ඇයි සිංහලයා වැරදි හදා නොගන්නේ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඇයි සිංහලයා වැරදි හදා නොගන්නේ?

    මෙය සම්පුර්ණයෙන්ම පක්ෂබෙදයකින් තොරව, රටට හිතැතිව ලියන ලද්දකි.

    ලංකාවේ ජනගහනයෙන් 76%ක් ශ්‍රී ලාංකිකයින්, අනිත් අයවලුන් විවිද කාල වලදී සංක්‍රමණය වුන, මුස්ලිම් සහ කඳුරට ද්‍රවිඩ ජනතාවයි.
    2015/01/08 ලංකාවේ අලුත් පිටුවක් පෙරලීමට 62% වූ චන්ද හිමි ජනතාව චන්දය පාවිච්චි කර පොදු හවුල බලයට ගෙන එන ලදී.
    දැනට වසර දෙකක කාලයක් ගෙවීමටද ආසන්නව පවතී. දින 100 වැඩපිළිවෙල හරහා 62% වූ ජනයාගේ මනදොල පිනවමින් පත්‍රිකා බෙදා හැරුණි. පිල් මාරුවීම් සිදුවුනි. සුකිත මුදිත වූ රටක් දින 100ක් තුල සහ වසරක් අතුලත ලබාදෙන බවට වේදිකාවල මොරදුන්නු හැටි සමහරුන්ට අමතක ඇති.

    සියල්ල එසේ සිදුවුනි, බලයට පත්වුණා සතියෙම සිට, රත්තරන් මාලිගා, තොවක්කු ගබඩා පිරික්සීම ඇරඹුණි. සොරකපු දේවල් සෙවීමට මෙහෙඋම් ඇරඹුණි. කාලය එසේ ගෙවුණි. දින 100 යේ වැඩපිළිවෙලේ, ආණ්ඩුව පිහිටුවීම, කොමිසම් ඇති කිරීම හොඳින් ඇරඹුණි . ජනතාවට සෙතක් සැලසෙන එකදු ක්‍රියාවක් දින 100 දී ඇති නොවිණි. ම වැරදිනම් පෙන්වා දෙන්න. (මෙය මහින්ද හෝ වෙනයමි පක්ෂයක් සඳහා ලිවීමක් නොවන බව කාරුණිකව වටහාගන්න)

    චන්දයට පෙර අලියා පිටේ සිටි ප්‍රබලයෙක් පිල් මාරු කරමින් කෘමන්තනයක් සහ ලියවිල්ලක් ඉදිරිපත් කරමින් මහා යමක් කීවේය.
    හමුදාව බල්ලට දැමීම, රණවිරුවන් ගාල් කිරිම, අත්අඩංගුවට ගැනීම එම සටහනේ ඉහලින්ම කියැවුනි.
    එය බොරුවක් බව සහ නීතිමගින් ක්‍රියාකරන බව පැවසුනි.
    බොරුව ඇත්තවුන බව අපි සැමට ඔබ සැමට හොඳින් පෙනුන බව සැබෑවක් නේද?

    බොරුව තවත් වැහීමට සිතාගෙන එම අලි පොරව හිරයට යැවුනි.
    සැබැව ජනයට පෙනෙනටම තිබේ.
    උතුරේ කඳවුරු ඉවත් කෙරුණි, හමුදාව සීමා සහිත කෙරුණි. අත්අඩංගුවට ගැනුනි. මේවා බොරුනොවන බව ඔබ හොඳින් දනී .

    කොළඹ නගරය හොඳින් අලංකාර කෙරුණි. නව දේවල් එකතුවුණි, පරණ දේවල අලුත් පෙනුමක් ලැබුණි. පාරවල් පිරිසිදු වුනි. ඇළමාර්ග පිරිසිඩ් වුනි. අලුත් මංමාවත් ඉදුවුනි. මේවද අපි හොඳි දැක්කෙමි. ගෞරවය ගෝටභයට බව නොරහසකි.
    හොරකම් කර හෝ කොමිස් ගසා හෝ පෙනෙන්නට දැනෙන්නට වෙනසක් එදා සිදු වුනි.
    අද හොරකම් නැද්ද? දැනෙන්නට වෙනසක් ඇද්ද? ඔබ එයද හොඳින් දනී.

    ආර්ථිකය 6.8% දක්වා හොඳ වර්ධන වේගයක් ආසියාවේම පෙනුම් කල බව ඇත්තය. එය ලෝක බැංකුව, ආසියා බැංකුව සහතික කරන ලදී. අද එය 4.2% දක්වා පහත වැටි ඇතිබව ඔබ දන්නවා ඇති.

    ඉන්දියාවට ඇහේ කටු අනුනේ මෙන්න මෙතනදීය. උපක්‍රම යොදවමින් ලංකාව බිමට අද දැමීමට චන්ද්යම යොදාගන්න ලදී. රහස් සේවා ඔස්සේ සිංහල පාගා දැමීය. එයද ඇත්තකි.

    මේ සියල්ලම ඔබ හොඳින් අත් විඳිමින් සිටි. සැබැව එයයි.
    ඇත්ත දැනගෙන අකුලාගෙන සිටි සිංහලයෙක් නොවේද නුඹ?

    මහා බැංකුවේ බන්දුකර වංචාවක් සිදුවී ඇතිබවත් හොඳින්ම පෙනෙන ඔබ, ඇස් වසාගෙන ඉන්නවා නේද?
    වංචාවක් නොවේ කියන්න වෙර දරන ජඩ-දේශපාලුවන්ගේ කතා තලු මරමින් අසමින් ඉන්නවා නේද?

    පාඩුව පියවන්න බදු ගෙවාගෙන, වැරැද්ද පරණ එකාගේ කියාගෙන ඉන්න අයට අත්පුඩි ගසනවා නේද?


    ඕන එකෙක් ඕන දෙයක් කරගත්තු දෙන් කියාගෙන සිටිනවා නොවේද?
    වැරදුනා නේද කියා කර කියාගන්න දෙයක් නැතුව සිටිනවා නොවේද?

    ඇයි සිංහලයා වැරදි හදා නොගන්නේ?






     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඕන එකෙක් ඕන දෙයක් කරගත්තු දෙන් කියාගෙන සිටිනවා නොවේද? අනිවාර්යෙන්ම
    වැරදුනා නේද කියා කර කියාගන්න දෙයක් නැතුව සිටිනවා නොවේද? වෙන කරන්න දේකුත් නෑ

    ඇයි සිංහලයා වැරදි හදා නොගන්නේ? ජාතිය සිංහල. ඒක වෙන්න ඕන :angry:
     
    සිංහලයා වැරදි හදා නොගන්නෙ අවුරුදු 200ක් තිස්සෙ දවස ගාණෙ රතු මිරිස් වලින් සිංහලේ ගොන්ලේ වෙන හිංදා.

    pathfinder_a2z.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    වෙන කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්න ඉතාම දක්ෂයි සිංහලය.
    අරු හන්ද මේක වුනේ, කලින් එකා කරාට වඩා මේක පොඩි දෙයක් ....
    වැරැද්ද සාධාරණීය කරන්න උපන් හපන් සිංහලය...

    මේවා හදාගන්න බැරිද?

    ඇයි තවම නිදි?
     
    වෙන කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්න ඉතාම දක්ෂයි සිංහලය.
    අරු හන්ද මේක වුනේ, කලින් එකා කරාට වඩා මේක පොඩි දෙයක් ....
    වැරැද්ද සාධාරණීය කරන්න උපන් හපන් සිංහලය...

    මේවා හදාගන්න බැරිද?

    ඇයි තවම නිදි?
    නිදි නෑ, ඇහැරිලා ඉන්නෙ. ඒත් සිහි විකල් වෙලා. ඒකයි නිදි වගේ පෙන්නේ. ඒකට හේතුව පෝස්ටරේ තියෙනවා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බඩේ ගිනියම තමයි හැම ප්‍රශ්නෙටම මුල.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    එක්කෝ හඳහනක්.... රාහු කාලයක් .......
    බඩේ ගිනියම.... කන්න දෙනවනම් ඕන දෙයක් .....

    දැන් මිරිස් කරලක්.... හරි මිරිස් වර්ජනය කරා කියමුකෝ ... ඊළඟට තවදෙයක් එතන පුරවයි නේද?
    ඉවරයක් දකියිද තියෙයිද?


    තවම උත්තරයක් නැහැ නේද?

    ඇඟිල්ල දික්වෙනවා මොකක් හරි දෙයකට....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක්කෝ හඳහනක්.... රාහු කාලයක් .......
    බඩේ ගිනියම.... කන්න දෙනවනම් ඕන දෙයක් .....

    දැන් මිරිස් කරලක්.... හරි මිරිස් වර්ජනය කරා කියමුකෝ ... ඊළඟට තවදෙයක් එතන පුරවයි නේද?
    ඉවරයක් දකියිද තියෙයිද?


    තවම උත්තරයක් නැහැ නේද?

    ඇඟිල්ල දික්වෙනවා මොකක් හරි දෙයකට....

    රතු මිරිස් නොකා ඔය ඉදිරියෙ රාල කියන දෙයක් අහගෙන කාපල්ල මෙතන බෙරිහන්දෙන්නෙ නැතුව. ප්‍රශ්න වලට හේතුව කිව්වම තවත් කෑගහනව. :angry:
     
    රතු මිරිස් නොකා ඔය ඉදිරියෙ රාල කියන දෙයක් අහගෙන කාපල්ල මෙතන බෙරිහන්දෙන්නෙ නැතුව. ප්‍රශ්න වලට හේතුව කිව්වම තවත් කෑගහනව. :angry:
    ඒකනේ :yes: නියමසිංහලයා කිව්වට මට නම් ඒ ගැන සැකයි :rolleyes: