ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් ආනයනයට තීරණයක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් ආනයනයට තීරණයක්


    ඉදිරි මාස 03ක කාලසීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් අදියර වශයෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

    කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මත පදනම්ව එම අනුමැතිය දී තිබුණි.

    ඉඟුරු නිෂ්පාදනය සඳහා පහසුකම් සලසමින්, දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමකට ඉඟුරුවල සිල්ලර මිල අඩු කිරීමේ හැකියාව එක්ව සොයා බලා, ඒ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ට සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්ට ජුලි 15 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබා දී ඇත.

    ඔවුන් ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ මත පදනම්ව ඉහත අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

    Ada derana
     
    • Love
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,599
    10,815
    113
    Nugegoda, Sri Lanka
    ඒක හොඳයි, පහුගිය ටිකේ ඉඟුරු වලයි රත්තරන් වලයි අතරේ මිලේ පොඩි වෙනසයි තිබුනේ :yes:
    මමත් දවසක් දෙකක් ගත්තා. දැන් ගොවියට බම්බු ගහගන්න කියල ගෙදර ඉන්දුව. :(
     
    • Sad
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ow ekath nikan Pears wage.. mokekwath ganne nathi unama Rajayata wadapiliwelak naa gaga haminenawa TV wala.. eka para Posath wenna yanakota ithin Business karanna baa

    ඔය පෙයාර්ස් වල ගෙඩි ලොකු වෙන්නත් ගහේ තියෙද්දිම කෙමිකල් ඵකක් ස්ප්‍රේ කරනවා..
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,587
    113
    Colombo, Sri Lanka
    ow ekath nikan Pears wage.. mokekwath ganne nathi unama Rajayata wadapiliwelak naa gaga haminenawa TV wala.. eka para Posath wenna yanakota ithin Business karanna baa
    එක තමයි අස්වැන්න අඩු වෙනවා කියලා මිල ඔච්චර අසාමාන්‍ය විදිහට වැඩි වෙන්න විදිහක් නැහැ. අපේ රටේ බිස්නස් කරන හැම එකාම කරන්නේ මිනිස්සුන්ව හුරගෙන කන එක තමයි. දැන් අර බිත්තර බිස්නස් කාරයොත් ඔය වගේ. රුපියල් 18ට තිබුණු බිත්තරේ 52 ට ගෙනාවා