ඉඩමකට සුදුසු එළවලු

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    ඉඩමකට සුදුසු එළවලු

    සිංහලු.. පානදුර ප්‍රදේශයෙන් ගත්තෙමි ඉඩමක්, සැදීමට ගෙයක්, වේ පර්චස් 11ක්.. :rofl:
    කොල්ලා තාම අවුරුදු 23ක් නිසා නොසාදමි දැන්මම නිවහනක්..නිකං තියෙන එකේ ආදායමක්, ගන්නට කීයක් හරි සොයා,සිතුවෙමි පැළකරන්නට එළවළුවක්.. හොදම එළවලුව කුමක්ද පැළකර ගන්න හොද අස්වැන්නක්... :yes:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    එහෙනම් මෙන්න බම්ප් එකක්
    ලැබේවි කාගෙන් හෝ පිළිතුරක්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන්මම හිරේ යන්න බැහැ බන්.. :D

    අහල නැද්ද අපායට ගියත් ඉස්සෙල්ල යන්න ඕනෙ කියල කියනව :yes: :yes:
    දැන්ම වවපං :yes: :yes:
    උඹට හිරේ ගියාම ඩ්‍රග් ඩීලර්ස්ලව හම්බෙනව :D :D
    එතකොට උන් එක්ක එකතුවෙලා හිරෙන් උමඟක් හාරං පැනල වික්කෑකි රටටම ගංජා :baffled: :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉඟුරු හොඳයි :yes: :yes:
    දෙහිත් පුළුවන්නම් මරු :yes: :yes:
    කෙසෙල් ආනමාලු වගේ නම් වවල වැඩක් නෑ ආනමාලු කැනක් ලේසියෙන් කඩේකට දාගන්න බෑ :no: :no:
    ඇඹුල් සීනි වගේ නම් ඒ හැටි අවුලක් වෙන එකක් නැතිවෙයි..
    තව ඉඩම කුඹුරක් ලඟ වගේ නම් උණ ගස් වවපං සරුංගල් + වෙසක් සීසන් වලට වික්කෑකි බට එහෙමත් මරු :yes: :yes:
    අවුමිරිස් :yes: :yes:
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    ඉඟුරු හොඳයි :yes: :yes:
    දෙහිත් පුළුවන්නම් මරු :yes: :yes:
    කෙසෙල් ආනමාලු වගේ නම් වවල වැඩක් නෑ ආනමාලු කැනක් ලේසියෙන් කඩේකට දාගන්න බෑ :no: :no:
    ඇඹුල් සීනි වගේ නම් ඒ හැටි අවුලක් වෙන එකක් නැතිවෙයි..
    තව ඉඩම කුඹුරක් ලඟ වගේ නම් උණ ගස් වවපං සරුංගල් + වෙසක් සීසන් වලට වික්කෑකි බට එහෙමත් මරු :yes: :yes:
    අවුමිරිස් :yes: :yes:
    thankx..
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    export කරන පැළ වර්ග මොනවද.. මම දැකල තියෙනවා පැල පිටින්ම ම EXPORT කරනවා ..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    සිංහලු.. පානදුර ප්‍රදේශයෙන් ගත්තෙමි ඉඩමක්, සැදීමට ගෙයක්, වේ පර්චස් 11ක්.. :rofl:
    කොල්ලා තාම අවුරුදු 23ක් නිසා නොසාදමි දැන්මම නිවහනක්..නිකං තියෙන එකේ ආදායමක්, ගන්නට කීයක් හරි සොයා,සිතුවෙමි පැළකරන්නට එළවළුවක්.. හොදම එළවලුව කුමක්ද පැළකර ගන්න හොද අස්වැන්නක්... :yes:

    මචං පස අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. පලා වර්ග වවනවා නම් හරියට කලොත් සෑහෙන ආදායමක් ගන්න පුලුවනි. හැබැයි පුතෝ වතුර පෝර ඕනි. නැත්තම් මඤ්ඤොක්කා දාන්න පුලුවනි. පස බුරුල් පසක් නම් මඤ්ඤොක්කා වලට හොඳයි. වැඩිය වතුර ඕනිත් නෑ. පායනවා නම් පැල කාලෙ සතියකට දෙපාරක් දාපුවාම ඇති. මෑ,කව්පී,මිරිස්,වැටකොලු මෙව්වත් හරියට කරනවා නම් හොඳ භෝග. හරියට පාත්ති කපලා හදන්න ඕනි ආර්ථික වශයෙන් ලාභායක් බලාපොරොත්තු වෙනවා නම්. හයිබ්‍රිඩ් කොමඩු තියනවා. ඇට 25g ටින් එකක් රුපියල් 1600ක් විතර වෙනව. හරි ස්ටෑන්ඩර්ඩ් එකට හැදුවොත් ගෙදරටම ඇවිල්ලා අරන් යන උදවිය ඉන්නවා.

    ඊළඟට කෙසෙල් හිටවන්න පුලුවනි. කෝලිකුට්ටු සහ ඇඹුල් තමයි හොඳටම මාකට්. රත් කෙහෙල්,බිම්කෙහෙල්,ඇම්බුන්.සීනි කෙහෙල් ඕන එකක් හිටවන්න පුලුවනි. හැබැයි පුතෝ මොක කරන්නත් වතුර ඕනි.

    ගම්මිරිස් හිටවන්න් පුලුවන්. ගම්මිරිස් හිටවන්න කලින් වලවල් කපලා ඇල්බීසියා කෝටු දාලා මාසයක් දෙකක් ගියාට පස්සේ තමයි ගම්මිරිස් හිටවන්න ඕනි. තව පඳුරු වගේ හැදෙන ගම්මිරිස් ජාතියක් තියනවා. ඒවායේ අස්වැන්න නම් කොහොමද දන්නේ නෑ.

    ඊළඟ දේ බුලත්. හොඳ බුලත් දලු ටිකක් හොයාගන බුලත් කොටුව හදලා පන්දලම් බැඳලා හදන්න ඕන. තෙල් ජාති එහෙම ගාගන යන්න හොඳ නෑ බුලත් පාත්ති වලට. තව එක එක අයට යන්න දෙන්නත් හොඳ නෑ. මොකද බුලත් වලට ඉක්මණට ලෙඩ හැදෙනවා. එකකට හැදුනොත් අනිත් එව්වටත් හැදෙනවා. ඒ නිසා පොඩි එකෙක් බලාගන්නවා වගේ කරන්න ඕනා. හැබැයි හරියට හදාගත්තොත් සල්ලි තමයි.

    ආයෙත් කියනවා මොක කරන්නත් වතුර ඕන. උඹලගෙ පැත්තේ කෘෂිකර්ම එකට ගිහිල්ලා ඒකෙ ඉන්න වගානිලධාරියා හම්බවෙලා උපදෙස් ගණින්.තව කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ වෙබ් සයිට් එකෙත් ඕන තරං විස්තර තියෙනවා.
    http://www.agridept.gov.lk/
     
    Thsnks bro..thankx a lot..