ඇවිල්ලලු_මෙන්න

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇවිල්ලලු_මෙන්න

    Mirror - සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ දිස්ත්‍රික් පා.ම දුමින්ද සිල්වා මහතා අද (05) අළුයම දිවයිනට පැමිණ තිබේ.

    ඒ මහතා අළුයම 1.29 ට පමණ මෙසේ දිවයිනට පැමිණ ඇත්තේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඒ.කේ 349 ගුවන් යානයෙන් බවයි පැවසෙන්නේ.

    පසුගිය 2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දින අංගොඩ වල්පොල හන්දියේදී සිදුවූ වෙඩි හුවමාරුවකදී බරපතල තුවාල ලැබූ මන්ත්‍රීවරයා වසරකට වැඩි කාලයක් සිංගප්පූරුවේ මවුන්ට් එළිසෙබත් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.

    අංගොඩදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා මියගිය අතර ඒ සම්බන්ධ නඩු විභාගය පසුගියදා පැවැත්වුණු අවස්ථාවේදී දුමින්ද සිල්වා මහතාගේ පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණයට දැන්වූයේ මන්ත්‍රීවරයා ලබන 14 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ජනතාවගේ පැතුම.

    duminda_silva-colombotelegraph.jpg
    r_duminda_silva.jpg
     
    Last edited: