ඉංග්‍රීසි පාඩම්?

El_Camino

Active member
  • Jul 1, 2016
    262
    112
    43
    ඉංග්‍රීසි පාඩම්?

    මම එළකිරි සාමාජිකත්වයට අලුත්. නමුත් මමත් හිතුව ප්‍රයෝජනවත් වෙන දෙයකින් උදව් කරන්න. ඉංග්‍රීසි ලංකාවේ භාවිතය අඩු උනාට ජාත්‍යන්තරයට යනකොට.... ජාත්‍යන්තරය පැත්තකින් තියපන්කෝ. office එකක වැඩ කරන්න ගියාම උනත් ඉංග්‍රීසි අනිවාර්යයි නේ. ඉතින් මං හිතුව ඉංග්‍රීසි භාවිතය ගැන කට්ටියට කියල දෙන්න. ඒක කරන්න මට අදහස් සහ යෝජනා අවශ්‍යයි. ඵලදායි විවේචනත් (Productive Criticism) භාර ගනු ලැබේ. පටන් ගන්න තැනක් කියන්න. සාමාන්‍යයෙන් අපිට එදිනෙදා වැඩ කටයුතු වලදී උවමනා වෙන ඉංග්‍රීසි භාෂාවේ වැදගත් තැන් මම කියල දෙන්නම්. මම Professor කෙනෙක්වත් Doctorate එකක් තියෙන එකෙක්වත් ඉංග්‍රීසි ගුරුවරයෙක්වත් නෙමේ. වෘත්තියෙන් Marketing Manager කෙනෙක්. මගේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව තමා මට මේ උදව්ව කරන්න හිතුනේ. ප්‍රතිචාර කොහොම වේවිද දන්නේ නෑ. හැබැයි ඕන වෙලාවක උදව්වක් ඉල්ලුවොත් නොදී ඉන්නේ නෑ. හොඳයි. දැන් කියමු බලන්න ඉංග්‍රීසි පිලිබඳ ගැටළු තියෙන අයගේ දැවෙන ප්‍රශ්න. ලැබෙන ප්‍රතිචාර අනුව මම අලුත් ත්රෙඩ් වලින් එළකිරිවාසී සැමගේ හිතසුව පිණිස කරුණු කාරණා ඉදිරිපත් කරන්නම්.

    කට්ටියටම ජය වේවා!
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    මම එළකිරියේ අයට ඉංග්රීසි කතා කරන්න පුරුදුවෙන්න වොයිස් චැට් සර්වර් එකකුත් හැදුවා..කොයි කවුරුවත් එන්නේ නෑනේ..මම හිතන්නනේ මට විතරක් වෙන්න ඇති ඉංග්‍රීසි බැරි.:sorry:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Would eka paawichchi krnne komada. Pahadili krla Udaahrana wdiyta sarala waakya 5k witra daapn :)
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මම එළකිරියේ අයට ඉංග්රීසි කතා කරන්න පුරුදුවෙන්න වොයිස් චැට් සර්වර් එකකුත් හැදුවා..කොයි කවුරුවත් එන්නේ නෑනේ..මම හිතන්නනේ මට විතරක් වෙන්න ඇති ඉංග්‍රීසි බැරි.:sorry:

    මමත් join උනා බ්‍රෝ ඔයාගේ චැට් server එකට. ඒ උනාට කවුරුත් මට reply එකක් නෑ.
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    Would eka paawichchi krnne komada. Pahadili krla Udaahrana wdiyta sarala waakya 5k witra daapn :)

    මචං Would කියන්නේ Will කියන එකේ අතීත කාල යෙදුම. Would යෙදෙන්නේ,

    1). අතීත කාලයේ වුන දෙයක් ගැන කතා කරනකොට,
    උදා: ඔහුට වාහනය දකුණට හරවන්න තිබුනා. / He would have turned the vehicle to the right.

    2). යටහත් පහත් / ගරුසරු ඇතුව කතා කරනකොට,
    උදා: මම මොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. / I would be very much thankful.
    මම මේ දුරකථනය භාවිතා කළාට කමක් නැතිද? / Would you mind me using this phone?

    3). කල්පිතයක් (ඇත්තටම සිදු නොවුවත් යම් දෙයක් සිදු වෙනවා යයි සිතා) ගැන කතාකරනකොට,
    උදා: ඒ ගෑණු දරුවා සිටියේ සිත්තැවුලෙන්. ඇය මාත් එක්ක කතා කරන එකක් නෑ. / That girl was upset. She would not talk to me.
    ඔබ ටානියාගෙන් ඇසුවා නම් ඇය උදව් නොකර ඉන්නේ නෑ. / Taniya would help you if you asked her.

    4). යම්කිසි දෙයක් ප්‍රදානය කිරීමට කතා කරනකොට,
    උදා: ඔබ කැමතිද හෙටත් මේ වෙලාවටම හමු වීමට? / Would you like to meet at the same time tomorrow as well?

    හිතනවා තේරුම් ගන්න ලේසි ඇති කියල. :)
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43


    හොඳ වැඩක් :yes:

    හොදයි මචන්. +

    bump .good bro

    හොඳ වැඩක්


    math awa macho...

    ela wadak..
    keep it up bro..


    кσяη ησρє;20748828 said:

    Thanks guys!
     
    • Like
    Reactions: Rosantha

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මටත් ඔිනෙ manager කෙනෙක් වෙන්න තමා. අන්න එ්කට ක්‍රමේ කිව්වනම් හරි​

    qualifications හදා ගනින්. attitude එක employersලට ඕන විදියට හදා ගනින්. ඒ ගමන්ම Communication skills, soft skills හදා ගනින්. manager වෙනවා කියන්නේ ඊට පස්සේ පොඩි පඩි පෙළක්.:yes: