ඇයි_යකෝ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඇයි යකෝ.., අර්ජුනව ආයෙමත් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා නොකරන්නෙ...?



MR-Captancy.jpg


අර්ජුන රණතුංග 1996 අවුරුද්දෙ ලෝක කුසලානය දිනනවා. දිනනවා කියන්නෙ ඒ දිනපු කණ්ඩායම මෙහෙයවන නායකයා වෙන්නෙ අර්ජුණ. එතකොට අන්තිමට අපි හැමෝම කියන්නෙ 1996 එකේ කප් එක අපේ රටට ගෙනාපූ වීරයා තමයි අර්ජුන. අපි ඒ ගැන විවාදයකින් තොරව පිළිගනිමු. ඒත්, ඒක ටීම් එකක්, අනිත් එක එක අතකින් අර්ජුනට ඒ මොහොතේ කප් එක උස්සන්න අවශ්‍ය විදියට සියළු වටපිටාව සැකසුණා. ලෝක ‍කුසලානේ තිබුණේ ආසියානූ රටවල. අපේ ‍රටේ තිබුණු ආරක්ෂක ප්‍රශ්න නිසා අපේ රටේ පැවැතුණු තරඟ දෙකකට විතර කණ්ඩායමක් දෙකක් නෑවිත් හිටියා. ඒකේ වාසියත් අපිට ලැබුණා. අපිට හොඳ කණ්ඩායමකුත් හිටියා. අවසාන තරඟය තිබුනේ අපේ රටට වඩාත් ළඟින්ම යන තණතිලි සහ දේශගුණයක් තිබුණු ඉන්දි‍යාවේ. අනික හැමෝම හොඳට පර්ෆෝම් කරා. සනත් සහ කළු එතෙක් තිබුණු එක්දින තරඟ රටාව වෙනස් කරලා අමුතු විප්ලවයක් කරා. ඔය වගේ කාරණා ගොඩාක් අපිට 1996 කප් එක දිනන්න උදව් උනා. ඒත්, කණ්ඩා‍යමේ නායකයා විදියට කප් එක ඉස්සීමේ ගෞරවය අද වෙනකං තියෙන්නෙ අර්ජුනට. ඒක හෙටත් තියෙයි..අනිද්දත් තියෙයි... ඒත් ඇයි අපි අර්ජුන දිගටම නායකයා නොකරේ...? ඇයි අර්ජුන කිව්වෙ නැත්තේ, ‘යකෝ මේ තරම් කාලයක් කාටවත් කරන්න බැරිවෙච්ච දේ කරේ මම. ලෝක ‍කුසලානේ ඉස්සුවෙ මම...ඉතින් මම තමයි හැමදාම ලංකාවේ ක්‍රිකට් කණ්ඩා‍යමේ නායකයා වෙන්න ඕන‘ කියලා. අපරාදේ....
අර්ජුන 96 දී කප් එක දිනන්න කලින්, තවත් ගොඩක් නායකයෝ කණ්ඩායමට නායකත්වය දුන්නා. තිබුණු තත්ත්වයෙන් ගොඩක් උඩට ගේන්න ඒ නායකයන්ගෙ වගේම, ක්‍රීඩකයන්ගෙ වගේම, පුහුණු කරුවන්ගෙ, එතකොට නිළධාරීන්ගෙ සහාය ගොඩක් උදව් උනා. අර්ජුන ඉබේ පාත් උනේ නෑ. එයත් ඒ කණ්ඩායම්වල ඉඳල, ඒ අයගෙ අත්දැකීම්, අවස්ථාවන් අරගෙන උඩට ආපූ ක්‍රීඩකයෙක්... එහෙම තමයි ඕනෙ දෙයක් වෙන්නෙ. ඒත් අර්ජුන එදා කප් එක දිනපු දවසෙ කිව්වනම්, මම තමයි කප් එක දිනුවෙ, මෙච්චර කාලයක් කාටවත් ඒක කරන්න බැරි උනා, ඒ නිසා මම තමයි ජාතියේ ක්‍රිකට් නායකයා...මම දිගටම ඉන්න ඕන කියලා අද වෙනකොට මොනව වෙයිද ... ?
අර්ජුන හැමදාම නායකයා...එයාගේ බලයට අත තියන්න කාටවත් බැහැ. ක්‍රිකට් බෝඩ් එකටවත්, එහෙම නැත්නම් ක්‍රීඩා ඇමතිටවත්, පරිපාලනයේ කාටවත් බැහැ. මොකද එයා දෙය්යෝ. එයා තමයි කප් එක ඉස්සුවෙ. එතකොට අර්ජුන තමයි තීරණය කරන්නෙ තමන්ගෙ ටීම් එක.. බෝඩ් එක වත්, තේරුම් කමිටුවවත් නෙමෙයි. එයාට කැමති, එයාට සහයෝගය දෙන, එයා කියන දේ අදහන අය විතරක් එයා තෝරගන්නවා. ඒකට දක්ෂතාවය, දැනුම, පිළිගැනීම, සමාජ මතය වගේ දේවල් අදාළ වෙන්නෙ නැහැ. ඉතින් ඔන්න එයා එහෙම ටීම් එකක් හදාගන්නවා. ඒ ටීම් එක දක්ෂ නැහැ. ඒත් අර්ජුන කියන දේ අහන ටීම් එකක්. ඉතින් ජාත්‍යන්තර තරඟවල දී හිටු කියලා පරදිනවා. එතකොට කියනවා, ඒවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ, අපේ රටේ ක්‍රිකට් විනාස කරන්න දියත් කරපු දෙමළ ඩයස්පෝරාවේ බළල් අත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මොනව හරි කුමන්ත්‍රණ කියලා . ඒ නිසා අපි පිළිගත්ත ජාත්‍යන්තර රටවල් එක්ක ක්‍රිකට් සෙල්ලං කරන එක නවත්තනවා. නවත්තලා අපි තෝරගන්නවා දැන් යාන්තමින් ක්‍රිකට් ගහන්නට ට්‍රයි කරන දුප්පත් රටවල් ටිකක්. අපි එයාලට උදව් පවා කරනවා. එයාලා එක්ක මැච් ගහනවා. දිනනවා. ඉතින් මාරයි..!
අර්ජුන ගෙ බඩ එනවා. වයසට යනවා. ෆීල්ඩ් කරනවා තියා, බැට් එක තියාගෙන විනාඩි විස්සක් පිච් එකේ මැද ඉන්නත් බැරිවෙනවා.. ඒත් එයා කියනවා.. මම තමයි කැප්ටන්. මට ඕනෙ විදියටයි මැච් එක යන්න ඕනෙ. ඒ නිසා නීතියක් ගේනවා. කැප්ටන් ගහන්නෙ විනාඩි පහක් විතරයි. ඒකට කැමති අය අත උස්සන්න. බැරි අය ගැන මම බලාගන්නම් කියලා. ඉතින් ටීම් එකේ ඉන්න හැමෝම අත උස්සනවා. ඔහොම වැඩේ දිගටම යනකොට ලංකාවේ ක්‍රිකට් අන්තෙට පල්ලම් බහිනවා. ජාත්‍යන්තර තරඟවලින් අපි අයින් කරනවා. අපිට තරඟ තහනම් එනවා. බාධක පැනවෙනවා. අපි නිකංම නිකං ටෙනිස් බෝල් ක්‍රිකට් ගහන රටක් තරම් පහතට වැටෙනවා. ඒත් අර්ජුන සහ එයාගේ කණ්ඩායමේ අය කියනවා, අපිට ඔය මහ ලොකු රටවල් වැඩක් නැහැ. අපේ රට, අපේ ජාතිය, අපේ ආගම, අපේ ක්‍රිකට්, අපිට ඕන විදියට කියලා. මේ වැඩේ මෙහෙම කාලයක් යනකොට, කණ්ඩායමේ ඉන්න දක්ෂ ක්‍රීඩකයොන්ට, ඇත්තටම වැඩක් කරන්න ඕන කියලා හිතන අයට, මේ වැඩේ ඉවසන් ඉන්න බැරි පරිපාලනයට, මැච් එකේ ආතල් කාපූ නිසා ඒක දරාගන්න බැරි ‍ප්‍රේක්ෂකයන්ට, තීරණයක් ගන්න ඕනෙ කියලා හිතෙනවා. ඒ ගොල්ලො ඔක්කොම එකතු වෙලා අවසානේ තීරණයක් ගන්නවා. මේ වැඩේ හරියන්නෙ නෑ. අපි ආයෙත් ලංකාවේ ක්‍රිකට් හදන්න ඕනෙ කියලා. එහෙම හිතලා ඒ ගොල්ලෙ ගන්න තීරණයක් නිසා අර්ජුන ගෙ නායකත්වය නැතිවෙලා යනවා. අර්ජුන හීනෙනන්වත් නොහිතන කණ්ඩායමේ හිටපු කෙනෙක් නායකත්වයට පත්වෙනවා. හැමදේම ටිකෙන් ටික වෙනස් වෙන්න ගන්නවා. ආයෙමත් ක්‍රිකට් පාලක මණ්ඩලයට බලය එනවා. ක්‍රීඩකයන්ට තමන්ට කැමති විදියට දක්ෂතා පෙන්නලා ලෝකෙ දිනන්න අවස්ථාව ලැබෙනවා.
එතකොට නායකත්වය නැති උන අර්ජුන මෙහෙම කියනවා. ‘ඔව් මගේ අතින් වැරදි උනා, මම වැරදි උන් ටීම් එක දා ගත්තා, සමහර උන් හරියට සෙල්ලං කරේ නැහැ, සමහරු සෙල්ලං කරේ සල්ලිවලට, සමහරු ක්‍රිකට් ගහල තිබ්බෙත් නැහැ තමයි, ඒත් මම උන් අයින් කරේ නැහැ, උන්ට විරුද්ධව මොකුත්ම කරේ නැහැ. මම උන්ව ආරක්ෂා කරා. ඒත් මම ආයේ එහෙම ක‍රන්නෙ නැහැ, ආයෙමත් මාව ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කරන්න‘ කියලා. එතකොට අර හොරට ක්‍රිකට් ගහල මේ වෙනකොට කණ්ඩා‍යමෙන් කැපිල ඉන්න කිසිම දක්ෂ කමක් නැති, ඒත් සල්ලි වලට ක්‍රිකට් ගහපු සෙට් එකේ අය එළියට බැහැලා කියනවා, ‘ඔව් ඔව්, අර්ජුන ආයේ නායකයා කරන්න ඕනේ, අපේ ක්‍රිකට් විදේශ බලවේග ‍වලට අහුවෙලා, මේක පිටිපස්සෙ ඩයස්පෝරාව ඉන්නවා‘ වගේ කතා. ඒ ගොල්ලෙ එහෙම කියන්නෙ අලුත් ක්‍රිකට් පරිපාලනය අනුව කලින් හිටපු ‍සල්ලි වලට තරඟ පාවා දීපූ, මෙලෝ වැඩක් නොකරපු ක්‍රීඩකයො ගැන හොයන නිසා. උන්ව නඩු මගට ගන්න නිසා. ඉතින් එයාලට ඕනේ ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්න නෙමෙයි, කලින් හිටියා වගේ ආතල් එකේ දිගටම ඉන්න විතරයි.
ඒත් අර්ජුන එහෙම දෙයක් කරේ නැහැ. එයා දන්නවා එයාට ඒ දිනුම ගන්න ඒ පිටිපස්සෙ ගොඩක් පිරිසකගේ දහදිය මහන්සිය තිබ්බ කියලා, ඒ වගේම, එයා නායකයා උනාට, අවසාන තරඟය දක්වා එන්න කණ්ඩා‍යමේ හිටපු අයගෙන් මොනතරම් සහයෝගයක්, කණ්ඩායමෙන් පිට හිටපු පරිපාලනයෙන්, ප්‍රේක්ෂකයන්ගෙන්, කොයිතරම් සහයෝගයක් ලැබුණද කියලා. ඒ නිසා, අර්ජුන ඒ ගරුත්වය රැකගෙන අයින් උනා. ඒ නිසා අදටත්, අර්ජුන කියන්නෙ ලංකාවට ලෝක කුසලානය ගෙනැල්ලා කීර්තියක් ගෙන දුන්න නායකයා. ඒක අදටත්, හෙටටත්, එහෙම්ම තියෙයි............
මේ ලිපිය ලිව්වෙ ක්‍රිකට් සම්බන්ධයෙන් මිස, ‘මම තමයි මේ යුද්දෙ දිනුවේ, මම තමයි රට එක්සේසත් කරේ, ඒ නිසාම ආයෙත් බලයට එන්න ඕන කියලා රැස්වීම් තිය තිය ජාතිවාදය අවුලවමින් කෑ ගහන, අලුත් නායකත්වයකට පක්ෂය තුළ නැගිටීමට ඉඩ නොදී මග අහුරන මහින්ද රාජපක්ෂ ගැන හෝ තමන්ගේ වරප්‍රසාද වරදාන අහිමිවීමෙන් සහ තමන්ගේ වංචා දූෂණ වලට දඬුවම් හිමි වේ යැයි බයෙන්, මහින්ද ව නැවත නායකත්වයට පත්කරන්නැයි‘ කෑ ගහන මහින්ද රාජපක්ෂගේ දූෂිත ආණ්ඩුවේ සිටි හොර නඩය සම්බන්ධයෙන් නම් නොවෙයි...
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,105
    99,644
    113
    රනිල ඉදිය නන් තිස්වෙනි පාරටත් පරදිනකන් කැප්ටන් ඌ තමා ටීම් එකේ.:rofl::rofl::rofl::rofl:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හෙළයෙක්;18707618 said:
    රනිල ඉදිය නන් තිස්වෙනි පාරටත් පරදිනකන් කැප්ටන් ඌ තමා ටීම් එකේ.:rofl::rofl::rofl::rofl:
    හැබැයි රනිය හිටිය නම් ටීම් එක කෑලි කෑලි වලට කැඩෙන්න දෙන්නේ නැතුව ටීම් එක හරි රැක ගන්නවා..මහින්දය හිටිය නම් අද ක්‍රිකට් ටීම් එකේ උන් බාගයක් එල්ලේ ගහනවා ඉතුරු උන් ටික මහින්දව ආපහු වෝටර් බෝයි කමට ගේන්න රැස්වීම් තිය තිය රට වටේ හිගමනේ යනවා..:lol::lol::lol:

    (මෙය අපේ සැබෑ ක්‍රිකට් වීරයන්ව හෑල්ලුවට ලක් කිරීමක් නොව බයියෙකුව බයි මානසිකත්වයෙන් මුදවා ගැනීමට දරන ලද ප්‍රයත්නයකි..එසේම බයියන් විසින් කෙලසන රටේ නම නැවත ඔසවා තබන අපේ ලාංකීය ක්‍රිකට් වීරයන්ට මගේ හද පිරි ප්‍රණාමය...!)
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    හැබැයි රනිය හිටිය නම් ටීම් එක කෑලි කෑලි වලට කැඩෙන්න දෙන්නේ නැතුව ටීම් එක හරි රැක ගන්නවා..මහින්දය හිටිය නම් අද ක්‍රිකට් ටීම් එකේ උන් බාගයක් එල්ලේ ගහනවා ඉතුරු උන් ටික මහින්දව ආපහු වෝටර් බෝයි කමට ගේන්න රැස්වීම් තිය තිය රට වටේ හිගමනේ යනවා..:lol::lol::lol:

    (මෙය අපේ සැබෑ ක්‍රිකට් වීරයන්ව හෑල්ලුවට ලක් කිරීමක් නොව බයියෙකුව බයි මානසිකත්වයෙන් මුදවා ගැනීමට දරන ලද ප්‍රයත්නයකි..එසේම බයියන් විසින් කෙලසන රටේ නම නැවත ඔසවා තබන අපේ ලාංකීය ක්‍රිකට් වීරයන්ට මගේ හද පිරි ප්‍රණාමය...!)

    :lol::lol::lol::lol::lol::lol::yes: