මගෙ එක ඇහක සුද ඉවත් කරලා කාචයක් දැම්මා රජයේ ඉස්පිරිතාලෙකින්. ඒකෙන් පස්සේ මට කණ්නාඩි නැතිව දුරවත් ලගවත් හරියට පැහැදිලිව ඒ ඇහෙන් පේන්නෙ නෑ. නමුත් සුද එන්න කලින් කණ්නාඩි දැම්මේ නෑ මම. අනිත් ඇහෙත් සුද ඉවත් කරලා කාචයක් දාන්න වෙලා තියෙන්නෙ. එහෙම සුද ඉවත් කර කාචයක් දැම්මට පස්සේ දුර ලග දෙකම කණ්ණාඩියක් නැතිව පැහැදිලිව පේන්නෙ නැති එක සාමාන්‍යද?
සමහර අයගේ ඇහේ සුද ගොඩක් මෝරලා ත්බ්බොත් පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි සුද මොරලද නැතිද කියන එක ඔයාට කලින් කියනවා දොස්තර....
කොහොමත් දොස්තර නිර්දේශය තමයි කන්නාඩි ගන්න කියන එක...
අපේ තාත්තාගේ එක ඇසක් කරා ජයවර්දනපුර රෝහලෙන්.... කොරෝනා පීක් එක තිබ්බ කාලේ කරේ... ( ගෝටා එලවන්න කලින් කරේ ) 65 විතර ගියා ඒ දවස් වල.... ඊට හරියටම අවුරුද්දකට පස්සේ අනික් ඇසට කරා.... ඒක කරේ idh වල තියෙන "සුවනෙත" කියන රෝහලෙන්... ඩොක්ටර් චාමර කියලා කෙනෙක් කරේ.... එකටත් 70 විතර කිට්ටු ගානක් ගියේ...
පලවෙනි ඇස කරාම කන්නාඩි දැම්මා... දෙවැනි ඇසත් කරාම පෙනීම වැඩි වෙලා නිසා එයා දැන් වැඩියම කන්නාඩි දන්නේ නෑ... ඒ වුනාට දාන්න ඕනා ..දොස්තර කිවේ කන්නාඩි දාන්න කියල....
සල්ලි ටිකක් එකතු කරන් ටිකක් හොද තැනකින් බලලා කර ගන්න... රජෙ රෝහල් වල මේ දවස් වල ඇස් වලට කේස්... කීප දෙනෙක් ම අන්ද වුනා.... ටීවී එකෙත් පෙන්නුවේ.. කොලබට ලගයි නම් idh සුවනෙත එකට යන්න... සේවාව නම් හොදයි ජයවර්දන පුර රෝහලට වඩා ....
කොහොමත් ඔයාට අනික් ඇසත් ඉක්මනින් කර ගන්න වෙයි.. ඒක නිසා මුදල් ටිකක් එකතු කර ගන්න....