ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ

ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ

ඔබට වාහනයක් තියෙනවද... ඒකේ ෆිනෑන්ස් ඇරියස්ද... එහෙම නැත්නම් ඇරියස් වෙන්න ළඟද... එහෙනම් මේ ලිපිය කියවන එක ඔබට වටීවි... මොකද මේ යාළුවෝ කරන්නේ ඒ වගේ වාහන උස්සන එක... තැන, නම, ගම, වයස ගැන හිතන්නේ නැතිව මේ කතාව කියවලා බලන්න...
දැන් අයියේ ඔයා දැකලා තියෙනවද පත්තරවල අපි දානවා අහවල් වාහනේ හදිසියේ විකුණනවා. නොම්බරේ අපි නිකමට හිතමු (ම්ඒ- 7×××) කේ.ඒ. හතයි... අනෙක් නොම්බර වහලනේ තියෙන්නේ එක්ස් අකුරෙන්...
ඔව්...

එතකොට ඒ නොම්බරේ ටිකක් හිතලා බලද්දී තේරෙනවා ඒක ඇරියස් වාහනයක් වගේ කියලා...
එහෙම කොහොමද හිතන්නේ...
ඒකට ටිකක් ඉව තියෙන්න ඕනේ... ඊට පස්සේ ඒ නම්බර් එකට කෝල් එකක් දෙනවා... එතකොට ඒ පැත්තෙන් කතා කරන කෙනා කියනවනේ ගණන් එහෙම... ඇවිල්ලා බලන්න කියනවා...

ඉතිං ඒ වුණාට අර නොම්බරේ හොයාගන්නේ කොහොමද...
ඒකට මොළේ පාවිච්චි කරන්න ඕනේ... මුලින්ම කතා කරන්නේ අපේ කෙල්ලෙක්.. එයා කතා කරලා වාහනේ විස්තර උඩින් පල්ලෙන් අහනවා.. අහලා ෆෝන් එක කට් වෙන්න ළං වෙලා බොරුවට හයියෙන් කියනවා... 'තාත්ති ඒ වාහනේ නම් හොඳයි වගේ...' කියලා ෆෝන් එක තියනවා... එතකොට දැන් අර වාහනේ විකුණන්න දාපු කෙනා හිතන්නේ වාහනේ ගන්නේ දුවට... තාත්තා තමයි අරන් දෙන්නේ කියලනේ...

ඔව් හරි...
ඊට පස්සේ පැයක් විතර ඉඳලා ආයෙත් අර නොම්බරේට ගන්නවා අපේම කෙනෙක්. හිච්චි අයියා තමයි ඒකට කියාපු බඩුව... එයා කතා කරලා කියනවා දුව වාහනයක් ගැන කිව්වා... මොකක්ද වාහනේ... කොහොමද ගණන් මිනුම්... බොඩි කන්ඩිෂන් කොහොමද...... එහෙම විස්තර අහලා කියනවා අපේ ගෙදර සාමාන්‍යයෙන් එකතුව දහතුන එන වාහන, නවය එන වාහන ගන්නේ නෑ... ඒ නිසා නොම්බරේ කීයද එකතුව කියලා අහනවා... හුඟක් වෙලාවට එහා පැත්තෙන් ඒ වාහනේ නොම්බරේ එහෙම පිටින්ම කියනවා... සමහර වෙලාවට අංකවල එකතුව නෙවෙයි අන්තිම අංක දෙක.. මේ ගාණ හිතමු.. ‍ෙදාළහ කියලා... අපි එහෙම වාහන ගන්නේ නෑ... මහත්තයාගේ වාහනේ එහෙම නෑ නේද කියලා බෝලයක් බස්සනවා...

ඉතිං අහුවෙනවද...
මෙහෙමයි... ඉරිදා පත්තරවල ඇඩ් දැම්මාම ඉරිදාට කතා කරලා වැඩක් නෑ... එදාට ඉන්නේ බඩේ බත් ටික වගේ වැඩේ බිස්නස් වෙයි කියල හිතාගෙන... ලොකු ඔළුවෙන් ඉන්නේ... එදාට සද්ද නොකර පාඩුවේ ඉන්න ඕනේ... ඊට පහුවදාට පහුවදා තමයි කතා කරන්න ඕනෙ. එතකොට රැස් බැහැලා තියෙන්නේ... ඔතැන තව ප්‍රශ්නයක් තියෙනවානේ...... මොකද වාහනේ ඇරියස් වෙලා උස්සන්න ඉස්සර පත්තරේට ඇඩ් එක දාන කෙනා හිතන්නේ වාහනේ විකුණාගෙන ගාණක් අතට අරගෙන ෆිනෑන්ස් කම්පැනියට කොකා පෙන්නන්න... ඒ නිසා එයා ඉන්නේ අධි මානසිකත්වයෙන්... කෙළවලා ගන්නම් කියලයි ඉන්නේ...
ඉතිං එක වාහනේටද එහෙම ඩීල් දාන්නේ...

නෑ.. අයියේ වාහන විස්සකට තිහකට එහෙම දානවා... කොහොම හරි එකක් දෙකක් ගාණට උස්ස ගන්නවා... ඒ ඇරෙන්න වාහනවල ඇරියස් කිව්ව ගමන් අපි අහනවා ඇඩ්වාන්ස් එකක් දාන්න එකවුන්ට් නම්බර් එකක් දෙන්න කියලා... එතකොට වැඩේ තවත් තහවුරු වෙනවනේ... තව ඉතිං මෝස්තර ගොඩක් දානවා... ඒ කියන්නේ වාහනේ කොහේද තියෙන්නේ කියලා දැනගෙන බොරුවට කියනවා කොළඹට ගේන්න.. මේ දවස්වල අපි ලොකු බිස්නස් එකක හිරවෙලා ඉන්නේ... ඒකයි ඇවිත් ගන්න බැරි... එහෙම කියනවා... වැඩේට එනකොට යාළුවාව කොටුකර ගන්නවා...

හරි මට කියන්න ඔයාලා එහෙම වාහනේ නම්බර් එක හොයා ගත්තට කොහොමද ඒක සීස් වාහනයක් කියලා දැන ගන්නේ...
කතා කරලා අහනවා ලීසින් කම්පැනිවලින්... මෙහෙම අංකයක් තියෙන වාහනයක් තියෙනවද ඇරියස් වෙලා... එතකොට වාහනේ ඇරියස් නම් ඒ කම්පැනි එකෙන් කියනවා... ඊට පස්සේ කරන දේ වාහනේ සීස් ඕඩර් එකක් දා ගන්නවා... ටක් ගාලා ඒවා කරගන්න පුළුවන්... වාහනේ සීස් කරන්න ඉන්න සීස් කරන සෙට් එකකට වැඩේ භාරදීලා බලා ඉන්නවට වඩා අපි ළඟටම වාහනේ ගෙනත් දෙනවා කිව්වාම සීස් ඕඩර් එකක් ටක් ගාලා දෙනවා කම්පැනි එක...
ඉතිං සීස් වාහන හංගලානේ තියෙන්නේ...

ඒක තමයි... වාහනේ සීස් වෙද්දි රෝද ගලවලා, කෑලි අයින් කරලා කොට උඩනේ තියෙන්නේ... එහෙම වාහනයක් ගේන්න යන වියදම වැඩියි.. ඒ නිසා හොඳම දේ අපි වගේ සෙට් එකකට වැඩේ භාර දෙනවා...
කීයක් විතර දෙනවද වාහනයක් සීස් කරනවට...
ලක්ෂ පහ දෙන තැනුත් තියෙනවා... වාහනේ අනුවනේ... සාමාන්‍යයෙන් පනහකට හැටකට එහා තමයි හැම එකක්ම වෙන්නේ... කොහොම හරි වාහනේ සීස් ඕඩර් එකක් අරගෙන අපි යනවා වාහනේ තියෙනවා කිව්ව පොලිස් ඒරියා එකට... එතකොට ගිහින් පොලිසියේ ඇන්ටි්‍ර එකක් දානවා... ඊට පස්සේ යනවා වාහනේ තියෙන ගෙදරට...
උස්සන්නද යන්නේ...

ඉන්නකෝ කතාව කියනකම්... වාහනේ උස්සන්න නෙවෙයි යන්නේ... වාහනේ ගන්න යන්නේ... තව ඉතිං මඟදී එහෙම බොරුවට එන්න බැරිද අහනවා අහවල් බැංකුවට... එතැනදී වැඩේ කරමු කියලා... හා කිව්වොත් කියනවා නෑ නෑ එහෙනම් අපි එන්නම්කෝ කියලා... එහෙම කියලා යනවා ගෙදරට.. වාහනේ බලලා... කන්ඩිෂන් එහෙම මදි කියලා ගාණ ටිකක් අඩු කරන්න කියනවා.. තව ඉතිං ටිකක් කතා කර කර ඉඳලා වාහනේ රනින් කන්ඩිෂන් බලන්න ට්‍රෑල් එකක් යමු කියනවා... ගෙදර කෙනෙක්ට හරි දෙන්නක්ට හරි නඟින්න කියනවා... අපේ ගිය අය ඔක්කොමත් ඒ කියන්නේ අපේ යන්නේ දෙන්නයි... අනෙක්් අය ඉන්නේ මඟ... අනෙක යන්නේ නිකන් පාරේ යන ත්‍රීවීල් එකක් නවත්තගෙන...

මේ තවුසන් ටෝක් දුන්නු අය...
ඔව්... වාහනේ ගන්නනේ යන්නේ... අනෙක වාහනේ රනින් ටෙස්ට් එක යන්න ඉස්සර රුපියල් තුන්දාහක් විතර බොරුවට දෙන්න හදනවා ගෙදරදි... සමහරු ඒක ගන්නවා... එහෙම ගන්න අයට ඒකවත් ඉතිරියි... අනෙක් අය ඒකත් එපා මුළු බිස්නස් එකම එකපාර කරමු කියනවා... එහෙම කියලා වාහනේ ස්ටාට් කරගෙන කිලෝමීටර් තුන හතරක් යනවා... අපේ අනෙක් කට්ටිය ඉන්න තැන කිට්ටු වෙද්දි අර වාහනේ ආව ගෙදර අයට සීස් නෝට් එක පෙන්නලා "ජෝගි ඉවරයි බැහැලා යන්න..." කියනවා... සමහරු ඉතිං එනවා කෑ ගහගෙන... බැනගෙන... එතකොට ඉතිං අපේ අවම බලය... ඒ කියන්නේ ඇදලා වාහනෙන් එළියට දාලා ටාර් ගාලා මාරු වෙනවා අපේ සෙට් එක ඉන්න තැනට... එතැනට ගිය ගමන් කරන්නේ මුලින්ම තෙල් දාන එක... මොකද ඔය සීස් වෙලා තියෙන වාහනවල තෙල් නෑ... කොතැන නවතියිද දන්නේ නෑ... ඊට ඉස්සර අපි වාහනේ ගන්න යන්න හැම තැනම බලලා හොඳ තැනක් සලකුණු කරගන්නවා වාහනෙන් ඒ කට්ටිය ෂේප් එකේ බස්සන්න පුළුවන්... සෙනඟ අඩු, ඔය කුඹුරක්, පාළු වත්තක් ඒ වගේ... ඒවා ප්ලෑන් කරලා කරන්නේ...
පිස්සු හැදෙනවා නේද......

ඔව් ඕවා ටොයිස් වැඩ... දවසක් මරදානෙදි ත්‍රීවීල් එකක් වාහනේ... අංකල් කෙනෙක් එළෙව්වේ... අපි ගිහින් නැඟලා හයර් එකක් යන්න කතා කළා... අයිතිකාරයා වාහනේ විකුණන්න දාලා... අංකල් දන්නේ නෑ... අපි හයර් එක ගිහින් අංකල්ට කිව්වා කාසල් එක ළඟදී දැන් මේ සල්ලි තියාගන්න කියලා. රුපියල් එකසිය පනහක් දුන්නා... ඒ ගමන අංකල් අහනවා ඇයි මේ සල්ලි කියලා... අපි කිව්වා අංකල් දැන් ආයෙ යන්න එපායැ... ත්‍රීවීල් එක අපි ගෙනියනවා... මේ තියෙන්නේ සීස් නෝට් කියලා... අංකල් ඇහුවා එහෙම කොහොමද ගෙනියන්නේ කියලා... මෙන්න මෙහෙමයි ගෙනියන්නේ කියලා අංකල්ව ඇදලා දැම්මා එළියට... වාහනේ ගත්තා අපි ගියා... එහෙමයි ඇරියස් වාහන විකුණන්න දාලා තියෙද්දී අපි ගන්නේ...

හොඳටෝම ඇති නේද...... වාහනේ මොනවා නිසා හරි ඇරියස් වුණොත් දෙයියනේ කියලා මේ ලිපියෙ පිළිවෙළ මතක තියාගෙන බොහොම කල්පනාවෙන් වැඩෙන් ගොඩ යන්න... වාහනේ සීස් කරනවා කියන්නේ මං දන්නවා ගෙවලා ගෙවලා ඉන්න කෙනෙක්ට අතක් පයක් කැඩුණා වගේ... ඉතිං තව මොනවද මං ඔබට කියන්නේ... ඒ ගැන හිතලා බලන්න ඔබම...
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මමනම් හැමවෙලාවෙම හැමෝටම කියන්නේ ච්කොච්චර අමාරු උනත් ලිසිං කොම්පන්ය් වලින් නම් ගන්න එපා. පුළුවන් තරම් බැංකුවකින් ගන්න බලන්න. බැංකුවකින් ලේසියට වාහන උස්සන්නේ නැහැ. අනෙක ශ්‍රී ලංකාවේ නිස්ති සංග්‍රහයට අනුව වාහන උස්සන්න බලයක් නැහැ. කල හැක්කේ නඩු පවර උසාවිය මාර්ගයෙන් වහනය පවරා ගැනීම පමණයි.

මම දන්නා චාටර්ම ලිසිං කොම්පැනි. මම හිතන්නේ LOLC එකනම් ටිකක් හොඳයි.

මේ අයගෙන් නම් ගන්න එපා කවදාවත්.
වැලිබල් ෆිනෑන්ස්
L.B. Finance

Last edited:

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka

    AMW eken gananth epa lease, man nam hirawela inne hondatama, gini poli unge
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    machan waahana cease karanne keeyak withara arrears unahamada?

    සමහරු මාස දෙක ඇරියස් වෙනකොට උස්සනවා බන්. හැබැයි දන්නා විදිහට LOLC එකනම් එහෙම නැහැලු. හරියට නොදනිමි.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මමනම් හැමවෙලාවෙම හැමෝටම කියන්නේ ච්කොච්චර අමාරු උනත් ලිසිං කොම්පන්ය් වලින් නම් ගන්න එපා. පුළුවන් තරම් බැංකුවකින් ගන්න බලන්න. බැංකුවකින් ලේසියට වාහන උස්සන්නේ නැහැ. අනෙක ශ්‍රී ලංකාවේ නිස්ති සංග්‍රහයට අනුව වාහන උස්සන්න බලයක් නැහැ. කල හැක්කේ නඩු පවර උසාවිය මාර්ගයෙන් වහනය පවරා ගැනීම පමණයි.

    මම දන්නා චාටර්ම ලිසිං කොම්පැනි. මම හිතන්නේ LOLC එකනම් ටිකක් හොඳයි.

    මේ අයගෙන් නම් ගන්න එපා කවදාවත්.
    වැලිබල් ෆිනෑන්ස්
    L.B. Finance

    මේක වැරදියි මචන්. Absolute owner ට හැකියාව තියනවා වාහනය ගන්න හිග වාරික නොගෙවීම මත. හැබැයි ඇබ්සලූට් ඔව්නර් ලියාපදින්චි මූල්ය සමාගමක් වෙන්න ඔනා. ඉතින් ඔය ලීසින් ඔක්කොම ලියාපදින්චි උන් නිසා ලීගලි උන්ට බලේ තියනවා..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේක වැරදියි මචන්. Absolute owner ට හැකියාව තියනවා වාහනය ගන්න හිග වාරික නොගෙවීම මත. හැබැයි ඇබ්සලූට් ඔව්නර් ලියාපදින්චි මූල්ය සමාගමක් වෙන්න ඔනා. ඉතින් ඔය ලීසින් ඔක්කොම ලියාපදින්චි උන් නිසා ලීගලි උන්ට බලේ තියනවා..

    නැහැ මචන් මම එක හොඳටම දන්නවා. මොකද අපේ ලොකු මහප්පා උසාවියේ ලෝයර් කෙනෙක්. ඇබ්සලුට් ඔව්නර් ට තමයි අයිතිය තියෙන්නේ වාහනේ. හිඟ වාරික පැහැර හරිම නිසා වහනය පවරා ගන්න පරම බලය ලිසිං සමගම සතු වෙනවා. ඒක හරි. නමුත් මහමග දී පැහැරගැනිම කල නොහැකියි. කල හැක්කේ උසාවියේ නඩුවක් පවරා උසාවි තීන්දුවක් මගින් වහනය ලිසිං සමගම වෙත පැවරීමය.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    හොද පොස්ට් එකක් !

    මෙම කාරණයට කෙලින්ම අදාල නොවුනත් මෙන්න මේ ගැනත් අදහස් ටිකක් කියන්නකෝ ...:confused::confused::confused:

    අපි හිතමු අපේ වාහන අත්පිට මුදලට ගත්ත , 1st owner, කාලයක් හොදින් පාවිච්චි කරපු වාහනයක් කියල. දැන් අපි මේක විකුනන්න යන්නේ. වාහන ගන්න දෙතුන්දෙනෙක් එනවා, ඔවුන් වාහනයට කැමතියි, මිලදී ගන්න කලින් test run එකක් යන්න ඔවුන් ඉල්ලනවා , එකත් සාදරනයිනේ ... නමුත් මේකත් තරමක අවදානම් වැඩක්නේ ...අපිත් වාහනේ ගියත් මගදී පිස්තෝලයක් පෙන්නලා අපිව ඇදල දාල වාහනේ අරගන යන්න පුළුවන් !!! මේ වගේ අවස්ථාවකදී test run එකක් යන්න දෙන්නේ කොහොමද අවදානම අවම කරගන ???:confused::confused::confused:
     
    • Like
    Reactions: Shaiman

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැහැ මචන් මම එක හොඳටම දන්නවා. මොකද අපේ ලොකු මහප්පා උසාවියේ ලෝයර් කෙනෙක්. ඇබ්සලුට් ඔව්නර් ට තමයි අයිතිය තියෙන්නේ වාහනේ. හිඟ වාරික පැහැර හරිම නිසා වහනය පවරා ගන්න පරම බලය ලිසිං සමගම සතු වෙනවා. ඒක හරි. නමුත් මහමග දී පැහැරගැනිම කල නොහැකියි. කල හැක්කේ උසාවියේ නඩුවක් පවරා උසාවි තීන්දුවක් මගින් වහනය ලිසිං සමගම වෙත පැවරීමය.
    උසාවියේන් ආයේ අහවල් තීන්දුවක් දෙන්නද/ වාහනේ අයිති එකාට දෙනවා ඇරෙන්න. ලොයර් උසාවියේ කේස් එකක් දාපු ගමන් වාහනේ මස් කරලා විකුනයි නයකාරයා.. ලීසින් උන්ට හොම්බෙන් යන්න වෙන්නේ එහෙම උනොත්..
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ඇරියස් වාහන විකුනන්නෙ කොහොමද බන්.වික්කත් අලුතෙන් ගත්ත එකාගෙන් වාහනෙ ගන්න බැරිද ලිසිං කොමපැනියට,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හොද පොස්ට් එකක් !

    මෙම කාරණයට කෙලින්ම අදාල නොවුනත් මෙන්න මේ ගැනත් අදහස් ටිකක් කියන්නකෝ ...:confused::confused::confused:

    අපි හිතමු අපේ වාහන අත්පිට මුදලට ගත්ත , 1st owner, කාලයක් හොදින් පාවිච්චි කරපු වාහනයක් කියල. දැන් අපි මේක විකුනන්න යන්නේ. වාහන ගන්න දෙතුන්දෙනෙක් එනවා, ඔවුන් වාහනයට කැමතියි, මිලදී ගන්න කලින් test run එකක් යන්න ඔවුන් ඉල්ලනවා , එකත් සාදරනයිනේ ... නමුත් මේකත් තරමක අවදානම් වැඩක්නේ ...අපිත් වාහනේ ගියත් මගදී පිස්තෝලයක් පෙන්නලා අපිව ඇදල දාල වාහනේ අරගන යන්න පුළුවන් !!! මේ වගේ අවස්ථාවකදී test run එකක් යන්න දෙන්නේ කොහොමද අවදානම අවම කරගන ???:confused::confused::confused:
    හොදම දේ තමා මචන්, ටෙස්ට් රන් එකක් යනකොට වාහනේ අනිවාර්යෙන් යන්නේ උබලගේ ගම් පලාතේ පාරකනේ ඒ නිස උබ ගයිඩ් කරපන්. ඌට ඔනා ඔනා තැන යන්න දෙන්න එපා. අනික එක්කෙනෙක් විතරක් එක්ක පලයන් වාහනේ. උබේ පැත්තෙන් අනිවා එකෙක් පිටිපස්සේ සීට් එකේ ඉන්දවහන්.. අනිවාර්යෙන්ම වාහනේ ගන්න ආපු එකෙක්ගෙන් එකෙක්ව ගෙදර නවත්තගනින් උබලා එනකන්.. ඔය ටික කලාම ශේප්. අනික ඔය යක්කු දැක්කම කියන්න පුලුවන් මුන් ගන්න උන්ද ටයර් කිකර්ලද කියලා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇරියස් වාහන විකුනන්නෙ කොහොමද බන්.වික්කත් අලුතෙන් ගත්ත එකාගෙන් වාහනෙ ගන්න බැරිද ලිසිං කොමපැනියට,
    ක්‍රම් කීපයකට විකුනනවා මචන්.. ඇරියස් උනාට පස්සේ වාහනේ ඔක්ශන් දාලා ගත්තොත් කේස් නැ. අයිතිකාරයා අතට අච්චරයි ඉතුරුවා ලීසින් කියලා විකුනනවා නම් අපිට පුලුවන් ලීසින් එකත් එක්ක කතා කරලා ලීස් එක පවරන්න. හැබැයි හැම ලීස් එකම එහෙම පවරන්නත් බැ..
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ක්‍රම් කීපයකට විකුනනවා මචන්.. ඇරියස් උනාට පස්සේ වාහනේ ඔක්ශන් දාලා ගත්තොත් කේස් නැ. අයිතිකාරයා අතට අච්චරයි ඉතුරුවා ලීසින් කියලා විකුනනවා නම් අපිට පුලුවන් ලීසින් එකත් එක්ක කතා කරලා ලීස් එක පවරන්න. හැබැයි හැම ලීස් එකම එහෙම පවරන්නත් බැ..

    Machan meka poddak wishtara karapangko
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Machan meka poddak wishtara karapangko
    විස්තරයක් නැ මචන්.. උබට සෙට් වෙන වාහනයක් තියනවා නම්, ඒක ලීස් එකට හිරවෙලා අයිතිකාරයා නන්නත්තාර වෙලා නම් ඔක්කොටම කලින් බලපන් වාහනේ ෆිට්ද කියලා. ගොඩක් එවා ෆිනැන්ස් නොගෙවනවා කියන්නේ නඩත්තුව අන්තිම චාටර්.. එහෙම නැතුව හොදයිනම් අයිති එකත් එක්ක කතා කරලා කියපන් ෆිනැන්ස් එක බේර්ලා දෙනවද කියලා. ඌ එතකොට හා කිව්වොත් උබ ගොනා වගේ ඌට වාරිකයක ගාන ඇරියස් ගානෙන් වැඩිකරලා සල්ලි දෙන්න එපා.. ඌත් එක්ක ෆිනැන්ස් එකට ගිහින් මුලු වාහනේ ඇරියස් සහා ලීස් එක බලවහන්. ඒ ගාන ගොඩක් වෙලාවට ලීසින් උන් එකපාර ගෙවනවා නම් අඩුකරනවා සීයට ගානක්. අන්න ඒ ලාබේ උබ අයිති එකාට දෙන්න එපා. මොකද උබගේ සල්ලිනේ නිදහස් කරන්නේ.. ඔය ඔක්කොටම කලින් ෆික්ස්ඩ් ගානක් කතා කරපන් අයිතිකාරයට අතට ඔනා කරන. ඒ ගාන හෙට්ටු කරගන්න බලපන්. මොකද ෆිනැස් උන් අන්තිම ඉලක්කමට් ගනන් හැදුවට අයිතිකාරයට ගෙවාගන්න බැරි නිසා විකුනන නිසා ඌට අතට ලැබෙන ගාන ඌ අඩු කරලා හරි දෙයි.. හැබැයි අවස්තාවෙන් ප්‍රයිජනේ අරන් මාරාගෙන කන්න එපා ඉතින්.. ඌත් නන්නතාර වෙලා අන්දොස් වෙලා ඉන්න එකේ.. ඒ මචන් ආයේ ෆිනැන්ස් කතන්දර නැතුව ගන්න හැටි..

    උබට හිතෙනවා නම් අයිතිකාරයා දාලා තියන ෆිනැන්ස් එක උබටත් ශේප් උබට ගෙව්වැකි කියලා උබට පුලුවන් ෆිනැන්ස් එකෙන් අහන්න ඒ වාරිකේම උබ ගෙවන්න උබට ට්‍රාන්ස්ෆර් කරගන්න පුලුවන්ද කියලා. මේක ටිකක් සල්ලි යන වැඩක්, ආයේ ට්‍රාන්ස්ෆර් කරන සින්, වැලුවේශන් සීන්, ඉන්ශුවරන්ස් සීන් ගොඩයි.. එහෙම නැතුව සමහර උන් ඉන්නවා ෆිනැන්ස් එක සම්බන්ද නොවී උබයි අයිතිකාරයයි ඇග්‍රිමන්ට් එකකට් ඇවිත් ෆිනැන්ස් එක ඌ වෙනුවෙන් උබ ගෙවන්න වාහනය උගේ නමට තියනකොට. මේක ලීගලි වැලීඩ් නැ.. උබට් වගේම අයිති එකාටත් ඔලුවේ කැක්කුමක් මේක.. එකක් අයිති එකාට බඩු හරි යනවා උබ නොගෙව්වොත්, ආයේ ලීස් දාන්න. අනික උබ අනුන්ගේ නමකට තියන වාහනවලට ලීස් ගෙවලා හදිස්සියේ අයිති එකා මලොත් උබට ඩිලීශන් ලෙටර් එක ගද්දි අම්බා කේස්..
     
    • Like
    Reactions: Shaiman

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උසාවියේන් ආයේ අහවල් තීන්දුවක් දෙන්නද/ වාහනේ අයිති එකාට දෙනවා ඇරෙන්න. ලොයර් උසාවියේ කේස් එකක් දාපු ගමන් වාහනේ මස් කරලා විකුනයි නයකාරයා.. ලීසින් උන්ට හොම්බෙන් යන්න වෙන්නේ එහෙම උනොත්..

    එහෙනම් උබ නීති වේදීන්ට වඩා උගතෙක් එහෙනම් අහ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙනම් උබ නීති වේදීන්ට වඩා උගතෙක් එහෙනම් අහ.
    සාමාන්ය දැනීමට උගත් වෙන්නම ඔනෙද? උබම කල්පනා කරහන්. උබ ගන්න වාහනේ උබ ෆිනැන්ස් ගෙවන්නේ නැ.. ඉතින් උබට ලොයර් කෙනෙක් ලියුමක් එවනවා අහවල් කොම්පැනියේ නීතී උපදේශක ලෙස, අහවල් වාහනය සම්බන්දව ගෙවීම් නොකල නිසා නඩු පවරනවා කියලා. එතකොට උබ මොකද කරන්නේ.. වාහනේ හමස් කරලා කැලි ටික විකුනලා චැසි කැල්ල විතරක් ගෙනියන්න සෙට් කරනවා නෙමෙයිද? ඉතින් ෆිනැන්ස් උන්ට කොහෙන්ද රිකවරි කරගන්නේ මුදල.. උසාවි ගියාම තො අල්ලලා හිරේ දායි වැඩිම උනොත්. එකෙන් ෆිනැන්ස් උන්ට වෙන සැපත කිම..