Mata nan owa gena experiance ne.but eka experiance ekak tiyenawa.dawasak moratuwa patte ekenek mata yantrayak demma.eka demma witarai kandekai yatipathului rath wela giya.uni kale math kisima labbak wisawasa kare ne.eka dagena innakota patta widiyata aga rath wela battery charge wenawa wagw feeling ekak enawa.galewwa gaman ne.passe ayn kara.mata oluwe kakkumak enna gatta oluwa hirawenna wage gatta.
දාපූ යන්තරේ තඹ, පිත්තල හෙම ඇගට ඇලජික් උනාද දන්නේනැ,
පිල්ලි අරිනවා කියල එකක් අහල තියෙනවද උඹලා..
අවුරුදු 7ට අඩු පොඩි එකෙක් මැරුනම සොහොනෙ ඉදන් මිනියට මැතුරුවම ඒ මිනියට මල යකෙක් ආවෙස වෙලා(Zombie සීන් එකක් වගේ) පණ ආවම කඩුවක් අතට දෙනවලු ගුරා.. ඊට පස්සෙ මරන්න ඕනෙ හතුරු කෙනාගෙ නම කිව්වම ගිහින් මරණවලු.. ඉස්සර කතා බන්,,, ඇත්ත නැත්තනම් දන්නෙ නෑ.
පිල්ලි වර්ග රාශියක් තියෙනවා. මළ පිල්ලි, කුකුළු පිල්ලිය, සුනඛ පිල්ලිය, කෝලි පිල්ලිය, නාග පිල්ලිය ආදි වශයෙන් ඒවා නම් කරලා තියෙනවා. මළ පිල්ලිය යැවීමේදී කරන්නේ කුණු නොවුණු මළ මිනියක් සොහොන් පිටියකින් ගොඩ අරන් ඒක ජීවම් කරනවා. එතකොට මිනියට යක්ෂයෙක් ආරූඪ වෙනවා. ඊට පස්සේ තමන්ට අවශ්‍ය කෙනා ළඟට පිල්ලිය යවනවා. කට්ටඩියා කියන ඕනෑම දෙයක් මළ පිල්ලිය කරනවා. පුද්ගලයකු විනාශ කරන්න තමයි මේ පිල්ලි යොදා ගන්නේ
වදමල්වලට එනවා කළුපාට කුරැමිණියෙක්. ඔය කුරුමිණියා අල්ලාගෙන ඌව ජීවම් කරලත් පිල්ලි යවන්න පුළුවන්. ජීවම් කරපු කුරුමිණියා අවශ්‍ය පුද්ගලයා වෙත යැව්වාම ඌ ඒ පුද්ගලයා වටේ කැරකෙනවා. එතකොට ඒ පුද්ගලයා නාහෙන් කටින් ලේ දාගෙන එතැනම වැටෙනවා. රබ්බොඩ පුවක් ගෙඩියටත් ජීවම් කරලා පිල්ලි යවන්න පුළුවන්. ඒ වාගේම තමයි කිනිතුල්ලා ජීවම් කරලා පිල්ලියක් වශයෙන් යවන්න පුළුවන්.
සමහර පිල්ලි රූපවලින් හදලා යවන්නත් පුළුවන්. ඖෂධ වර්ගවල කුඩු වලින්, මී ඉටි, බඹර ඉටි වාගේ ඉටි වර්ගවලින් මේ රූප හදනවා. නාග පිල්ලිය යැවීමේදිත් මේ ක්‍රමය අනුගමනය කරනවා. නාගයකුගේ රූපයක් හදලා ඒක ජීවම් කරලා යවන්න පුළුවන්.
-කොහොඹන්කුලමේ සිරිරතන හිමි
*
ගමේ ඇත්තන්ගේ රසකතා
මේ වගේ දේවල් ගැන දිගාමඩුල්ල පළාතෙ මගේ යාලුවෙක් විස්තර කියල තියනවා. මිනිහ අංගම් ඉගෙන ගත්ත කෙනෙක්. අංගම් ශාස්ත්‍රයේ ඉගෙනගන්න පැතිකඩවල් ගොඩක් තියෙනවා. එයාගේ තාත්තලා මුත්තලා එහෙම මෙව්වා හොඳටම දැනගෙන හිටියලු.
සත්තු මෙල්ල කරගෙන කිසි කරදරයක් නැතුව හිටපු හැටි එහෙම කියල තියනවා. සමහර දේ හරිම පුදුමයි.
මට නම් මේ දේවල් ගැන 100% විශ්වාසයක් නැහැ. හැබැයි ලෝබ කම, තරහව, දේවල් හරිහැටි වටහා නොගැනීම නිසා පවු කරොත් නැවත දුක් විඳින්න වෙනවා කියන එක නම් ප්‍රත්‍යක්ෂ වෙලා තියනවා. හැකි උපරිමේට පන්සිල් රකිනවා නම් සහ මස් වලින් වැළකෙනවා නම් සෑහෙන ආරක්ෂාවක් සිද්ද වෙන බවත් දැනිල තියනවා.
