ගොන් කතා කියන්න එපා බං...ඒක බලන්න ඕන මේකට ලංකා රජය වියදම් කළ වියදම සළකලා එ්ක අදායමෙන් අයින් කරලා ලාභය විතරක් බලන්න ඊට පස්සේ ඇවන්ගාඩ් කාරයා රජයට ගෙවපු බදු මුදල එක්ක සසඳන්න....
එහෙමයි සන්සන්දනය කරන්නේ...
ඊට පස්සේ ආදායමයි ඇවන්ගාඩ් ගෙනාව විදේශ විනිමයයි සසඳන්න...
මේ මුදල් පැත්තෙන් විතරයි...
ඇවන්ගාඩ් එකේ වැඩ කළ අයට රස්සාවල් කවුද දෙන්නේ? ඒ පඩිය ඒ පහසුකම් ම දෙනවද?
හිතපන් සර්ටිස් එක ලංකා රජය අරගෙන පොලිසිය දාලා සර්ටිස් එකේ බිස්නස් එක කරනවා....අන්න ඒ වගේ ගොන් ආතල් වැඩක් තමයි...
මේ තීරණය ගැන උඹට හොඳට තේරෙන්නේ තව අවුරුදු 2 න් 3න්..එතකොට බලන්න නාවික හමුදාවට ඇවන්ගාඩ් කළ දේම කරන්න පුළුවන් ද කියලා?
ඇවන්ගාඩ් කියන්නේ බිස්නස් එකක්..ඒ වගේ එකක් කරන බිස්නස් ස්ට්රැටර්ජි, අලුත් දේවල් සොයා ගැනිම, බිස්නස් එකට හරියන විදිහට මානව සම්පත හරිගස්සවා ගැනිම ..ඒවයි අදාළ වෙන්නේ නාවිත හමුදාව ට ඒක කරන්න බැ..
නාවික හමුදාව ඉන්නේ රටේ හා අපේ මුහුදේ ආරක්ෂාවට..
නැව් පස්සේ ගිහින් උන්ට ආරක්ෂාව නාවිත හමුදාව දුන්නම රටේ ආරක්ෂාව බලන්නේ උඹේ ආච්චි ද?