මේක හරියට රේස් යන්න හොද අස්වයාද නැත්තං බූරුවාද කියලා අහපු ප්‍රශ්නයක් වගේ බං.ජපන් වැගන් ආර් එක ඉන්දියන් ඇල්ටො එකට සමාන කරන්න යන්න එපා.





ලක්ෂ 10-15 විතර මිල වෙනස්
එකක් ජපන් අනික ඉන්දියන්
එකක් මයිල්ඩ් හයිබ්‍රිඩ් අනික ICE-only
මෙහෙම දෙකක් සංසන්දනේ කරන්න උඹ බීලද?




ලක්ෂ 10-15 විතර මිල වෙනස්
එකක් ජපන් අනික ඉන්දියන්
එකක් මයිල්ඩ් හයිබ්‍රිඩ් අනික ICE-only
මෙහෙම දෙකක් සංසන්දනේ කරන්න උඹ බීලද?




ජපන් අල්ටො එකයි ජපන් වැගන් ආර් එකයි. compare කරලා බලන්න.
දෙකම ජපන්.
දෙකේම එකම වගෙ මිල.
එකක් gasoline අනික mild hybrid. KMPL ලොකු වෙනසකුත් නැහැ දන්න විදිහට.
maintenance නම් දන්නේ නැහැ.

මේ එක නෙමෙයි බ්‍රෝ කියමුකෝ බලන්න ඇයි මේ දෙක කොම්පෙයර් කරන්න බැරි කියල?![]()

ඇයි දන්නෙ නැහැ යාළුවා කිව්වේ ඉන්දියන් Alto එකට වඩා W R එක හොඳයි කියල ?![]()
ටොම් අයියේ ඉස්තුතියි තොරතුරු ලින්ක් වලට...
පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඇයි "ඇල්ටො එකකට වඩා හැම අතින්ම සෑහෙන්න හොදයි" කියල කිව්වේ කියල ?
වැගන් ආර් එකේ ඔටෝ ගියර්, එයාර් බැග්, ඒ.බි.එස් තියෙන නිසාද ?
bump
alto එකේ උස පොරක් නැග්ගොත් ඩැෂ් බෝඩ් එකේ කුකුල් වදිනවා. ටිකක් අපහසුයි. පිටුපස සිට් වල leg space මදි. ස්ටියරීන් වීල් තදයි. කිසිම comfortble ගතියක් නැ. power mirrors නැ.
,WR එකේ ඔය නැති, මදි, අඩු ඒවා ගානට තියෙනවා.
එගේම electronic control brake system එකක් තියෙන්නේ.. alto වල වගේ පැඩල් එක උඩ නැගගෙන ගහන්න ඔ්න නැ. smoothly පැගුවහම වදිනවා නියමෙට
තව automatic light system එකක් තියෙනවා.
ඔය මට දැනිච්ච දේ...
එයාගෙන් හරියට ඇහුවේ නැ. මට එදා එකේ රවුමක් දාන්න හදිස්සියක් තිබුනේ
ගොඩක් අය බලාපොරොත්තු වෙන තෙල් කිරිල්ල ඇල්ටො එකට වඩා හොදයි.
සැප පහසුව සහ ආරක්ෂාව ඇල්ටො එකට වඩා ගොඩක් ඉදිරියෙන්.
ගැල්වනස් කරපු නැති තහඩු තියන ඇල්ටො එකට වඩා ගැල්වනයිස් තහඩු සහිත වැගන් ආර් එකේ බොඩියේ කල් පැවැත්ම හොදයි.
පෙනුම ඇල්ටො එකට වඩා හොදයි සහ නවිනයි.
පවර් ඔප්ෂන්ස් අතින් ඇල්ටො එකට වඩා සෑහෙන්න ඉදිරියෙන්.
මේ දෙක තියන්නේ වාහන මාකට් එකේ ස්ථර දෙකක. ඇල්ටො එකක් ගත්ත කෙනා ඊලග ස්ථරයට යන්න ට්‍රයි කරනව නම් වැගන් ආර් එකක් ගන්න තමයි බලන්නේ.
මචං මේ දෙකේ එනජින් කැපැසිටි එක ගත්තම Alto ඉදිරියෙන් නේද ?(දන්න තරමින් WR 650 සහ Alto 800)
japan wagon r eka ganin

අඩේ ටොම් අයිය ඔය කියල තියෙන්නේ ඇති සැටියෙන්ම... එල එල...
ඔව් ඉතින් ඔයාගේ කතාව සහතික ඇත්ත... හැබැයි මෙහෙම දේකුත් තියෙනවා නේද, අර W.R එකේ බැටරි එකට කෙළ වෙන දවසකුත් එනව නේද ? එතකොට තෙල් ඉතිරි කරල දීපු ලාබය බැටරි එකක් දාන්න ගියහම තෙල් කිරිල්ලේ ලාබයක් නැහැ නේද? ඔය බැටරි එක කීයක් විතර වෙයිද ඔකේ ආයුෂ අවුරුදු කීයක් විතර වෙයිද ?
ඇල්ටෝ vs වැගන් ආර්
මචන්ලා ඇල්ටෝ සහ වැගන් ආර් දෙකෙන් මොකක්ද ගෙදර එදිනෙදා පාවිච්චියට හොද ?
සතියේ දවස් පහේ උදේ සහ හවස වැඩට යන්න එන්නයි, සෙනසුරාදා ඉරිදා පොලට හරි ෆුඩ් සිටි එකට යන්නයි තමයි පාවිච්චි කරන්න හිතන් ඉන්නේ.
ඇල්ටෝ සහ වැගන් ආර් තියෙන කට්ටිය මේ දෙකේ තෙල් කිරිල්ල ගැන පොඩ්ඩක් කියන්න.
ඒ වගේම ඉන්සුවරන්ස් වලට කීයක් අවුරුද්දට ගෙවන්න ඕනෙද ? නඩත්තු වියදම් කොහොමද ? සර්විස් කරන්න ඕනේ කිලෝමීටර් හෝ මාස කීයකට සැරයක්ද ? සර්විස් එකට කීයක් යනවද මචන්ලා.
මචන් මේ දෙකෙන් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙන්නේ කොයි එකටද ?
WR - 54hp + Electric Motor (2-3hp)
Alto - 48hp
*hp - horsepower

