ඇවන්ගාඞ් අහෝසි කර හෝ නාවික හමුදාවට පැරීමක් සිදු කලේ නෑ.. රාජිත කියන්නේ අමූලික බොරු..
November 12, 2015 at 9:20 am | lanka C news
ඇවන්ගාඞ් අහෝසි කර හෝ නාවික හමුදාවට පැරීමක් සිදු කලේ නෑ.. රාජිත කියන්නේ අමූලික බොරු..
ඇවන්ගාඞ් මුහුදු ආරක්ෂණ සේවයේ සියළු ගිවිසුම් අහෝසි කර නාවික හමුදාවට සියල්ල පවරන්නැයි ජනාධිපතිවරයා විසින් තීරණය කලේ නැතැයි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමේදී ඇවන්ගාඞ් සමාගම ගැන එසේ තීන්දු කල බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප්‍රකාශය සහමුලින්ම අසත්‍ය යයිද ඇමතිවරයා කියා සිටී.
චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ තමන් ඇමතිවරුන් ලෙස මෙම හමුවට සාකච්චා වූ බවත් නිලධාරීන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්, ආරක්ෂක සහකාර ලේකම්, නාවික හමුදාපති, රක්නා ලංකා සමාගම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය වංචා විමර්ශන එ්කකය මෙම හමුවට සහභාගී වූ බවද ඇමතිවරයා සඳහන් කරයි.
393 Viewers