ඉංග්‍රීසි ඉගෙන ගැනීම
ඉංග්‍රීසි ඉගෙන ගැනීම ගැන උනන්දුවක් දක්වන අයට වැදගත් වෙයි කියා සිතන සාමාන්‍ය කාරනා කිහිපයක් මතක් කරන්නම්

1. ඉංග්‍රීසි භාවිතයේදී වචන කෙටි කර භාවිතය හැකි තරම් අවම කරමු
උදාහරණයක් ලෙස , "thanks" යන පදය thnks / thnx / tnx / tkx / tkz දක්වාම කෙටිවනවා ඔබ දැක ඇතුවට සැක නැත. නමුත් හැකි තරම් මෙවැනි භාවිත වලින් ඈත් වීමට උනන්දු වන්න.
2. ව්‍යාකරණ නීති රීති දැනගමු
අප මුලින්ම ඉගෙන ගත යුත්තේ ව්‍යාකරණයි යන්න මගේ පෞද්ගලික අදහසයි. උදාහරණ මගින් ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියොත් සීමාවක් නැතුවම සංකීර්ණ කරුණු කාරනා මතක තබා ගැනීමට සිදුවේ.
අප වාහනයක් පැදවීමට ඉගෙන ගත යුත්තේ එම වර්ගයේම වෙනත් වාහනයක් "පමණක්" පැදවීමට පමණක් නොව, හදිස්සියකට ලොරියක් දුන්නත් පදවාගෙන යාමේ දැනුම සහ අවබෝධයත් තම සිතට කා වදින පරිදිය.
3. ව්‍යාකරණ නීති රීති හැකි තරම් නිවැරදිව භාවිතා කරමු.
"පිස්සුද බං? අනිත් එකාට තේරෙනවා නං කොහොම කතා කරාම මොකද?"
නමුත් විය යුත්තේ එය නොවන බව මේ භාෂාව ඉගෙන ගන්න උවමනාව තිබන ඔබටත් මටත් සක් සුදක් සේ පැහැදිලි දෙයකි. එසේ විය යුතු ය කියා ඔබත් සිතන්නේ නම් ඔබ මෙහි සිටින්නේ ද නැත.
4. කෙනෙක් ඉදිරියේ ඉංග්‍රීසි කතා කිරීමට බිය නොවෙමු
මෙය කියවන අප ගොඩක් දෙනෙකුගේ මව් බස ඉංග්‍රීසි නොවේ. චතුර ලෙස කතා කරන්නන් වුවද එසේ කතා කරන තැනට පැමිණ ඇත්තේ A B C D සිට ඉගෙනගෙනය.
"අප ඉංග්‍රීසි දැනගත යුත්තේ එය ඔටුන්නක් ලෙස පැළද රජෙක් වීමට නොව, ගමන පහසු කරන පාවහන් යුවලක් ලෙස යොදාගැනීමට ය"
5. කියවමු
සමහරෙකුට මෙය "පට්ට කම්මැලි" දෙයකි. ඒ යට විදි කිහිපයක් යෝජනා කරන්නට කැමැත්තෙමි
i.
9gag.com වගේ උපහාසාත්මක දේවල් පලවී ඇති වෙබ් අඩවි තුලින්,
ii. පරිගණක ක්‍රීඩා තුලින්,
iii. නිවැරදිව ඉංග්‍රීසි භාවිතාවන TV Series තුලින් (උදා : The Big Bang Theoryහි Sheldon Cooper භාවිතා කරන ඉංග්‍රීසි අනර්ඝ ගණයට දැමිය හැක. තවත් උදාහරණ ඕනෑ තරම් ඇත )
iv. ගීත විඳීමෙන් ( ගීතයක් හිතට අල්ලලා ගියාම පොඩ්ඩක් ඒකෙ තේරුම මොකද්ද කියල හොයල බලන්න උනන්දු වෙන්න, ලස්සන ගීත බොහ්මයකගේ තේරුම් ද ඉතා ලස්සනය )
v. ඉංග්‍රීසි උපසිරැසි සමග ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීමෙන් ( කාලයක් යන විට උපසිරැසි භාවිතය අවම කරන්න )
vi. වාර්තාමය වැඩසටහන් ( documentary) නැරඹීමෙන්
මේ ආදිය ඇතුළු තවත් නොයෙකුත් ක්‍රම ඕනෑ තරම් සොයා ගැනීමට හැක.
6. ඔබව විශ්වාස කරන්න
"මට ඉංග්‍රීසි බෑ" කියා ඕනෑ තරම් ඔබට සිතෙන්නට පුළුවන. හා , අපි එහෙමම තමයි කියලා කියමුකෝ grin emoticon ඉතින් ඒක දන්නේ ඔබ විතරනේ, ඔබ කතා කරන කෙනා දන්නේ නැනේ. මෙහෙම අවස්ථාවකදී වෙන්න පුළුවන් අන්තිම නරක වැඩක් වුනා කියලා හිතමුකෝ, එතනින් බේරෙන්නත් ඉංග්‍රීසියෙන් රෝල ගහන්න පුරුදු වෙමු.
ඔබ ඔබ කෙරෙහි විශ්වාසය ගොඩ නගාගන්න. සාර්ථකව අභියෝග වලට මුහුණ දෙන්න.
7. වරදින්නට ද පුළුවන
වැරදීම් සිදුවන්නේ මිනිස්සුන්ටය, නමුත් ඉංග්‍රීසි වැරදුනා කියා ඔබ ජාතික අපරාධකරුවෙක් නොවන බව සිහියේ තබාගන්න. එය ගැන හිත හිතා අනවශ්‍ය ආතතියකට ලක්වීමෙන් වලකින්න.
8. කට හුරු කරගමු
කුමක් හෝ නිවැරදි සංකීර්ණ වචන ගොන්නක එකතුවක් ලෙස හැදුනු වාක්‍යයක් හදාගන්න, එය කටපාඩම් කර නිතර නිතර මිමිනිමෙන් දිවට වචන ගලා ඒම හුරු කරගන්න. වේගයෙන් කියවීමෙන් වේගය ද හුරු කරගන්නන.
9. වචන මාලාව දියුණු කරගමු
බැංකු පොතට සල්ලි දානවා වගේ, පුළුවන් විදියට එයටද අලුත් වචන අලුත් යෙදීම් තැන්පත් කිරීමට අමතක නොකරන්න.
10. දැනුම බෙදාගන්න
තමන් අනෙක් අයට කියලා දෙන තරමට තමන්ට ද අවබෝධ වන ප්‍රමාණය වැඩි වේ.
අනෙක් අයටත් උදව් කරමු

අපිත් ඉගෙන ගමු. කට්ටියටම සුබ පැතුම්!