ඇලුමිනියම් door help

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ඇලුමිනියම් දොරක් හදාගන්න ඔන.ටූල් ටිකනම් තියෙනවා ගෙදර. යූස් කරන බාර් වර්ග.ඒවට කියන නම්(හාඩ්වෙයාර් එකෙන් ඉල්ලද්දි) දන්න කෙනෙක් ඉන්නවා නම් කියල දියන්කෝ 🙏
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    දොරක් විතරමද නැත්නං එක පැත්තක් ෆිට් ග්ලාස් කරලා අනෙක් පැත්තට දොරක් දාන්නද දොරට උඩින් ලූවර් ඕනද
    බොක්ස් බාර් වලින්ද කරන්නෙ නැත්නම් දොරවල් වලටම හදලා තියන සෙක්ශන් බාර් වලින්ද කරන්නෙ

    විස්තරේ දාන්න මං මම වැඩ කරද්දි හදාගනිපු ඩයග්‍රම් ටිකක් තියනවා ඒ ටික දාන්නං, ඒක බලලා බඩු ලිස්ට් එක හදා ගන්න පුලුවන්

    සරලව මෙහෙමයි බොක්ස් බාර් වලින් කරනවා නං

    දොර වටේ ෆ්‍රේම් එකට බොක්ස් බාර් ගන්න ඕන (1x1.5 තියනවා 1x2 තියනවා 1x2 ගන්න)
    දොරට බොක්ස් බාර් ගන්න ඕන දොරේ මැදිනුත් හරහට බොක්ස්බාර් ගහන්න ඕන ඔය දිග බලලා බාර් ගන්න (බාර් දිග දෙකකින් එනවා අඩි 14 සහ 21 කපන කෑලි ටිකේ දිග හිතලා අඩුවෙන්ම බඩු අපතේ යන විදියට බඩු ගන්න)
    දොරේ ඇතුල් පැත්තෙ වීදුරුව/ක්ලැඩින් එක සෙට් කරන්නෙ U චැනල් කියලා බාර් එකකින්. ඒක සයිස් 3න් එනවා දාන වීදුරුවෙ ගනකමට හරියන්න තමයි ඒ චැනල් එක ගන්න ඕන තව ඒ දෙකටම හරියන්න බීඩින් එකේ සයිස් එක කඩෙන්ම බලා ගන්න ඕන
    තව 1x1(මතක විදියට, හරියට බලලා කියන්නං) L බාර් එකක් ගන්න ඕන මේක කියලා ගන්න බාර් ජොයින්ට් කරන්න ගන්න හෙවි බාර් එකෙන් දෙන්න කියලා එක දොරක් නං බාර් එකෙන් කාලක් විතර ඇති වෙයි. බොක්ස් බාර් ජොයින්ට් වෙන තැන් වලට මේකෙන් අඟලක විතර කෑල්ලක් තියල රිවට් කරන්න ඕන මේක කලර් එක නැති ප්ලේන් බාර් එකක් ගන්න ඕන
    U චැනල් එකට වීදුරුව දාල එක පැත්තකින් විතරයි බීඩින් දාන්න ඕන ඒ දිගට බීඩින් ගන්න ඕන
    තව දොරේ උලුවස්ස වගේ වෙන්න තව 1/2 L බාර් එකක් ඕන මේක නං තුනී එකකින් ගන්නෙ බාර් වල කලර් එකෙන්ම
    සරනේරු ලොක් හැඬල් ගන්න ඕන
    රිවට් සයිස් දෙකකින් ඕන වෙනවා බාර් වලට පොඩි රිවට් ඕන සරනේරුව හයි කරන්න ලොකු රිවට් ඕන ඒව බලලා ගන්න
    ඩ්‍රිල් කටු එහෙම රිවට් වලට හරියන්න ගන්න
    තව බිත්තියට හයි කරන්න රෝල් ප්ලග් සහ ලොකු ඩ්‍රිල් කටු ඕන වෙනවා
    සිලිකන් එහෙම ඕන වෙනවා ෆ්‍රේම් එක බිත්තියට සෙට් වෙන තැන් සීල් කරන්න

    Edit : Glass ගන්නෙ දොර හදලා ඉවර වෙලා දොරේ එක පැත්තක් එක රිවට් එකකින් හයි කරලා වීදුරු වලට දිග පලල අරගෙන, වීදුරු ගෙනාවට පස්සෙ ඒ රිවට් එක ගලවලා තමයි වීදුරුව හයි කරලා හරියට රිවට් ටික ගහන්නෙ
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1581948385819.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මේ විදියට තමයි මම බොක්ස් බාර් වලින් දොර ගැහුවෙ
     

    Attachments

    • IMG_2895.JPG
      IMG_2895.JPG
      273.8 KB · Views: 28