ඇවන්ගාඩ්_ව්‍යාපාරය_බිහි_කරන_ලද_මේජර්_නිශ්
ඇතුලට......................................................................................................................................................................................................................
ඇවන්ගාඩ් ව්‍යාපාරය බිහි කරන ලද මේජර් නිශ්ශංක සේනාධිපති.
අපගේ සමාජය සෑමකල්හිම ධනපතියන්ට වෛර කල සමාජයකි. මහන්සියෙන් ව්‍යාපාර කොට මුදල් උපයා තවත් සිය ගනනකට රැකියා ලබා දුන් පුද්ගලයා ලාංකික ප්‍රමිතීන්ට අනුව සූරාකන්නෙකි. අපගේ සමාජය සෑම විටම වන්දනා කලේ ධනයක් උත්පාදනය නොකරන, කර්මාන්ත කෙරෙහි අලස , ව්‍යාපාර කෙරෙහි අගතියෙන් බැලූ සමාජයට එලදායී දෙයක් ලබා නොදුන් එහෙත් විවේචනයේ දක්‍ෂ හිස් මිනිසුන්ටය.
කොලඹ වරායේ වැඩවර්ජන සංවිධානය කොට කොලඹ වරායට ඒමට නියමිතව තිබූ බිස්නස් සිංගප්පූරු වරායට ලබා දුන් එන් .එම් පෙරේරා අපගේ සමාජයට ජාතික වීරයෙකි. කිසිවෙකුට රැකියාවක් නොදුන් ජීවිත බොහෝ ගනනක් නාය යාමට යොමු කල රෝහණ විජේවීර වන්දනීය නායකයෙකි.
ආසියාවේ සිටි දක්‍ෂතම ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන අපගේ සමාජයට හුදු ජාවාරම්කරුවෙකු විය. නවලෝක මුදලාලිලාගේ , මැලිබන් මුදලාලිලාගේ , සිද්ධාලේප මුදලාලිලාගේ ගේ ව්‍යාපාර දියුණු කිරීමේ හැකියාව අධ්‍යනය කරනවා වෙනුවට අපගේ මිනිසුන් උනන්දු වූයේ ඔවුන් ගේ දිළිඳු අතීතයේ ඇද කුද සෙවීමටය.
අපගේ සමාජය ඉල්ලන්නේ වියාපාර ලෝකයේ ඉහලට නගින ධනය උත්පාදනය කරමින් ආර්ථිකයට උර දෙන ධම්මික පෙරේරලා නොව අවස්ථාවාදී කපටීන්ට රැවටී බිලි බෝයිස්ලා වී ස්වයං විනාශයක් කරා ගිය ත්‍රීමා විතාණලා සහ වෙනුරලාය. එහෙත් උත්ප්‍රාසය නම් ව්‍යාපාර කර්මාන්ත ආදියේ යෙදෙමින් ධනය උපද්දවන පුද්ගලයන් සූරාකන්නන් , ධනපතියන් , ජාවාරම්කරුවන් කියමින් ඔවුන්ව විවේචනය කරන පා පැදියක් වත් ගැනීමට මුදල් නොතිබුනු , ඉරිසියාව සහ වයිරය සමාජයේ වපුරුවන පුස්සෝ දේශපාලනය හරහා හෝ ඩීල් හරහා හෝ මුදල් උපයා ගැනීමට තැත් කරති. මොවුන් අත්දැකීම් අඩු විචාර බුද්ධියෙන් හීන පරම්පරාවක්ම ග ්ඟ යවති.
පෙරදා අපට ධනපතියන් භංග වේවා කියමින් පන්ති කල පුද්ගලයා අද පාස්පෝට් දෙකක සහ රුපියල් මිලියන දෙදහසක හිමිකරුවෙකි. ඔහුගේ බස් බැරෑරුම් ලෙස ගත්තෝ අද කුණු කය නොමැති ගන්ධබ්බයන් ය. සමහරු ජීවත් වූවද දුප්පත්කමින් වෙළී තමන් ගේ අසාර්ථක වූ ජීවිත නිසා තමන් සමග මෙන්ම සමාජය කෙරෙහි වයිරයෙන් ජීවත් වෙමින් තමන්ට දේශපාලන පන්ති කල නායකයන් ජීවිතය සුවදායක ලෙස වින්දනය කරන අයුරු බලා සිටිති. එහෙත් මේ විශම චක්‍රයෙන් ශ්‍රී ලාංකික සමාජය මිදෙන්නේ නැත. මේ අනුව තවමත් පසුගාමී ආකල්ප කර තබාගෙන අවස්ථාවාදීන්ට සවන් දෙමින් සිටින ලාංකිකයාට ලබන සියවසේද තුන්වන ලෝකයේ හිඟන රටක් ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටිය හැක.
පහත දැක්වෙන්නේ ඇවන්ගාඩ් ව්‍යාපාරය බිහි කරන ලද මේජර් නිශ්ශංක සේනාධිපති සමග කරන ලද සාකච්ඡාවකි.
1) නිශ්ශංක සේනාධිපති කියන පුද්ගලයා ගැන යමක් කියන්න පුළුවන්ද පුද්ගලික විස්තර සමග ?
1963 දෙසැම්බර් මස 7 වැනිදා කොළඹ කොච්චිකඩේ දී උපත ලැබූ මා සහෝදර සහෝදරියන් සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැන්නා විය. මාගේ පියා ශ්‍රී ලංකා පොලිසියේ සාජන් මේජර්වරයෙකු වූ අතර ඔහුගේ නීතිගරුක භාවයත්, මවගේ ආදර රැකවරණයත් මධ්‍ය යේ තිඹිරිගස්යාය පොලිස් නිවාස සංකීර්ණයේ මාත් මාගේ සහෝදරියන් දෙදෙනා හා සොහොයුරාත් හැදී වැඩුනෙමු. මා අධ්‍යාපනය ලැබූයේ කීර්තිමත් ඉතිහාසයක් ඇති කොලඹ ඉසිපතන විද්‍යාලයෙනි.
පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව මා ශ්‍රී ලංකා යුද හමුදාවට කැඩෙට් නිලධාරියකු ලෙස එක්වීමට තීරණය කළෙමි. කැඩෙට් නිලධාරී පුහුණු පාඨමාලාවෙන් පසුව යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වීමට ස්වේච්ඡාවෙන් මා ඉදිරිපත් වුනෙමි. 1993 වර්ෂයේ දී විවාහ වූ අතර, මා හට එක් පිරිමි දරුවකු සිටී. වසර 12 ක සේවා කාලයකින් පසු 1996 වර්ෂයේ ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් මා නිත්‍යානුකූල ලෙස ඉවත් වී ඉන් අනතුරුව ව්‍යාපාර ක්ෂේත්‍රය වෙත යොමු වුනෙමි.
2) ඔබගේ යුද හමුදා ජීවිතය ගැන කෙටියෙන් සඳහන් කළොත් ?
මා යුද හමුදාවට එක්වන අවධියේ ඕනෑම මවක හෝ පියකු තම දරුවා හමුදාවට යැවීමට කිසි විටකත් නොසිතන කාලයක, කුරිරු යුද්ධයේ උච්චතම අවස්ථාවේදී මගේ දෙමවුපියන්ගේ දැඩි විරෝධතාවය මධ්‍යයේ මා ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණේමි. මිනිසුන් අතර සැබෑ මිනිසකු වන්න නම් යුද හමුදාවට බැඳිය යුතු යැයි මා තුළ සංකල්පයක් විය. යුද්ධ හමුදා නිල ඇඳුමට මා බොහෝ සෙයින් ප්‍රිය කළ අතර, යුද හමුදාවට බැඳී පිරිස් මෙහෙයවිය යුතු යැයි මාතුල දැඩි අධිෂ්ඨානයක් පැවතියෙමි. යුද්ධ හමුදාව මිනිසකු පරිපූර්ණත්වයට පත් කරවන තෝතැන්නක් බව යුද්ධ හමුදාවට එක් වූ පසු මා හට පසක් වුනෙමි.
1985 වර්ෂයේ ඔක්තෝම්බර් මස 7 වන දින කැඩෙට් නිලධාරියකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු මා පාකිස්තාන යුද හමුදා විද්‍යාපීඨයේ පැවති මූලික කැඩෙට් පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව 1987 පෙබරවාරි මස 12 වන දින දෙවන ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් විය. 57 දෙනෙකුගෙන් යුත් මාගේ බඳවා ගැනීමේ ඛණ්ඩයේ දක්ෂතාවය අනුව සිවුවැනි ස්ථානය ලබා ගැනීමට මා හට හැකි විය.
පාකිස්තාන හමුදා විද්‍යාපීඨයේ වසරක පමණ පුහුණුවෙන් අනතුරුව මා ස්වේච්ඡාවෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ තිබූ පුරප්පාඩු සඳහා අයදුම් කළෙමි. අයදුම්කරුවන් 22 දෙදෙනකු අතුරින් මා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට තේරී පත්වූ අතර, කොමාන්ඩෝ පුහුණු පාඨමාලාව ආරම්භයේදී නිලධාරීන් 14ක් පමණ සහ සෙසු නිලයින් 360 ක ගෙන් ආරම්භ වුවද මා හා තවත් එක් නිලධාරියෙකුද, සෙසු නිලයින් 46 දෙනෙකුද, පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලදී. ඉඳුරාම කමාන්ඩෝ රෙජිමේන්තුවට බඳවාගත් ප්‍රථම නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයකු මා විය.
කොමාන්ඩෝ රෙජිමේන්තුවේ තේමා පාඨය වනුයේ නොහැක්කක් නොමැත යන්න වන අතර කමාන්ඩෝ සෙබළුන් ගේ රාජකාරිය වනුයේ තම ජීවිත අවදානම ගැන නොතකා අන් අයවලුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත් පැවරෙන කාර්යය ඉටු කිරීමත් ය.
මගේ සේවා කාලය තුළ විවිධ වූ රාජකාරීන්හි නිරත වූ අතර එය සෑම යුද හමුදා නිලධාරියකුටම ලබාගත නොහැකි අත්දැකීමකි. මාගේ බඳවා ගැනීමේ ඛණ්ඩයේ ඉහළම ස්ථානයක් ලබා සිටි මාහට වෙන ඕනෑම රෙජිමේන්තුවක් වෙත මාරු වීමට හැකියාව තිබූ මුත්, යුධ බිමට සක්‍රීයව දායක වීමට තිබූ ආශාව හේතුවෙන් මා කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වන ලදී.
මාගේ පරමාර්ථය වූයේ මාතෘභූමිය වෙනුවෙන් සටන් වැදීමයි. මගේ හමුදා සේවා කාලය තුළ මා පළමුකොටම ලුතිතන් කර්නල් එස්.ඩී. පීරිස් යටතේ පළමුවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවයේ යෙදුණු අතර, මා ලබා තිබූ විශේෂ ප්‍රභූ ආරක්ෂක රාජකාරි කටයුතු පිළිබඳ පුහුණුව හේතුවෙන් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ ආරක්ෂාව භාරව කටයුතු කිරීමට සිදුවිය. එමෙන්ම ඉන්දීය සාම සාධක හමුදාවේ අණදෙන නිලධාරියා වූ ජෙනරාල් ඒ.එස්. කල්කට් ගේ පෞද්ගලික ආරක්ෂක වශයෙන් කටයුතු කිරීමටද, ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ තෙවැනි විධායක ජනාධිපතිවරයා වූ ගරු ඩී.බී. විජේතුංග මැතිතුමාගේ පෞද්ගලික ආරක්ෂක වශයෙන් කටයුතු කිරීමට ද සිදු වූ අතර, එය යුද හමුදා නිලධාරියකුට ලැබෙන ගෞරවනීය අවස්ථාවක් වශයෙන් සලකනු ලබයි.
තවද, මා නිලධාරී පුහුණු උපදේශකයකු ලෙස දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ නිලදාරීන් සිය දෙනෙක් පමණ පුහුණු කිරීම භාරව ද, යුධ හමුදා සැඟවුණු වෙඩික්කරුවන් පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලෙස ද, යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කටුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිහිටුවන ලද පැහැර ගැනීම් වැළැක්වීමේ හා ප්‍රාණ ඇපකරුවන් මුදා ගනු ලබන කණ්ඩායම භාර නිලධාරීන් අණදෙන වශයෙන් වසරක කාලයක් සහ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ආරක්ෂක අමාත්‍යංශය සහ යුද්ධ හමුදා මුලස්ථානය යන තනතුරුවල ත්‍රස්තවාදයේ උච්චතම අවස්ථාවේ කටයුතු කරන ලදී.
3) ඇවන්ගාඩ් කියන්නේ මොකක්ද? කොහොමද ඔබ එකට සම්බන්ධ වෙන්නේ?
ඇවන්ගාඩි යන නම සෑදී ඇත්තේ ප්‍රංස භාෂාවේ Vanguard නමින් හඳුන්වනු ලබන හමුදාවේ යුද පෙරමුණේම ඉදිරියෙන්ම ගමන් කරනු ලබන භට කණ්ඩායමයි. මෙම භට කණ්ඩායම සෑම විටම තම හමුදාව ආරක්ෂා කරමින් සතුරන් පරාජය කරනු ලබන හමුදාවේ ප්‍රබලම භට කණ්ඩායමක් වේ. එය Advance Guard යනුවෙන්ද හඳුන්වනු ලැබූ අතර, එකී භට කණ්ඩායමේ නිර්භීතභාවය හා නොසැලෙන අධිෂ්ඨානය සැලකිල්ලට ගනිමින් මගේ ව්‍යාපාරයට Avant Garde නම තැබීමට තීරණය කළෙමි.