ඇල්පිටිය සුරේකා

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඇල්පිටිය සුරේකා

    මගේ දරුවාට මේ අපරාධය කරපු
    හැමෝටම දඬුවම් දෙන්න ඕනෑ
    සෞදියේ දී අභිරහස්‌ ලෙස මියගිය තරුණියගේ මව කියයි


    suraka1.jpg


    මගේ දරුවට මේ අපරාදේ කරපු ඔක්‌කෝටම දඬුවම් දෙන්න ඕන දෙවියනේ… අඩුගානේ දුවගේ මිනියවත් බලන්න එයා ශ්‍රී ලංකාවට ගෙනැල්ල දෙන්න. ඇහැක්‌ වගේ බලාගෙන හිටිය මගේ දරුවාට මොකක්‌ද මේ වුණ අපරාදේ… ඇල්පිටිය පිටුවල ප්‍රදේශයේ මවක්‌ වන කේ. එම්. ඥණවතී (49) මහත්මිය හඬා වැළපෙමින් අප සමඟ එසේ පැවසුවාය. සවුදි අරාබියේ රැකියාවකට ගොස්‌ දින හතක්‌ තුළ අභිරහස්‌ අන්දමින් මියගොස්‌ ඇති තම වැඩිමහල් දියණියගේ මෘත දේහය ඉක්‌මනින් මෙරටට ගෙන්වා දෙන ලෙස අදාළ මව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නීය.

    මෙසේ සැකසහිත ලෙස මියගොස්‌ ඇත්තේ ඇල්පිටිය පිටුවල දමනවල ලිපිනයේ පදිංචිව සිටි ඩබ්. එම්. සුරේකා ද සිල්වා නැමැති තිස්‌එක්‌ හැවිරිදි අවිවාහක තරුණියකි. සොයුරු සොයුරියන් අට දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන මැය විදේශගත වී ඇත්තේ තම බාල සොයුරු සොයුරින්ගේ අනාගතය වෙනුවෙනි. පසුගිය සැප්තැම්බර් 22 වැනි දින සවුදි අරාබිය බලා මෙරටින් පිටත් වූ සුරේකා එම මස 27 වැනි දින අතුරුදන්ව ඇති බවට නිර්නාමික දුරකථන ඇමතුමක්‌ ලැබී තිබේ. ඒ අනුව සොයා බැලීමේදී ඇය මියගොස්‌ ඇතැයි විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය හරහා දැන ගන්නට ලැබී තිබේ.

    surekaho.jpg


    තව දුරටත් කතා කළ ඥණවතී මහත්මිය මට දරුවෝ අට දෙනයි. මේ මියගොස්‌ තියෙන්නේ ලොකු දුව. එයා මීට අවුරුද්දකට විතර කලින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියකට පාස්‌පෝට්‌ එක බාර දීලයි තිබුණේ. පසුව ඒ අය මරදාන නගරයේ විදේශ රැකියා ආයතනයකට පාස්‌පෝට්‌ එක දීලා අපිට එතනින් රට යන්න කිව්වා. දුව මරදානෙ ඒජන්සිය හරහා රට රස්‌සාවට ගියා. සතියක්‌ විතර යනකොට අපිට ආරංචි වුණා. දුව රටදී මරල දාලා කියලා. මගේ දුවගේ දේහය ඉක්‌මනට ගෙනැල්ලා මේ ගැන පරීක්‌ෂණයක්‌ කරන්න කියල අපි රජයෙන් ඉල්ලනවා.

    මියගිය සුරේකාගේ බාල සොහොයුරකු වන ඩබ්. එම්. ප්‍රියංකර සිල්වා (22) මෙසේ කීවේය. අක්‌කා මැරලා කියලවත් ඒජන්සියෙන් අපට කිව්වේ නැහැ. ඒ අය කිසිම වගකීමක්‌ ගන්නෙ නැහැ. අක්‌කා රට යවලා තියෙන්නේ ව්‍යාජ ලිපි ලේඛන හදලා. මේ විදේශ රැකියා ආයතන ගැන පරීක්‌ෂණයක්‌ කරන්න කියල අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා. නැත්නම් තව කී දෙනෙකුට මේ වගේ අසාධාරණ කරයිද?

    විදේශ රැකියා කාර්යාංශයෙන් කියන්නේ අක්‌කා දිවි නසාගෙන කියලා. රට ගිහින් දවස්‌ හතෙන් ජීවිතේ නැති කරගන්න අක්‌කාට තියෙන වුවමනාව මොකක්‌ද? අපිට මේ මරණය සැකයි. අක්‌කව මරල දාල කියලා අපිට හිතෙනවා. මේ ගැන සාධාරණ පරීක්‌ෂණයක්‌ කරන්න කියලත් අක්‌කගේ දේහය ඉක්‌මනට ගෙදරට ගෙනැල්ලා දෙන්න කියලත් අපි බලධාරීන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලනවා.

    මියගිය සුරේඛාගේ පියා වන ඩබ්ලිව්. එම්. සුනිල් (55) මහතාද දරාගත නොහැකි ශෝකයෙන් යුතුව අදහස්‌ දැක්‌විය. සුරේඛාගේ ඥතීන් මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයටද පැමිණිලි කර තිබෙන අතර එම කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ පිළිබඳව දැනුම් දී ඇත. රටේ ආර්ථිකයට විශාල ශක්‌තියක්‌ සපයන විදේශ රැකියාවල නිරත අපේ රටේ කාන්තාවන්ට අත්වන මෙවන් අවාසනාවන්ත ඉරණම පිළිබඳව සොයා බලා ඔවුqනට යුක්‌තිය ඉටු කිරීමට අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතුව ඇත.

    http://www.divaina.com/2012/11/28/news26.html
     
    • Like
    Reactions: isuru003

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    hamba agency walin rata yanna epa. lokuma paadama eekayi. danna ayatath kiyanna. sinhala agency ohoma karanne ne. hambayanya rewatika weccha palaveni eka neveyi me
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේ වගේ thread වලට මේකේ ඉන්න හම්බ ගැන්සිය (සිරාජ්, බොරලු, JAMJAM, Dreams, Zulfarn, Al baik) එන්නේ වත් නෑ