ඇල්පිටිය 10 = යාපනය 1යි
01. මේක ජනාධිපතිවරණයක්. ජයගන්න ඡන්ද කොට්ඨාශ ප්‍රමාණය වැදගත් වෙන්නේ නෑ. වැදගත් වෙන්නේ ගන්න මනාප ප්‍රමාණය.
02. උදාහරණයක් කිව්වොත්, රටේ මැතිවරණ කොට්ඨාශ 100ක් තියෙනවායැයි හිතන්න. යම් අපේක්ෂකයෙක් එම මැතිවරණ කොට්ඨාශ සීයෙන් 70ක් ජයගන්නවා, එක් මැතිවරණ කොට්ඨාශයක් වැඩි ඡන්ද 10,000 බැඟින්. අනෙක් අපේක්ෂකයාට හැකිවන්නේ ඉතිරි මැතිවරණ කොට්ඨාශ 30 ජයගන්න පමණයි. හැබැයි ඔහු ඒවා ජයගන්නේ වැඩි ඡන්ද 50,000කින් පමණ. දැන් ගණන් හදලා බැලුවාම පෙනෙනවා කොට්ඨාශ 70ක් ජයගත් අපේක්ෂකය ඒ කොට්ඨාශ හැත්තෑවෙන්ම අරගෙන තියෙන්නේ වැඩි ඡන්ද 700,000(ලක්ෂ 7යි). කොට්ඨාශ 30 ජයගත් කෙනා කොට්ඨාශ තිහෙන් විතරක් වැඩි ඡන්ද 1,500,000 (ලක්ෂ 15ක්) අරගෙන තියෙනවා. බැලු බැල්මට කොට්ඨාශ වලින් 70%ක් දිනාගත් කෙනා ජයග්‍රාහකයා වගේ පෙනුනාට, ඇත්තටම ජනාධිපතිවරණය ජයගන්නේ කොට්ඨාශවලින් 30%ක් දිනාගත් කෙනා.
03. පසුගියදා පැවති ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් 70%ක මනාප ප්‍රතිශතයක් ලබාගන්න පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත් වෙනවා. හැබැයි මනාප සංඛ්‍යාවෙන් ඔවුන් දෙගොල්ල හා එක්සත් ජාතික පක්ෂය අතර වෙනස...? ඔව්, ඡන්ද 18,500ක් වගේ ප්‍රමාණයක්.
04. ඔබ දන්නවාද 2015 ජනාධිපතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ පමණක් පාර්ශව දෙකේ මනාප වෙනස 179,120ක්. අර ඇල්පිටියේ වෙනස වගේ දහ ගුණයකට ආසන්න අගයක්. ඒ කියන්නේ ඇල්පිටියේ ඒවා 10ක් දිනන්න ඕන යාපනයේ වෙනස පරාජය කරන්න විතරක්.
05. මේ උදාහරණය කිව්වේ ජනාධිපතිවරණයේදී වැදගත් වෙන්නේ ඉලක්කම් වශයෙන් වැටෙන මනාප සංඛ්‍යාව කියන එක කියන්න.
06. දැන් බලමු 2019 ජනාධිපතිවරණයේදී ලංකාවේ මනාප හැසිරෙන විදිය. ලොකු ගැඹුරු විශ්ලේෂණ වැඩක් නෑ. හරිම සරළව දකින කාරණයක් තමයි මෙවර මැතිවරණයේ තීරණාත්මක වෙන්නේ. ඒක මෙන්න මෙහෙමයි.
07. 2010 ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 14,088,500ක්(එක්කෝටි හතලිස් ලක්ෂයක් කියන්නකෝ). 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 15,044,490ක් ( එක්කෝටි පනස් ලක්ෂයක් කියන්නකෝ). 2010 ඉඳලා 2015ට එද්දී අළුතින් ලියාපදිංචි වුන ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 9ක් වගේ.
08. 2015 ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්නේ ඡන්ද 449,072 ( ලක්ෂ හතර හමාරක) ප්‍රමාණයකින්.
09. මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ වටා සිටි පිරිස කෙරෙහි ජනතා ප්‍රතිරෝධය ගොඩනැගෙන්නේ 2010 ඉඳලා 2015 වෙනකම් කාල සීමාවේ. විශේෂයෙන්ම, සමාජ මාධ්‍ය හරහා මේ ප්‍රතිරෝධය දරුණු ලෙසට ගොඩනැගෙනවා. 2010ට පස්සේ තමන්ගේ මුල්ම ඡන්දයට හිමිකම් කියන යොවුන් මනාප වලින් 90%ක්ම සමාජ මාධ්‍යවල බලපෑම නිසා මහින්ද රාජපක්ෂට එරෙහි තැනකයි තිබුනේ. ඔබ වුනත් ඔබට උපමා කරගෙන හිතන්න 2015ට කලින් මහි.......

ewapan balanna. moota wena wada nadda fake hada hada enna