ඉක්මන්_කොටයි

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    [ලබු වැලක් සහ කිතුල් ගහක් අතර දෙබසක්]


    ලබු වැල:
    වැඩුණු මහ ලොකුවට
    කීයද වයස තමුසෙට

    කිතුල් ගස:
    අහන එක පුදුමයි
    දැන් මට වයස පනහයි

    ලබු වැල:
    මට මාස හයකුත්
    දවස් හතරකි තවමත්

    කිතුල් ගස:
    ඔබ බාල බව මම
    දැනගෙන සිටිමි හොදටම

    ලබු වැල:
    නැතත් වයසක් මට
    උස වෙමි ඔබේ තරමට
    මට මෙන් ඉක්මනට
    හැදෙන්නට බැරි මොකද තමුසෙට

    කිතුල් ගස:
    ඉක්මනට හැදුණොත්
    ඒ ඉක්මනින් නැතිවෙත්
    මගෙ ඇගෙ වෙලීලා
    මාසෙන් දෙකෙන් හැදිලා
    ඔබ මෙන් මැළවිලා
    දහස් ගණනක් ගියා මැරිලා

    [ටිබෙට් ජාතික එස් මහින්ද හිමි]
     
    Last edited:

    RX_1

    Member
    Jun 12, 2011
    225
    5
    0
    y ?
    අනේ මන්ද බන් කිසිම හැගීමක් එන්නේ නෑනේ :dull::dull:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයි.............
    මම ඇහුවේ අදමයි.........
    ගොඩක් වටිනව.........
    ආදර්ශමත්................
     

    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    ara kisima hangeemak nai kiyapu mahaththayge adyapana mattama kohomada danna nada...nikan ahuwe...
    mekata hangeemakk enna ona na ban...awawadayak meke tiyenne....