ඈ ඉදිරියේ මා පරාජිතයෙක්මි.
එය මා පිළිගත යුතුය.
එය ස්ථීර කර සිහියේ තබා තබාගත යුතුය.
තවදුරටත් කුමක් කිවයුතු දැයි නොදනිමි.
ඇගේ සත්‍ය හමුවේ මා ගොළු වීම අත්දකිමි.
ඇයට මගෙන් අසන්නට අවැසි කිසිවක් නැති බවත්
මා හා කියන්නට කිසිවක් නැතිබවත් පමණක් දනිමි.
එහෙත් මේ අවබෝධය කෙතරම් කාලයක් මා රදවා ගනීදැයි මටම සැක ය.
ආදරය බලෙන් ගන්නට බැරි බව ද
එලෙසම බලෙන් දෙන්නට ද බැරි බව ඇගෙන් දැනගතිමි.
ප්‍රතික්ෂේපිත වූ ඒකපාර්ශ්වික ආදරයක අනුකම්පාවක් හෝ සෙවීමට තරම් මෝඩයෙක් වීමි.
නොලැබෙන බව දනිතත් පෙර මිතුරුකම යලිත් ලබන්නට සිතුවෙමි.
නොලැබෙනා බව දන්නා නිසාම මා ඇයට ආදරය කරන බව හඟවා සිත මා විසින්ම සනසවා ගන්නට වෑයම් කරන්නේ දැයි මා විසින් මටම බලාගන්නට බැරි මගෙන්ම ප්‍රශ්ණ කරමි.
ඒකපාර්ශ්වික ආදරයකට ගොදුරු වූ මා ඇගේ දුෂ්ටයා වීමි.

mage yaluwek hitiya girl kenek. mama eyagen kamatta ahuwa.eya kamathi une na. passe mawa wadayak una eyata.