hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ඇසේ හැටි බලන්න මෙතෙක් නොලද අවස්ථාවක්!

    ඔබේ ඇහැ තුළට එබෙන්න ඔබට කන්නාඩියක් ඉදිරියට ගියාම පුළුවන්. ඒත් මේ තරම් ඇහැට ළං වෙන්න ඒ ක‍්‍රමයෙන් වුනත් ඒ තරම් ලේසි නැහැ.:no:


    ඇස් ගෝලය කොයි වගේ එකක් කියලද ඔබ මෙතෙක් කල් හිතුවෙ? ලස්සනට ඔප මට්ටම් කළ සිනිඳු මාබල් එකක් වගේ කියලද?:oo:


    ඇසේ මේ සමීප රූප හරියට වෙනත් ග‍්‍රහ ලොවක ආවාට වගෙයි පෙනෙන්නේ. හැම තිස්සෙම පින්තූරවලින් කියැවෙන කතාව වචනවලින් කියැවෙනවට වඩා ගොඩක් වෙනස්.:yes::yes:


    ඔන්න එහෙනම් බලන්න, ඔබේත් මගේත් ඇහේ හැටි!


    ඇසේ තාරා මණ්ඩලය සැඟවී ඇති සංකීර්ණ වියමන් ඔබේ ඇස්වලට ඇස් අදහගන්න බැරි තරම් විස්මිත සුවිශේෂ බවක් ගේනවා.


    1.jpg


    ඇස් අදහන්න බැහැ නේද? මේ මිනිස් ඇසේ සමීප රූපය ඇසේ ව්‍යුහයේ රටාවන් සවිස්තරව පෙන්වනවා.

    2.jpg


    ඔබේ ආත්මය පෙන්වන කවුළුවක් වගෙයි. මේ තරම් ළංවී බැලූවාම මිනිස් ඇසකට වඩා පිට සක්වළක භූමි දර්ශනයක් වගෙයි.

    4.JPG


    3.jpg


    තුනී වටකුරු ව්‍යුහයන් වන තාරා මණ්ඩලයන් දෘෂ්ටි විතානයට ඇතුළු විය යුතු ආලෝකය අනුව යමින් ඊට ගැළපෙන ලෙස කනිණිකාවන්ගේ විෂ්කම්භය අඩු වැඩි කරමින් පාලනය කරනවා.

    5.jpg


    කෙඳි සහිතයි - මේ රූපයෙන් පෙනෙන්නේ වර්ණිත තන්තුමය සනාලපටක පිහිටා ඇති අයුරුයි. මෙය සම්බන්ධක පටක රාමුව යනුවෙන් හැඳින්වෙනවා.

    3.jpg


    ඇසෙහි මේ අති විශාලනය කළ ඡායාරූප ගෙන ඇත්තේ ආමේනියානු භෞතික විද්‍යා ගුරුවරයකු වන සුරේන් මැනුවෙල්යාන් විසිනුයි. ඔහු මේ සඳහා යොදා ගෙන ඇත්තේ හිතවතුන්ගේ, ගුරුවර සගයන්ගේ හා ගෝලයන්ගේ ඇස්


    4.JPG


    සියුම් ලෙස ඔහු විසින් ගත් මේ ඡායාරූප විශාලනය කළ විට ඔහු පවා විස්මයට පත් වුණා. වෙනත් ග‍්‍රහලෝකවල බඳු මෙවැනි දසුන් ඔහු පවා බලාපොරොත්තු වුණේ නැතිලූ.

    5.jpg


    අපි බොහෝ විට සිතන්නේ අපේ ඇස් ඉතා සියුම් ගෝලාකාර ඒවා කියායි. ඒත් ඡායාරූප ශිල්පී භෞතික විද්‍යාගුරු මැනුවෙල්යාන් එය දකින්නේ වෙනස් ආකාරයකටයි.

    6.jpg


    තාරා මණ්ඩලයට ඉංගිරිසියෙන් කියන ‘අයිරිස්’ යන්න ආවේ දේදුන්නට අධිපති ගී‍්‍රක දෙවඟනගේ නමින්. ඒ නිසා වෙන්න ඇති එහි දේදුනු වර්ණ දැකිය හැක්කේ.


    තුනී වක‍්‍රාකාර ව්‍යුහයක් වන තාරා මණ්ඩලය අපේ ඇස්වලට අදාළ වර්ණ ලබා දෙනවා පමණක් නොව කළුඉංගිරියාවේ විෂ්කම්භය අඩු වැඩි කරමින් අපේ ඇස්වලට එන ආලෝකය පාලනය කිරීමට ද උපකාරී වෙනවා.

    ඇස්වල මේ අති විශාලනය කළ ඡායාරූප ගනු ලැබුවේ ආමේනියානු භෞතික විද්‍යා ගුරුවරයකු වන 36 හැවිරිදි සුරේන් මැනුවෙල්යාන් (Suren Manvelyan) විසිනුයි. ඔහු මේ සඳහා නිරූපකයන් ලෙස ඔහුගේ මිතුරන් පමණක් නොව, ගුරුවර සගයන්, ගෝලයන් ආදී රැසක් ද හවුල් කර ගෙන තිබෙනවා.

    ”සාමාන්‍යයෙන් කෘමීන්ගේ හෝ ශාකවල අති විශාලන පින්තූර ගන්නා විට විස්මිත රූප මතු වීම ස්වාභාවිකයි, ඒත් මමවත් කිසිසේත් බලාපොරොත්තු වුණේ නෑ ඒවා මේ තරම් විස්මයජනක වෙයි කියල.” ඔහු කියයි.

    ”මං කලින් දැන සිටියේ නෑ ඒවා මේ තරම් සංකීර්ණයි කියලා. හැමදාම අපට කොයිතරම් ඇස් මුහුණට මුහුණ හමුවෙනවද? ඒත් ඒවා මේ තරම් අලංකාර ව්‍යුහයන්ගෙන් යුක්තයි කියල කිසිදාක හිතුණේ නෑ. ඒවා හරියට නුදුටු ග‍්‍රහ ලෝකවල භූමි දර්ශන වගෙයි.”


    6.jpg


    තාරා මණ්ඩලයෙහි විවිධ වර්ණ දකින්න පුළුවන්. කොළ, නිල්, දුඹුරු විතරක් නෙවෙයි තද නිල්, තද දුඹුරු, දම් පාට වගේම රෝස පාටත් දකින්න පුළුවන්.

    7.jpg


    13.jpg


    මේ රූප හරියට සක්වළ ජීවීන් පිළිබඳ තැනූ ඒලියන් (Alien) චිත‍්‍රපටවලට අධිතාත්විකවාදී චිත‍්‍රශිල්පී එච්. ආර්. ගයිගර්ගේ සිතේ නිර්මාණය වූ ඒවා වගෙයි.

    14.jpg


    තාරා මණ්ඩලය ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කළුඉංගිරියාව අවට ප‍්‍රදේශය හා ඇස් පිහාටු තෙක් විහිදෙන ප‍්‍රදේශය වශයෙන්.

    15.jpg


    සුරේන් මැනුවෙල්යාන් ඡායාරූප ගැනීම පිළිබඳ අත්හදා බැලීම් පටන් ගත්තේ වයස අවුරුදු 16 දියි. ඔහු දැන් යෙරවැන් සඟරාවේ ප‍්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙසත් කටයුතු කරනවා. මේ පින්තූර ගන්න ඔහු යොදා ගත් තාක්ෂණය ගැන හෙළිදරවු කරන්න ඔහු අකමැතියි.

    16.jpg

    කැමරා ශිල්පියාගේ ආලෝක ධාරාවට යටපත් කරන්න බැරි වෙලා තියෙනව මේ ඇස අයිති තැනැත්තාගේ සමේ ඇති පාට.

    ඇස, ඔබේ ආත්මය දක්වන හොඳම කවුළුව කියලා කතාවක් තියෙනවා. ඒ වගේ දෑස් තුළින් ඔබේ හදවත දකින්න පුළුවන් කියලත් කියනවා. ඇස්වල පිහිටීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වඩා වෙනස්. ඒ නිසා ඇස පුද්ගලයකුට වෙනම අනන්‍යතාවක් ලබා දෙනව කියල කියන්න පුළුවන්. ඇස වගේම තාරා මණ්ඩලයත් ඒ ඒ පුද්ගලයාට සුවිශේෂයි.

    තාරා මණ්ඩලයට ඉංගිරිසියෙන් කියන ‘අයිරිස්’ යන්න ආවේ දේදුන්නට අධිපති ගී‍්‍රක දෙවඟනගේ නමින්. ඒ නිසා වෙන්න ඇති එහි දේදුනු වර්ණ දැකිය හැක්කේ. දේදුනු වර්ණ කොහොම වුනත් තාරා මණ්ඩලයෙහි විවිධ වර්ණ නම් දකින්න පුළුවන්. කොළ, නිල්, දුඹුරු විතරක් නෙවෙයි තද නිල්, තද දුඹුරු, දම් පාට වගේම රෝස පාටත් දකින්න පුළුවන්.

    ඔහු මෙහිදී රූප ගත කරල තියෙනවා, ඇස ඉදිරියෙන් ම ඇති වර්ණිත තන්තුමය සනාලපටක පිහිටා ඇති සම්බන්ධක පටක රාමුව. එහි යටින් තමා වර්ණිත අපිච්ඡුද ෙසෙල පිහිටා තියෙන්නෙ. මේ මුළු ව්‍යුහයම පේශීන්වලට සම්බන්ධ වී ඇති නිසා ඒ පේශීන් මගින් තමයි, කාච විවරය ලොකු කුඩා කරන්නේ.

    තාරා මණ්ඩලය ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කළුඉංගිරියාව අවට ප‍්‍රදේශය හා ඇස් පිහාටු තෙක් විහිදෙන ප‍්‍රදේශය වශයෙනුයි.


    17.jpg

    හරිම ගුප්ත පෙනුමක් තියෙන්නෙ. ඇස් කුහරය වටා ඇති රටා හරියට වූල්වලින් කළ ගෙත්තමක් වගෙයි.

    18.jpg

    ඇසක කළුඉංගිරියාවේ කොළ පැහැය තාරා මණ්ඩලයේ ඇති වර්ණක නිසා ඇති වන්නක් නොවෙයි. ඒවා ඇති වන්නේ සම්බන්ධක පටකවල ඇති රඹ (තැඹිලි පාට) හා දුඹුරු එකතු වී ඇති වන්නක්. ආලෝකය පරාවර්තනය වීමෙන් තමයි ඇසට ඒ පාට ලැබෙන්නේ.

    19.jpg


    20.JPG

    විද්‍යාඥයන් විශ්වාස කරන විදියට වසර මිලියන ගණනක් තිස්සේ පරිණාමය වීමෙන් එනම් ආලෝකයට අනුව හැඩ ගැසීමෙන් තමයි, මේ සංකීර්ණ තත්වය ඇස ලැබී කිබෙන්නේ.

    21.jpg


    22.jpg

    ඇස ඔබේ හදවත පෙන්වන කැඩපතයි. මිනිසා සිතන දේ අනුව ඇසේ පැහැයේ වෙනස්කම් සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, බොරු කියන විටත් ඇහේ වෙනස් වීම් සිදු වන බවයි, කියන්නේ.

    23.jpg


    24.jpg

    ඇහැට ඇහක් මෙහෙම මුණ ගැහුණමයි ඇහේ අගේ වැටහෙන්නේ.

    සුරේන් මැනුවෙල්යාන් ඡායාරූප ගැනීම පිළිබඳ අත්හදා බැලීම් පටන් ගත්තේ වයස අවුරුදු 16 දියි. ඔහු දැන් යෙරවැන් සඟරාවේ ප‍්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙසත් කටයුතු කරනවා. මේ පින්තූර ගන්න ඔහු යොදා ගත් තාක්ෂණය ගැන හෙළිදරවු කරන්න ඔහු අකමැතියි.

    ”මේ පින්තූර ගත් හැටි මගෙන් අහන්න එපා! ඒක මගේ වෘත්තීය රහසක්!” ඔහු අවසාන වශයෙන් කියනවා.





    උපුටාගැනීම මල්කැකුල
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හොඳට පැහැදිලිව පේන කණ්ණාඩියක් ලඟටම ගිහිං ඇහැට පැත්තකිං ටෝච් එකක් ගගහ ටෝච් එක හොල්ලපං :yes: :yes:
    ඔය ආවාටෙ වටේ තියෙන කෑල්ල ලඞ්වෙනව ඈත්වෙනව හොඳට පේනව :yes: :yes: :yes:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    හොඳට පැහැදිලිව පේන කණ්ණාඩියක් ලඟටම ගිහිං ඇහැට පැත්තකිං ටෝච් එකක් ගගහ ටෝච් එක හොල්ලපං :yes: :yes:
    ඔය ආවාටෙ වටේ තියෙන කෑල්ල ලඞ්වෙනව ඈත්වෙනව හොඳට පේනව :yes: :yes: :yes:



    • අම්මප??......කරල බලන්නෝන!!:yes:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    :yes: :yes:
    හොඳට ලඞ්වෙලා බලපං :yes:
    ටෝච් එක ගහන ඇහෙන් නෙමේ අනික් ඇහෙන් බලපං :yes: :yes:





    • එලමායි!!!!! බං...උඹ කෝමද දන්නේ???:oo:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    • එලමායි!!!!! බං...උඹ කෝමද දන්නේ???:oo:

    ඇහැකට රොඩ්ඩක් ගියවෙලේක රොඩ්ඩ හෙව්ව ඔහොම කන්නාඩිය ඉස්සරහට ගිහිං පැත්තකිං ටෝච් එකක් ගහගෙන :D
    එවෙලෙයි මීටර් වුනේ :D
    :baffled:
    තව ඕන්නං මෞස් එකේ රතුපාට බලුබ් එකටත් ටෝච් එකක් ගහල බලපං :D
    ඊතලේ යනව :yes:
     
    • Like
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ඇහැකට රොඩ්ඩක් ගියවෙලේක රොඩ්ඩ හෙව්ව ඔහොම කන්නාඩිය ඉස්සරහට ගිහිං පැත්තකිං ටෝච් එකක් ගහගෙන :D
    එවෙලෙයි මීටර් වුනේ :D
    :baffled:
    තව ඕන්නං මෞස් එකේ රතුපාට බලුබ් එකටත් ටෝච් එකක් ගහල බලපං :D
    ඊතලේ යනව :yes:



    • උඹ කියපු එක කරල බැලුව...සුපිරි ඕයි!! හැබැයි පස්සෙදි මදඥ්ඥං වගේ...බෝල බෝල පේන්න ගන්නව......එලනේ බංrep+:yes::P