"ඇය"_සුරැකීම_අපේ_වගකීමයි . . .
"ඇය" සුරැකීම අපේ වගකීමයි . . .
මට මගේ ලෙයින් උපන් දුවක් තවම නැති බව සැබෑවකි. එහෙත් ඇය මට දුවෙකි . . . සොයුරියකි . . . මිතුරියකි . . . එනිසා මා මෙය ඔබට කිව යුතු ව ඇත . . . මන්දයත්, මගේ ලෙයින් නූපන්න ද "ඇය" මගේ දියණියක් සොයුරියක් මිතුරියක් යැයි මා සිතන නිසාය . . . එසේ ම ඔබ ද එසේ සිතන්නට කැමති වනු ඇතැයි මා විශ්වාස කරමි.
සූසැට බරණින් සැරසී ගත් තරුණ කුල කතකට මැණිකක් අතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට තනිව ගමන් කළ හැකිව තිබූ අතීතයක් අපට හිමිය. ඒ සාඩම්බර අතීතයේ සිට වර්තමානයට අප ආ ගමන කොතැනක හෝ මහා අතපසුවීමක් සිදු වී ඇති බව නිසැකය. වත්මනේ මැණිකක් හෝ සූසැට අබරණ නිවෙසකවත් තබා ගත නො හැකිය. හොරුන්, මංකොල්ලකාරයන් ජීවත් වන්නේ ඒවාට ඇස ගසාගෙනය. නිවෙස තුළ තබා ගැනීම ගැන එසේ නම් ඒවා සමඟ එළියට ඒම ගැන කථා කරන්නටද දෙයක් නොමැත . . .
ඒ කිසිවක් නො මැතිව වුවද කුල කතකට තනිව එළියට බැසීමටද දැන් හැකියාවක් නැති තරම්ය. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට යන තුරුම සල්ලාලයන් ඇස ගසා සිටින බැවිනි . . .
අකුරැස්සට, කිරුලපනට, කහවත්තට, එප්පාවලට, ත්‍රිකුණාමලයට හෝ යාපනයට වෙනසක් නැතිව දැනුණේ මේ කඳුළු කතාවේ ශෝචනීය යථාර්ථයයි. පාපතරයන් අතින් කෙලෙසුන අවුරුදු 14ක් වයසැති සිංහල දියණියක් පසුගිය දෙසැම්බරයේ අවසන සියදිවි හානි කර ගත්තේ අකුරැස්සට පමණක් නොව අපටද අවදි විය යුතු බව කියා පාමිනි . . . සය හැවිරිදි වියේ පසුවුණ දමිළ දියණියක කිරුලපන දී අවසන් ගමන් ගියේද ඒ අනතුරුදායක නිහඬතාවයේ බියකරු බව තහවුරු කරවමිනි . . . ඒ කඳුළුවල සිංහල, දෙමළ හෝ මුස්ලිම් කියා වෙනසක් තිබුණේ නැත. නමින් ගමින් සඳහන් නො කළද රටපුරා වරින්වර අසන්නට දකින්නට ලැබෙණ මේ දේවල් වල නිමක් ඇත්තේද නැත . . .
මේ දුක්ඛිත කථාව එයින් නොනැවතී. සෑම මිනිත්තු අනූවකටම වරක් මේ ධර්මද්වීපය තුළ කාන්තා අපචාරයක් සිදුවන බව පසුගිය සමයේ වාර්ථා කෙරිණි. ඒ සිදුවීම්වලින් පහෙන් තුනකටම ගොදුරු වන්නේ බාල වයස්කාර දැරියන්ය. එපමණක් නොව රටේ සිදුවන අපරාධයන්ගෙන් 48%ක් ම කාන්තා අපචාරයන්ය. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට යනතුරු මේ කථාවේ වෙනසක් නැත. අප රටක් වශයෙන් ස්ත්‍රියක කෙරෙහි පැවැත්විය යුතු ගෞරවය අමතක කර දමා අවසන්ය. එනිසාම මේවායින් කාන්තාවන් රැක ගැනීම ගැන කථා කරන්නට තබා මේවා මේ අයුරින් සිදුවන බවවත් කථා කරන්නට රටේ සමස්තය ඉදිරිපත් වන්නේ නැත . . .
ඒ සියල්ල අතරේ පසුගිය වසරේ අන්තර්ජාලය හරහා තවත් නින්දිත අන්තර්ජාතික වාර්තාවකට හිමිකම් කියන්නට අපේ රට සමත් විය. ගූගල් (Google) අන්තර්ජාල සෙවීම් පද්ධතිය හරහා වැඩිම ප්‍රතිශතයකින් ලිංගිකත්වය (Sex) හා සබැඳි දේවල් නිරීක්ෂණය කර තිබුණේ ශී‍්‍ර ලංකාවාසීන්ය. ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින මහජන චීනයේ වැඩිම ගූගල් සෙවුම් සිදු කර තිබුණේ ‘ගේ‍්‍ර’ස් ඇනටමි’ (Grey’s anatomy) නම් වූ, කාය විද්‍යාව ගැන ලියැවුණ, උසස් අධ්‍යාපනයට නිර්දේශිත ග්‍රන්ථය සම්බන්ධවයි. එහෙත් ලොවක් අගය කළ සදාචාරයක අතීත උරුමකරුවන් වූ අප අන්තර්ජාලය තුලද නිරුවත් වෙමින් ඒ හරහා ද වාර්ථාගත අයුරින් ලිංගිකත්වය ලූහුබැඳීම වචනයෙන් කිව නොහැකි තරමේ ලැජ්ජා සහගත අවමානයකි. කාම අපරාධවල ශීඝ්‍ර ව්‍යාප්තිය සහ මේ තාක්ෂණික අවභාවිතය අතර මොන තරම් නෑකමක් තිබෙනවා විය යුතුද ?
කාන්තා හිංසනය උඩුදුවා ඇත්තේ මෙවන් ඛේදනීය සමාජ පසුබිමකය. මේ සා නින්දිත වූ, මේ සා දරුණු ලෙස පැතිර ගියා වූ සමාජ අපචාරයකට අප ගොදුරු වූයේ ඇයි ?
මේ සමාජ පරිහානියේ වගකීම සමස්ත සමාජයම භාර ගත යුතුව තිබේ. මන්ද මෙකී ඛේදවාචකයට රුකුල් දෙන චර්යාවන් ස්ත්‍රී, පුරුෂ හෝ බාල, තරුණ, මහලූ වෙනසකින් තොරව දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යන නිසාය . . .
කාන්තාවන් බහුතරයක් මෙවන් අතවරයන්ට ගොදුරු වන්නේ නො දැනුවත්කමේ සහ නො සැලකිල්ලේ විපාක වශයෙනි. නොයෙක් වේශයන්ගෙන් තමන් වෙත සමීප වන්නවුන් කවරකට අර අදින්නේද යන්න ගැන මනා අවධානයෙන් පසුවන කාන්තාවන් අප අතර සිටී නම් ඒ ඉතාමත් අතලොස්සකි. මේ කාරණාව සටහන් තැබීම සම්බන්ධයෙන් කාන්තා පාර්ශ්වය අප හා උදහස් නො වෙත්වා ! ඔබට ආරක්ෂාව සලසා දීම උදෙසා අප දරන මේ ප්රයත්නය සඵල කර ගැනීමට නම්, "නිවැරදි කර ගත යුතු වැරදි" ගැන කථා නො කරම බැරිය . . .
මාර්ගයේ වේවා, පොදු ප්‍රවාහන රථයක වේවා, බස් නැවතුමක වේවා කාන්තාවක් තනිව ම සිටින්නේ නම් හුරුපුරුදු දසුනක් වන්නේ ඇය ජංගම දුරකථනය හා දොඩමළු වන බවයි. එසේ නැති නම් තමන්ගේ කල්පනාවක නිමග්න වෙමින් හුදෙකලා වන බවයි. වත්මනේ උදා වී ඇති තත්ත්වයන් අනුව මේ දෙකම එක සේම අනතුරුදායකය.
ලොව පුරා සිදු කරන්නට යෙදුන සමීක්ෂණයන් ගණනාවකින් ම තහවුරු වී ඇති පරිදි ජංගම දුරකථනය සමඟ කථා බහේ යෙදී සිටින්නියන්, ගමන් මල්ල තුළ යම් යම් දෑ සොයන අතරේ ඇවිද යන්නියන් වැනි අවට පරිසරය පිළිබඳ අවධානයෙන් තොරව සිටින්නියන් සිය ගොදුරු බවට පත් කර ගැනීමට ස්ත්‍රී දූෂකයන් නිතර පෙළඹී ඇත. එසේ ම පොදු වැසිකිලි, පියගැට පෙළවල්, විදුලි සෝපා සහ පාලූ ප්‍රදේශයන්හි හුදෙකලා වීම කාන්තාවන් සම්බන්ධයෙන් නම් අනතුරකට අත වැනීමකි. එනිසා හැකිතාක් පිරිස අතර ගැවසීම මෙන්ම අවට සිදුවන දේවල් සම්බන්ධයෙන් මනා අවධානයෙන් පසු වීම අතිශයින් හිතකරය.
අනවධානය සේම අනුකම්පාවද බොහෝ විට මෙවන් අපචාරයන්ට පහසු ගොදුරු සපයා දෙන්නට සමත්ය. මානූෂීය භාවයන් සලකා බලා උදව් උපකාර කරන්නට පසුබට නො විය යුතු බව සැබෑවකි. එහෙත් ඔබ කාන්තාවක් නම් විශේෂයෙන්ම ඒ ඒ අවස්ථාවන්හි දී ඔබේ ආරක්ෂාව ගැන කෙතරම් දුරට සහතික විය හැකිද යන්න ගැන පූර්ව නිගමනයකට එළඹීම අත්‍යවශ්‍යය. උදව් උපකාර ඉල්ලාගෙන පැමිණෙන්නවුන් අතින් කාන්තාවන් අපහරණයට ලක් වූ බව කියැවෙන වාර්ථාවන් සෑම දිනයක්ම පාසා අප හට අසන්න දකින්න ලැබෙන බව කිසිසේත් අමතක කළ යුතු නැත . . .
මේ සමඟ කථා කළ යුතු අනෙක් කාරණය ඇඳුම් පැලඳුම්වලට අදාළය. පහසුවෙන් ඉවත් කළ හැකි ආකාරයේ ඇඳුම් සහිත වීම මේ අපරාධකරුවන්ට රුකුල් දෙන්නකි. එසේ ම සිරුර විවෘත වන ආකාරයෙන් සහ අඟපසඟ කැපී පෙනෙන ආකාරයෙන් ඇඳුම් භාවිතය ද දිනෙන් දින ඉහළ යන කාන්තා අපචාරයන් සඳහා පිටුවහලක් වන බව සිහි තබා ගත යුතුය. එනිසා සිය දියණිවරුන්ට ඇඳුම් පැලඳුම් තෝරා දීමේ දී හා ඔවුන් අඳිනපලඳින දෑ සම්බන්ධව විමසිලිමත් වීමේ දී දෙමාපියන් සේම, තම තමන්ගේ ඇඳුම් ගැන දියණියන් මෙන් ම අද කාලයේ මව්වරුන් ද වඩාත් සැලකිලිමත් විය යුතුය. දෙයක් සිදු වූ විට පසුතැවිලි වනවාට වඩා එවැන්නක් සිදු වීමේ ඉඩකඩ හැකි සෑම ආකාරයෙන් ම අසුරා තැබීම වඩාත් යහපත්ය. එසේ ම නිවෙස තුළ මනා සන්නිවේදනයක් තිබීම ඉතා වැදගත්ය. සිය දෙමව්පියන්ට වඩා සමීප මිතුරන් දියණියකට සිටිය නො හැකිය. තමන් හා සම්බන්ධ සියලූ දේ අන් කවරෙකුටත් වඩා දැන සිටිය යුත්තේ දෙමව්පියන්ය යන තහවුරුව දරුවන්ගේ ළාබාල අවධියේ සිටම ඔවුන්ට ඒත්තු ගැන්වීම දෙමව්පියන්ගේ වගකීමකි . . .
සමාජයෙන් සිදුවන අතවර වලින් ගැලවීමට ඔබට කළ හැකි දේ . . .
කාන්තාවක් කුමන හෝ ආකාරයකින් පෙරලා පහරදීමක් සිදු කරයි නම් බොහෝ අපරාධකරුවන් ඒ ගොදුර අත්හැර දැමීමට පෙළඹේ. එසේ අත් නො හැරියොත්, ගතවන කාලයත් සමඟ අන් අයගේ නිරීක්ෂණයට ඔවුන් ලක්විය හැකි බවත්, එනිසාවෙන් ම තමන් අනතුරකට මුහුණපාන බවත් අපරාධකරුවන් දනී. එනිසාවෙන් තමන් හට මෙවන් අනතුරක ඉඟියක් හෝ පෙනී ගිය විට පෙරලා ඊට එරෙහි වීමත්, ආත්මාරක්ෂාව උදෙසා ගත හැකි ඉහළ ම ක්‍රියා මාර්ගය ගැනීමත් කාන්තා ඔබේ ආරක්ෂාවට අතිශයින් වැදගත් වනු ඇත.
කිසිදිනක දැක නැති, නන්නාඳුනන පුද්ගලයෙකු අතින් සේම තමන් ඉතා හොඳින් දන්නා අයෙකු අතින් වුවද කාම අපරාධයන් සිදු විය හැකිය. ඒ තැනැත්තා ඇතැම් විට පෙම්වතකු, ඥාතියෙකු, කාර්යාලීය හිතවතෙකු හෝ මිතුරෙකු වීමටද ඉඩ ඇත. වෛද්‍යවරයා, ගුරුවරයා, නීතීඥවරයා, කම්කරුවා හෝ එවන් වෙනත් සේවායෝජකයෙකු වන්නටද පුළුවන. ඒ කවරෙකු වුවද කිසියම් හෝ ආකාරයකින් ඔබව අපයෝජනයට ලක් කරයි නම් කවර තරාතිරමක අයෙකු වුවත් ඔහුට එරෙහි වීමට සහ ඔහුව ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් මෙන්ම එසේ කිරීමේ වගකීමක්ද කාන්තා ඔබ සතුය . . .
බහුතරය කාන්තාවන් මෙලෙස එරෙහි වීමක් සිදු නොකරන්නේ බියත්, ලැජ්ජාවත්, එයින් පසු වෙනත් අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේය යන සැකයත් නිසාය. එහෙත් එසේ එරෙහි නො වීමෙන් සිදු වන්නේ පනින රිළවුන්ට ඉනිමං බැඳීමක් පමණි. එය ඔබව යළි යළි ගොදුරු කර ගන්නට ඔවුන්ට උපකාර කිරීමකි. එසේම තවත් ඔබ වැනි ම වූ අහිංසක කාන්තාවන් බිලි ගැනීමට ධෛර්යය ලබා දීමකි . . .
කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මෙවැනි අපචාරයන්ට නිරන්තරයෙන් ලක් වෙමින් වුවද ඒ පිළිබඳ සඟවා සිටීමට කාන්තාවන් පෙළඹීම හේතු කිහිපයක් නිසා සිදු විය හැකිය. සේවා ස්ථානයේ මෙවන් ගැටලූ උද්ගත වූ විට ඒවා නො සලකා හැරීමට ඔවුන් යොමු වන්නේ ස්වකීය ගරුත්වයට වඩා රැකියාව රැක ගැනීමත්, ඒ සම්බන්ධතාවයන් හරහා අනියමින් සැලසෙන වාසි ප්‍රයෝජන උසස් කොට සැලකීමත්, හීන කාමාස්වාදයට සිත ලොල් වීමත් නිසාය. පෙම්වතා සම්බන්ධයෙන් ඇතිවන මේ ගැටලූවලට විසඳුම් නො සොයන්නේ අහිමි වීම අවාසනාවක් යැයි සිතීම, ආස්වාදය වැනි දේවල් නිසාය. නො දැනුවත්කමින් මෙවන් දේවල්වලට ගොදුරු වන කුඩා දියණිවරුන් නම් බොහෝ විට මේ දේවල් අන්‍යයන්ට නො පවසන්නේ අපයෝජකයාගේ පාර්ශ්වයෙන් සිදු කරන බිය වැද්දීම්, තරවටු කිරීම් හා තෑගි බෝග, ආහාර පාන ආදියෙන් ලැබෙන ලිංගික අල්ලස් නිසාය. මේ කවර හේතුවක් වුවද කාම අපචාරයන් සඟවන්නට හෝ ඒවාට එරෙහි වන්නට "හේතු" නොවන අතර ඒ සියල්ල තත්පරෙන් තත්පරය කාම ගින්නෙන් වියරුව දැවෙන ලෝකය තව තවත් දූෂිත කරවන්නට උල්පන්දම් දීමක් පමණක් ම වේ. ඒ හරහා මානව සමාජය ශික්ෂණයෙන් යුතු දෙයක් බවට පත් කිරීම උදෙසා වූ සමස්ත සමාජ වගකීම කාන්තාවන් අතින් පැහැර හැරෙන බව මතක තබා ගත යුතුය . . .
හැකි උපරිම ආකාරයෙන් මේවාට එරෙහි විය යුතුය . . .
ඔබ කිසිවෙකුගේ කාමාශාවන්වල ගොදුරක් නො විය යුතු, කාමාතුරයන්ට දිරි නො දිය යුතු,එවැනි නො පනත්කම්වලට එරෙහි වීමට පසුබට නො විය යුතු,දිරිය දියණියක්, දිරිය යුවතියක්, දිරිය මවක් විය යුතුය . . .
එසේ ම, මේ අපචාරයන්ට කවර හෝ අනුබලයක් ලබා දීම තුළ කාමය වරදවා හැසිරීම නම් වූ පාපී අකුසලයට තමන් ගොදුරු වන බවද මතක තබා ගත යුතුය. එයින් බිඳී යන්නේද පලදු වන්නේද දිවි දෙවැනි කොට රැක ගත යුතු වූ උත්තුංග ශීලයයි. එවන් විපතකට ගොදුරු වී ජීවත් වන මළ කඳක් බවට පත් වනවාට වඩා අල්ප වූ ආස්වාදයක් හෝ සැපයක් හෝ බියක් වෙනුවෙන් සිල්පද කඩ කර ගැනීමෙන් වැළකී සිටීම කෝටි ප්‍රකෝටි වාර ගණනකින් යහපත් බව සිල් රැකීමේ අනුසස් දැන ගැනීමෙන් ඔබට පසක් වනු ඇත . . .
ඇය ඔබේ මවයි, දියණියයි, සොයුරියයි . . .
තනිව සිටින ඇය දෙස බලන්න . . .
ජීවිතයේ බර ගැන හාංකවිසියක් නො දැන සමනල සිතැඟිවලින් හද පුරවා ගත් දයාබර දියණිය ඔබට පෙනෙනවාද ? හෙට ලොවට කිරි පොවන දයාබර අම්මා ඇයයි. ඒ තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරවන්නට වුවද බැරිකමක් නැත. ඒ අනෙකෙකුගේ දියණියක් නොවේ. දැයේ පිනෙන් පහළ වූ ඔබේ ම දියණියයි. ඔබේ ප්‍රාණය වැනි වූ සුරතල් දියණියයි. ඒ මල් කැකුල රැක ගැනීම ඔබ සතුයි . . .
උදේ රැයින් නිවෙසින් පිටමන්ව රැකියාවට පැමිණෙන ඇය දෙස බලන්න. අඳුරු වැටෙන වෙලාවේ නිවෙස කරා දිව යන ඇය දෙස බලන්න. ජීවිත සටනට උර දෙන ඇය ඇගේ පවුල වෙනුවෙන් මහා කැප කිරීම් කරන්නියක් නොවේද ? තාරුණ්‍යයේ බලාපොරොත්තු මත හෙට දවස ගොඩ නගන්නට වෙහෙසෙන ඇය ඔබේ දියණියයි . . . ඔබේ ම සොයුරිය යි . . . ඇයට රැකවරණ සැලසීම ඔබ සතුයි.
ස්වාමියාගේද දුවා දරුවන්ගේද ගේදොර හා නෑදෑ හිත මිතුරන්ගේද හුදු මහත් කටයුතු වෙනුවෙන් දිවා රැය නො බලා වෙහෙස වන ඇය දෙස බලන්න . . . ඒ ඔබේ මවයි . . . ඔබේ ම බිරිඳ යි . . . ඇයට යම් විපතක් වනතුරු ඔබට බලා සිටිය හැකි ද ? ඇය සුරක්ෂිත කර ගැනීම ඔබේ වගකීමයි.
මඟ තොටේ, දුම්රියේ හෝ බස් රථයේ, කාර්යාලයේ සහ නිවසේ ඔබට මුණ ගැසෙන්නේ ඇයයි. ඒ අනෙකෙකුගේ මව, බිරිඳ, දියණිය හෝ සොයුරිය නොව ඔබේම මව, බිරිඳ, දියණිය හා සොයුරියයි . . .
ඇය කොතැන දී කෙලෙසින් මුණ ගැසුණත් ඔබේ දර්ශනය ඇයට අපහසුව, බිය හෝ සැකය ඇති කරවන්නක් නොව සුරක්ෂිත බවේ හැඟීම් ඇති කරවන්නක්ම විය යුතුයි. ඔබ පමණක් නොවේ, ඔබේ පියා, සොහොයුරා, පුතා, හිතවතා යන සියල්ලෝමත් මේ වගකීම නිසියාකාරයෙන් ඉටු කරන්නේද යන්න ගැනත් විමසා බැලීමේ වගකීම ඔබ සතුයි. තනි තනිව ඔබ නිවැරදි වන්නේ නම්, පොදුවේ සියල්ලන් නිවැරදි කළ හැකි නොවේද ? එනිසා දැනුවත් විය යුතුයි, එසේ ම දැනුවත් කළ යුතුයි . . .
මහා පරිනිබ්බාන සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා කාන්තා පාර්ශ්වයට ගෞරව, සම්මාන, සැලකිලි දැක්වීම, අපරිහානී ධර්මයක් ලෙස. එය අනුගමනය කරන තාක් දියුණුවක් මිස පිරිහීමක් ඇති නො වන බවයි බුද්ධ භාෂිතය. දහමින් බැහැර වූ ජාතියක් දිනෙන් දින ම පිරිහෙනු මිසක දියුණුවක් නම් කෙලෙස, කෙදිනක දකින්නද?
"ඔබ" නිවැරදි නො වනතාක් "ඇය" මේ සමාජයට බියෙන් ජීවත් වනු ඇත. "ඇය" මේ සමාජය ගැන පිළිකුලෙන් ජීවත් වනු ඇත. "ඇය" මේ සමාජය ප්‍රතික්ෂේප කරමින් ජීවත් වනු ඇත. "ඇය" එසේ ජීවත් විය යුතු ද ?
එය එසේ නො විය යුතු වගට ඔබ සියල්ලන් එකඟ වූ දිනයක මේ කටුක සමාජ යථාර්ථය සහමුලින් ම කණපිට හරවන්නට අපට අපහසු නැත . . . එදිනට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවෙන් කෙළවර වන මේ සොඳුරු දිවයින එකසේ ම බිය රහිත වනු ඇත. සැක රහිත වනු ඇත. ලක්මව මුළුමහත් ලෝකයාටම සාඩම්බර වනු ඇත.
උපුටා ගැනීමකි . . .

4+