ඇල්ලේ ලස්සන ලෙන් තටාකය

HimaliHan

Active member
  • Sep 11, 2023
    77
    225
    33
    1697493842277.png
    සොබාදහම විසින් මවනු ලබන සෑම නිර්මාණයකම කිසියම් අපූර්වත්වයක් දක්නට ලැබේ. ඇල්ල කරඳගොල්ලේ පිහිටි නිල්දිය පොකුණ ද එවැනි අපූර්වතම නිර්මාණයකි. අද වන විට දෙස් විදෙස් සංචාරකයන්ගේ පුරවරයක් ලෙස සැලකෙන බණ්ඩාරවෙල, ඇල්ල ආසන්නයේ මෙම නිල්දිය පොකුණ පිහිටා තිබිම නිසා මෙහි අගය වඩාත් වැඩි වි ඇත.

    රාවණා රජතුමා දිය නෑමට යොදා ගත් බවට මතයක් පවතින නිසාම රාවණා දිය ඇල්ල නමින් හැඳින්වෙන දිය දහර ගලා බසින කඳු යායේ මෙම නිල්දිය පොකුණ පිහිටා තිබේ. ගුප්තබවක් සමඟම සුන්දරත්වයකින් ද හෙබි නිල් දිය පොකුණ නැරඹීම සඳහා බණ්ඩාරවෙල ඇල්ල හරහා වැල්ලවාය මාර්ගයේ යා යුතුය. කරඳගොල්ල පාසල ආසන්නයේ කිලෝමීටර් 10 කණුව අසලින් අඹවතුයාය පටු මාර්ගය ඔස්සේ කිලෝමීටර් දෙකහමාරක පමණ දුරක් කඳු යායේ ඉහළට ගොස් කැලෑවට ඇතුළු විය යුත්තේ අඩි පාරකිනි. කඳ යායේ බෑවුම දිගේ එම අඩි පාරේ කෙටි දුරක් ගිය පසු ගුහාවට ඇති පිවිසුම් මාර්ගය ගල් පර්වත දෙකක් අතරින් වැටි තිබෙනු අයුරු දක්නට ලැබේ. එය මිහිපිට සිට භුගතව පිහිටා ඇති අලංකෘත නිර්මාණයකි.
    1697493869117.png


    පොකුණට ජලය ගලා එන හෝ පිරී ඉතිරී ගලා යන අයුරු ද දකින්නට නොමැතිවිම පුදුම සහගතය. ජලයේ මඩ මිශ්‍ර බවක් දක්නට නැත. එහෙත් පොකුණේදී නිල්පාටින් වර්ණ ගැන්වි පෙනෙන ජලය ගුහාවෙන් පිටතට රැගෙන විත් බලන විට වර්ණය අතුරුදන්ව ඉතාමත්ම පිරිසුදු ජලය ලෙසින් දිස්විම අදහාගත නොහැකිය.

    කෙසේ වෙතත් මෙම නිල් දිය පොකුණ දැක බලා ගැනීමට යන පිරිස් මෙම අනතුරුදායක භූගත ගමන් මාර්ගයේ යෑමට පළපුරුදු මඟපෙන්වන්නකුගේ සහාය නිතැතින්ම සපයා ගැනීම එක අතකින් ජිවිත ආරක්ෂා කර ගැනීමට උපකාරි වනු ඇත.

    source: https://hiitravellers.com
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    පොකුණේදී නිල්පාටින් වර්ණ ගැන්වි පෙනෙන ජලය ගුහාවෙන් පිටතට රැගෙන විත් බලන විට වර්ණය අතුරුදන්ව ඉතාමත්ම පිරිසුදු ජලය ලෙසින් දිස්විම අදහාගත නොහැකිය.
    :shocked:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕක මුලින්ම ඉස්සර පෙන්නුවා .
    මිනිස්සු නොයා තීන , නිසා වෙන තැන් වල නැති පොඩි සත්තු වර්ග (වතුර ආශීර්තව ඉන්න හූනෝ වගේ සත්තු ) ඔතන හිටිය /

    දැන් 2.50 පො&*$## ගිහින් විනාස කරලා එත ඔතන නාපු ගමන් , ඔතන අවුරුදු ලක්ෂ ගානක් බේරිලා තිබ්බ පරිසර ය විනාසයි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    ඕක මුලින්ම ඉස්සර පෙන්නුවා .
    මිනිස්සු නොයා තීන , නිසා වෙන තැන් වල නැති පොඩි සත්තු වර්ග (වතුර ආශීර්තව ඉන්න හූනෝ වගේ සත්තු ) ඔතන හිටිය /

    දැන් 2.50 පො&*$## ගිහින් විනාස කරලා එත ඔතන නාපු ගමන් , ඔතන අවුරුදු ලක්ෂ ගානක් බේරිලා තිබ්බ පරිසර ය විනාසයි
    එක නම් වෙන්න ඇති අපේ උන් යනතැනක් ඇත්තම් හානවා. එතන ගිහින් බීලා බෝතල් විසිකරලා වනසලා එන්නේ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එක නම් වෙන්න ඇති අපේ උන් යනතැනක් ඇත්තම් හානවා. එතන ගිහින් බීලා බෝතල් විසිකරලා වනසලා එන්නේ
    bonna ona naha owa sandwedi paddathi godak , waturata bahala napu gaman saban, cream etc walata iwarayi othana serama
     
    • Sad
    Reactions: NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඕව ජාතික සම්පත් කරලා බලන්න විතරක් දෙන්න ඕනේ එක එකා නාලා ඔකේ චූ දැම්මම ඉන්න සත්තුත් ඉවරයි :angry: :angry: :angry:
     
    • Like
    Reactions: NRTG