ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වැඩිම ඉඟුරු පලදාවක් හටගෙන ඇති බව මහ ඔය කෘෂි නිලධාරීන් ප්‍රකාශ කොට ඇත. ලැබී තිබෙන සමස්ත පලදාව මෙට්‍රික් ටොන් 28,000 ඉක්මාව ඇත. මෙම සමස්ත පලදාවෙන් මෙට්‍රික් ටොන් 25000 පමණ යුරෝපානු කලාපිය රටවල් වලට අපනයට සැලසුම් සකස් කරමින් සිටියි. මෙමගින් රජයට විශාල විදේශ විනිමයක් ලබා ගත හැකිය. මේ විශේෂ පලදාව නිසා ඉඟුරු වගාව තවදුරටත් වැඩි දියුණු කිරීමට සහ ඉඟුරු ගොවින් උද්යෝගමත් කිරීම උදෙසා විශේෂ වැඩසටහන්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අරම්බ කිරීමට නියමිතව ඇත.