෙනෙක් සරම අඳිනවා. ඒ කියන්නේ අලුත් අවුරුද්ද වගේ සංස්කෘතික උත්සව සීන් වලට බතික් සරං, මඟුල් ගෙවල් වල යන්න පාට පාට කො‍ටු කො‍ටු බෙයාර්ෆූට් සරං… ඔය විදියට. දැන් ඔය ගෙට් ‍ටුගෙදර්, ඊවිනින් පාටි වගේ ඒවත් සරං තීම් වලින් ඕගනයිස් වෙනවා.

    ඒ විතරක් නෙවෙයි. ලංකාවේ කොල්ලෝ විතරක් ඇඳ ඇඳ හිටපු සරම ෆැෂන් එකට ආවට පස්සේ ඒකට කෙලින්න කෙල්ලොත් සරං අඳින්න සෙට් වුනා කියහංකෝ! අවුලක් නෑ ඉතින්. ලස්සනට හැඩ තියලා සරමක් ඇඳපු නංකි කෙනෙක් දිහා අපිත් පොඩ්ඩක් බලනවනේ!



    4. සරං ඇඳලා ඔ‍ෆිස් යංද පොඩි චේන්ජ් එකකට?
    https://s22.postimg.org/msrd49f9d/backtosarong_aniwa_04.jpg

    දැන් මේ වටෙන් වටෙන් ආවේ මේ කාරණේ කතා කරන්නනේ. සාමාන්‍යයෙන් ලංකාවේ එක එක ඔපීසි වලට එක එක ඩ්‍රෙස් කෝඩ් සම්මත වෙලා තියෙනවනේ. සාමාන්‍යයෙන් සුලභ ස්ටීරියෝටයිප් එක කලිසමයි කමිසෙයි සපත්තු කුට්ටමයි තමා. ඕන්නං තව ඔපීසියක කලිසමට අඳින්න පුලුවන් ඔපීසියේ නම ගහපු ටී ෂර්ට් එකක්. හැබැයි කොහොම වුනත් මේක තමයි පොඩි වෙනස්කම් සහිතව තමයි පිරිමින්ගේ ප්‍රධානතම (සහ බොහෝ විට එකම) රාජකාරි ඇඳුම. වෙනස්කම් කියන්නේ ඉතින් ටයි එකක් දාන්න වෙන එක, සෑහෙන ලොකු පු‍ටුවක ඉන්නවනං සමහර තැන්වලට යන්න කෝට් එකක් දාන්න වෙන එක වගේ දේවල් තමයි.

    දැන් ඔය ටෙක් කොම්පැනි, එහෙම නැත්නම් ඇඩ්වර්ටයිසින් ෆර්ම් වගේ තැන් තියෙනවා වැඩට ඇඳලා එන්නේ මොකද්ද කියලා හිතනවට වඩා ඇඳුම ඇතුලේ ඉන්නේ මොකාද කියන එකට මූලිකත්වය දෙන ඔ‍ෆිස්. බැරිද වෙනසකටත් එක්ක ඔය වගේ තැනකට සරම ගහලා වැඩට යන්න?



    5. සරම ඇඳලා ඔ‍ෆිස් යනකොට ආතල් එක කන් දෙකෙන් බේරෙනවා දොරේ!
    backtosarong_aniwa_05.jpg


    සරම කියන්නේ ආතල් ඇඳුමක් කියලා ආයි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි ඉතින් ඔ‍ෆිස් යනකොට නිකං ගෙදර ඉන්නවා වගේ සරම කොටට ඇඳගෙන, එහෙම නැත්නං කැහැපට ගහගෙන යන්න බෑ අර ටැමිල් පිචර් එකක වගේ. පොඩ්ඩක් ජෙන්ට්ල්මන්ස් ලීලාවෙන් සරම අඳින්න ඕන. නිකමට හිතලා බලන්න, සංවර විදියට සරම ඇඳලා, ඒකට හරියන කමිසයක් නැත්නම් කුර්තා ෂර්ට් එකක් ඇඳලා, ඒ කිට් එකටම කැපෙන සැහැල්ලු සෙරෙප්පු නැතිනම් හාෆ් ෂූස් දෙකක් දාලා වැඩට ගියොත් ඔබව කැපිලා පේන්නේ නැතිද කියලා. ඒ විතරක් නෙවෙයි. දැනෙන සැහැල්ලුව? ඒ සනීපේ සැලරි දවසටවත් දැනෙන්නෙ නෑ බ්‍රෝ!

    මේක හැමදාමත් අඳින්න ඕන නෑ. අපි යෝජනා කරන්නේ පොඩි චේන්ජ් එකකට අඳිමු කියලා. එකක්, මේ ඇඳුමේ තියෙන පහසුව. දෙක, මේකට ආරෝපණය කරලා තියෙන පංති තත්ත්වය ගලවලා දාන එක. එහෙම බලනකොට සරම ඇඳලා ඔ‍ෆිස් යනවා කියන්නේ අපි ඔක්කොටම එකතුවෙලා දෙන්න පුලුවන් එක්තරා පණිවුඩයක්, ස්ටේට්මන්ට් එකක්!



    6. බැක් ‍ටු සරොං!

    backtosarong_aniwa_06.jpg

    ඔ‍ෆිස් එකට විතරක් නෙවෙයි, වෙන සාමාන්‍ය ගමනකට බිමනකට වුනත් ඩීසන්ට් පිට අඳින සරම කියන්නේ සුපිරි ඇඳුමක්. මිනිස්සු පොඩ්ඩක් අමුතුවට බලයි. ඒත් කවුද ගණන් ගන්නේ? කොහොමද ලස්සන ප්‍රින්ටඩ් සරමක් ඇඳලා, ඒකට හරියන පාට කීපයක් තියෙන කුර්තා ටොප් එකක් ඇඳලා, සාගත මල්ලක අඩුම කුඩුම ටිකත් දාගෙන හිපි ස්ටයිල් එකට බැස්සහම? හිතනවද කෙල්ලෙක් වුනත් දෙපාරක් නොබලා ඉඳී කියලා! එහෙමනං ඒ වගේ දේකට ගටක් තියෙන එල කොල්ලෝ ඉන්නවනං එකතු වෙන්න අපිත් එක්ක. බැක් ‍ටු සරොං!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඉතිං බන් තාම සරම ඇඳන් පාර්ලිමෙන්තු යන්නෙ ?? ඉතිං රටෙ උත්තරීතරම තැනෙ එහෙම වෙනවා නම් .ඔෆීසියෙ බැරි කමක් නැහැ. හැබැයි සරම ඔය කියන තරම්ම සැපපහසු නැහැ බන්. අපිත් ඉතිං දහම් පාසල් ගියා නොවැ. සරම ඇඳන් කාපු චාටර් දන්නෙ අපි විතරයි. ගෙදර එද්දි සරම බැග් එකෙ ඕං .
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,668
    2,512
    113
    නිධානයක් උඩ
    සරම නෙමෙයි ලංකාවේ අය ඉස්සර ඇන්දේ රෙද්ද තමයි.(වේට්ටිය වගේ). ජාතික අදුමේත් නියම විදිහට අදින්නේ රෙද්ද සහ බැනියම.

    රේප්++
     

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    ඉතිං බන් තාම සරම ඇඳන් පාර්ලිමෙන්තු යන්නෙ ?? ඉතිං රටෙ උත්තරීතරම තැනෙ එහෙම වෙනවා නම් .ඔෆීසියෙ බැරි කමක් නැහැ. හැබැයි සරම ඔය කියන තරම්ම සැපපහසු නැහැ බන්. අපිත් ඉතිං දහම් පාසල් ගියා නොවැ. සරම ඇඳන් කාපු චාටර් දන්නෙ අපි විතරයි. ගෙදර එද්දි සරම බැග් එකෙ ඕං .

    :yes::yes::yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,610
    113
    අදහස නම් හොදයි. ඔෆිසියෙන් අදින්න දෙයිද?

    4+


    සරම ඇඳලා offie එන්න ,බස් එකේ යන්න තියෙනවනම් මම එකෙන්ම කැමති බන් .බස් එකේ ජැකක් එහෙම සෙට් උනොත් සරම උස්සලම අහවල් එක ගාවන්න පුළුවන්.office එකේදී පරේ තොටේ යන එනකොට නැග්ගොත් ශේප් එකේ සරම උස්සල අතේ පාරක් ගහන්න පුළුවන්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතිං බන් තාම සරම ඇඳන් පාර්ලිමෙන්තු යන්නෙ ?? ඉතිං රටෙ උත්තරීතරම තැනෙ එහෙම වෙනවා නම් .ඔෆීසියෙ බැරි කමක් නැහැ. හැබැයි සරම ඔය කියන තරම්ම සැපපහසු නැහැ බන්. අපිත් ඉතිං දහම් පාසල් ගියා නොවැ. සරම ඇඳන් කාපු චාටර් දන්නෙ අපි විතරයි. ගෙදර එද්දි සරම බැග් එකෙ ඕං .

    :lol::yes:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    :lol::lol::lol::lol::lol:
    සරම ඇඳලා offie එන්න ,බස් එකේ යන්න තියෙනවනම් මම එකෙන්ම කැමති බන් .බස් එකේ ජැකක් එහෙම සෙට් උනොත් සරම උස්සලම අහවල් එක ගාවන්න පුළුවන්.office එකේදී පරේ තොටේ යන එනකොට නැග්ගොත් ශේප් එකේ සරම උස්සල අතේ පාරක් ගහන්න පුළුවන්