ඇහැළෙපොළ සෑදවූ රන් ඔටුන්නට මොකද වුණේ…?

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com

    බොහෝ දෙනා ඔහු ඇමතුවේ “අපේ යුව රජතුමා” කියා ය. “මහ නිලමේ” කියා ඔහු ඇමතුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ය. ඔහු සුදු අසෙකු පිට නැගී ගමන් කරනවිට “අන්න අපේ රජ්ජුරුවෝ වඩිනවා” යයි කීමට තරම් කන්ද උඩරට සහ සබරගමු ජනතාව පෙළැඹී සිටිය හ. රාජ නියෝගයන්ට පවා සමහර අවස්ථාවල හිස නො නැමූ මොහු, විටෙක කටයුතු කළේ, සිංහලයේ කිරුළ නො පලන් රජු ලෙස ය. එකල සර්ව සාධාරණ යයි කියාගත්, බ්‍රිතාන්‍ය පාලකයන්ට නම් මොහු “බ්‍රිතාන්‍ය රජයේ මිත්‍රයා” ය.

    මීගස්තැන්නේ අදිකාරම්වරයා සිය දිවි නසා ගැනීමෙන් පසු, 1806 දී දෙවැනි අදිකාරම් ධූරයට පත්කරන ලද ඇහැළේපොළ නිලමේ, කලක් මහරජතුමාගේ හිතවත් කුළුපගුම මිතුරා මෙන්ම විශ්වාසනීය රාජපාක්‍ෂිකයා ද විය. පසු කලෙක මේ මහනිලමේ රාජ ද්‍රෝහියකු ලෙස නම් කළේ ද මහරජ තුමාම ය. එහි අවසන් ප්‍රතිඵලය කොතෙක් දරුණු වීද යත්, මහනිලමේගේ බිරිඳ සහ දරු සිව්දෙනා ඇතුළු සමීප ඥාතීන් සියලු දෙනාම, ඉතාමත් කෘර ලෙස ඝාතනය කිරීමට රජතුමා නියෝග කළේය. (මේ සම්බන්ධයෙන් මත කිහිපයක් ඇත.) එපමණක් ද නොව, ඇහැළේපොළ නාමය නිසා, කන්ද උඩරට ඇති සියලුම ඇහැළ ගස් කපා විනාශ කරන ලෙසටත් නියෝගයක් නිකුත් කිරීමට තරම් රජතුමා සැහැසි විය.

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ උදහසට ලක්වීම නිසා ජීවිතාරක්‍ෂාව පතා රජතුමා ගෙන් බේරි පලා ගොස් ඉංග්‍රීසීන්ට එකතු වූ, ඇහැළේපොළ මහ අදිකාරම්වරයාට අවසානයේ සිදුවූයේ, කබලෙන් ළිපට වැටීමට ය. ඉංග්‍රීසීන්ගේ ද සැකයට ගොදුරු වූ, සිංහලයේ කිරුළ නො පලන් රජතුමා ඔවුන්ගේ සිරකරුවකු බවට පත් වූවා පමණක් නොව, තමන් උපන් මව්බිමෙන් පිටුවහල් කිරීමට තරම් දෛවයේ සරදමකට ලක් විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට මෙන්ම, කන්ද උඩරට නිල නොලත් මේ රජ්ජුරුවන්ට මියයන්නට සිදු වූයේ එකම ආකාරයට ය.

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මියගියේ, තමන් රජ කළ භූමියෙන් පිට ඉන්දියාවේ, වෙල්ලෝරයේ දී ය. ඇහැළේපොළ මහ අදිකාරම මියගියේ ද, තමන් උපන් මව්භූමිය වූ ලක්බිමෙන් සැතපුම් දෙදහස් පන්සියයක් (කිලෝමීටර් හාර දහසක්) පමණ දුරින් වූ, හිරු නොබසින අධිරාජ්‍යයාගේ යටත් විජිතයක් වූ මුරුසිය නම් දිවයිනේ දී ය.

    අභිධානයන් සමග එතුමාගේ සම්පූර්ණ නාමය, ඇහැළේපොළ විජයසුන්දර වික්‍රමසිංහ චන්‍ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් වාසල රනමුක පණ්ඩිත මුදියන්සේ ය. ඔහු එකල මෙරට නීත්‍යානුකූල දෙවැනි පුරවැසියා ය. පළමු පුරවැසියා වූයේ, ශ්‍රී වික්‍රම රාජසිංහ මහරජතුමා ය. ඇහැළේපොළ මහාදිකාරම් තුමා, කෙනෙකුට සිංහලයේ වීරවරයෙකි. තවත් අයෙකුට කන්ද උඩරට රජකම බලාපොරොත්තුවෙන්, ජාතිය හා දේශය පාවා දුන් ද්‍රෝහියෙකි. කපටියෙකි. ආත්මාර්ථකාමියෙකි. කෙසේ වුවද තම අභිප්‍රායන් සපලකර ගැනීම් වස්, 1815 දී මෙරට ඉංග්‍රීසීන්ට යටත්කර ගැනීමට උඩ ගෙඩි දුන් ඇහැළේපොළ මහ නිලමේට රට පාවා දීමේ චෝදනාවෙන් නම් නිදහස් වීමට නොහැකි ය.

    ■ ගැටුම් ඇතිවීම

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ ඇහැළේපොළ අදිකාරම අතර පළමුවෙන්ම ගැටුමක් ආරම්භ වූයේ, ඇහැළේපොළ, මහවාසල පණිවිඩ කරන නිලමේ තනතුර හොබවන අවදියේ ය. අලුත්ගම බිසෝමැණිකා හෙවත් “අලුත්ගම දුක්ගන්නා උන්නාන්සේ” නැමති, රජතුමාගේ යකඩ දෝළියක සමග ඇහැළේපොළ නිලමේ පවත්වා ගෙන ගිය අනියම් සබඳතාවය රජතුමාගේ අතටම අසුවීමෙන් අනතුරුව ය. ඇය නව යෞවනයේ පසු වූ රුවැත්තියෙකි. මේ සිද්ධියෙන් කෝපයට පත් රජතුමා, අදිකාරම්වරයාට කස පහර හතක් තැළීමට නියෝග කළේය. රාජ නියෝගයට අනුව තමන්ට දඬුවම් කිරීමට පැමිණි රජවාසල කටුපුල්ලේ රාලලාට පෙරළා පහර දුන්නේ, රාජ නියෝගය ද නොතකා හරිමින් ය. මෙම පහරදීම, තමන්ට ඇහැළේපොළ විසින් එල්ල කළ බරපතළ තර්ජනයක් බව රජතුමාට ඒත්තු ගියේය. එහෙත් මෙයට එක්වරම එකට එක කිරීම සුදුසු නොවන අතර, යම් පළිගැනීමක් සිදුකරන්නේ නම් එය කළ යුත්තේ හිමින් සීරුවේ බවත් රජතුමා වටහා ගත්තේ ය.

    රජතුමා මරා දැමීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත, මහ නඩුවේ විනිශ්චයට අනුව, රාජ නියෝගයෙන් පිළිමතලව්වේ මහාදිකාරම ක්‍රි:ව:1811 දී හිස ගසා ඝාතනය කිරීමෙන් පසු, මහ අදිකාරම් තනතුර පුරප්පාඩු විය. මහාදිකාරම් සහ සබරගමුව පළාත භාර මහ නිලමේ තනතුරුවලට තමන් පත්කරනු ඇතැයි මොල්ලිගොඩ නිලමේ බලාපොරොත්තු විය. එහෙත් රජතුමා එම තනතුරුවලට පත් කළේ ඇහැළේපොළ අදිකාරම ය.

    රජතුමා මෙම තනතුරට තමන් තෝරා ගැනීම ගැන ඇහැළේපොළ නිලමේ ද පුදුමයට පත් විය. සිය මාමණ්ඩිය වූ පිළිමතලව්වේ සමග රජතුමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ කිහිපදෙනා ගෙන් තමන් ද එක් අයකු බව රජතුමා හොඳින්ම දැන තිබිය දීත්, නව පත්වීම ඔහුට ද ගැටලුවක් විය. ඔහුට පමණක් නොව රාජ සභාවේ අනෙකුත් නිලමක්කාරයන්ට ද මෙය ගැටලුවක් වූ අතර, තනතුර තමන්ට ලැබේ යයි සිහින මවමින් සිටි මොල්ලිගොඩ නිලමේ, ඇහැළේපොළට වෛර බැන්දේ ය. ඉන්පසු ඇහැළේපොළට සහ මොල්ලිගොඩට පක්‍ෂව රාජසභාව මෙන්ම ජනතාව ද කොටස් දෙකකට බෙදුණ අතර, රජතුමා මෙම බෙදීම වර්ධනය කිරීමට හෙමින් සීරුවේ, කාටත් නො දැනෙන සේ, කටයුතු කළේ ය.

    මෙම පත්වීම මොල්ලිගොඩ සහ ඇහැළේපොළ අතර සීතල යුද්ධයකට ද හේතුකාරක විය. ඥාතිත්වයෙන් ඇහැළේපොළ මහාදිකාරම්, මොල්ලිගොඩ නිලමේගේ මස්සිනා කෙනෙකි. බල ලෝභය හා නිලතල හමුවේ කන්ද උඩරට රාජ්‍යයේ සිංහල අදිකාරම්වරු හා වෙනත් නිලමක්කාරයන් එකිනෙකා අතර පැවතුණේ සීතල යුද්ධය කි. ඇහැළේපොළ සහ මොල්ලිගොඩ සමීප ඥතීන් වුවත්, ඔවුන් අතර පැවතියේ ද මෙවැනිම තත්ත්වයකි. මේ නිසාම මහාදිකාරම් තනතුර ඇහැළේපොළ පත් කිරීමෙන් රජතුමා සිදු කළේ, ඔවුන් දෙදෙනා අතර පවතින භේදයට හිමින් සීරුවේ ගිනි දැල්වීම ය. රජතුමා එයින් කළේ, මෙම හේතුවෙන් තමන්ගේ ක්‍රියාකාරකම් සහ පැවැත්මට කිසිදු ගැටුම්කාරිත්ත්වයකින් තොරව ඉදිරියටම ගෙන යාම අරමුණු කර ගෙන ය.
     

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ■ අයබදු ප්‍රශ්නය

    මේ වනවිට සබරගමු වැසියන් සිටියේ, මහ වාසලට ගෙවිය යුතු බදු ගෙවීම පැහැර හරිමින් ය. එපමණක් ද නොව බදු එකතු කිරීමට පැමිණි රජතුමාගේ විදානේලා ඇතුළු අතවැසියන්ට, මොවුන් පහර දී එළවා දැමුවේ, නැවතත් බදු එකතු කිරීමට නම් සබරගමු පළාතට නො එන ලෙසට තර්ජනය කරමිනි. බදු නොගෙවීම ගැන රජතුමා සිටියේ සබරගමුවේ වැසියන් සමග කෝපයෙන්ය. එහි ප්‍රතිඵලය වූයේ, රජතුමා ඇහැළේපොළ මහාදිකාරම සබරගමු දිසාව භාරව කටයුතු කරන්නට පත්කර එවීමයි. එහි ආදායම් බදු එකතු කිරීම සහ පළාත සංවර්ධනය කිරීම ද ඔහුට භාර කළේ ය. ඒ 1811 වසරේ දී ය. ඇහැළේපොළ මහ නිලමේ සබරගමුවට එවීමේ අනෙක් යටි අදහස වූයේ, කෙසේ හෝ ඇහැළේපොළ කුමාරිහාමි තම වසඟයට ගැනීම ය.

    ඇහැළේපොළ මහාදිකාරම සබරගමුවට ගිය පසු ඔහු හමු වුන, සබරගමුවේ ප්‍රධානීන් වන එක්නැළිගොඩ, මහවලතැන්නේ, දොළොස්වළ, වාරිගම, ඇලපාත, මඩුවන්වෙල, ඇමිටියගොඩ ඇතුළු සබරගමුවේ ප්‍රධානීන් කරුණු කාරණා ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ, කන්ද උඩරට රජතුමා විසින් සබරගමු වැසියන්ට ගෙවීමට නියමකර ඇති බදු මුදල් ඉතාමත් අසාධාරණ නිසා, යම් සහනයක් ලබා දෙන ලෙස ය. මහ නිලමේ මෙයට එකඟ විය.

    ■ ඇහැළේපොළ ගෙන් රජ්ජුරුවන්ට තිළිණයක්…..?.

    වසර කිහිපයකට පෙර රාජද්‍රෝහියකු ලෙස සලකා හිස ගසා මරා දැමූ පිළිමතලව්වේ ද “සිංහල කිරුළ වඩුගකරණයෙන් බේරාගත යුතුයි” යන ආකල්පයේ සිට කටයුතු කළ අයෙකි. ඇහැළේපොළ ද මේ වනවිට සිටියේ පිළිමතලව්වේ මෙන් නායක්කර් වංශිකයන් ගෙන් සිංහලය බේරා ගත යුතුය යන ආකල්පයේ ය. එහෙත් ඔවුන් දෙදෙනාගේම අභ්‍යන්තර බලාපොරොත්තුව වූයේ ලක්දිව රජවීම යි.

    සබරගමුවේ වැසියන්ට රජයට ගෙවීමට නියෝගකර ඇති බදු ප්‍රමාණය අවම කරන ලෙසට නිලමේවරුන් කළ ඉල්ලීම සාධාරණ බව පිළිගත් මහනිලමේ, රජයට ගෙවීමට ඇති බදු අයකර ගැනීම අත් හළේ ය. ඒ වෙනුවට ඔහු කළේ පරසතුරු උපද්‍රවවලින් සහ යම් යම් හේතූන් නිසා විනාශ වී ගිය, පළාතේ වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සහ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කටයුතු කිරීම යි. රත්නපුර, බටුගෙදර වෙල්යාය සහ එයට ජලය සපයන වේල්ලත්, ඇළ මාර්ගයත් එයට නිදසුන් ය. අද ද සක්‍රියව පවතින ඇළ මාර්ගය හඳුන්වන්නේ “ඇහැළේපොළ වේල්ල සහ ඇළ” නමින් ය. අන්ගම්මන නිලමේ විසින් ඉදිකරන ලද අන්ගම්මන විහාරය සහ සබරගමු මහ සමන් දේවාලය වැනි, ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කළ අතර, ගවයන්, ඌරන් වැනි සතුන් මස් පිණිස මැරීම මෙන්ම, මත්පැන් මිලට ගැනීම සහ විකිණීම ද තහනම් කළේ ය.

    සබරගමුවට ගිය ඇහැළේපොළ මහ නිලමේ, ඉහත සංවර්ධන ක්‍රියාවලියට අමතරව තවත් කාර්යයකට අත ගැසුවේය. රජතුමාගේ විවාහ මංගල්‍යයට තමා විසින් තිළිණ කළ ත්‍යාගය, ප්‍රතික්‍ෂේප කිරීම නිසාත්, මහාදිකාරම් සහ සබරගමුවේ මහ නිලමේ වශයෙන් පත්කිරීම වෙනුවෙන් කෘතගුණ සැලකීම් වස්, රජතුමාට ඉතාමත් වටිනාකමකින් යුතු තිළිණයක් දීමට තීරණය කිරීම යි. තිළිණය වූයේ, සබරගමුවේ වටිනා මිණිකැට එබ්බ වූ රත්තරනින් වැඩ දැමූ ඔටුන්නක් සහ කඩුවක් පිරිනැමීම ය.

    මේ ත්‍යාගයන් නිර්මාණය කිරීමේ කාර්යය සඳහා ඉතාමත් දක්‍ෂ කාර්මික ශිල්පියෙක් මහාදිකාරම්වරයාට සොයා දුන්නේ, ඔහුගේ කුළුපගු මිත්‍රයකු වූ ඇමිටියගොඩ අලහකෝන් මොහොට්ටාල මුදියන්සේ ය. අලහකෝන් නිලමේ එවකට ගොඩකවෙල පුරාණ විහාරයේ ගිහි භාරකරු වශයෙන්ද කටයුතු කළ අතර, රාජ්‍යනුග්‍රහයෙන් ගොඩකවෙල විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර එහි අලුතෙන් මිහිඳු මා හිමියන්ගේ පිළිමයක් රනින් වාත්තු කිරීමේ කටයුතු පටන් ගෙන තිබිණි. මිහිදු පිළිමය නිර්මාණය කිරීමේ කටයුත්ත භාරදී තිබුණේ, එවකට පළාතේ නම ගිය නිර්මාණ ශිල්පියෙකු වූ, ගොඩකවෙල, කම්මල්වත්තේ, වීරමන්ත්‍රී නම් ආචාරියාට ය. බටුගෙදර වීරමන්ත්‍රී ආචාරියා නමින් හඳුන්වන්නේ ද මොහු ය.

    සබරගමුවේ මිණිකැට ඇල්ලූ “රන් ඔටුන්නක් සහ රන් අසිපතක්” (තවත් සමහර ප්‍රවෘත්තිවල රනින් කළ ඇඳක් ද) සෑදීමට ඇණවුමක් භාර දුන්නේය. මේ කාර්යය ඉතාමත් රහසිගතව සහ ආරක්‍ෂිතව සිදුකරන ලෙසට ඔහුට උපදෙස් දුන්නා පමණක් නොව, කිසිවකුටත් සැකයක් නො සිතෙන පරිද්දෙන්, එතැන ආරක්‍ෂාවට සිය ඔත්තුකරුවන් යෙදවීමට ද මහනිලමේ වග බලා ගත්තේ ය. මේවා රාජ්‍ය පංච කකුද භාණ්ඩයන් සේ සලකති.

    මෙම ඔටුන්න සහ අසිපත් මිට සඳහා වූ මැණික් ගල් සහ රන් රිදී ද රත්නපුර ප්‍රදේශයෙන්ම සොයා ගැනීමට ඔහු කටයුතු කළේ, ඉතාමත් රහසිගතව ය. ඒ සඳහා ඔහුට සහයෝගය දුන්නේ, සමීපතම හිතවතුන් වන මඩුවන්වල, ඇමිටියගොඩ, සහ එක්නැළිගොඩ නිලමෙවරුන් ය. එසේ ගෙන්වාගත් මැණික්, වැඩි ආරක්‍ෂාවට විවිධ ප්‍රදේශයන්හි සඟවා තැබූ බව ඇහැළේපොළට සම්බන්ධ කතා පුවත්වල සඳහන් වේ. “ඕපල්ල” නම් ග්‍රාමය එසේ මැණික් ගල් සැඟ වූ ස්ථානයක් ලෙස සලකති. එය නිවැරදි බවට තහවුරු වූයේ, මෙයට වසර ගණනාවකට පෙර හෙවත් 1970 දශකයේ දී ඕපල්ලෙන් හමුවූ මැණික් නිධානය යි. 1971 වසරේදී, රාජ්‍ය මැණික් සංස්ථාව ආරම්භ කිරීමට හේතු වූයේ, ඕපල්ලේ මැණික් නිධිය යි.

    එසේම රජුට ත්‍යාග වශයෙන් හෝ රාජකීය ඔටුන්නක් සහ කඩුවක් සෑදවීමට බලයක් ඇහැළේපොළට තිබුණේ ද යන කාරණය ද ගැටලුව කි. පැරණි රාජ නීතිය ප්‍රකාර මෙබඳු රාජකීය භාණ්ඩ සාදනු ලබන්නේ, මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ,

    “රාජ්‍ය කකුධ මණ්ඩපයේ” ය. රාජකීය භාණ්ඩ නිෂ්පාදනය කිරීමට වෙනමම ශිල්පීන් පිරිසක්ද වූහ. එය නිර්මාණය කරනුයේද ආවට ගියාට හිතු මනාපයට නොව, ජ්‍යොතිෂ්‍යානූකූලව නැකැත් ශාස්ත්‍රයට අනුව ය.

    ඇහැළේපොළ මහ නිලමේ කපටි රාජ්‍ය තාන්ත්‍රිකයකු බව අමතක කළ යුතු නොවේ. ඔහුගේ එක් බලාපොරොත්තුවක් වූයේ කන්ද උඩරට රජවීම ය. මහ නිලමේ මිණි කිරුළ සහ රන් කඩුව සෑදුවේ උඩරට රජුට තිළිණ කිරීමට ද….? නො එසේ නම්, අනාගතයේ රජවීමට අපේක්‍ෂාවෙන් දැයි….? සැකයක් පවතී. එයට හේතු වනුයේ යම් යම් කරුණු කාරණා නිසා, රජතුමා සහ මහනිලමේ අතර පැවති අභ්‍යන්තර ගැටුම් පැවතීම යි. මේ වනවිට කන්ද උඩරට රජතුමා සහ ඇහැළේපොළ මහ නිලමේ අතර පැවති මතභේද වර්ධනය වෙමින් පැවතිණි.

    ජෝන් ඩොයිලි, ජෝන් ඩේවි සහ තවත් සමකාලීනයන්ගේ සටහන්වලට අනුව පෙනී යන්නේ, ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍යත්වයට පැමිණ කෙටි කලක දීම, විවිධ හේතූන් මත, මහා සංඝ රත්නය සහ උඩරට රදලයන් සමග ගැටුම් ඇතිකර ගත් බවයි. මේ නිසා පිළිමතලාවේ මහාදිකාරම, මීගස්තැන්නේ, ඇහැළේපොළ, හලන්ගොඩ, රත්වත්තේ වැනි අදිකාරම්වරු යම් අනාගත බලාපොරොත්තු සහිතව ඉංග්‍රීසීන් සමග රහසිගතව සබඳතා පැවැත් වූහ.
     

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ■ මොල්ලිගොඩගේ සබරගමු ආක්‍රමණය

    1814 අප්‍රේල් මාසයේ එක්තරා දිනෙක, මොල්ලිගොඩ අදිකාරමගේ රහස් ඔත්තු සේවයෙන් රජතුමාට වාර්තා වූයේ, සබරගමුවේ රදලයන් සමග එක්ව, ඇහැළේපොළ නිලමේ මඩුවන්වෙල වලව්වේ දී ඔටුනු පැළඳීමට යන බවක් ය. මඩුවන්වල දිසාවගේ දියණිය සමග එක්නැළිගොඩ මොහොට්ටාල විවාහ වෙන බවත්, එදිනම ඇහැළේපොළට ඔටුනු පැළඳවීමේ උත්සවය ද පවත්වන බවත් ය. මෙම මංගල උත්සවයට ඇහැළේපොළ පාක්‍ෂික සබරගමුවේ සියලුම නිලමක්කාරයන් සහභාගි වන අතර, එයට ඉංග්‍රීසීන්ගේ ආරක්‍ෂාව යටතේ සිටින ඇහැළේපොළ අදිකාරම පැමිණෙන බව ද එම රහස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් විය.

    සබරගමුවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගැනීමට සුදුසුම අවස්ථාව මේ බැවින් වහාම ගොස් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස මොල්ලිගොඩ අදිකාරමට රජතුමා, නියෝග කළේය. මොල්ලිගොඩ විශාල ආරක්‍ෂක හමුදාවක් සමඟ රහසිගත මාර්ගයකින් සබරගමුවට ගොස්, පල්ලේවෙල (පල්ලේබැද්ද) තඹගමුව කඩවත හෙවත් තුංතොට දී මග රැක සිට මංගලෝත්සවයට යමින් සිටි කැරැල්ලට සහයෝගය දුන් සබරගමුවේ කැරළිකාර නිලමෙලා 47 දෙනකු ඇතුළු 60 දෙනකු සහ ඇහැළේපොළට පැළඳවීමට ගෙනගිය මැණික් ඔටුන්න සහ රන් අසිපත ද අත්අඩංගුවට ගත්තේ ය.

    එහෙත් තවත් තැනකදී කියන්නේ ඒ වනවිට සාදා නිම කර තිබූ මැණික් එබ්බ වූ රන් ඔටුන්න සහ රන් කඩුව ආදළු ඔයේ ගැඹුරු තැනක් වන “කළු දිය වළට” දමා ඇහැළේපොළ අදිකාරම ඉංග්‍රීසීන්ගේ උදවු පතා කොළඹට පළා ගිය බවයි.

    මොල්ලිගොඩට, ඇහැළේපොළ මහනිලමේ අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ඒ ඇහැළේපොළ සහ ඔහුගේ සගයන් කිහිපදෙනකු ජීවිතාරක්‍ෂාව හා රැකවරණය පතා, අඟුලක නැඟී කළු ගඟ ඔස්සේ යාත්‍රා කර, රයිගම් කෝරළයේ ගලපාතින් ගොඩ බැස, එතැනින් ගල්කිස්සට ගොස් ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් හමුවී ඔහුගේ ආරක්‍ෂාව යටතේ සැඟවුණු නිසා ය.

    අත්අඩංගුවට ගත් පිරිස අතර, ඇමිටියගොඩ නිලමේ, කිරිපෝරුවේ මොහොට්ටාල සහ ඔහුගේ සොහොයුරන් සය දෙනෙක් ඇතුළු තවත් විදානේවරු කිහිපදෙනකුම විය. අත්අඩංගුවට ගත් පිරිස මොල්ලිගොඩ අදිකාරම විසින් සෙංකඩගලට ගෙන ගොස් රාජතුමාට භාරදුන් අතර, ඔවුන් සැම දෙනාම බෝගම්බර පිටියට ගෙන ගොස් උල තබා මරා දැමූ බව “ඇහැළේපොළ හටනේ” සඳහන් වේ.

    දුල ගැන නිදොස ඇහැළේපොල මෙහෙ සි
    කුල ගුණ සහ දරුවන් වද කොට වැන සි
    නිලමෙලා හතලිස් හත් දෙනෙක් දි සි
    උල තබමින් මැඑැවේ සබරගමු වැ සි

    ■ මැණික් ඔටුන්නට සහ රන් කඩුවට මොකද වුනේ…?..

    රත්නපුර නගරය නිරන්තරයෙන්ම ගංවතුරට යටවන භූමි ප්‍රදේශයකි. එම කාලයට නිල නිවසේ (වර්තමානයේ දිස්ත්‍රික් පුරාවිද්‍ය කාර්යාලය ස්ථාපනය කර ඇති ගොඩනැඟිල්ල) සිට පරිපාලන කටයුතු සඳහා කොටුවට හෝ ඇහැළේපොළ වලව්වට (වර්තමාන ජාතික කෞතුකාගාරය) ගොඩබිමෙන් ගමන් කිරීමට නොහැකි ය. එමෙන්ම තමන්ගේ ආරක්‍ෂාව සඳහා ඇහැළේපොළ මහාදිකාරම විසින් කන්ද උඩ මාළිගාවේ සිට රත්නපුර කොටුවට, පහළ කාර්ලයයට සහ කළු ගඟට යාමට උමං මාර්ග තුනක් (03) සකස් කර ඇත. පවතින ප්‍රවාදයන් අනුව, මහාදිකාරම තමන් සබරගමුවෙන් එක්රැස්කර ගන්නා, ධනය සඟවා තබා ගැනීම සඳහා ද මෙම උමං ප්‍රයෝජනයට ගෙන ඇති බව සමහර ලේඛනවල සඳහන් ය. උමං මාර්ග සකස් කිරීම සඳහා උපදෙස් ලබා දී ඇත්තේ කොළොන්නේ, මඩුවන්වෙල කෝරළේ වන අතර, ඒ සඳහා පුහුණු දක්‍ෂ කැනීම්කරුවන් සපයා ඇත්තේ ද ඔහු ය. මඩුවන්වෙල කෝරාළ, ඇහැළේපොළගේ සමීපතම විශ්වාසවන්තයින් අතරින් ඉදිරියෙන්ම සිටි අයෙකි.

    ඇහැළේපොළ මහනිලමේ රත්නපුරයට පැමිණ, සබරගමුවාසී ප්‍රධානීන් සමඟ එක්ව උඩරට රාජ්‍ය පැහැර ගැනීමට කුමන්ත්‍රණය කළ අතර, තමන් සිංහලයේ රජ වූ පසු, හිස පැළඳීමට වෙනත් රජ කෙනෙකුගෙන් කිළිටු නොවූ, මැණික් ඔටුන්නක් සහ රන් කඩුවක් සෑදූ බව ජනප්‍රවාද මෙන්ම ඓතිහාසික තොරතුරුවල ද සඳහන් වේ. මේ රාජ්‍ය කකුද භාණ්ඩයන් රජතුමාට තිළිණ කිරීමට ගොඩකවෙල වීරමන්ත්‍රී ආචාරියා විසින් නිර්මාණය කළ භාණ්ඩයන් යයි සැකයක් පවතී.

    එමෙන්ම ජනතාව ගෙන් එකතු කළ බදු, රාජ්‍ය භාණ්ඩාගාරයට නොයවා, එක්රැස්කර තමන් භාරයේ රඳවා ගත් අතර, මුතු මැණික් වැනි වටිනා ද්‍රව්‍ය ද එක් රැස්කර සඟවා තැබූ බව කියැවේ. එසේ එකතු කළ වටිනා බඩු භාණ්ඩ බොහෝමයක් සඟවා තැබුවේ මෙම රහස් උමංවල බව සඳහන් ය.

    මොල්ලිගොඩ අධිකාරම් මෙහි පැමිණෙන විට, ඇහැළේපොළ මහනිලමේ ආරක්‍ෂාව සඳහා පළා ගොස් සිටි නිසා, මොල්ලිගොඩ ප්‍රධාන, උඩරට හමුදාව ඇහැළේපොළගේ මන්දිරයේ සහ රහස් උමං මාර්ගවල සඟවා තිබූ වටිනා වස්තු කොල්ලකමින්, එහි රඳවා සිටි කාන්තාවන් දූෂණයකර මරා දමා ඔවුන් පැළඳ සිටි රන් ආභරණ ද පැහැරගත් බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ.

    ඇහැළේපොළ මහාදිකාරම මෙරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව, සබරගමුව පාලනය කළ ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ නිල නිවාසය වශයෙන් ද මෙම ගොඩනැඟිල්ල ප්‍රයෝජනයට ගෙන ඇත. ඉංග්‍රිසීන් විසින් ඇහැළේපොළ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, එක්නැළිගොඩ මොහොට්ටාල සහ ඔහුගේ අන්තේවාසිකයන් පිරිසක් ද, මෙහි පැමිණ රහස් උමං මාර්ගවල සඟවා ඉතිරිව තිබූ වටිනා ධන සම්භාරයන් පැහැර ගෙන ගොස් ඇත. මේ සඳහා එවකට සබරගමුව භාරව කටයුතු කළ ඉංග්‍රීසීන්ගේ ද සහයෝගය ලැබුණ බවත්, කොල්ල කෑ වස්තුවෙන් කොටසක් ඉංග්‍රීසින්ට ද ලබාදුන් බව සඳහන් වන්නේ ප්‍රදේශයේ පවතින ජනප්‍රවාදවල ය.

    එවකට ආණ්ඩුකාර ධුරය දැරූ සර් රොබට් බ්‍රවුන්රිග් මහතාද රත්නපුරයට පැමිණි දිනවල අන්තඃපුර මාළිගා ගොඩනැගිල්ලේ නතරව සිටි බවත්, ඇහැළේපොළ ගෙන් සහ වෙනත් අය ගෙන් ලැබී තිබුණු තොරතුරු අනුව ඔහු ද මෙහි තිබූ වස්තුව ගැන සොයා බැලූ බව වාර්තා වේ.

    ඇහැළේපොළ මහාදිකාරම, රජතුමාට තිළිණ කිරීමට හෝ තමන් රජවීමට තැනූ ඔටුන්නට සහ කඩුවට මොකද වුණේ…?.. යනුවෙන් ඉතිහාස ගත ප්‍රශ්නයක් නිර්මාණය වී ඇත.

    ■ ම’විසින් ලියන ලද රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක් (2019) නම් ග්‍රන්‍ථයට කරුණු එක්රැස්කළ අවදියේ, ආචාර්ය දැරණියගල ශූරින් ගෙන් මේ ගැන විමසූ මොහොතේ ඒ මහතා කීවේ, “…..මොල්ලිගොඩ රජතුමාට භාරදීපු මේ ඔටුන්නයි කඩුවයි රාජ භාණ්ඩාගාරෙ තියෙන්න ඇති. ඒත් පස්සේ ඉංග්‍රීසිකාරයෝ මේක එංගලන්තෙට ගෙනියන්න ඇති…. හැබැයි ඒ ගැන කොහෙවත් සටහන් වෙලා නෑ…..” ඒ එතුමාගේ අදහස යි.

    ■ එමෙන්ම තවත් තැනකදී කියන්නේ ඒ වනවිට සාදා නිම කර තිබූ මැණික් එබ්බ වූ රන් ඔටුන්න සහ රන් කඩුව ආදළු ඔයේ ගැඹුරු තැනක් වන, “කළු දිය වළට” දමා ඇහැළේපොළ අදිකාරම ඉංග්‍රීසීන්ගේ උදව් පතා කොළඹට පළා ගිය බවයි.

    විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරි, රත්නපුර එච්.එම්.ජයන්ත විජේරත්න
    [email protected]

    උපුටාගැනීම divaina.lk
    ------ Post added on Dec 8, 2024 at 10:53 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    Machan la umbala piligannawada danne na. Habai "Ehelepola Nilame" ge newei. Sri Wickarama Rajasinghe rajjuruwonta sambanda nidhanayak ganna thama BOGAMBARA his krala pallekaleta aran giye kiyanawa

    Eke thibba kiyanne bhaarayak widihata eka thanak minissu godak athin pagenna onee lu. Ekatalu open krala minissunta balanna dunne

    Adatath bogamabara prison eka atha ara daala tynne kisima investment ekak une na hotel ekak hadanawa kiwwata
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Machan la umbala piligannawada danne na. Habai "Ehelepola Nilame" ge newei. Sri Wickarama Rajasinghe rajjuruwonta sambanda nidhanayak ganna thama BOGAMBARA his krala pallekaleta aran giye kiyanawa

    Eke thibba kiyanne bhaarayak widihata eka thanak minissu godak athin pagenna onee lu. Ekatalu open krala minissunta balanna dunne

    Adatath bogamabara prison eka atha ara daala tynne kisima investment ekak une na hotel ekak hadanawa kiwwata
    Nidane aranda?
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Machan la umbala piligannawada danne na. Habai "Ehelepola Nilame" ge newei. Sri Wickarama Rajasinghe rajjuruwonta sambanda nidhanayak ganna thama BOGAMBARA his krala pallekaleta aran giye kiyanawa

    Eke thibba kiyanne bhaarayak widihata eka thanak minissu godak athin pagenna onee lu. Ekatalu open krala minissunta balanna dunne

    Adatath bogamabara prison eka atha ara daala tynne kisima investment ekak une na hotel ekak hadanawa kiwwata
    Concert anam manam thiyanawa neda oke
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Machan la umbala piligannawada danne na. Habai "Ehelepola Nilame" ge newei. Sri Wickarama Rajasinghe rajjuruwonta sambanda nidhanayak ganna thama BOGAMBARA his krala pallekaleta aran giye kiyanawa

    Eke thibba kiyanne bhaarayak widihata eka thanak minissu godak athin pagenna onee lu. Ekatalu open krala minissunta balanna dunne

    Adatath bogamabara prison eka atha ara daala tynne kisima investment ekak une na hotel ekak hadanawa kiwwata

    කවුද යකෝ ඔය වගේ කතා කියන්නෙ? 🤣
    ඔය වගේ ගන්න පුලුවන් තැනක මොන මෝඩයා ද නිදන් දාන්නෙ.


    හැබැයි සුද්දො උඩරට යටත් කරගන්න එනකොට මාලිගාවේ වස්තුව ඔක්කොම බොගම්බර වැවටයි නුවර වැවවටයි දැම්මා කියලා කියනවා. ඒක ගන්න නම් ප්ලෑන් එකක් ගියා කියනවා.නුවර වැව හිස් කරලා රොන් මඩ අයින් කරන ප්‍රොජෙක්ට් එකක් ආයෙ නුවර ඉදන් තැන්නෙකුබුර වෙනකම් උමගක් හදලා ගන්න ගියා කියනවා. ඒ එකක්වත් හරි ගියෙ නෑ කියලා තමා කියන්නේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Machan la umbala piligannawada danne na. Habai "Ehelepola Nilame" ge newei. Sri Wickarama Rajasinghe rajjuruwonta sambanda nidhanayak ganna thama BOGAMBARA his krala pallekaleta aran giye kiyanawa

    Eke thibba kiyanne bhaarayak widihata eka thanak minissu godak athin pagenna onee lu. Ekatalu open krala minissunta balanna dunne

    Adatath bogamabara prison eka atha ara daala tynne kisima investment ekak une na hotel ekak hadanawa kiwwata
    නිදානේ ගුඩ්ෂෙඩ් එකේ වෙන්න බැරිද? අවුරුදු ගාණක් ඒ උට්ට වහගෙන මොනවා කරනවද
    ඒකේ හිටපු බුලත් විට කන ගෑනු දාගෙන ගණිකා මධ්‍යස්ථානයක් තියෙනවද දන්නේ නැහැ :shocked:
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    නිදානේ ගුඩ්ෂෙඩ් එකේ වෙන්න බැරිද? අවුරුදු ගාණක් ඒ උට්ට වහගෙන මොනවා කරනවද
    ඒකේ හිටපු බුලත් විට කන ගෑනු දාගෙන ගණිකා මධ්‍යස්ථානයක් තියෙනවද දන්නේ නැහැ :shocked:
    අඩෝ නුවර අලුතින් දාපු Spa එකේ නම් සුපිරි කෑලි ටිකක් ඉන්නවා.
    දවස් තුනක් වගේ ගිහින් fit වුණාම ගහන්නත් පුළුවන්.