ඈත රන් විමන් තුලින්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඈත රන් විමන් තුලින්



    මේ සින්දුව අහලා නැති කෙනෙක් නැතුව ඇති. ඔය තියෙන්නෙ ඔරිජිනල් version එක.
    ප්‍රේමකීර්ති ද අල්විස් ගෙ පදරචනයකට ක්ලැරන්ස් විජේවර්දන මුලින්ම මේ තනු නිර්මානය කරලා තියෙන්නෙ මිල්ටන් මල්ලවාරච්චිට. නමුත් ගීතයට වඩාත් උචිත් ප්‍රියා සූරියසේනෙගේ හඩ බව වටහාගත් ක්ලැරන්ස් ගීතය ඔහුට ගායනා කරන්න දී තිබෙනවා. අපි අදටත් ආදරය කරන මේ ගීතය සැදී ඇත්තෙ ඔය විදිහටයි.

    ත්‍රෙඩ් එක දාන්න හේතුව ඔය එකක් වත් නෙමෙයි. ඉස්සර ඉදන් තිබුන ප්‍රශ්නයක් විසදගන්නයි.
    මේ සින්දුන්වෙ තේරුම මොකද්ද ?? :baffled::P
     
    • Like
    Reactions: Rockey_ssr and Zeus

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ADO patta song eka. I dont listen to musch sinhala songs. But this is one of my all time favourites.

    No idea abt da meaning though
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මට නම් තේරෙන්නෙ නිකන් ලියපු කෙනා එයාගේ ආදරේ විස්තර කරන්න හදනවා වගේ දෙයක්, නොයෙක් දේ සමග සසඳලා. අන්තිම හරියේ තියෙන්නෙ එකනේ ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී කියල.මේ ලියන කෙනාව කලාකරුවෙක් කරේ ඇය කියන එක වගේ තේරෙන්නෙ.

    හැබැයි ඒ කෑල්ල නොතිබුනානම් මේක තනිකර Alien attack එකක් ගැන සුන්දරව ලියපු කවියක් වගේ :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ADO patta song eka. I dont listen to musch sinhala songs. But this is one of my all time favourites.

    No idea abt da meaning though
    This is one of the few songs that, I stop what ever I'm doing, and listen to. Perfect blend of voice, words and music.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට නම් තේරෙන්නෙ නිකන් ලියපු කෙනා එයාගේ ආදරේ විස්තර කරන්න හදනවා වගේ දෙයක්, නොයෙක් දේ සමග සසඳලා. අන්තිම හරියේ තියෙන්නෙ එකනේ ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී කියල.මේ ලියන කෙනාව කලාකරුවෙක් කරේ ඇය කියන එක වගේ තේරෙන්නෙ.
    ...හිතන්න දෙයක් තියෙනවා...
    හැබැයි ඒ කෑල්ල නොතිබුනානම් මේක තනිකර Alien attack එකක් ගැන සුන්දරව ලියපු කවියක් වගේ :baffled:
    :oo::oo:
    independence day වල attack එක යන වෙලාවට මේක දන්නද ? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න පද පෙල:

    ඈත රන් විමන් දොරින්
    පාට සේලයෙන් සැදී..//
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා...හහ හා හා හා හහ හා...

    මේ ලොවින් එ‍හා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්...//
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

    රෑට තරු දහස් ගණන්
    ඈත සුර පුරෙන් වැටී..//
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
    හහ හා හා හා හහ හා...

    ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී..//
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

    ඈත රන් විමන් දොරින්...//
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mamath aasama sinduwak bnz....trip ekak giyoth aniwa kawuruhari kiyanawaamai oya sinduwa...maximum
    bump thamai kollo...mama danneth naa therima..
     

    thanujaka

    Well-known member
  • ඉස්සර එයාගෙ පෙම්වතිය එයා ලගට වෙලා කියපු ප්‍රේමණීය කතා එයාට සිහිපත් වෙලා.......ඒ අනුසාරයෙන් ගෙතුණු ගීතයක් තමයි මේක කියලයි කියන්නෙ......කොහොම උනත් මේක මට හැගිච්ච අදහසක් විතරයි.....හරිද නැද්ද කියන්න නං මං හරියටම දන් නෑ................!!!!
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මට මේ හිතෙන විදියට කියන්නේ මචං...

    කොහේ හරි ඈත පැත්තක සන්දර්ශනේකට වගේ ආව කෙල්ලො සෙට් එකක් ගැන තමා කියන්නේ. උන්ගෙන් කෙල්ලෙක් කොහොම හරි ලයින් ද දා නැවතිල ඉන්න ගෙදර අහු මුලු වලින් බලනවා. ඒ කෙල්ල එහෙම එලට ඇඳල කරල ඉන්නේ. උන් රෑට ශෝ එක කරන එක වෙන්න ඇති 3 වෙනි පාට් එකෙන් කියන්නේ. අන්තිමට කොහොම හරි ඒ කෙල්ල දාගත්තට පස්සෙ කෙල්ල දීපු ටොක්ස් එහෙම මතක් වෙනව:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්සර එයාගෙ පෙම්වතිය එයා ලගට වෙලා කියපු ප්‍රේමණීය කතා එයාට සිහිපත් වෙලා.......ඒ අනුසාරයෙන් ගෙතුණු ගීතයක් තමයි මේක කියලයි කියන්නෙ......කොහොම උනත් මේක මට හැගිච්ච අදහසක් විතරයි.....හරිද නැද්ද කියන්න නං මං හරියටම දන් නෑ................!!!!

    මට මේ හිතෙන විදියට කියන්නේ මචං...

    කොහේ හරි ඈත පැත්තක සන්දර්ශනේකට වගේ ආව කෙල්ලො සෙට් එකක් ගැන තමා කියන්නේ. උන්ගෙන් කෙල්ලෙක් කොහොම හරි ලයින් ද දා නැවතිල ඉන්න ගෙදර අහු මුලු වලින් බලනවා. ඒ කෙල්ල එහෙම එලට ඇඳල කරල ඉන්නේ. උන් රෑට ශෝ එක කරන එක වෙන්න ඇති 3 වෙනි පාට් එකෙන් කියන්නේ. අන්තිමට කොහොම හරි ඒ කෙල්ල දාගත්තට පස්සෙ කෙල්ල දීපු ටොක්ස් එහෙම මතක් වෙනව:P:P
    ඔව්.. වෙන්න පුලුවං..
    තව අදහස් බලමු.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙන්න පද පෙල:

    ඈත රන් විමන් දොරින්
    පාට සේලයෙන් සැදී..//
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා...හහ හා හා හා හහ හා...

    මේ ලොවින් එ‍හා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්...//
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

    රෑට තරු දහස් ගණන්
    ඈත සුර පුරෙන් වැටී..//
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
    හහ හා හා හා හහ හා...

    ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී..//
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

    ඈත රන් විමන් දොරින්...//
    මාත් ආසම සිංදුවක් තමා මේක.:yes:.. ඒත් තේරුමක් නෑනෙ :confused:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මූ අහස දිහා බලං ඉන්නකොට කෙල්ලව මතක් වෙච්ච සීන් එකක්ද කොහෙද කියන්නෙ :P

    ඈත රන් විමන් දොර, පාට සේලය, සීත හිම මුදුන්, තරු දහස් ගනන්, ඒ ලොවෙන්

    අහස බලං ඉද්දි දැක්ක දේවල් මම හිතන්නෙ :P

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ අහස දිහා බලං ඉන්නකොට කෙල්ලව මතක් වෙච්ච සීන් එකක්ද කොහෙද කියන්නෙ :P

    ඈත රන් විමන් දොර, පාට සේලය, සීත හිම මුදුන්, තරු දහස් ගනන්, ඒ ලොවෙන්

    අහස බලං ඉද්දි දැක්ක දේවල් මම හිතන්නෙ :P

    මේකත් වෙන්න පුලුවං..