මට ලංකාවේ ගොඩ දෙනෙක් එක්ක කතා කරද්දී දැනිච්ච දෙයක් තමා , ලංකාවේ ගොඩ දෙනෙක්ට මිලියන , බිලියන, ට්‍රිලියන කියන අගයන් ගැන එච්චර අදහසක් නැ කියන එක. ඒ හින්ද තමා මට මේ පොස්ට් එක ලියන්න හිතුනේ.
හරි බලමු මුලින්ම ඒ ඉලන්කම් ලියන්නේ කොහොමද කියලා,
> මිලියනය = 1,000,000 (ලක්ෂ 10 ක්)
> බිලියනය = 1,000,000,000 (මිලයන දාහක්)
> ට්‍රිලියනය = 1,000,000,000,000 (බිලයන දාහක් හරි ,මිලියන මිලියනයක්)
අංක වලින් කියනවට වැඩිය මේ අගයන් වල විෂාලත්වේ තේරුම් ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා, ඒ ක්‍රමේ තමා කාලය මනින ඒකකයක් මේ අංක එක්ක සමබන්ද කරන එක, මොකද කාලය කියන එක ගොඩ දෙනෙක්ට දැනෙන හින්ද.
හරි අපි බලමු තත්පර මිලියනක්, බිලියනයක්, ට්‍රිලියනයක් කියන්නේ කොච්චර කාලයක්ද කියල.
> තත්පර මිලියනයක් → දවස් 11 යි පැය 14 ක් විතර
> තත්පර බිලියනයක් → අවුරුදු 31 යි මාස 9 ක් විතර
> තත්පර ට්‍රිලියනයක් → අවුරුදු 31710 ක් විතර
මන් හිතනවා මේ උදහරනෙන් ගොඩ දෙනෙක්ට මිලියන , බිලියන, ට්‍රිලියන කියන අගයන් වල විෂලත්වේ ගැන අදහසක් එන්න ඇති කියලා.
ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු ලංකාවේ ප්‍රසිද්ද අංක ටිකක්
* මහ බැංකු වංචාව (2015) → 11 US $ millions = රුපියල් බිලියන 2.2 // 1 US $ is taken as Rs 200
* සීනි බදු වංචාව (2021) → රුපියල් බිලියන 15.9
* ලංකාව 2021 මුද්‍රණය කරපු මුදල් ප්‍රමාණය → රුපියල් බිලියන 1200 ( ට්‍රිලියන 1.2)
* ලංකාව 2022 මේ වනවිට මුද්‍රණය කරපු මුදල් ප්‍රමාණය → රුපියල් බිලියන 400 ක් විතර
* ලංකාව ගෙවන්න තියෙන මුළු නය ප්‍රමාණය → ඇමරිකන් ඩොලර් බිලියන 51 = රුපියල් බිලියන 16320 // 1 US $ is taken as Rs 320
ලංකාවේ ගෙවන්න තියෙන මුළු නය ප්‍රමාණය ගැනත් පොඩි අදහසක් ගමු.
* ලංකාවේ එක් පුදගලයෙකුට ලැබෙන නය ප්‍රමාණය = 742,000 විතර
* රුපියල් දාහේ කොළ වලින් බැලුවොත් නය ප්‍රමනේ දාහේ කොළ බිලයන 16.32 (16,320,000,000) කට සමානයි. මේ දාහේ කොළ ටික දිග අඩු පැත්ත එක දිගට තිබ්බොත් කිලෝ මීටර් 1,093,440 ක් දුරට තියන්න පුළුවන්. මේක පොලවේ ඉඳන් හඳට තියෙන දුර වගේ තුන් ගුණයක් විතර වෙනවා. ඒ වගේම පෘතුවිය වටේ 27 ත් සැරයක් විතර ඔතන්න පුළුවන්. තවත් කීවොත් පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට 2530 ස් සැරයක් විතර තියන්න පුළුවන්.
මට හිතෙනවා මේ පොස්ට් එක කියෙව්වම මිලියන , බිලියන, ට්‍රිලියන කියන අගයන් ගැන වගේම ලංකාවේ නය ප්‍රමනේ ගැනත් අදහසක් එන්න ඇති කියල.
sources
* central bank bond scandal (2015)
https://en.wikipedia.org/wiki/Central_Bank_of_Sri_Lanka_bond_scandal
* Sugar scam (2021)
https://economynext.com/sugar-scam-...illion-in-tax-revenue-finance-ministry-79636/
* Money printing in 2021
https://economynext.com/sri-lanka-money-printing-tops-rs1-2-trillion-in-2021-90488/
* Money printing in 2022
https://en.wikipedia.org/wiki/2019–present_Sri_Lankan_economic_crisis
* Sri Lanka Total Gross External Debt
https://tradingeconomics.com/sri-lanka/external-debt
* thousand rupee note dimensions
https://www.cbsl.gov.lk/en/notes-coins/notes-and-coins/current-note-series

