ඇසිඩ්_වතුර_බොමු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඇසිඩ්_වතුර_බොමු

    water3.jpg




    සියනෑකෝරළය ඇවිළුණේය. ගම්මාන දොළහක මිනිස්‌සු පාරට බැස උද්ඝෝෂණ කළහ. ගම්මු පාරට බැස තිබුණේ ප්‍රදේශයේ ජල සම්පත ආරක්‍ෂා කර දෙන්නැයි කියන්නටය. රතුපස්‌වල, නැදුන්ගමුව ප්‍රදේශයේ පිහිටා ඇති කර්මාන්තශාලාවකින් පරිසරයට මුදාහරින විෂ රසායනික ද්‍රව්‍ය නිසා ප්‍රදේශයේ භූගත ජලයට ඇසිඩ් එකතු වී ඇති බව ප්‍රදේශවාසීහු කියති. ගැටලුව තරමක්‌ බරපතළය. ඇසිඩ් යනු වසය. එසේ නම් වස බී මිනිස්‌සු මැරෙන්නට පෙර මේ ජල ගැටලුව ගැන සොයා බලන්නට අපිදු එම ගම්මානවලට ගියෙමු.

    ප්‍රදේශය පුරා ජල ටැංකිය. තැන තැන කතා බහ කරන්නෙත් වතුර ගැනය. මුළු ප්‍රදේශයම ගල් වැදුණු දෙබරයක්‌ වැනිය. අප එම ප්‍රදේශයට යන විටත් මහර ආසන සංවිධායක ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමැතිතුමා ප්‍රමුඛ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්‌ම වැලිවේරිය සභාවේ පන්සලට රැස්‌ වී ජල ගැටලුව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කරමින් සිටියහ. ගම්වැසියෝ විශාල පිරිසක්‌ එතැන වූහ. අපි එතැනට යන විටත් ගම්මුන්ගේ ප්‍රශ්න පොදිය ඇමැතිවරයා ඉදිරියේ ලිහා අවසන්ය. කතා බහ තරමක්‌ ඝෝෂාකාරීය. අපි ද සවන් දී සිටියෙමු.

    "සර්... මේ ප්‍රශ්නය අද ඊයේ ආපු එකක්‌ නෙමෙයි. මේ පැක්‌ටි්‍රය පටන් අරගෙන දැන් අවුරුදු පහළොවකටත් වැඩියි. මුලින්ම පැක්‌ටි්‍රයෙන් පිට කරන විෂ ද්‍රව්‍ය නිසා පහළ කුඹුරු කරන්න බැහැ කියලා මිනිස්‌සු පාරට බැස්‌සා. හිමින් සරේ ඒක යට යෑව්වා. ඊට පස්‌සේ විෂ දුම් පිට කරන එකට විරුද්ධව මිනිස්‌සු පාරට බැස්‌සා. ඒකත් යට ගියා. දැන් අපේ ගම්වල කිසිම ළිඳකින් වතුර බොන්න බැහැ. රජයේ රස පරීක්‍ෂකවරු ඇවිත් ජල සම්පල් ගෙනිහින් දැන් දවස්‌ ගානක්‌ වෙනවා තවම වාර්තා නැහැ. මීට ඉස්‌සරත් පැක්‌ටි්‍රයට විරුද්ධව මිනිස්‌සු පාරට බැහැපු අස්‌ථාවල මන්ත්‍රීවරු ඇවිත් බොරු කියලා ප්‍රශ්නය යට ගැහුවා. මේ පාර නම් එහෙම කරන්න දෙන්නෙ නැහැ. දැන දැනත් අපිට ඇසිඩ් බීලා මැරෙන්න බැහැ...




    water2.jpg


    රැස්‌ව සිටි පිරිස මීයට පිම්බා සේය. එක්‌ කාන්තාවකගේ හඬ පමණක්‌ බණ මඩුව පුරා දෝංකාර දුන්නාය.

    "අපි ළිඳෙන් වතුර ඇදගෙන බීපු මිනිස්‌සු. අපිට ඔය ක්‌ලෝරීන් වතුර බීලා පුරුදු නැහැ. ගම පුරා තියෙන ටැංකිවලට ගහන වතුරවලත් රොඩු. අනිත් එක ඒ වතුර කොහෙන් ගේනවාද කියලා අපි දන්නෙත් නැහැ."

    "හරි... හරි... අපි මේ ප්‍රශ්නයට ඉක්‌මනට විසඳුමක්‌ හොයනවා. එතකම් ඔය ටැංකිවල වතුර බොන්න කෝ..."

    ගම්වැසි කාන්තාවගේ දිගට ඇදෙන කතාවට බලහත්කාරයෙන් විරාමයක්‌ තැබූ ඇමැතිවරයා උණුසුම් ස්‌වභාවය මඟහරින්නට නිවුණු විසඳුමක්‌ දුන්නේය. ඇමැතිවරයාගේ විසඳුම ගැන සෑහීමකට පත් නොවූ ගම්මු උරණ වූහ. මිනිස්‌සු කියන්නේ කුමක්‌දැයි හරි හැටි තේරුම් ගැනීමට නොහැකි තරමට ඝෝෂාව වැඩි විය. එන පොට හොඳ නැති බව දැන් ගත් මැති ඇමැතිවරු එතැනින් හිමින් සෑරේ ලිස්‌සා සැප වාහනවලට නැඟ යන්න ගියහ.

    සියනෑකෝරළය යනු ලංකාවේ පිරිසිදුම ජල සම්පතට උරුමකම් කියන ප්‍රදේශයකි. එහෙත් අද සියනෑවේ ගම්මාන දොළහක ජලය පානයට නුසුදුසු බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්‌ඩලය දැනුම් දී ඇත. එනම් නැදුන්ගමුව, රතුපස්‌වල, ඇඹරළුව, සිවුරළුමුල්ල, ඌරුවල, බුත්පිටිය, මාහරගම, පිළිකුත්තුව, කතුරුවත්ත, කිඹුල්ගොඩ, මල්වතුහිරිපිටිය, මාලිගාතැන්න සහ වැලිවේරිය යන ගම්මාන මේ ව්‍යසනයට මුහුණු පා සිටී.



    water.jpg


    ගම්මුන්ගේ ඝෝෂාව තරමක්‌ පහව ගිය විට ප්‍රදේශයේ දැවෙන ප්‍රශ්නය ගැන කරුණු කරණා විමසා බැලීමට අපි ගම්මු අතරට ගියෙමු.

    "මම ඔය පැක්‌ටි්‍රයෙ අවුරුදු ගාණක්‌ වැඩ කරපු කෙනෙක්‌... මම හොඳට දන්නවා ඕක ඇතුළෙ වෙන දේවල්. ඒ දේවල් ගැන අහන්න ගිහින් තමයි අපිව ඕකෙන් එළියට දැම්මෙත්..."

    පිරිස අතරින් එක්‌ තරුණයෙක්‌ පෙරට පැමිණ කතාවට එසේ මුල පිරුවේය. ඔහු චමින්ද විඡේසේකරය. දැන් අපි ඔහුගේ කතාවට සවන් දෙමු.

    ඔය පැක්‌ටි්‍රයෙ නිෂ්පාදනය කරන්නේ රබර් අත් මේස්‌. නිෂ්පාදන කටයුතු සඳහා පවුඩර් එකක්‌ ගේනවා. ඊට අමතරව ගොඩක්‌ම ගන්නේ රසායනික ද්‍රව්‍ය. කෙමිකල් වර්ග ඇතුළට ගෙනාපු ගමන් සේවකයෝ දකින්න ඉස්‌සර වෙලා ඒ ලේබල් මකලා වෙන ලේබලයක්‌ අලවනවා. හදන අත් මේස්‌ හෝදන්න ගන්නේ ඇසිඩ් එකක්‌. ඒ අත් මේස්‌ හෝදන තැන ටයිල් පුපුරලා. මම හිටපු කාලෙදී කීප වතාවක්‌ම එතැනට ටයිල් ඇල්ලුවා. ඔරොත්තු දුන්නෙ නැහැ. ඒ තරම් ඒ ඇසිඩ් එක විෂයි.

    පැක්‌ටි්‍රය ඇතුළෙ ජල පිරිපහදුවක්‌ තියෙන එක ඇත්ත. නමුත් ඒක සාර්ථක නැහැ... දැන් කරන්නේ පැක්‌ටි්‍රය ඇතුළෙ ලොකු ටැංකි දෙකක්‌ හදලා නිෂ්පාදන ක්‍රියාවලියෙන් පිටවන හැම අපද්‍රව්‍යයක්‌ම ඒකට දාන එක. ඒ ටැංකි හදලා තියෙන්නෙ වතුර එළියට පිට වෙන විදිහට. අන්තිමට වෙන්නෙ වත්තට පිට වෙන වතුර කාණු හරහා පහළ මාහරගම වෙල් යායට ගලාගෙන යන එකයි. කුඹුරු යායෙන් ඇළ කාණුවලට ගිහින් කොහොමහරි දැන් මුළු ප්‍රදේශයේම භූගත ජලයට ඇසිඩ් එකතු වෙලා තියෙන්නෙ. ඒ මදිවට අර ටැංකිවල ඉතුරු වෙන මළජරාව හොඳ පොහොර කියලා අහල පහල වතුවල තියෙන පාළු ළිංවලට ගිහින් දාලා වහනවා. ඔය ජරාවට ෆැක්‌ටි්‍රය ඇතුළෙ කියන්නේ 'සඡ්' එක කියලා. දවස්‌ 15 කට ටොන් 14 ක්‌ විතර එකතු වෙනවා. හරි නම් ඔය සඡ් එක කොහේට හරි ගෙනිහින් පුච්චන්න ඕනා. ඒකට විශාල මුදලක්‌ වැය වෙනවා. ඒක නිසා අහල පහල ඉඩම් අයිතිකාරයන්ට රුපියල් හතළිස්‌ දාහක්‌ විතර දීලා ජරාව ටික ඒ වතුවලට ගෙනිහින් දානවා. ජාරාව අදින වේලාවට නම් මක්‌කොල්ලවත් ඉන්න බැහැ. අමුතුම සැර ගඳක්‌ එන්නෙ. ඒත් සල්ලිවලට කෑදර මිනිස්‌සු බලෙන්ම ජරාව ටික වත්තට ගෙනිහින් දාගන්නවා. අන්තිමේ ඒ ජරාවත් පොළවටම බී ගන්නවා. ඔය සේරම මළජරාව ගමේ මිනිස්‌සු ළිඳෙන් ඇදලා බොනවා.






    වකුගඩු රෝගයෙක්‌ පෙළෙන සන්දීප්



    sandeep.jpg



    දැන් ඔයාල කාලයක්‌ ඔය වතුර බිව්වනේ. එතකොට වතුරවල වෙනසක්‌ තේරුණේ නැද්ද? චමින්දගේ කතාවට බාධා කරමින් අපි එසේ අතුරු ප්‍රශ්නයක්‌ යොමු කළෙමු. එහෙත් අපේ පැනයට පිළිතුරු දුන්නේ චමින්ද නොව කාන්තාවකි. ඇය චන්ද්‍රකාන්තිය.

    "මේ ෆැක්‌ටි්‍රය පටන් අරගෙන දැන් අවුරුදු විස්‌සක්‌ විතර වෙනවා. එදා ඉඳලම ෆැක්‌ටි්‍රයෙන් ඇසිඩ් පරිසරයට මුදාහැරියා. ටික ටික භූගත ජලයටත් ඇසිඩ් එකතු වුණා. අපිත් ටික ටික ඇසිඩ් වතුර බොන්න හුරු වුණා. කාලයක්‌ යන කොට තමයි ගමේ මිනිස්‌සුන්ට එක එක ලෙඩ හැදෙන්න පටන් ගත්තෙ. උගුරෙ අමාරු, හමේ රෝග, මුත්‍රා අමාරු, වකුගඩු රෝග. ඇස්‌ රෝග. ඒත් මිනිස්‌සුන්ට මේ විදිහට ලෙඩ වෙන්නෙ ඇයි කියලා හොයාගන්න බැරි වුණා. ඌරුවල ගමේ පුංචි දරුවෙක්‌ට වතුරෙන් වකුගඩුවලට විෂබීජයක්‌ ගිහින් කියලා දැන ගත්තට පස්‌සෙ තමයි මිනිස්‌සු මේ ගැන හොයන්න පටන් ගත්තේ. ඊට පස්‌සෙ ගමේ මිනිස්‌සු වෝටර් බෝඩ් එකට ගිහින් වතුරවල ප්‍රශ්නයක්‌ තියෙනවා ඇවිත් පරීක්‍ෂා කරලා බලන්න කියලා කිව්වා. වෝටර් බෝඩ් එකෙන් ඇවිත් වතුර පරීක්‍ෂා කරලා වතුරවල පී. එච්. අගය අඩුයි රෙදි කෑල්ලක්‌වත් හෝදන්න පාවිච්චි කරන්න එපා කියලා කිව්වා. ඒකෙන් පස්‌සෙ තමයි ගම්මු පාරට බැස්‌සෙ. මේ ප්‍රශ්නය ගැන දැනුම් දෙන්න තියෙන හැම තැනකටම ලි�තව දැනුම් දීලා තියෙනවා. ඒත් විසඳුම් නැහැ. දේශපාලනඥයෝ ඇවිත් කියන්නේ ගමට වතුර ලයින් එකක්‌ දෙනවා. ඒකෙන් වතුර ගන්න කියලා. ඇයි අපි සල්ලි දීලා වතුර බොන්නෙ. සොබාදහම අපිට රත්තරං වතුර ටිකක්‌ දීලා තිබුණා. අපිට ඕනෑ ඒ වතුර. නැතුව ක්‌ලෝරීන් වතුර අපිට ඕනෑ නැහැ. කිසිම නිලධාරියෙක්‌ වතුරවලට වෙලා තියෙන දේ හරියට කියන්නෙ නැහැ. හැමෝම කතා කරන්නෙ ෆැක්‌ටි්‍රයේ පැත්ත අරගෙන. කවුරු මොන පැත්ත ගත්තත් මේ පාර නම් මරාගෙන මැරෙනවා."

    පිපාසය නිවාලන්නට හඬ නඟන ඇයගේ සිත කෝපයෙන් ගිනි ගෙනය. ඇය පමණක්‌ නොව සෑම ගම්වැසියෙක්‌ම එසේය. ඔවුන්ගේ කෝපාවිෂ්ඨ වීම සාධාරණය. මන්ද වේල් ගාණක්‌ නොකා සිටියද දවසක්‌වත් වතුර නොබී ජීවත්වීමට නොහැකිය. එවැනි පසුබිමක මේ ජල ප්‍රශ්නයට සාධාරණ විසඳුමක්‌ නොලැබුණහොත් මේ මිනිසුන් මොනවා නොකරයිද? මගේ සිත එසේ ප්‍රශ්න කරද්දී අප වකුගඩු රෝගයෙන් පෙළෙන පුංචි දරුවාගේ නිවස සොයාගෙන ඌරුවල ගමට යැමට මගට වැටුණෙමු. අප ඒ නිවසට යන විට රෝගී දරුවාත් ඔහුගේ පියා සහ මවත් නිවසේ සිටියහ.

    පුතුගේ නම ගිම්හාන් සන්දීප්... වයස අවුරුදු නවයයි. පුංචි සන්දීප් ඔහුගේ මවට තුරුලු විය.

    "පුතාට උණ ගැනුනෙ නොවැම්බර් මාසෙ. අපි සාමාන්‍ය උණක්‌ කියලා ප්‍රයිවට්‌ තැනකින් දෙපාරක්‌ම බෙහෙත් ගත්තා. උණ හොඳ වෙන්නෙ නැති තැන ගම්පහ රෝහලට ගෙනිච්චා. එතැනදී පරීක්‍ෂණ කරලා වෛද්‍යවරු කිව්වා පුතාව කොළඹ ළමා රෝහලට අරගෙන යන්න කියලා. ළමා රෝහලේදී පරීක්‍ෂණ කීපයක්‌ම කරලා කිව්වා දරුවගේ වකුගඩුවලට විෂබීජයක්‌ ගිහින් වකුගඩු නරක්‌වී ගෙනයි එන්නේ කියලා. ළිඳේ වතුර බොන්න දෙන්න එපා කිව්වා. ගෙදර අනිත් අයත් ළිඳේ වතුර නොබී ඉන්නවා නම් හොඳයි කිව්වා."

    මවගේ කතාව අවසන් කිරීමට පෙර සන්දීප්ගේ පියා නිශාන්ත කතාව වෙනත් ඉසව්වකට ගෙන ගියේය.

    "අපේ තාත්තා නැති වුණෙ මාහරගම වෙල් යායේ කුඹුරු කරන්න ගිහින්. වෛද්‍යවරු කිව්වේ මී උණ කියලා. මමයි තාත්තායි කුඹුරෙ වැඩ කළේ. තාත්තාගෙ මිනිය ගෙදර ගේනකොට මටත් උණ හැදිලා ඉස්‌පිරිතාලේ ගේනිච්චා. තාත්තා විතරක්‌ නෙමෙයි මහප්පත් නැති වුණෙ කුඹුරු කරන්න ගිහින්. අපි පස්‌සෙයි දැනගත්තෙ මහත්තයෝ... මී උණ හැදිලා නෙමෙයි අපේ තාත්තා නැති වෙලා තියෙන්නෙ මේ පැක්‌ටි්‍රයෙන් දාන ඇසිඩ් විෂ වෙලයි කියලා. ඒ විදිහට අපේ ගම්වල කුඹුරු වැඩ කරපු කිහිප දෙනෙක්‌ම නැති වුණා."

    "ඒ විතරක්‌ නෙමෙයි මහත්තයෝ... ඔය ෆැක්‌ටි්‍ර එකේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඊතයිල් හැදෙනවලු. ඉස්‌සර ගමේ කසිප්පුකාරයෝ ෆැක්‌ටි්‍රයේ නිලධාරීන්ට කීයක්‌ හරි දීලා ඒ ඊතයිල් අරගෙන කසිප්පු පෙරුවා. එහෙම පෙරපු කසිප්පු වඩියකට දාපු ඊතයිල් ප්‍රමාණය වැඩි වෙලා ඒ කසිප්පු වඩියේ කසිප්පු බීපු අට දෙනක්‌ මැරුණා. විස්‌සක්‌ විතර සදහටම ඇස්‌ අන්ධ වුණා. තවත් සීයක්‌ විතර තවම ජීවත් වෙනවා. වෛද්‍යවරු කියලා තියෙන්නෙ ඒ අයත් කොයි වේලාවේද කියන්න බැහැ කියලා.

    විවිධ ඉසව්වලට ඇදී යන අපේ කතාවට ප්‍රදේශවාසියකු වන මහේෂ් ධම්මික එසේ අලුත් මාතෘකාවක්‌ එකතු කළේය.

    අදට ද ගොවිතැන ජීවනෝපාය කරගත් මිනිස්‌සු මේ ප්‍රදේශවල වෙසෙති. එහෙත් අද ඒ ගොවීන්ට තම කුඹුරු අස්‌වැද්දීමට නොහැකිව ළතවෙති. කුඹුරට බැස ගොඩඒමේදී කකුල් කැසීම, උණ ගැනීම වැනි හේතු නිසා ගොවීහු කුඹුරුවලට බැසීමට මැලි වෙති. එහෙයින්ම මාහරගම කුඹුරු අක්‌කර එකසිය පනහ පමණක්‌ නොව තවත් විශාල කුඹුරු කිහිපයක්‌ම පුරන් වී ගොස්‌ ඇති බව ද ගම්මු කියති.

    සිද්ධිය එසේ පෙළ ගැසෙද්දී, අවසානයේ අපි මෙසේ කියමු.

    කර්මාන්තයක සැලසුම් සැකසෙන්නේ උචිත පරිසර ආරක්‍ෂණ ක්‍රමවේදයන් තුළ සිටිමිනි. ලාභ ගණනය වන්නේ ඒ පිරිවැය ද අන්තර්ගත කරමිනි. එසේ ලබන ලභාංශයේ ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා නිර්දේශිත පරිසර ආරක්‍ෂණ ක්‍රමවේද නිර්දය ලෙස නොසලකාහරි නම්, එහි කාලකණ්‌ණි ප්‍රතිඵලය ලෙස ගම්මුන්ට ජීවිතය අහිමි වේ නම්, අප දකින්නේ සංවර්ධනයේ සුබ සිහින නොව, මරණයේ බිහිසුණු සෙවණැලිය. අපව කම්පා කරන්නේ මිනී පෙට්‌ටි ෆැක්‌ටරි බඳු මේ කර්මාන්තශාලා අභිමුව ජීවිතය ඉල්ලා හඬන මිනිසුන්ගේ වේදනාවය. එමෙන්ම මේ කර්මාන්ත කරවන සිත් පිත් රහිත අර්ධ මනුෂ්‍යයන්ගේ ගෝත්‍රික අමානුෂික ස්‌වරූපය.

    විශේෂ ස්‌තූතිය වැලිවේරිය ලක්‍ෂ්මන් පයාගල

    ජලයේ පී.එච්. අගය සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ නිලධාරියෙක්‌ අපට මෙසේ කරුණු දැක්‌වූවේය.

    පී.එච්. අගය යනු ජලයේ ඇසිඩ් ප්‍රමාණය මැනීමේ රසායන ක්‍රියාවලිය සොයා බැලීමය. පරිහරණයට සුදුසු ජලයේ පීඑච් අගය 6-7 ලෙස තිබිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්වා දීලා තියෙනවා. නමුත් ඔය කියන ජල ප්‍රශ්නයට මුහුණ දීලා තියෙන ප්‍රදේශවල ජලයේ පීඑච් අගය 4 කටත් අඩුවෙන් තියෙන්නෙ. පී.එච්. අගය අඩුයි කියන්නේ ජලයේ ඇති ඇසිඩ් ප්‍රමාණය වැඩියි කියන එකයි. ඇසිඩ් ගතිය වැඩි වූ විට එම ජලය භාවිත කිරීමට සුදුසු නැහැ. ඇසිඩ්වල ලවණ වර්ග ඉතාම වේගයෙන් දිය වෙනවා. ඒ නිසා වතුර කරාම, බාල්දිවල ඇති ලෝහ වතුරට දිය වී ගිහින් මිනිසුන්ගේ ශරීරවලට ඇතුළු වෙන්න පුළුවන්.

    ප්‍රදේශයේ ජල ගැටලුව සම්බන්ධයෙන් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ වන දිලිප් රාජපක්‍ෂ මහතාගෙන් අපි කරුණු විමසා සිටියෙමු. එතුමාගෙන් අපට ලැබුණේ මෙවැනි පිළිතුරකි.

    පත්තරවල දැම්ම පළියට ප්‍රශ්න විසඳන්න බැහැ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්න මට අයිතියක්‌ නැහැ. මම පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්‌ විතරයි. මේ ප්‍රදේශයේ ආසන සංවිධායක ලසන්ත අලගියවන්න ඇමැතිතුමා. එතුමා තමයි මේ ප්‍රශ්නය පිළිබඳ ප්‍රකාශයක්‌ කරන්න ඕනා.

    ප්‍රදේශයේ ජල ගැටලුව සම්බන්ධයෙන් මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්‌ වන වැලිවේරිය සභාව විහාරස්‌ථානාධිපති සීවලී ස්‌වාමින් වහන්සේ ප්‍රකාශ කළේ මෙවැන්නකි.

    ප්‍රදේශවාසීන් කියනවා වතුරවල පී.එච්. අගය අඩු වෙලා තියෙන්නෙ කර්මාන්තශාලාවෙන් පිට කරන අපද්‍රව්‍ය නිසා කියලා. දැන් අපි ජල සාම්පල පරීක්‍ෂණවලට යවලා තියෙන්නෙ. ඒවා ආවාට පස්‌සෙ තමයි, මොකක්‌ හරි තීන්දුවක්‌ ගන්න ඕනා. නැතුව කවුරුවත් කියපු පළියට කර්මාන්තශාලාව වහන්න බැහැ.

    උද්ගතව ඇති ජල ගැටලුව සම්බන්ධයෙන් කරුණු කාරණා විමසීමට මහර ආසන සංවිධායක ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමැතිවරයා දුරකථනය ඔස්‌සේ සම්බන්ධ කරගැනීමට අප කීප වරක්‌ම උත්සාහ කළෙමු. එහෙත් එය අසාර්ථක විය.

    ප්‍රදේශයේ ජල ගැටලුවට තුඩු දුන් කර්මාන්තශාලාවේ නිලධාරියෙක්‌ හමු වී කරුණු කාරණා විමසා බැලීමට අපි එම කර්මාන්තශාලාවට ද ගියෙමු. එහෙත් එය ද අසාර්ථක විය. කර්මාන්තශාලාවේ ආරක්‍ෂක නිලධාරියෙක්‌ අපට මෙසේ කීවේය.

    "අද නම් නිලධාරීන් සේරම හෙඩ්ඔෆිස්‌ ගිහින්. මහත්තේලට අපේ හෙඩ්ඔෆිස්‌ එකට ගියා නම් මේ ප්‍රශ්නය ගැන හරියට විස්‌තර දැනගන්න පුළුවන්."

    තරංග රත්නවීර
    ඡායාරූප - කණිෂ්ක හේවගේ


    divaina
     
    • Like
    Reactions: pody malli

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    බොන්න වතුරටික ඉල්ලපු මිනිස්සුන් මෙහෙම් අමු අමුවේ මරල දානව
    මේවා ලෝකයා හිනස්සන වැඩ තව ටිකකලකින් මානව හිමිකම් සංවිධානවලින් වලින් කැදවනකොට කියන්නේ විජාතීය කුමන්ත්‍රණ කියල. මේවා අහලම අපිට පු*න් හිනා, නැත්නම් අර ප්‍රරික්ෂණ සදහා පත්කර කමිටු වාර්තාවේ මෙහෙමත් එන්න පුළුවන් "ගම්වාසීන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම් වලින් අයෙක් මරුට,,ආරක්ෂක අංශ පැමිණ තත්වය සමතයකට පත්කරයි"
    :lol:
     

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,
    දෙමළා තමයි අපේ රටේ ඉන්න පරම හතුරා කියලා පවුල් පිටින් මරල දනකොට, උතුරේ උබලා අපි වගේම අහින්ංසක විදිහට ජීවත් උනු තරුණ පරම්පරවගේ මොලේ විකුර්ථි කරලා උන්ගේ අත්වලට ගිනි අවි විදේශ රටවල වල ඉදල නැව් පිටින් ගෙනල්ලා, ජීව උන්ඩ ගෙනත් දීල මුලු රටම ලේ විලක් කරන්න මුලික වු KP කරුණාඅම්මන් ,
    පිල්ලෙයාන් ලා රජ වාසල සුවච කීකරු කුක්කෝ වෙනකොටත් උබල නිහඩව හිටිය,

    හිටපු හමුදාපතිව මැර බලය යොදවල හිරේ දානකොට උබල හිරේ යන්නෙ නැති නිසා නිහඩව හිටිය,
    අග්‍රවිනිශ්චකාරවරිය බලු පාලනයට කඩේ යන්න අකමැති නිසා මැර බලය යොදල බලයෙන් පහ කරල අවලාද නගල අපහාස කරනකොටත් උබල නිහඩව හිටිය,
    විශ්වවිද්යාල දරුවො රටේ සියලුම දරුවන්ගේ නිදහස් අධ්යාපන අයිතිය වෙනුවෙන් අරගල කල වරදට පලකයගේ කුලී හේවායෝ ( රණවිරුවෝ )යොදවල මහ මඟ මරලා දනකොටත් උබල නිහඩව හිටිය,
    රජ පවුල් නඩත්තුවට රටේ සම්පත් මන්කොල්ලකාල ජීවත් වෙන්න බැරිතැන මිනිසුන් පාරට ඇවිත් බඩු මිල අඩු කරපල්ලා, විදුලි බිල අඩු කරපල්ලා කියනකොට උන්ට වෙඩි තියනකොට, පොලු මුගුරු වලින් පහර දෙනකොට උබලට රිදුනේ නැති නිසා උබල නිහඩ සිටිය.
    වයසට යනකම් රට වෙනුවෙන් තම දහදිය මහන්සිය වැගිරූ විශ්‍රාමිකයන් ගේ විශ්‍රාමිකවැටුප තම්න්ගේ රජ පවුලේ නඩත්තුවට මංකොල්ලා කන්න හදනකොට ඒ වෙනුවෙන් අරගල කල මිනිසුන් මරල දනකොටත් ඒ ගැටලුව උබලගේ එකක් නොවුනු නිසා cricket match එක බලලා නිහඩව සිටියා.
    මේවැනි ශාපරධී සිදුවීම් කන්දක් මැද්දේ උබල පහුගිය කාලයක් කිසිම හිරිකිතයක් නැතුව නිහඩව හිටිය නොවේද ??
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.
     

    hot_news

    Member
    Apr 23, 2013
    191
    102
    0

    බීමට පිරිසිදු වතුර ඉල්ලා සිටිනා වයෝව්ර්‍ධ ත්‍රස්ථවාදී මවක් හා එම මවගේ හිසට මුගුරකින් පහරදෙන ලොව සීලාචාරම හමුදා භටයෙක්.
    :baffled::dull:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බොන්න වතුර ඉල්ලo පාරට බයින්න මුන්ට පිස්සුනෙ අයිෂෙ.
    එක්කො ඉල්ලපිය වරායක්.,
    එයාපෝට් එකක්..
    සල් මල් කුළුනක්..
    නයිට් රේස් එකක්..
    දැයට කිරුළක්..
    සැටලයිට් එකක්..
    ඇමරිකo පුබ්බෝල්…
    මුනාද මේ මුන් ඉල්ලුවෙ?
    තූ නොදකිo වෙඩි තියපු එකමයි හොද.. ඈස්චර්යටත් කැලලක් මුo
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉස්සර හිටපු ආමි කාරය යුද්දෙන් පස්සේ රණවිරුවා උනා. හැබැයි ඌ වැලිවේරියේ සිද්දියෙන් පස්සේ ආයෙත් ආමි කාරය උනා.