Oz oz oz Australia is this true?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,306
    20,445
    113
    HI MATE TRY TO BE A AUSSIE

    ඩෙන්මාර්ක් රට ගැන තිබ්බ ලිපිය ඉතා රසවත් වගේම ලස්සනයි ඒ ලිපිය බලා ඒ ගැන උනනදුවකින් සිටි පිරිස දැක මා දැනට ජීවත් වන රට ගැන විස්තරයක් ලිවීමට සිතුවේ එයින් කා හට හෝ ප්‍රයොජනයක් ලැබෙතැයි සිතාය.

    ඔබ කියවා තව කෙනෙකුට යවන ලෙසද අයදිමි. ඉතිං මේ මාතෘකාව ඔබ කවුරුත් දන්නා ඕස්ට්‍රේලියාව පිළිබඳවයි.

    මේ රට අපට අමුතු නැත ගොඩනැගිලි ,රිය පැදවීම ඉංග්‍රීසි කතා කරන විලාසය ඇදුම් අපටද හුරුපුරුදුය.සුද්දා අපේ රටට ආපු කාලයේදීම මෙරටටද පැමිණ ඇත.අපි වගේ සටන් නොකරම ඇබෝර්ජිනිස්ලාව යටත් කරගෙන රට ගොඩනගා ඇත.අදටද පාරක් තනන විට ඇබොරිජීන්ස්වරු ඒ හා සම්බන්ධ සොයාබලා ඉතිහාසයේ ඔවුන්ගේ නිජභූමියක් නම් එම ඉදිකිරිම් ඔවුන්ට නතර කල හැකිය.ඒ වගේම එවන් ඉදිකිරීම් කරන විට ගසක් ඉවත් කිරිමට සිදුවුවහොත් ඒ ගසේ වටිනාකම සියුම් ලෙස ගනන්බලා එයට සරිලන ගස් ප්‍රමාණයක් සිටවා ගස ඉවත් කල යුතුය .රටේ අගනුවර කැන්බරා යනු ඇබොරිජීන්ස් අර්ථයෙන් එක්රැස්වන ස්ථානයයි .

    මේ රට ප්‍රමාණය අතින් ලංකාව මෙන් 118 ගුණයකි ඒ වගේම මුළු යුරෝපය තරම් ,ඇමරිකාව තරම් නමුත් ජනගහනය මිලියන 26 ක් අපේ ඔයාල දන්නවනෙ .මේක සම්පත් ආකරයක් යපස්,රත්තරන්,ගෑස් සහ විවිධ අමුද්‍රව්‍ය, බොහෝ ඒවා ගණනය කර නැත රටේ ප්‍රතිපත්ති මත භාවිතා කරයි .ඔවුන්ට අඩු ,හැකියාව ඇති මානව සම්පත් පමණි .
    මෙහි සම්පත් එක් අයකුට කැමති ලෙස පාවිච්චි කල නොහැකිය.මස් මාංශ,කිරි බිත්තර ,චිස්,බටර්,වයින්,බීර,එළවළු,පලතුරු ලෝකෙටම සපයන සුලභ රටකි.

    විවිධ රටවල ජනයා ඉතා සමගියෙන් ජීවත් වන මෙහි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අසීමිතව ඇත.තමන් කැමති අයුරින් සිතිමේ ,ලිවිමේ හා ඇදුම් ඇදීමේ අයිතිය ඇත.රටේ ප්‍රධානියා කන්නෙ බොන්නෙ අදින්නේත් අප පරිභෝජනය කරන දේවල්මය.ඔහුගෙ නමින් ඔහුව ඇමතිය හැකිය .බොන කෝපියටත් වගවේ.මැතිවරණයක් තිබෙන බව දන්නෙත් නොදැමිමොත් දඩ ගසන නිසාය .

    දැඩි සීතලක් නැත.ලෝකයේ සෑම රටකම දේශගුණික තත්ව පවත්නා අතර පර්ත් නගරයේ සිට බ්‍රිස්බේන් නගරයට ගුවන් පැය හතර හමාරකි.කාල වෙනස පැය හතරකි. ස්ත්‍රි ,ළමා දූෂණ හා මිනිමැරුම් ,කලකෝහාල අඩුය.ඔසියන් ආසියානු කාන්තාවන්ට ප්‍රිය කරන අතර ඔසි කෙල්ලො ඔයාල දැක්කනෙ ක්‍රිකට් ටීම් එක බස් එකෙන් බහිනකොට එයාලත් සිංහයින්ට කෑදරයි.සමලිංගිකයින් සහ සමණලයින් නිදහසේ ජීවිත්වේ.

    රටේ ඕනෑම තැනක වතුර පයිප්පයකින් බීමට සුදුසුය.
    ජලය ලීටර් එක හමාරෙ වතුර බෝතලයක් රුපියල් සියයෙ සිට.සාමන්‍ය කම්කරුවකුගේ පැයක වේතනයකින් හොදම බියර් හයකුත් ලොකු පීසාවක් හා හැපීමට යමක් ගත හැක.විස්කි නාන්න පුළුවන.නිදාගැනිමට කදිමය මදුරුවෝ,මැස්සෝ වානා රටේ ඇති විවිධ සම්පත් දියුණු කර ප්‍රයොජන ගනි.ක්‍රිඩා,සෞඛ්‍යය,අධ්‍යාපනය,ගමනාගමනය,ප්‍රවාහනය ,සංචාරක සෑම දෙයක්ම විශිෂ්ට තත්ත්වයක පවති.

    මෙහි සෑම වෘත්තීන් වල සේවය කරන්නන් සේවය කරන්නේ අනෙකාගේ ජිවිතය පහසු කිරීමට උසස් කිරීමට සහාය දීමට විනා ඔබව අපහසුතාවයට පත් කිරීමට නොවේ.
    විදේශ සිසුන්ට අධ්‍යාපනය ලබා දීම මෙරටෙ දැන් ප්‍රධාන ආදායම් මාර්ගයකි.පවතින ස්වාභාවික සම්පත් හා සංචාරක ස්ථාන ආකර්ෂණීය ලෙස භාවිත කරමින් සංචාරකයන්ගෙන් උපයා ගනි.බදු ගෙව්වට පාඩු නෑ ප්‍රථිලාභ එමටයි.

    මෙහි ජනගහනයෙන් 2.5 ඉංදියානුවන් අතර 0.5 ක් ශ්‍රි ලාංකිකයන්වේ එය පමණින් එක්ලක්ෂ විසිපන්දහසකට වැඩිය .වැඩිම පිරිස මෙල්බර්න් වලින්.ලංකාවෙන් පිට පවත්වන විශාලතම අවුරුදු උත්සවය පවත්වන්නෙ මෙහි වැඩ්ඩෝ වන ජර්මන් ටෙක් අයියලාය.ෆන් සාගරයයි හොදේ.ඇවිත් බලන්න .

    රටේ ජනගහනයෙන් භාගයක් ඉපදි ඇත්තේ විදේශීය රටක.ගිය වසරේ සිට ඉපදෙන දරුවන්ගෙ ආයු අපේක්ෂිත වයස වසර 100 කි.

    රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව විශාල යටිතල පහසුකම් දියුණු කරනු ලබන්නේ අනාගත සංක්‍රමණිකයින් අපේක්ෂාවෙනි.සෑම සතිඅන්තවලම ලංකාවේ හෝ ජාත්‍යන්තර විවිධ සැනකෙලි සංස්කෘතික අංගය.ලෝකයේ ජීවත් වන්නට සුදුසුම නගර අතර වසර ගනනාවක් ප්‍රධාන නගර ඉදිරියෙන්ම ඇත .බොහෝ දෙනා මේවා දන්නා කරුණුය.

    මෙහි විවිධාකාර වෟත්තීන් සදහා විශාල ඉල්ලුම් ඇත සෑම රටකම ඇති ඒවාට අමතරව අප නොසිතන ක්‍රිඩා,ගෙවතු අලංකාර ,සත්ව නිෂ්පාදන ,ධීවර,මස් සකසන්නන්,කෝකියන්,රූපලාවන්‍ය ශිල්පීන් ,මසාජ් තෙරපන්නන් ,ආරක්ෂක අංශ වල වෟත්තකයන් ,වගා බිම්වලට,සත්ව පාලනයට මෙකි නොකි කේෂ්ත්‍ර වල පුරප්පාඩු පවති.ඔබට සහතික වලින් ඔප්පු කල නොහැකි නම් පලපුරුද්ද මත ඒවා සලකා බලයි.සෞඛ්‍යය හා කාර්මික අංශයේ රැකියා සදහා ඉහළ වැටුප් හා වරප්‍රසාද හිමවේ.අධ්‍යාපනයට පැමිණෙන අයටද පසුව ස්ථිර පදිංචියට ඉල්ලුම් කල හැකි අතර මෙහි විශාල මුදලක් ගෙවා ඉගෙන ගන්නවා වගේම ලංකාවේ ඇති ජාත්‍යන්තර පිලිගැනීමට ලක්වූ ආයතන වලින්ද පාඨමාලා හදාරා ඉල්ලුම් කල හැකිය .විදේශ රටවල සේවය කරන්නන්ට ඒ රටවල සිට ඉල්ලුම් කිරීම පහසු වන අතර අරාබියේ ,කොරියාවේ වෙහෙසෙන නංගියේ මල්ලියේ මෙන්න අවස්ථාව ඉංග්‍රීසි විතරයි ඕන ඈ පවුල් ජිවිතය මෙහෙ කමු.

    ලංකාවෙ තරුණ නංගිලා මල්ලිලා තමන් කැමති පාඨමාලාවක් හොද කාර්මික විද්‍යාලයකින් හදාරන්න.විශ්ව විද්‍යාල සිසුන් අනාගත ඉල්ලුම් ඇති කේෂ්ත්‍ර තෝරාගෙන ඉංග්‍රීසි භාෂාව අමතරව ප්‍රගුණ කල යුතුය .දැන් තමාගේ සුදුසුකම් වර්ධනය හා මුවහත් කර ගැනීමට පහසුකම් ඇති අතර ඔන්ලයින් පාඨමාලා ඇති තරම්ය.පේස්බුක්වල නිකන් කාලය කා නොදමා අනාගතට ප්‍රයෝජනවත් දෙයක් කර උත්සාහයෙන්,උනන්දුවෙන් ,කැපවීමෙන් ඉලක්කයකට වැඩ කිරිමෙන් සුදුසුකම් සපුරා ගත හැක.

    මා දන්නා මව්රටේ ප්‍රධාන විද්‍යාල වල ඉගෙනුම ලැබු අය දහ පහලොස් පාර ielts විභාගය කර මහන්සියෙන් නිමකර අද ඉතා උසස් ජිවිත ගත කරයි .කඩ්ඩ අපට නුහුරු නමුත් කැපවිම හා උත්සාහය මගින් එය ජයගත හැකිය .දැන් රාත්‍රි පංති හැම තැනමය.පරිඝණක ආධාරයෙන් මේවා සිම්පල්ය.

    මෙහි ජිවත් වන බොහෝ අය අද ජිවිත සාර්ථක කරගෙන ඇත්තේ එසේ වැඩ කිරීම තුලිනි.ඒ නිසා ලැජ්ජාව ,භය පසෙකලා හොඳ අත්දැකීම් සහිත ඒජන්ත වරයෙකු හෝ උපදෛසකයකු හමු වී තමන්ට ඇති සුදුසුකම් පවසා සපුරාගත යුතු අවශ්‍යතා කැපවීමෙන් ,උනන්දුවෙන් කාලයක් ඇතුලත සපුරා ගැණිමට උත්සක වන්න.ඔහු ඔබට කෙටි මාර්ග සහ වංගු ,විකල්ප කියා දෙයි.ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය හරහා නොමිලේ මේ තොරතුරු ලබාගත හැකිය .මුදලක් වියදම් කර හෝ නිවැරදි උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්ය .
    පසුගිය වසරවල බොහෝ පිරිස් නේපාලය ඉංදීය ,චීන සංක්‍රමනිකයන් විශාල වශයෙන් පැමිණි ඇත.ඊට අමතරව ලෝකයේ අනෙක් රටවලින් විශාල වශයෙන් සංක්‍රමණය වේ.ඔවුන් හා සසඳන කල අපේ රටේ අයට විශාල අවස්ථා ඇත.විශ්වාස කරන්න අපේ අයගේ හැකියාවන් ඉතා ඉහලයි .සෑම සතියක ලංකාවේ නොයෙක් සංදර්ශන ඇත. .මෙල්බර්න් හා සිඩ්නි නගරවල විශාල ප්‍රමාණයක් අපේ වෙලෙදසැල් සහ ආහාර, ලංකාව ගෙදර වගෙ පැය 12න් ලංකාවට යන්න දිනපතාම ගුවන් යානා.දහම් පාසල් ,සිංහල පාසල් හා අපේ ආගමික ස්ථාන ඇති තරම් මෙහෙ සිට ලංකාවේ ව්‍යාපාර කරන අයද බොහෝ සිටි .බොහෝ දෙනෙක් අසරණ අයට උදව් උපකාර කරයි.

    අපේ අයගෙ කැපවි මහන්සියෙන් වැඩ කිරීම හා යමක් අවබෝධ කර ගැනීමට ඇති ඉක්මන් හැකියාව ,ක්‍රිකට් නිසාද මොවුන් අපට විශේෂයෙන් කැමතියි ඒ වගේම ලාංකිකයන් උසස් තනතුරු හොඹවයි.ඒ කලකට පෙර මහන්සි වි කැපකිරීම් කර ඇති අයය.

    ටොයිලට් හෝදන්න පුරුදු වුවත් ඔබ සති කිහිපයකින් එහි ප්‍රවිනයකු බවට පත්වේවි.රැකියාව අනුව වෙනස්කම් නැත.යම් කාර්යක් නිවැරදිව කරන්න පුරුදු වේවි.රටම හරිම පිරිසිදුයි.ටොයිලට් හැමතැනම සුපර් වගේම නොමිලේය .
    රථවාහන මිල ඉතා අඩුය.තමන්ට කැමති විදිහේ වාහනයක් ගත හැකිය .අපේ කොල්ලො මෙහෙ පදින වංඩි පට්ට බ්‍රෝ.ආසයි.

    නිකන් අයාලේ රස්තියාදු සහ තේරුමක් නැති දේවල් හඹා නොගොස් සාර්ථක පාඨමාලාවක් හොඳින් නිමකරන්න .වයස 45 ට පෙර අයදුම් කරන්න .අඩු වයසින් එනවා නම් වඩා හොඳයි .ඔබ සහජ කුසලතා සහිත උනන්දු දක්ෂයකු නම් මේක නියම රට ඔයාට .ෆන් ගන්න ජිවිතයේ ඕනෑ තරම් කාලය හා අවස්ථා ඇත පලමුව හොඳින් අධ්‍යාපනය නිම කරන්න .අනවශ්‍ය සබදතා ගැන දෙවරක් සිතන්න ඔබත් සමග අනාගතයක් ඇත්තෙකු සොයාගන්න .මේ රට දක්ෂ මානවයන් සාධරයෙන් පිලිගැනීමට පැහැදි සිටියි.

    රටට පැමිණි පසු තමන් කැමැති කේෂ්ත්‍රයක රැකියාවක් කල හැකිය .අවශ්‍ය වන්නේ ඔබගේ උනන්දුව හා කැපවීමය,සාර්ථක කරගත් පසු ප්‍රතිලාභ මුළු පවුලටමය.
    මා මගෙ මවිබිම දෙවෙනි නොකරමි එය සුරපුරක් .මේ රටක සිට සංචාරය කරන විට අගේද වැඩිය.ඕස්ට්‍රේලියාවෙ මේ අවස්ථා හා සමාන කැනඩාවේ ,නවසීලංතයේ,එංගලන්තය හා වෙනත් රටවලද ඇත.සොයා බලන්න .

    මෙම ලිපියේ අඩුපාඩු පැවතිය හැක කරුණු දන්නා අය නිවැරදි කරන්න බොහොම පිං .ඔබ මෙයින් ප්‍රයෝජනයක් ගත්තොතින් අපි ඕස්ට්‍රේලියාවේදී ලෝකයෙ සුපිරිම කෝපි කෝප්පයක් බොන ගමන් හමුවෙමු.වියදම මගෙන් හරිද......

    සිරි ලංකාවේ බොහෝ ධනවත් ,බලවත් අයගෙ දරුවන් මෙහි ජීවිතය ගත කරයි.ඔබ විදේශ රටකට කැමති නැත්නම් PR ගන්න දරුවන්ට ප්‍රයෝජනවත් වෙයි.
    සිහින පසුපස හඹායන්න ජය ගන්නවා සිකුරුයි ,ප්‍රත්‍යක්සයි.විනාඩි පහක් ගෙන කියවුවාට තුති වැඩක් ගන්න අනෙකාට උදව්වක් කරන්න .

    මේ පිළිබඳව තව වැඩි විස්තර අඩංගු තොරතුරු මල්ලක් මා සතුය ,සංගමයේ නිති අනුව ඇමිණිය නොහැක.ඔබ ප්‍රයොජනයක් ගන්නවනෙ එහෙනමි මම දෙන්නද?ඕනෙද?
    සැමට ජය පතමි .
    චමි රංදෙණිය
    04.02.2021

    Original post -
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,306
    20,445
    113
    From comments


    ⁣හොදටම ලියලා තියෙනවා. මමත් කියන්නේ පුලුවන් අය කොහොමහරි එන්න ඔස්ට්‍රෙලියාව නියම රටක් අපි student visa ඇවිත් දැනට අවුරැද්දයි. හරියට ගෙමක් ගැහැව්වොත් මාසෙකට $7000-8000 හොයන්න පුලුවන් මහන්සි වෙන්න පුලුවන් නම් තව හොයන්න පුලුවන්. අපි අවුරැද්දේන් course fee එක හොයලා දැම්මා. දැන් සතියේ දවස් 5 විතරයි වැඩ කරන්නනේ. පුලුවන් අය වරෙල්ලා ආපු අයට වැරදිලා නැ අවුරැදු 5 ක් කට්ට කාලා PR ගත්තත් වටිනවා.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මේකෙ කියල තියන එව්වගෙ 60-70% ක් බයිලා තමා.

    ඒ උනාට racist.

    කිසි තේරුමක් නැති උනත් දැම්මා @Emios දාන්න කලින් 😆
    හඩ්ඩො වගේ හිටියාම හෝම්ලස් උනුත් රේසිස්ට් තමා :lol:
    ------ Post added on Feb 6, 2021 at 7:45 AM
     
    • Like
    Reactions: bokaRaj and shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේකෙ කියල තියන එව්වගෙ 60-70% ක් බයිලා තමා.


    හඩ්ඩො වගේ හිටියාම හෝම්ලස් උනුත් රේසිස්ට් තමා :lol:
    ------ Post added on Feb 6, 2021 at 7:45 AM
    එතකොට 30% ද ඈත්ත :unsure: ? පොඩ්ඩක් බයිලා ටික උලුප්පලා දාන්න
     
    • Like
    Reactions: shenat

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,256
    7,092
    113
    From comments


    ⁣හොදටම ලියලා තියෙනවා. මමත් කියන්නේ පුලුවන් අය කොහොමහරි එන්න ඔස්ට්‍රෙලියාව නියම රටක් අපි student visa ඇවිත් දැනට අවුරැද්දයි. හරියට ගෙමක් ගැහැව්වොත් මාසෙකට $7000-8000 හොයන්න පුලුවන් මහන්සි වෙන්න පුලුවන් නම් තව හොයන්න පුලුවන්. අපි අවුරැද්දේන් course fee එක හොයලා දැම්මා. දැන් සතියේ දවස් 5 විතරයි වැඩ කරන්නනේ. පුලුවන් අය වරෙල්ලා ආපු අයට වැරදිලා නැ අවුරැදු 5 ක් කට්ට කාලා PR ගත්තත් වටිනවා.
    this.. I highly doubt
     
    • Sad
    Reactions: NaiRobi

    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,112
    113
    ආශ්චර්යමත් රටක
    මේකෙ කියල තියන එව්වගෙ 60-70% ක් බයිලා තමා.


    හඩ්ඩො වගේ හිටියාම හෝම්ලස් උනුත් රේසිස්ට් තමා :lol:
    ------ Post added on Feb 6, 2021 at 7:45 AM

    Mata nam 10%k withara ara anith tika aththa kiyala mage mathaya.

    Specially jobs kathawa. Paper qualifications nathuwa hariyata assess karala nathuwa jobs ganna eka nan mama hithanne na puluwan kiyala.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,256
    7,092
    113
    අවුරැදු 5 ක් කට්ට කාලා PR ගත්තත් වටිනවා.

    Mun hitanne katta kewama pr hambenawa kiyala :lol: 5kata passe pr nethuwa enna unaa tama athal eka terenne
    or in 2 years 😋