ඇය නැවත හමුවන තුරු...

Apr 24, 2010
351
107
0
Kandy
ඇය නැවත හමුවන තුරු...



මම දෑසම පියාගත්තෙමි. අතේ තිබුණු දුරකථන තිරය මත තිබු අකුරු කිහිපය තවමත් ඇස්ගෙඩි දෙකමත හොල්මන් කරයි...
"pls... dnt cl me again... dnt txt me.. bye 4evr.."
මට අවටම බොඳව ගියා සේ දැනින... මහා හඬක් නගමින්
පපුවම සලිතකරන හෙනයක් මගේ ඔලුව උඩින් පුපුරා ගියේය..
අවටම අඳුරු කරමින් තිබු වලා
මතින් මහා වැස්සක් කඩා හැලෙන්නට විය.
මා සිටියේ මහ පාරේය.
දෑස් හැර මා නැවත දුරකතනයෙන් ඇය ඇමතුවෙමි..
නමුත් ඇය විසින් දුරකථනය ක්‍රියා විරහිතකර තිබිණි... මහා
අනෝරා වැස්සේ මා ලොව මත අතරමං වුවා සේ
මට දැනිණි.. මෙතෙක් වෙලා ඇස් මත පොර බදිමින් සිටි උණු කදුළු බිඳු දෙක මගේ මුහුණ හරහා රූරා වැටිණි.
මගේ පපුව තුල අස්සයෙක් දුවන්නාක්
සේ ගැහෙන හඬ මටම ඇසිනි..
මුවින් හඬක් හෝ පිටකිරීමට මට ශක්තිය නොවිය.. ගතම සීතල වී ගියමෙන් විය. මෙය මා බලාපොරොත්තු නොවූවකි..
මට කකුල පන නැති වී ගියේය... මටත් නොදැනී මහ පාර මත මා දණින් සිටවිය.
මට මුළු ලොවම අහිමි වී ගියා සේ දැනිණි.කිසිම හේතුවක් නැතිව.. කොහෙවත් යන
පිස්සෙක් කියූ පලියට ඇය මා අවිශ්වාස කර
මගේ පපුවම ගිනිතබා හීන අළුකරගෙන ඇය මගෙන් වෙන්වුවාය.. මට වචනයක් වත්
කියන්නට ඉඩ නොතබා ඇය...... ඇගේ වචන වල තිබූ වේදනාව මට දැනිණි..
ඒත් ඇයට මට කතා කිරීමට අවසරයක් දිය යුතුව තිබිණි. ඒත්......
ඇය මට අහිමි වුවාය............
අදට වසර 5 කි... තවමත් නුවර ඔරලෝසු කනුව අසල දණින් වැටී හැඬුව මාව..
මට මැවී පෙනෙයි...
එදාට පසු මා ඇය නොදුටුවෙමි. පිස්සෙකු සේ ඇයගේ නිවසට පවා මා ඇය සොයාගියෙමි.
නමුත් ඇය ගැන, ඇය කොහේදැයි මට සොයාගත නොහැකි විය...
මගේ ජීවිතයම ලස්සන කර... ආදරයේ මුලකුරු කියාදී,
ජීවිතය ජීවත්වෙන හැටි ඉගැන්වූ ඇය...
යන්නට ගියාය...... මා තවමත් ඇය සොයමින් විදි පුරා අවිදින්නෙමි....
මම.... සොයා යන්නෙමි... මගේ ජීවිතය....
මම... රස්තියාදුවේ යමි......... හෙටත්...
ඇය නැවත හමුවන තුරු,
ආදරයේ නාමයෙන්...
මා මියන තුරු....


- රස්තියාදුකාරයා -
rathiya.blogspot.com

 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූදේ තව මාලු ඇතැයි කියා කියනවා
    එයින් එකෙක් බා ගන්නට මටත් හිතෙනවා

    කියන එක උමේ ජීවිතේ උද්යෝගී පාඨය කර ගනින් මචං...................
    කෙල්ලො මොක්කුද බං උන් එක්ක ජීවිතේ ඉවරයි................
    අල්ලලා දිපං..
    ජීවිතේ විදපං............
    එච්චරයි.:dull:
     
    • Like
    Reactions: rasthiyadukaraya
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    මූදේ තව මාලු ඇතැයි කියා කියනවා
    එයින් එකෙක් බා ගන්නට මටත් හිතෙනවා
    කියන එක උමේ ජීවිතේ උද්යෝගී පාඨය කර ගනින් මචං...................
    කෙල්ලො මොක්කුද බං උන් එක්ක ජීවිතේ ඉවරයි................
    අල්ලලා දිපං..
    ජීවිතේ විදපං............
    එච්චරයි.:dull:

    ඇත්ත තමයි මචන්... එත් හැබෑ ජීවිතේදී තත්වය වෙනස්...
    සමහර අත්දැකීම් මිනිස්සුන්ව මාරම විදිහට වෙනස් කරනවා... අත්දැකීම් කියන දේ ජිවිතේ විභාගය මුලින් දීල පස්සේ පාඩම කියල දෙනවා..
    මමත් එකෙන් පාඩම් ඉගෙනගත්ත තමයි, එත් ඒවා අමතක කරන එක තමයි කරන්න බැරිවුණ එකම දේ.. මන් මේ ලියන්න දේවල් ඒවායේ අතුරු ප්‍රතිපල මචන්...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජීවිතය වැටෙන්න වැටෙන්න නැගිටින්න පුරුදු වෙයන් ආයෙ වට්ටවන්න බැරි වෙන්නම...

    උඹට ජය
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn oya wage dewal EK eke inna kollongen aduma gane 50% kata wat wela tiyenawa.
    duk wenne natuwa hitapan. ehema tamai bn.