--*ඇය*--

chaminV2

Junior member
  • Oct 12, 2014
    95
    21
    8
    ගෙදර ඕයි!
    එළකිරියේ හැමෝටම ආයුබොවන්...ඔන්න මගේ පලවෙනි ත්‍රෙඩ් එක...කිරියේ පොස්ට් කියවන්න අලුත් නැතත් ත්‍රෙඩ් දාන්න අලුත්.. :yes: දන්න දේ අනිත් අය එක්ක බෙදාගන්න කැමති නිසා අලුත් මෙහෙම වැඩේ පටන් ගන්න හිතුනා..විනෝදාංශයක් විදියට කෙටි කතා ලියනවා..ඉතින් එහෙම ලියපු එකක් තමා අද පලවෙනි ත්‍රෙඩ් එක විදියට මම එලකිරිවාසී ඔයාලට දෙන්නේ..කියවල බලලා සතුටු වෙනවානම් මටත් සතුටුයි. ;) .කාර්යබහුල උනත් පුලු පුලුවන් වෙලාවට කතාවක් ලියල දාන්න තම අදහස..ඉතින් රසවිඳින්න...

    --*ඇය*--

    ඇති වූ කනස්සලු ගතිය සේස්සන්ගේ මුහුණුවලට වඩා
    මගේ මුහුණෙන් පෙනෙන්නට ඉඩ නොදි තබා ගැනිම
    ඉතා අපහසු කරුණකි.
    මේ සියල්ලන්ටම වඩා මා ඇය ගැන දනී.
    බණ ගෙදර අහවර වු පසු නැවත එන්නට හැරුනත් ඇයගේ
    සේයා රූ මා අසලම සිටිනු යැයි හැගෙන විට හිතෙ ඇති වු
    මලානික බව තවත් වැඩි වෙයි..
    සැවොමටම ආචාර කොට එලියට බහින්න හැදුවා පමණි.
    "දරුවෝ,කොහෙද යන්නේ?"
    "බෑ අම්මේ..මට ටිකක් මහන්සියි.."
    "මෙහෙ එන්නකෝ";
    "මම දන්නවා,පුතේ ඔයගේ හිතෙ තියෙන දුක.."
    "එත් අපි කියලා මොනවා කරන්නද? ඔය ළමයත් ගොඩක් වෙහෙසුනා කියල අපි දන්නවා..එත්.."
    ඉතිරි වචන ටික ඇයට ගලපන්නට මත්තෙන් කඳුළු කැට පේලියට ගැලපෙනවා
    මා දුටිමි.
    "මං ගිහින් එන්නම් අම්මේ..."
    තමන්ගේ පුතෙකුට සලකන ආකාරයෙන් ඇයද මට සැලකුවාය.
    ප්‍රියයාගෙන් වෙන්වීම ඇයට මහත් දුකක් බව ඇයගේ දෙනෙත මට පසක් කලේය.
    එලියට බැස මොටර් රථයට ගොඩවී බර කල්පනාවකට වැටුනේ ඇයගෙත් මගෙත්
    සම්බන්දය එසේ මෙසේ එකක් නොවුන නිසාවෙනි.
    ජිවිතයේ හැලහැප්පිම් වලදි මට නිවැරදි පාර කියා දුන්නේ ඇයය.
    මා සතුටු වෙන වාරයක් පසා මට වඩා ඇය සතුටු වෙනු මා අනන්තවත් දැක ඇත.
    වරෙක මට මාගේ අම්මා වුයේ ඇයය.
    වරෙක මගේ හොඳම යහලුවා වුයේද ඇයය.
    උපන් දා සිට දෙමාපියන් අහිමි වු මට අද වෙනතුරුත් ඒ අඩුව, අඩුවක් නොවන්නට ඈ වග බලාගත්තාය.
    ළමා නිවාසයෙන්,පාසලෙන්,සරසවියෙන් ලැබු අධ්‍යාපනයත් සමඟ,ජිවිතේ සැබෑ අරුත ඈ
    විසින් මට කියා දුන්නාය.
    වෛද්‍යවරයෙකු ලෙස ජිවිතය ආරම්භ කල මා හට හදිසි මාරුවක් මහරගම පිළිකා රෝහලට ලැබුනේ
    මා පෙර කරන ලද පිනකටයැයි මට දැන් සිතේ.
    දිනක් හදිස්සි අවස්ථාවක් වු බැවින් ඉක්මනින් මා රෝහලට ගෙන්වනු ලැබිණි.
    රොගියා ගේ තත්වය උග්‍ර අතට හැරි තිබූ මුත් නැවත රොගියගේ ප්‍රාණවත් බව ලඟා කර දීමට මට හැකිවිණි.
    මහා යුද්ධයක් ජයගත් පසු ලැබෙන සතුට එහා සතුටක් මට ලැබෙන්නේ එ සජිවි ප්‍රාණය නිසාවෙනි.
    වැඩ නිමවි නැවත යාමට සැරසුන මුත් හිමි වාට්ටුවට යෑමට හැරුනේ රොගින් ගේ තත්වය නිසි අන්දමින්
    දැන ගැනීමටය.
    ඇය සිටියේ වාට්ටුවේ අවසාන රෝගියා ලෙසය.
    සියලුම රෝගින්ගේ තත්වය මා පරික්ෂා කරනා අන්දම ඇය හොදින් බලා සිටිනු වරක් මා දුටුවෙමි.
    ඇය බලා සිටියෙ පරික්ෂා කරන රෝගින් දෙස නොව මා දෙසය.
    අවසානයේ ඇය ලගට මා පැමිණියෙමි.
    "කොහොමද දැන්...අද නේද අවේ...ම්ම්..."
    "ඔව්..."
    "බෙහෙත් ටික හරියට ගන්න ඕනි හොඳ වෙන්න නම්.."
    "එහෙමයි මහත්තයො.."
    "අනේ මට මහත්තයා කියල නම් කියන්න එපා..මාත් සමාන්‍ය කෙනෙක් නේ.."
    "අනේ එත් ඉතින්"
    "එත් ඉතින් මොක්ද්ද...ඔන්න අද ඉදල මහත්තයා නෙමේ.."
    "පුතේ...!!"
    "කියන්න ආත්තම්මේ..."
    "පුතා හරියටම මගේ නැති වුන පොඩි පුතා වගේ..."


    ----***අදට නිමි***----
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පස්සේ හිමීට බලන්නම් ..පලවෙනි පොස්ට් එකට රේප් දෙන්න බෑ අදට කෝටා ඉවරවෙලා ..

    ඔන්න බම්ප් එකක්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලස්සන කෙටි කතාවක්.. දිගටම ලියන්න පළවෙනි පොස්ට් එකෙන් ලොකු ප්‍රතිචාරයක් ලැබෙයි කියලා මම හිතනවා.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,599
    7,808
    113
    මෙන්න මෙතන...
    අම්මට හුඩු...උබ දැන් කෙටි කතාත් ලියනවද...:P:P:P

    4029539.gif
    4029539.gif
    4029539.gif
    4029539.gif
    4029539.gif
    4029539.gif
    4029539.gif
    4029539.gif
    4029539.gif
    4029539.gif
    4029539.gif
    4029539.gif
    4029539.gif


    එල එල දිගටම ලියපන්..:yes::yes::yes::D:D:D
     

    chaminV2

    Junior member
  • Oct 12, 2014
    95
    21
    8
    ගෙදර ඕයි!
    මරුසිරා;19645465 said:
    පස්සේ හිමීට බලන්නම් ..පලවෙනි පොස්ට් එකට රේප් දෙන්න බෑ අදට කෝටා ඉවරවෙලා ..

    ඔන්න බම්ප් එකක්


    හෙමිහිට බලන්නකෝ..ස්තූතියි
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    "ඇය", කියද්දී මට මතක් වනුයේ සුමීරි අක්කාවය! ඇයට මම ප්‍රේම කරනා බව දන්නාමුත්, ඇයගේ කැ* cousin මල්ලීගෙන් මට sup එකක් නැත්තේය. :angry::angry::angry::angry:

    Rep + ය
     

    chaminV2

    Junior member
  • Oct 12, 2014
    95
    21
    8
    ගෙදර ඕයි!
    "ඇය", කියද්දී මට මතක් වනුයේ සුමීරි අක්කාවය! ඇයට මම ප්‍රේම කරනා බව දන්නාමුත්, ඇයගේ කැ* cousin මල්ලීගෙන් මට sup එකක් නැත්තේය. :angry::angry::angry::angry:

    Rep + ය

    පව් නේ බං උබ.. :rofl::rofl::rofl::rofl::rofl: