ඉංග්‍රිසි (English ) කතාකරමු (ඉගෙන ගන්න උවමනා උන් වරෙල්ලා )

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ගොඩක් හිතන් ඉන්නෙ පිටරට සුද්දෝ ඉන්ග්‍රීසි බැරි උන්ට ගරහන්නෙ නෑ කියල නමුත් ඒක බොරුවක් ගොඩක් සුද්දො මූනට කිව්වෙ නැති උනාට පිටිපස්සෙන් අම්බානක හිනා වෙනවා. නම ඉංග්‍රීසි නම නෙවෙයි නං ලේසියකට කම්පනි එකක ජොබ් ඉන්ටවිව් එකකට කෝල් කරන්නෙ නෑ. ඒක නිසා රටකට යනව නං ඒ රටේ වර්ක් කල්චර් එක දැනගෙන යන්න මොකද ගොඩක් උන් හිතන් ඉන්නෙ ඩිග්‍රී තිබ්බාම සුද්දො උඩ පැනගෙන ජොබ් දෙයි කියලා. ඒත් යතාර්තෙ ඒක නෙවෙයි උබේ ඉංග්‍රීසි දනුම එක්ස්පීරියන්ස් තමා බලන්නෙ මොකද උඹට ඩිග්‍රී තිබ්බට උන්ට එහෙම කොලිෆිකේශන් නෑ සමහර මැනේජර්ල ඉන්නව උන්ට තියෙන්නෙ ඩිප්ලෝමා ඉතින් උන් කැමති නෑ මාස්ටර් තියෙන එකෙක් කම්පනි එකට ජොයින් වෙනවට. මං දන්න මාස්ටර්ස් ඩිග්‍රී තියෙන උන් ඉන්නව ඌබර් දුවන කොලිෆිකෙශන් විතරයි නෝ ලෝකල් එක්ස්පීරියන්ස්.
    රටකදි වඩා වැදගත් වෙන්නෙ ලොකල් එක්ස්පීරියන්ස් එක.
    අරාබියෙ උනත් මුස්ලිම් නමක් තියෙනම් ටිකක් තැන තියෙනව.
    ඒ වගෙම සමහරක් තැන් වලදි මුස්ලිම් නොවන බටහිර පන්නයෙ නමක් තියෙනම් තැන තියෙනවා.
    මගෙ නම සිංහල උනාට සර් නෙම් එක පෘතුගිසි සර් නෙම් එකක්.
    ඇමරිකන් ,බ්‍රිටිෂ් එම්බසි වගෙ තැන් වල අපෙ කම්පැණියෙන් ගනුදෙනු වෙද්දි මාව තමා ඉස්සරහට දැම්මෙ. මොකද අනික් උන් මුස්ලිම් හො හින්දු
    ඉංග්‍රිසිත් මදි උන්ගෙ .
    ඉංග්‍රිසි උනත් උන්ගෙ විදියට බැරි උනත් ඒ විදියට ඇක්සන්ට් එකෙන් කතාකරන්න හරි උත්සහයක් හරි දෙනවනම්
    සුද්දො කැමති .
    හැබැයි සමහරක් කම්පැණිස් තියෙනවා වෙනස් විදියට හිතන ඔය අන්තවාදි දෙවල් නැතුව.
    එහෙම තැණක් හම්බවෙන්න ඉතිං පින් කරලා තිබ්බොත් හොඳා
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගොඩක් හිතන් ඉන්නෙ පිටරට සුද්දෝ ඉන්ග්‍රීසි බැරි උන්ට ගරහන්නෙ නෑ කියල නමුත් ඒක බොරුවක් ගොඩක් සුද්දො මූනට කිව්වෙ නැති උනාට පිටිපස්සෙන් අම්බානක හිනා වෙනවා. නම ඉංග්‍රීසි නම නෙවෙයි නං ලේසියකට කම්පනි එකක ජොබ් ඉන්ටවිව් එකකට කෝල් කරන්නෙ නෑ. ඒක නිසා රටකට යනව නං ඒ රටේ වර්ක් කල්චර් එක දැනගෙන යන්න මොකද ගොඩක් උන් හිතන් ඉන්නෙ ඩිග්‍රී තිබ්බාම සුද්දො උඩ පැනගෙන ජොබ් දෙයි කියලා. ඒත් යතාර්තෙ ඒක නෙවෙයි උබේ ඉංග්‍රීසි දනුම එක්ස්පීරියන්ස් තමා බලන්නෙ මොකද උඹට ඩිග්‍රී තිබ්බට උන්ට එහෙම කොලිෆිකේශන් නෑ සමහර මැනේජර්ල ඉන්නව උන්ට තියෙන්නෙ ඩිප්ලෝමා ඉතින් උන් කැමති නෑ මාස්ටර් තියෙන එකෙක් කම්පනි එකට ජොයින් වෙනවට. මං දන්න මාස්ටර්ස් ඩිග්‍රී තියෙන උන් ඉන්නව ඌබර් දුවන කොලිෆිකෙශන් විතරයි නෝ ලෝකල් එක්ස්පීරියන්ස්.

    This is the truth
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    Patta...any books you recommend?
    පොත් පත් නම් ඉතිං ඔය එපික් නවල්ස් නම් කියවන්න එපා .මොකද එව්වා ඒ අදාල විෂය වස්තුව වටා භාවිතවෙන වචන වලින් පිරිලා තියෙන්නෙ .
    අපි ගමු ලොර්ඩ් ඔෆ් ද රින්ග්ස් ,ගෙම් ඔෆ් ත්‍රොන් ගත්තොත් එව්වායෙ ඒ ෆැන්ටසි වලට විශේශ කරපු වචන තියෙන්නෙ.
    දැනුමට හොඳා එත් ඉංග්‍රිසි ඉගෙන ගන්න තෙරුමක් නැහැ.
    මොකද ඒ වචන තෙරුම් ගන්න උත්සාහ කරොත් ඉංග්‍රිසි ඉගෙන ගන්න එක එපා වෙනවා .
    හරියට අපි සිංහල ඉගෙනගන්න පන්සිය පනස් ජාතක කතාපොත කියවනවා වගෙ වැඩක් ඒ .

    ඉංග්‍රිසි ඉගෙන ගන්න කාරනාවට නම් නූතන යුගයයෙ ලියවිච්ච නවල්ස් තියෙන්නෙ .
    එහෙම නැත්තම් කාගෙ හරි බයොග්‍රෆි එකක් .අන්න එව්වා හොඳයි .
    ගොඩක්ම හොඳ පත්තර ඇන්ඩ් මැගසින්ස් තමා හැබැයි .
    මොකද එව්වා නිතර නිතර නූතනත්වය එක්ක අප්ඩෙට් වෙන එව්වා .
    පොත් ගත්තොට් පොත ලියපු කාලෙට ගැලපෙන පරිසරය සමාජය තමා තියෙන්නෙ .

    ඒත් ඇසීම ප්‍රගුණ කරන්න නම් ඒ කිව්වෙ උච්ඡාරණය තෙරුම් ගන්න වගෙ නම් ඕඩියො බූක්ස් එහෙම අහපන් .
    එතනදි ඔනිම පොතක්.
    හේතුව එතනදි දැනුම නෙමෙ අපි බලන්නෙ භාෂාවට හුරුව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මෙන්න තව හොඳ යු ටියුන් චැනල් එකක් ඉංග්‍රිසි ඉගෙන ගන්න
    හැබැයි මෙක මතම ඩිපෙන්ඩ් වෙන්න එපා.
    තව හොඳ චැනල් ඇති .උගන්වන විදිය වෙනස්
    එව්වත් බලන්න.

    https://www.youtube.com/c/engVid/featured